13
මැයි
21

මුස්ලිම් පාසල් 215 උගන්වන දේ

ට තුළ මද්‍රසා පාසල් කීයක් තිබේද යන පැනය කොමිසම ඇසු විට, 215ක් යැයි පැකිලෙමින් පිළිතුරු දුන් මවුලවිවරයා ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ තොරතුරු දන්නා බවයි.

අනතුරුව කොමිසම විමසා සිටියේ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළේ කුමක්ද යන්නයි.

එය ජාමියා හෙවත් විශ්ව විද්‍යාලයක් ලෙස මවුලවීවරයා හඳුන්වා දුන්නේය.

මෙරට ඇත්තේ එම විශ්ව විද්‍යාලය පමණද යන්න කොමිසම ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මවුලවීවරයා ප්‍රකාශ කර ඇත්තේ තවත් එවැනි විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ ඉදිකර ඇති බවයි.

එය ජාමීයා නලීමියා හජ්ජියාර් නමින් හඳුන්වන අතර එහි මවුලවීවරුන් පුහුණු කිරීම සඳහා ඉස්ලාම් ආගම උගන්වන බව තාසීම් මවුලවීවරයා පවසා තිබේ.

ඊට මුදල් ලබා දී ඇත්තේද නලීමියා ජාමියා නැමැත්තෙක් බවද කොමිසමට හෙළි කෙරුණේය.

මෙවැනි මද්‍රසා ,අහදියා සහ ජාමීයා නමින් පාසල් ආරම්භ කිරීමට නම් ඒ පිළිබඳ ජමියතුල් උලමා සංවිධානය දැනුවත් කළ යුතු බවද මවුලවීවරයා ප්‍රකාශ කළේය.

අනතුරුව කොමිසම විමසුවේ අරාබි පාසල් ලියාපදිංචි කිරීමට පෙර මුස්ලිම් දෙපාර්තමේන්තුවෙන් විමසනවාද යන්නයි.

එහිදී මවුලවිවරයා පැවසුවේ ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ඉදිරි දිනක මෙහි පැමිණ ඊට පිළිතුරු දෙනු ඇති බවයි.

අනතුරුව කොමිසම විමසුවේ මද්‍රසා පාසල්වල විෂය නිර්දේශය සකසන්නේ කවුරුන්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් මවුලවීවරයා පැවසුවේ එක් එක් පාසල් ඒ ඒ අයට අවශ්‍ය ලෙස විෂය නිර්දේශය සකස් කරන අතර එම විෂය නිර්දේශ ජමියතුල් උලමා සංවිධාන සාමාජිකයින්ගෙන්ද සමන්විත කමිටුවක් මගින් අධීක්ෂණය කෙරෙන බවයි.

ඒ අනුව විදෙස් පුද්ගලයින් පැමිණ මද්‍රසා පාසල්වල දේශනා පැවැත්වූ බව පිළිගන්නේදැයි ඇසූ  විට මවුලවීවරයා ලබාදුන්නේ ඔව්,එය විය හැකියි යන්නයි.

ඊජිප්තු තානාපති කාර්යාලය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයින් දරුවන්ට කුරාණය පිළිබඳ සහ අරාබි භාෂා දැනුම ලබාදෙන බවත්,තමන්ද එලෙස අධ්‍යාපනය හදාරා තිබෙන බව මවුලවිවරයා එහිදී පැවසුවේය.

එහිදී කොමිසම යළි විමසුවේ ඔබ වැනි අය විදේශයන්ට ගොස් අරාබි භාෂාව හදාරා යළි පැමිණ සිටියදී විදේශිකයින් මෙරටට ගෙන්වන්නේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දුන් තාසීම් මවුලවී පැවසුවේ තමන්ට සියයට සියයක් අරාබි භාෂාව ඉගැන්වීමට නොහැකි බවයි.



අනවශ්‍ය දේවල්

  • 214,883 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2021
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: