10
ජන.
20

Srilankan_Airlines එකේ නාකි හම්පඩ චමිලා බැල්ලී

මේ සටහන අද දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිම් සේවයේ (ground service) යෙදී සිටි එක්තරා සේවිකාවක මා හට දැක්වූ අතිශය “සුහදශීලී” සැලකීම පිළිබඳවයි.. සිද්ධිය මෙසේය.

මාගේ සති පහක නිවාඩුව අවසන් කර අද දින නැවත ඇමෙරිකාව බලා යාම සදහා කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියෙමි. මාගේ ගුවන් ගමන යෙදී තිබුණේ UL 503 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් කොළඹ සිට ලංඩන් වෙතත්, දෙවනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකින් ලංඩන් සිට ඩලස් වෙතත් ය. මේ දිනවල ඉරාන-ඉරාක ගුවන් තලයේ ඇති අනාරක්ෂිත බව නිසා ලංඩන් බලා යන ශ්‍රී ලංකන් ගුවන්‍ යානා ඉරාන-ඉරාක ගුවන් තලය මගහැර පියාසර කරන බවත්, ඒ නිසා ගුවන් ගමන සාමාන්‍ය ගුවන් ගමනට වඩා දික් වන බවත්, එබැවින් දහවල් 12.50ට පිටවීමට නියමිතව තිබූ යානය දහවල් 12.30ට පිටත් වන බවත් දැනුම් දී තිබුණි. ඒ නිසා උදෑසන 10.15 පමණ වනවිට මම ගුවන්තොටුපළට පැමිණියෙමි.

පවුලේ අයගෙන් සමුගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ “check in” කවුන්ටර වෙත පැමිණියේ පසුගිය සති පහක කාලය තුළ එකතු කරගත් අතිශය සුන්දර මතක සියල්ල හිතේ කැටි කරගෙනය. මා හට කවුන්ටරයේදී සේවය සැපයූ සේවිකාව ඉතා ප්‍රියමනාප යුවතියක් විය. ඇය සිනාමුසු මුහුණෙන් සහ ඉතා උද්‍යෝගයෙන් සිය රැකියාවේ නිරත වන බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. මාගේ ගුවන් බලපත්‍රය, ටිකට් නොම්මරය යනාදී දෑ පරික්ෂා කළ ඇය, අනතුරුව check-in ගමන්මලු වල බර කිරීමට සූදානම් වූවාය. මාගේ travel itenerary එකේ සදහන් පරිදි මා හට 23kg බැගින් වූ check-in ගමන්මලු දෙකක් නොමිලයේ ලැබිය යුතුය. පළමු ගමන් මල්ලේ බර 22.2kg විය. එය කිරා අවසන් වූ පසු මම අනික් ගමන් මල්ල තරාදිය මත තැබීමට සූදානම් වුණෙමි. එවිට ඇය පැවසුවේ මා මිළදී ගත් ටිකට්පතට අනුව මට නොමිලයේ ලැබෙන්නේ එක් ගමන් මල්ලක් පමණක් බවත්, අනෙක් ගමන් මල්ලට ඇමෙරිකානු ඩොලර් 100ක් (LKR 18,000 ක් පමණ) ගෙවිය යුතු බවත්ය.

නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම ටිකට්පත මිළදී ගැනීමෙන් අනතුරුව මම ඇමෙරිකාවෙ සිටම බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා දෙකම අමතා මා හට ගෙන යාමට දෙන ගමන් මලු පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියෙමි. එවිට ඔවුන් පැවසූයේ මම පළමුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ගමන් ගන්නා බැවින් ඔවුන්ගේ ගමන් මලු නීතිය මාගේ ගමන පුරා වලංගු වන බවත, ඒ අනුව මා හට ගමන් මලු දෙකක් නොමිලයේ ලැබෙන බවත්ය. ඒ ගැන මම මෙම යුවතියට පවසා, මාගේ දුරකතනයේ වූ travel itenerary එකද පෙන්වූවෙමි. ඇය තරමක් කැළැඹීමට පත් වූ බවක් පෙනුණි. මම කියනා දෙය ඇයටද පසක් විය. නමුත් ඇයගේ කම්පියුටර් තිරයේ පෙන්වන දෙයට එහා දෙයක් කිරීමට ඇයට අයිතියක් නැත. ඒ නිසා ඇය මට තත්වය පැහැදිලි කර, ඇයගේ ඉහළින් පිහිටි නිලධාරියා වෙත මාගේ දුරකතනයේ වූ විස්තරය පෙන්වීමට ගියාය. මමද ඇය පසුපස ගියෙමි. ඔහුටද කළ හැකි යමක් නොවීය. ඔහුද සුහදශීලි ලෙස මට කරුණු පැහැදිලි කරන්නට ගත්තේය. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ තිරයේ සදහන් වී ඇති කරුණු වලට අනුව මා හට නොමිලයේ දිය හැක්කේ එක් ගමන් මල්ලක් පමණක් බවයි.

ඔවුන්ගේ තිරයේ දිස්වන දේ හා ඔවුන්ගේ දත්ත පද්ධතියේ අඩංගු කරුණු සාමාන්‍ය ගුවන් මගියෙකු වන මම නොදනිමි. මම දන්නා එකම දෙය නම්, මගේ travel itenary එකේ සදහන් දේ සහ, වැඩි පරිස්සමට ගුවන් සේවා දෙකටම ඇමතූ අවස්ථාවේ ඔවුන් එදා මට කී කරුණු පමණි. ඒ අනුව මට 23kg බැගින් වූ ගමන් මලු 2ක් ලැබිය යුතුය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ luggage policy හිද සදහන්ව ඇත්තේ ද මා කියනා දේම බව ඔවුහු පවසති. නමුත් කම්පියුටර් තිරයේ සදහන් වන්නේ වෙනම දෙයකි. ගැටලුවක් ඇත.

මෙය විසදාගත නොහැකි වූ තැන ඔවුහු එක්තරා මැදිවියේ කාන්තාවකගේ උපදෙස් පැතූහ. මාගේ මෙම සටහනේ කතා නායිකාව ඇයයි. ඇය එවෙලේ සේවයේ නියුතු Duty Manager බවත්, ඇයගේ නම චමිලා බවත් මම පසුව නිරීක්ෂණය කළෙමි. මා හට මුලින් සේවය සැපයූ යුවතිය ඇයට සිද්ධිය පැහැදිලි කිරීමට උත්සාහ කළාය. චමිලා ට එය අසා සිටීමට වත් ඉවසුමක්, හික්මීමක් නැති සෙයකි. ඇය අර යුවතියගේ කතාව මැද්දෙන් පැන කියා සිටියේ සිස්ටම් එකේ ඇති දේ අනුව වැඩ කළ යුතු බවය. එවිට මම චමිලාට මගේ අතේ වූ ජංගම දුරකතනයේ සදහන් විස්තරය පෙන්වීමට උත්සාහ කළෙමි. මාගේ මූණවත් නොබැලූ චමිලා මාගේ අත ඉවත් කළාය. නිශ්ශබ්ද වන ලෙසට අතින් ඉගි කළාය. මම කියනා දේ ඇසීමට කිසිදු උත්සාහයක් නොදැරුවාය. ඒ වෙනුවට ඇය මා හට උස් හඩින් කියා සිටියේ සිස්ටම් එකේ ඇති දෙය අනුව මා හට හිමි එක ගමන් මල්ලක් පමණක් බවයි. ඇය නිෂ්ශබ්ද වන තෙක් බලා සිට, පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකන් හා බ්‍රිතාන්‍ය ගුවන් සේවා මා හට පැවසූ දෙය මම ඇයට පැවසීමි. එයට පිළිතුරු ලෙස ඇය මහ හඩින් මට අභියෝග කළාය. නැවත බ්‍රිතාන්‍ය ගුවන් සේවයට දුරකතන ඇමතුමක් ගෙන මා කියනා දේ ඔප්පු කර පෙන්වන්නැයි කීවාය.

ගුවන් මගියෙකු වූ මා හට එවැනි උස් ස්‍වරයෙන් ඇමතීමටත්, නිහඩ වන සේ අතින් ඉගි කිරීමටත්, මාගේ මුහුණ වත් නොබලා මාගේ ජංගම දුරකතනය සහිත අත ඉවත් කිරීමටත්, මාගේ නිවැරැදි බව ඔප්පු කරන්නයැයි අභියෝග කිරීමටත් ඇයට කිසිදු අයිතියක් නොමැත. ඇයගේ සම්පූර්ණ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබුණි. එවෙලේ මා ඔවුන්ගේ ගුවන් මගියෙකු බවත්, මා හට මෙසේ කතා කිරීමට ඇයට කිසිදු අයිතියක් නොමැති බවත් මම මතක් කර දුන්නෙමි. ඇය මදක් මෙල්ල වූ බවක් පෙනුණි. ඇය තත්පර කීපයකට නිහඩ වුණාය. “You are not supposed to talk to a passenger like this” යැයි මා පැවසූ විට, “ok” යැයි පිළිතුරු දුන්නාය. නමුත් මම එතනින් ඉවත් වී නැවත කවුන්ටරය වෙත පැමිණි පසු ඇය වටේ සිටිනා සියලු දෙනා සමග මා හට බැණ වැදෙන බව මම පැහැදිලිවම දුටුවෙමි.

කවුන්ටරයේදී මට සේවය සැපයූ යුවතිය ඇයගේ කළමනාකාරිනියගේ රෞද්‍ර බව පිළිබඳව රහසෙන් සමාව අයැදුවාය. ඇය සමග කතා කිරීමත් අපහසු බව පැවසීය. ඇය යටතේ සිටිනා සේවක සේවිකාවන්ටද ඇය නිතර මෙලෙස කෑ ගසනා බවත්, මා හට පමණක් නොව විදේශිකයන්ටද ආමන්ත්‍රණය කරන්නේ මේ ආකාරයෙන්ම බවත් පැවසුවාය. මෙවන් පිස්සු ගැහැනියක් බිම් සේවයේ duty manager ලෙස තබා ගැනීම ගැන මම පුදුමයට පත් වීමි.

මාගේ travel itenerary එකේ සදහන් කරුණු වරදින්නේ කෙසේදැයි මම නොදනිමි. බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකන් සේවා වලින් මාස කිහිපයකට ඉහතදී කී දේ අද වෙන විට වෙනස් වන්නේ කෙසේදැයි ද නොදනිමි. Itenerary එකත්, මා හට ලැබුණු තොරතුරුත් සියල්ල වැරදි විය හැකිය. මා කියනා දේ කිසිදු පදනමක් නොමැති දෙයක් විය හැකිය. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මගියෙකු වූ මා හට චමිලා බැණ වැදුණු අයුරුත්, මාව නිහඩ කළ අයුරුත්, නිවැරදි බව ඔප්පු කරන ලෙසට මට අභියෝග කළ අයුරු හා මූණවත් නොබලා, සවන් නොදී, තම මතයම ප්‍රකාශ කළ අයුරුත් අතිශය පිළිකුල් සහගතය. කිසිදු ඉවසීමක්, ආචාරශීලී බවක් නොමැති උඩගු චමිලා නිසා මම අද මවුබිමෙන් නික්මුණේ කලකිරීමකින් සහ අතිශය කැළඹුණු මනසකිනි.

ඇමෙරිකාව බලා පිටත් වන, ඉංග්‍රීසියෙන් ඇය සමග සංවාදයේ යෙදුණු මටත් ඇය සැලකුවේ මෙසේ රෞද්‍ර ලෙස නම්, මැදපෙරදිග ගෘහ සේවයේ නියැලීමට යන අහිංසක කාන්තාවන්ට මෙම උඩගු ගැහැනිය කෙසේ සලකනු ඇත්ද? ඉංග්‍රීසි කතා කරගත නොහැකි, භාෂාමය ගැටලු ඇති විදේශිකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඇය සිටින්නේ ගුවන් මගීන්ට සේවය කිරීමට මිස, හිස උදුම්මවා ගෙන, දන්නා ඉංග්‍රීසියෙන් වටේ ඉන්නා සියලු දෙනාට කෑ ගසමින්, බැණ වදිමින් සියලු දෙනා අපහසුතාවට පත් කිරීමට නොවන බව ඇය දැන ගත යුතුය. ඊටත් වඩා, මනුස්සකම උගත යුතුය.

රටක් වශයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ සුහදශීලි බව, ආචාරශීලී බව, ආගන්තුක සත්කාර ආදිය ගැන අප ලොවට උදම් ඇනුවද, මෙවැනි අශීලාචාර, හිස උදුම්මවා ගත් සේවිකාවන් නිසා ජාත්‍යාන්තර වශයෙන් අපකීර්තියට පත් වන්නේ අපේ රටේ කීර්ති නාමයයි. මෙවැනි පුද්ගලයින් ගුවන් තොටුපොළ වැනි ස්ථාන වල සේවයේ නියුතු වීම මගින් පිරිහෙන්නේ අපේ රටේ ප්‍රතිරූපයයි.

මා මෙතෙක් ලබා ඇති අත්දැකීම් වලට අනුව, චමිලා යනු ශ්‍රී ලංකන් ගුවන් සේවය නමැති කිරි කළයට වැටුණු ගොම තැම්බකි.

ලැජ්ජයි චමිලා!

#srilankan_airlines #srilankanairlinesofficial #srilankanairlines



අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2020
බ්‍ර සි සෙ
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: