ඔහු යනෙන යනෙන ප්‍රදේශය අමු සොහොනක්මය. තැන තැන ටයර් මත පිලිස්සෙන තරුණයිනගේ අමු මිනීවල පුළුටු ගඳය. මොහුගේ කෘෘර දඬුවම් ක්‍රම ඉතාමත් ප්‍රසිද්ධය. හාමුදුරුවරු මරා දැමුවේ ධර්මචක්රය නම් වු කුරිරු ක්රමයකටය. වම් කනට ගැසු බෝල්පොයින්ට් පෑන දකුණුපසින් පිට වුයේ අමු මස් වැදලි දසත විසුරුවමනි. ගුද මාර්ගයෙන් අැස්ලෝන් බටය අැතුළු කොට එතුලින් කටු කම්බි යවා බටය එලියට ගෙන ඉන්පසු කටු කම්බිය එලියට අදින්නේ බඩ බොකු ගුද මාර්ගයෙන් එලියට අැද දමමනි. වෘෂණ කෝෂ ලාචිචු වලට දමා වේගයෙන් වසා දමයි. අැඟලි වල නියපොතු අමු අමුවේ ගලවා දැමුවේය.
මොහුගේ ම්ලේච්ඡත්වය කෙසේද යත් පේරාදෙනි සරසවියේ සිසුන් 12 දෙනෙකුගේ හිස කඳින් වෙන් කොට සරසවි වට රවුමේ ඔළු ටික පමනක් කෝටු වල ගසා ප්‍රදර්ශනයට තබා තිබුනි
මේවා පිලිබඳව වත්මන් පරපුර දැනුවත් විය යුතුය.
සුප්‍රසිද්ධ ගෝනි බිල්ලා ක්‍රමය මගින් හඳුනාගන්නා ජවිපෙ සාමාජිකයින් ඉහත සියළු වධබන්දන වලට ලක් වෙති. එම පාවාදුන් ගෝනි බිල්ලෙක් අද ජවිපෙ මන්ත්‍රීවරයෙකි.
මගේ පියාගේ බාල සොහොයුරාගේ මෘත ශරීරයවත් අප දුටුවේ නැත. බාප්පා එනතුරු මගේ අාච්චි අැය මියයන තුරුම මග බලා සිටියාය. ඔහු මරා දැමුයේ මගේ පියා ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වු පවටය. එකල පොලොන්නරුව බාරව සිටියේ මෙම ඝාතකයාය. අවුරුදු 15 ක් හෙ 16 ක් වු මා සහ මාගේ සොහොයුරා දිවි ගලවා ගත්තේ මාස ගනනක් හලාවත මහවැව නැන්දලාගේ ගෙදර සැඟව සිටිමිනි. එදවස පොලොන්නරුවේ මහගෙදර සිටියානම් මේ කාලය වන විට මා මිය ගොස් වසර 30 කි.
ගංගාවල පාවී ගිය දහස් ගනනක් තරුන මිනීය. එ් වැරදි පාරක ගිය රටක අනාගත පරපුරය. එම යෞවනයන් උසි ගැන්වුයේ ජවිපෙ කෘෘර නායකයින්ය. නිල නොලත් සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය ගනන හැට දහසකි.
එදා උඩුගම්පලගේ මව අැතුළු පවුලේ 07 දෙනෙක් ඝාතනය කරන ලද්දෙ අද ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ගැන පාරම්බාන ජවිපෙ අනුර කුමාරලාය. දෛවයේ සරදමනම් එදා ඝාතකයන් වු එජා පාක්ෂිකයින් හා ඝාතනයට ලක් වු ජවි පෙරමුන අද එක් පසෙක සිට ගෙන කරට අත දමා ගැනීමයි.
අද එ් කුරුරු ඝාතකයා මියගොස්ය. යුගයක් බියෙන් අැලළු එ් ඝාතකයා පේමදාස උඩුගම්පොල මිය ගොස්ය. එ් ඝාතනයන්ට දේශපාලන නායකත්වය දුන් අාර් ප්‍රේමදාස මහ මග මිය ගිය දිනයේ අැති වු එ් කාලකන්නි හැඟීම මට අද අැති විය. මිනිහකුගේ මරනයෙන් සතුටු වීම මනුස්සකම නොවුනත් එ් මනුස්සකම යටකොට කිව නොහැකි සිතුවිල්ලක මා හිර වී අැත. .
නිලන්ත සත්සර ගමගේ