Archive for නොවැම්බර්, 2018

29
නොවැ.
18

රනිල් වික්‍රමසිංහ නම් බූරුවා අගමැති කලේ අපි නොවේ… තොපි

Image may contain: 2 people, suit
Image may contain: outdoorImage may contain: 1 person, close-up
Image may contain: 1 person, smiling, sittingNo automatic alt text available.

රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් සිදුවූ යුද්ධ හමුදා ඉතිහාසයේ මහා පාවාදීම !

හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට කොටි ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය. මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් කොටි ත්‍රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොටි වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හා බුද්ධි අංශ ද්‍රවිඩ ඔත්තුකරුවන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් මිලේනියම් සිටි පාවා දීම ගැන අපි සොයා බලමු.

අතුරුගිරියේදී කළ වැටලීම

2002 ජනවාරි 2වන දින රාත්‍රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්‍රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා.

යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්‍රමුඛ පිරිසට දන්වනවා. මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි.

දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක

කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ හා එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශයන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ විසින් පිළිගන්නේ නෑ. එසේම මිලේනියම් සිටි වැටලීමට තමන් පැමිණියේ අධිකරණ නියෝගයක් රැගෙන බව පැවසූවත් එවැනි නියෝගයක් පෙන්වීමට ඔහු අපොහොසත් වෙනවා. අත්අඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම සතු යුද්ධ අවි වල නිත්‍යානුකූල බව යුද්ධ හමුදාව විසින් ලිඛිත ලියවිල්ලකින් සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මණින් නිදහස් කරන බව උඩුගම්පොළ විසින් පැවසුවත් යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල පිළිබඳව ඔහු සළකා බලන්නේ නෑ.

අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා.

විකීපීඩියා වෙබ් අඩවියේ දැක්වෙන අයුරින් ද මෙම පාවාදීම පසුපස සිටියේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. එහි මෙසේ දැක්වෙනවා. [[වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි. මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී. කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.]]

මිලේනියම් සිටි පාවාදීමට හේතු වී ඇත්තේ එහි බුද්ධි නිලධාරීන් විසින් ප්‍රභාකරන්ගේ සමීපතමයන්ව අවසන් කිරීමත්, ප්‍රභාකරන්ගේ ජීවිතයට එය දැඩි තර්ජනයක් වීමත්, ඒ අතරවාරයේ රනිල් වික්‍රමසිංහට ප්‍රභාකරන් සමග සාම සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමටනම් ඔහුට රහසින් පැවැති මෙම දිගු දුර විහිදුම් බලකාය අවසන් කිරීමට සිදුවීමත් යන කාරණා යි.

රනිල් වික්‍රමසිංහ සහ ප්‍රභාකරන් අතර පැවැති සමීප හිතවත්කම, මානුෂික මෙහෙයුම අතර වාරයේදී හමුවූ කොටි සංවිධානය විසින් බෙදා හැර තිබූ මෙවැනි ඔරලෝසු හෝඩුවාවක් සපයනවා.

තොරතුරු හෙලිවීමේ විපාක

මෙම සිදුවීම හේතුවෙන් සියළුම රහස්‍ය ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි වූ අතර කොටි වෙබ් අඩවි වල පවා මෙම සිදුවීම පිළිබඳව වාර්තා පළ වෙනවා. ටොසි ඔත්තු සේවය ඔස්සේ පැමිණෙන කොටි පිස්තෝලකරුවන්ගේ ගොදුරු බවට බුද්ධි සාමාජිකයන් පත්වන්නේ කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වලදීයි.

වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්‌ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක්‌ දේවරාජාද, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්‌තු 14දින දේවදාස්‌ද ඝාතනය කරනවා.

ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්‌, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්‌තු 03 දින රිල්වාන්, 2003 අගෝස්‌තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.

බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.

මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.

පොලිස් කොමිසම හමුවේ හෙළි වූ දෑ

නිදහස්‌ වූ පසු දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් වලට හසුවෙන මෙම කණ්ඩායමට 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දෙනවා. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන අධිකරණය සෑම අයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කරන අතර උඩුගම්පොලගේ මෙම වැටලීම අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌ කරනවා. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.

පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දෙන ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පවසනවා. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල් වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්,කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව කලින් දැනගෙන සිටි බවයි. තවද එදා පැවැති රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් කණ්ඩායමේ ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇතිබව හෙළිවෙනවා.

ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.

මෑත කාලීන සිදුවීම්

රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට පත් වීමෙන් අනතුරුව මිලේනියම් සිටි බුද්ධි නිලධාරීන්ගෙන් පළි ගැනීමට ඔහු අමතක කළේ නෑ. එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී සහ මානුෂික මෙහෙයුම අතරවාරයේදී ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරමින් ශ්‍රී ලාංකික හමුදා ඉතිහාසයේ කීර්තිමත්ම නිලධාරියෙක් වන මේජර් ජෙනරල් කපිල හෙන්දවිතාරණ මහතාට අභූත චෝදනා නගා ඔහුව එෆ් සී අයි ඩී ගෙනියනවා. නමුත් එතුමන්ට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට රනිල් වික්‍රමසිංහට හැකි වෙන්නේ නෑ.

Advertisements
29
නොවැ.
18

මංගල සමරවීර නම් විලාසිතාකරුවා ගේ සෙක්සි කොල්ලාට ගණන් හිලව් පැටලීම

“මේ මාසයට මහින්දගේ හෙලිකොප්ටර් ගමන් වියදම බිලියන 84” – මොංගල් සමරවීර

රුපියල් බිලියන් 84 ක් යනු රුපියල් කෝටි 8400කි. එනම් අති විශාල මුදලකි. එය සංසන්දනාත්මකව බැලුවහොත්

ලංකාවේ යුද්ධය පවතින සමයේ හෙලිකොප්ටර් හා ජෙට් ප්‍රහාරක ගමන්ද ඇතුලුව උණ්ඩ, අවි ආයුධ, හමුදාවට පඩි හා දීමනා ඇතුලු සියලුම වියදම් සඳහා ගියේ වසරකට රුපියල් බිලියන 180ක් පමණ මුදලකි.

ලංකාවේ වසරකට මුලු රටේම සෞඛ්‍ය ක්ශේත්‍රයට වැය කරන්නේ රුපියල් බිලියන 60ක පමණ මුදලකි.

හෙලිකොප්ටරයක් අලුතෙන්ම මිලදී ගැනීම සඳහා වැය වන මුදල කෝටි 50 සිට 100 පමණ දක්වා මුදලකි.

මංගලට අනුව මේ මාසය තුල කෝටි 8400ක හෙලිකොප්ටර් ගමන් වල මහින්ද යෙදී ඇත්නම් එය හෙලිකොප්ටර් සියයකටත් වඩා අලුතෙන්ම ගතහැකි තරමේ මුදලකි. එනම් මේ මාසය ඇතුලත දවසකට හෙලිකොප්ටර් තුන බැගින් අලුතෙන්ම ගතහැකි මට්ටමේ මුදලකි.

දැන්වත් ඔබට මෙම බිලියන් 84 කතාවේ මෝඩ ලාමක බව වැටහේද?

මංගල සමරවීර නම් විලාසිතා නිර්මාණකරුවාට ගණන් හිලව් පැටලීම එදා මෙදා තුර සැමදා සිදුවූවකි. වරක් ඔහු කීවේ මහින්දගේ වත්කම ඩොලර් බිලියන 18ක් කියා ය. එහෙත් එවකට ලංකාව සතු මුලු ඩොලර් සංචිතය තිබුනේද ඩොලර් බිලියන 7කට අඩු ප්‍රමාණයකි. එනම් ඛනිජ තෙල්, වාහන, ඖශධ, අමුද්‍රව්‍ය එකී මෙකී නොකී සියලු දේ ගෙන්වීමට තිබුනු මුදලටත් වඩා දෙගුණයකටත් වැඩි මුදලකි.

බොරුවක් වුවත් කියන පිලිවෙලක් ඇත. මේ මන්ද බුද්ධිකයාට අඩුම තරමේ එය වත් හරි හැටි කිරීමට නොහැකි වීම ඔහුගේ මඳ සම්පූර්ණ බව තව තවත් ලොවටම කියාපායි.

No automatic alt text available.
29
නොවැ.
18

පා.ම අජිත් පී. පෙරේරා සහ නිතිඥ ඕෂද හේරත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව එජාපයේ වාසියට ලබාගැනීමේ අරමුණින් දැවැන්ත බලපෑමක්

 

දෙසැ 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව එජාපයේ වාසියට ලබාගැනීමේ අරමුණින් දැවැන්ත බලපෑමක් බටහිර තනාපති කාර්යාල හරහා ඔවුන්ට කිට්ටු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරන් වෙත බලපෑම් කරමින් ක්‍රියාත්මක වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට වාර්තා වේ.

මේ සදහා බටහිර රටවල් විසින් විශේෂ වරප්‍රසාද ලබාදීමට හැකි බව ඉහත පිරිස විනිසුරන්ට පවසා ඇතැයි ද කියැ වේ.

යම් හෙයකින් දෙසැ 7 නඩු තීන්දුව ඉහත පිරිසගේ අවාසියට හේතුවන ලෙසට ඉහත විනිසුරන් විසින් ප්‍රකාශ කළහොත් එම විනිසුරන්ගේ පවුලේ‍ සමාජිකයින් වාසය කරනබටහිර රටවලින් ඔවුන්ව පන්නා දමන බවටද මෙම බලපෑම ත්‍රීවකර ඇතැයි ඉහත ආරංචි මාර්ග කියා සිටියි.

දැනටමත් මෙම මෙහෙයුම පිලිබදව සියලු තොරතුරු රටේ ඉහළම පුරවැසියන් වෙත සාක්‍ෂි සහිතව වාර්තා වී ඇති බවද සදහන් ය.

එජාප පා.ම අජිත් පී. පෙරේරා සහ නිතිඥ ඕෂද හේරත් මෙහි සම්බන්ධීකරන කටයුතු සිදුකරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් සැලකිය යුතු පිරිසකට ඔවුන් විසින් දැනටමත් මෙම දැඩි බලපෑම සිදුකරන බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

අවම වශයෙන් දෙසැ 7 වෙනිදා තීන්දුව ඔවුන්ගේ වාසියට ලබාගත නොහැකි නම් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හැකිතාක් දුරට කල්තබා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇති බව ද සදහන්ය.

ඉහත විනිසුරන් සහ ඉහත පිරිස අතර මෙතෙක් කෙරි ඇති සියලුම දුරකතන සංවාද රටේ ඉහළ පුරවැසියන් වෙත දැනටමත් ලැබී ඇතැයිද ඉහත ආරංචිමාර්ගය වල තවදුරටත් සදහන් වේ.

 

27
නොවැ.
18

හඳගමගේ නාකි වැල බඩුව අනෝමා ගේ පින්තූර (පිස්සු ගොං මගුල)

ජවිපෙට විප්ලවීය උපහාර පිනිසයි

 

 

21
නොවැ.
18

ජවිපෙ මල්ලිලාගේ පාර්ලිමේන්තු බෝම්බය කුණු බාල්දියේ දමා රැගෙන ආ බවට සාක්ශි

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29වැනිදා අත්සන් කිරීමෙන් පසු රටේ පැවති ව්‍යාකුල තත්ත්වය තවත් උග්‍ර විය. එජාප තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31වැනිදා වෙඩිතබා ඝාතනය කළේය. රටපුරා කැරලි කෝලාහල ඇතිවිය. ජන විරෝධයට ආණ්‌ඩුවට මුහුණ දීමට සිදුවිය. ඇඳිරි නීතිය පමණක්‌ නොව පුවත්පත් පාලනයක්‌ද ඇති කළේය. විරෝධතා නතර කිරීමට ආණ්‌ඩුවට හැකි වූයේ සෑම තැනකදීම පාහේ ගිවිසුම් විරෝධි විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙනි. පෙළපාලිකරුවෝ සිය ගණනක්‌ මිය ගියහ. දහස්‌ ගණනක්‌ තුවාල ලැබීය.

ජවිපෙ විරෝධතා ව්‍යාපාරය මෙහෙය වූවද ඒ සා විශාල ජන විරෝධයක්‌ මතුවන්නේ යෑයි විශ්වාස කළේ නැත. ජනතාව එජාප ආණ්‌ඩුව කෙරෙහි ඒ වනවිට ප්‍රබලව කලකිරී තිබූ බැවින් ජනතාව පෙරට ඇදී ආවේ නොසිතූ පරිදිය. විරෝධය සාංසිද්ධිකව පැන නැගුණද ඉන් ලැබූ ප්‍රචාරක ව්‍යාපාරය ජවිපෙට මහත් වාසියක්‌ විය. ගිවිසුමෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සිය කටයුතු වඩ වඩාත් වේගවත් කළේය.

n15 1

ප්‍රධාන සැකකරු අජිත් කුමාර

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව 1987 අගෝස්‌තු 18වැනිදා දක්‌වා කල් දැමීමට එජාපය තීරණය කළේය. ඒ පිළිබඳව ආණ්‌ඩු පක්‌ෂය මගින් කල් තැබීමේ යෝජනාවක්‌ 1987 ජුලි 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්‌ෂව ඡන්ද 74ක්‌ද විපක්‌ෂව ඡන්ද 9ක්‌ද ලැබිණි ගිවිසුමට පෙර කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්‌වීමට තිබුණේ අගෝස්‌තු 18 වැනිදාය. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවටත් දැඩි ආරක්‌ෂක මුරකාවල් යොදා තිබිණි. “දිවයින” පුවත්පතින් පාර්ලිමේන්තුව වාර්තා කිරීමට එදින ගියේ දයා ලංකාපුර ලේඛකයාය. දි අයිලන්ඩ් පුවත්පතින් අජිත් සමරනායක, ප්‍රසාද් ගුණවර්ධන සහ සුරේෂ් පෙරේරාය. රියෑදුරු වූයේ සෝමසිරිය. එවිට වේලාව උදෑසන 9 පසු වූවා පමණි. පාර්ලිමේන්තුව ඉදිරිපිට පාලම අසළදි උපාලි පුවත්පත් වාහනය නැවැත්වූ අතර තුවාලකරුවන් ගෙන යනු දක්‌නට ලැබිණි. පාර්ලිමේන්තු වාර්තාකරුවන් අතරින් එහි ඇතුළේ සිටියේ කලින්ම පැමිණෙන දවස පුවත්පතේ මාධ්‍යවේදී ජෙරි සිල්වා පමණි.

පාර්ලිමේන්තුව රැස්‌වීමට ප්‍රථම ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම පැවැත්විණි. එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්‌වීම් ඒ ශාලාවේදීය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව එහි සිටියේ 5දෙනෙකි. ඒ අතර පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක නෝබට්‌ සේනාධීර, රැස්‌වීමේ වාර්තාව සකස්‌කරන අගමැති ප්‍රවෘත්ති නිලධාරිවරයකු වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇන්තනි ප්‍රනාන්දුද විය. ඔහුගේ ප්‍රධානියා වූයේ අගමැති මාධ්‍ය ලේකම් එවන්ස්‌ කුරේය. මුලසුන හෙබවූවේ ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධනය. ප්‍රධාන මේසයේ අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්‌ඩු පක්‌ෂයේ සභානායක වින්සන්ට්‌ පෙරේරාද විය. ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මැති ඇමතිවරුන්ද, කීර්ති අබේවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන්ද ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීමට පැමිණ සිටියහ.

n15 2                                                             පාර්ලිමේන්තුව අවට එදින ආරක්‌ෂාව තරකර තිබූ අයුරු

ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම ඇරඹුණේ 1987 අගෝස්‌තු 18වැනිදා උදෑසන 8.40 ටය. න්‍යාය පත්‍රයේ මුලින්ම තිබුණේ ආගමික වතාවත් සිහිකිරීමය. අනතුරුව ඝාතනයට ලක්‌වූ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ සහ සභානායක කාර්යාලයේ ලේකම් අභාවප්‍රාප්ත ක්‍රිස්‌ටි කුරේ පිළිබඳව විනාඩි දෙකක ශෝකය පළකරන ලදී. අගමැති ප්‍රේමදාස විසින් එම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කිහිපයක්‌ ගැන විස්‌තර කළේය.

p15 3රට තුළ පවතින විරෝධයෙන් ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීම ගිනියම් වූයේ අනතුරුවය. හම්බන්තොට දිසා ඇමැති සහකාර වෛද්‍ය පී. එම්. පී සිරිල් දකුණේ තත්ත්වය විග්‍රහ කළේය. තමා වසර 20ක්‌ තිස්‌සේ උපයා ගත් සියලු දේපළ කැරලිකරුවන් ගිනි තබා විනාශ කළ බව හෙතෙම කියා සිටියේය. වවුනියාව දිසා ඇමති සහ කැකිරාව මන්ත්‍රී ජී. ජී මහින්දසෝම කියා සිටියේ කැලණි පාලම අසලදී කැරලිකරුවන්ගෙන් තමා දිවි බේරාගත් අන්දමය. අතතුරුව අදහස්‌ දැක්‌වූවේ මැදිරිගිරිය මන්ත්‍රී ඒකනායකය.

ඒ අතරතුරදී රබර් බෝලයක්‌ මෙන් යමක්‌ ප්‍රධාන මේසයට වැටුණු අතර එය බිම පෙරළී පුපුරා ගියේය. ඒ අසලම සිටියේ ජාතික ආරක්‌ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි සහ මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමය. දොරක්‌ අතරින් ආරක්‌ෂක නිලධාරියෙකු අදින සුදු අත්දිග කමිසයයක අතක්‌ එළියට පැමිණි අතර දෙවන බෝම්බය ඉන් දමා ගැසීය. එය පෙරළී ගොස්‌ කළු දුමක්‌ පැතිරිණි. වෙඩි තබනවා යෑයි කියු මන්ත්‍රීවරුන් බිම වැතිර ආරක්‌ෂාව සලසා ගත්හ.

පුටුවකින් ගසා ඇමතිවරයකු කමිටු ශාලාවේ වීදුරුවක්‌ කැඩූ අතර අනතුරුව එළියේ බොහෝ දෙනා සිට ගත්හ. ප්‍රධාන දොරටුවෙන් එළියට යාමට කිසිදු මන්ත්‍රීවරයෙකු උත්සාහ නොකළේ ප්‍රහාරකයන් එහි සිටින බවට කවුදෝ කිවූ බැවිනි. ඇමති ලලිත් සහ මන්ත්‍රී අබේවික්‍රම සහ තවත් දෙදෙනෙක්‌ ඔසවා ගෙන යනු දක්‌නට ලැබිණි. ඇතුළත ලේ විසිරි තිබූ අතර ඇමතිවරුන් වන මොන්ටේගු ජයවික්‍රම, පර්සි සමරවීර, ඊ.එල්.එම් හුරුල්ලේ යන අයට තුවාල සිදුවී තිබිණි.

p15 4බෝම්බ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක සේනාධීර පතිරගේ නෝබට්‌ සේනාධීර එතනම මිය ගියේය. මන්ත්‍රී කීර්ති අබේවික්‍රම රෝහලට රැගෙන යමින් තිබියදී මිය ගියේය. ඇතුලත්මුදලි ශල්‍යකර්මයකට ලක්‌කරන ලදී. එහෙත් බෝම්බකරුගේ ප්‍රධාන ඉලක්‌කය වූ ජනාධිපති ජයවර්ධන හෝ අගමැති ප්‍රේමදාසට කිසිම හානියක්‌ වූයේ නැත. එය එසේ සිදුවූයේ නම් රටපුරා හදිසි ක්‍රියාමාර්ගයකට යැමට ජවිපෙ තීරණය කර තිබිණි. එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් අපේක්‌ෂිත සැලැස්‌ම ක්‍රියාවට නැගිය නොහැකි වූවද රට තුළ ජවිපෙ කෙරෙහි ඇතිවූ ආකල්පය ප්‍රබල විය.

වසර 1935 දෙසැම්බර් 20 උපන් කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම හෙවත් කීර්ති අබේවික්‍රම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ අතර මොරවක්‌ කෝරලේ තේ වවන්නන්ගේ සමූපකාර සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් වසර 1962 සිට 1974 දක්‌වා කටයුතු කළේය. ඔහු එජාපය සමඟ 1960 සිට කටයුතු කළේය. දෙනියාය මන්ත්‍රීවරයා වශයෙන් 1977දී වැඩි ඡන්ද 5,333 කින් පත්වූ අතර ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ අවසාන පඩිකාර මුහන්දිරම්වරයාය. ඔහු වෙනුවෙන් පසුව මොරවක මහ විද්‍යාලය කීර්ති අබේවික්‍රම ජාතික පාසල නමින් අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි විසින් 1990 දෙසැම්බර් 1වැනිදා නම් කරන ලදී. මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමගෙන් හිස්‌වූ දෙනියාය මන්ත්‍රී ධූරයේ Ñමේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේම පවුලේ අයෙකුවූ ලතා අබේවික්‍රමටය. ජිනදාස වීරසිංහගෙන් හිස්‌වූ තංගල්ල මන්ත්‍රී ධූරයේ මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේ පුතාවූ දේවක වීරසිංහටය. දිවයින එවකට ප්‍රධාන උප කර්තෘ මෙරිල් පෙරේරා එය පුවත්පතේ පළකළේ “තංගල්ලට පුතා – දෙනියායට ලතා” යන හෙඩිමක්‌ සහිතවය.

p15 5 බෝම්බ ප්‍රහාරය එල්ලකර පැය කිහිපයකට පසු එහි වගකීම ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් භාර ගන්නා ලදී. ඒ පිළිබඳව නිල පුවත්පත් නිවේදනයක්‌ නිකුත්කර තිබූ අතර එහි ශීර්ෂය වුයේ “ෙද්‍රdaහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යන්නය. ජනාධිපති ඡේ.ආර්.ට සහ රජයට එරෙහිව චෝදනා රැසක්‌ එමගින් ඉදිරිපත් කර තිබිණි. ජීවත්වීමට ආසා කරන සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන වලින් ඉල්ලා අස්‌වනු ලෙසට එමගින් නියෝග කර තිබිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාට බෝම්බය පිපිරීමෙන් පසු එදින ඉන් පිටවීමට ඉඩ නොදුන් අතර ඔවුන් සියලු දෙනාම පෝලින් ගස්‌සා ඇඟිලි සලකුණු ලබාගන්නා ලදී. එය නිම වූයේ රාත්‍රී 9ටය. ඔවුන්ට ආහාරද නොමැතිව සිටීමට සිදුවිය.

බෝම්බ සිද්ධිය පිළිබඳව පොලිස්‌ පරීක්‌ෂණ දැඩි කෙරිණි. පාර්ලිමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත පිරිසිදු කිරීමට නිරතවන ආයතනයක පිරිසිදු කරන්නා වූ අයකු තෙදිනක්‌ ගතවුවද සේවයට වාර්තා නොකළ බව සොයාගනු ලැබීය. නොඑන බව කිසිම දැන්වීමක්‌ද නොවීය. පොලිසිය ඔහු සොයා දැනුම්දී ඇති ලිපිනයට ගියේය. ඔහු බිරිඳ සහ දරුවා දෙදිනක සිට එම නිවසට පැමිණ නැති බව සොයා ගත්තේය. ඔහු නමින් අජිත් කුමාරය. විසි අට හැවිරිදිය. ඔහු කැලණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයෙකි. පොලිසිය ඔහු සොයා දෙන කෙනකුට දස ලක්‌ෂයක්‌ දෙන බව නිවේදනය කළේය.

අජිත් කුමාරගේ සම්පූර්ණ නම රණසිංහ රන්දුව මුදියන්සෙලාගේ අජිත් කුමාරය. කැලණි සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජවිපෙට එක්‌විය. අජිත්ගේ මව මෙරායා සමරවික්‍රමය. සැමියා ජීවතුන් අතර නැත. ඇය පුතුන් දෙදෙනෙකු සහ දියණියන් සව් දෙනකුගේ මවකි. පදිංචිය ගනේමුල්ලේය.

අජිත් කුමාර අත්අඩංගුවට ගත්තේ 1998 අප්‍රේල් 8වැනිදාය. ඒ අහඹු සිදුවීමක්‌ ලෙසිනි. ලේඛකයා වහ වහා රාජ්‍ය ඇමති පී.එම් කිර්තිරත්නගේ පුත්‍රයා වූ ලේක්‌ හවුසියේ මාධ්‍යවේදී සංජීව කවිරත්න සමඟ එදින රාත්‍රියේදීම රත්තොට බලා පිටත් විය. මාතලේදී එම නඩයට තවත් කිහිප දෙනෙකු අයත් විය. ඒ මාතලේ මාධ්‍යවේදීන් වූ නිලන්ත හෙමිටිගේ, කයිකාවල හේවාගේ කරුණාරත්න, හිල්ටන් බෙරෙන්ජ, සීතා ස්‌ටුඩියෝහි මංජුල කරුණාරත්න ඒ අතර වූහ. ලග්ගල ආසනයේ බෝවතැන්න ජලාශ්‍රයේ එහා කෙරවලක වැව් තාවුල්ලක කටු මැටි ගසන ලද ගෙයක අජිත් කුමාර සැගවී සිටි ස්‌ථානය විය. ඔහු සමඟ බිරිඳ සහ දරුවාද සිටියේය. එය පිහිටා තිබුණේ නාවුල අකරහැටිය ප්‍රදේශයේය. පොලිස්‌ බල ප්‍රදේශය නාවුලය. අප එහි ගියේ හබල් ගසමින් ඔරුවලය.

අජිත් කුමාරගේ කුස්‌සියේ දර්ශනීය ලෙස සකස්‌කල මැස්‌සක්‌ විය. දරුවාට සකස්‌ කරන ලද ඔන්චිල්ලාවක්‌ ද දක්‌නට ලැබිණි. දුම් මැස්‌සේ බත් මුට්‌ටියක්‌ද පසෙක නිමවෙමින් පවත්නා ඔරු කදක්‌ද තිබිණි. සුනඛ පැටියෙකු සහ කූඩුවක ගිරවෙකුද සිටියේය. අකරහැටිය කසිප්පු පෙරන්නන්ගේ තෝතැන්නකි. සූටි කේසයක්‌ රැගෙන යමින් සිටි අජිත් කුමාර පොලිසියට කොටු වූයේ ඔහු ගමනක්‌ යන අතරතුරය. ?කසිප්පු පෙරන්නන් සමඟ ඔහුද අත්අඩංගුවට ගත්තේය. නාවුල පොලිසියට ඔහු ගෙන ගියේය.

පසුව ජීප් රථයේ දමාගෙන මාතලේ උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන ගියේය. ඒ කසිප්පු පෙරන්නෙක්‌ වශයෙනි. නාලන්ද උඩුදෙනියේ ජීප් රථය නතර කළ අවස්‌ථාවකදී අජිත් කුමාර පැන ගියේය. පොලිසිය ඔහු අල්ලා ගත්තේය. පහර දෙනු ලැබීය. තමා පාර්ලිමේන්තුවේ බෝම්බ සිද්ධියට සැක අජිත් කුමාර බව ඔහු කී බව නාවුල පොලිසියට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පැවසීය. පොලිස්‌ නිලධාරීන්ට දස ලක්‌ෂයේ තෑගි මුදල සිහිපත් විය. එවකට නාවුල පොලිස්‌ පරීක්‌ෂක වූයේ වික්‍රමරත්නය. පසුව පොලිස්‌ නිලධාරීන් විගස අජිත් කුමාර නාවුල පොලිසියට රැගෙන ආවේය.

පාර්ලිමේන්තු බෝම්බ සැකකරු ඔත්තුකරුවෙකුගේ මඟ පෙන්වීම යටතේ නාවුලදී බලවත් පරිශ්‍රමයක්‌ යොදා අත්අඩංගුවට ගත් බවත් ඔහු පොලිස්‌ භාරයෙහි රඳවා ගෙන සිටින බවත් කොළඹට දැන්වූහ. එහෙත් සත්‍ය තත්ත්වය මාතලේ මාධ්‍යවේදීන් රටට වාර්තා කළහ. එබැවින් ඒ පිළිබඳ පරීක්‌aෂණයක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දන ඒකකයේ අධ්‍යක්‌ෂක ලකී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කතාව සාවද්‍ය බැවින් දශලක්‌ෂයේ තෑගි මුදල පොලිසියේ කිසිවකුට නොලැබිණි. අත්අඩංගුවට පත් අජිත් කුමාර කොළඹට රැගෙන ආ අතර නිවසේ සිටි බිරිඳ සේපාලිකා සහ දරුවා අතුරුදන් වී තිබිණි. අජිත්ගේ බිරිඳ පසුව ඝාතනයට ලක්‌වූ බව කියන අතර දරුවාද පසු කලෙක එම ඉරණමටම ගොදුරුවූ බව කියති.

අජිත් කුමාර පසුව පාර්ලිමේන්තුවට ආරක්‌ෂක අංශ මගින් රැගෙන එන ලදී. සියල්ල සිදුවූ ආකාරය ඔහුගෙන් පාර්ලිමේන්තුව තුළදි ප්‍රකාශයක්‌ ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී රහස්‌ පොලිසියට අමතරව එහි සිටි අය අතර ප්‍රධාන වේත්‍රධාරි රොනී අබේසිංහ, නියෝජ්‍ය ෙච්ත්‍රධාරි පල්ලියගුරු සහ ආරච්චිල වන ප්‍රේමදාසද විය.

එහිදී ඔහු කියා සිටියේ බෝම්බ දෙක දින දෙකකදී ප්‍රහාරයට කලින් බෑගයක දමා ගෙන දිනපතා පුවත්පතක්‌ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවය. පුවත්පත රාජකාරි නිලධාරියාට බැලීමටදී බෝම්බය ලාච්චුවේ තැබූ බවය. පසුව පිරිසිදු කරන නිල ඇදුමින් සැරසී අතුගාන අවස්‌ථාවේ කුණු බාල්දියේ දමාගෙන බෝම්බය රැගෙන සැඟවූ බවය. දින දෙකම එම ක්‍රියාමාර්ගය තමා අනුගමනය කළ අතර තමා ගෙන ආ බෝම්බ දෙක තැබූ ස්‌ථානයෙන් ජවිපෙ තවත් අයකු ඒවා රැගෙන එල්ලකර ඇති බවය. තමාට කීමට ඇත්තේ එපමණක්‌ බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව්. සේනානායක ඇතුළු විනිසුරුවන් ඉදිරියේ 1990 ඔක්‌තෝබර් 12වැනිදා විභාග කිරීම ඇරඹිණි. එහි විත්තිකරුවන් 5දෙනා වූයේ අජිත් කුමාර, හේවගේ කුමාරතිස්‌ස, කිත්සිරි කොළඹආරච්චිÑ, පියසිරි වික්‍රමආරච්චිÑ සහ මුදුන්කොටුවගේ පියසිරි ගුණවර්ධන හෙවත් ජයන්ත යන අය වේ. විත්තිකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්දිරයේදී පිඩාකාරි ආයුධයක්‌ වූ අත්බෝම්බ වලින් දමාගැසීම, එහිදී ජනාධිපති ජයවර්ධනගේ සහ ජාතික ආරක්‌ෂක ඇමති ඇතුලත්මුදලිගේ මරණයන් සිදුකිරීමට තැත් කිරීම, දෙනියාය මන්ත්‍රී අබේවික්‍රම සහ පාර්ලිමේන්තු සේවක සේනාධීරගේ මරණය සිදුකිරීම යන චෝදනා ත්‍රස්‌තවාදය මැඩලීමේ පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ නඟා තිබිණි. නඩු භාණ්‌ඩ 32ක්‌ ඉදිරිපත්කර ඇති බවද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

විත්තිකරු වෙනුවෙන් මංගල මුණසිංහ ඇතුළු නීතිඥයන් කිහිප දෙනෙක්‌ම පෙනී සිsටියහ. නඩු විභාගයේදී අජිත් කුමාර කියා සිටියේ පාර්ලිමේන්තුවට රැගෙන යාමේදී තමන් එහිදී එවන් ප්‍රකාශයක්‌ නොකළ බවය. බලෙන් එවැනි ප්‍රකාශයකට අත්සන් ගත් බවය. ඔහුගේ සාක්‌ෂි දුන් අවස්‌ථාවේ එහි සිටි පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනා සාක්‌ෂිකරුවන් වශයෙන් කැඳවීමට කටයුතු කළ ද අධිකරණය එය ඉවත දැමීය.

නඩු විභාගය අතරතුරදී යළිත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට රැගෙන ඇවිත් එම නිලධාරීන් ඉදිරියේ කට උත්තරයක්‌ ලබාගැනීමට කටයුතු කළේය. ඒ සඳහා කාර්යාලයේ රහසිගත අන්දමින් නොපෙනෙන පරිදි වීඩීයෝ කැමරා සවිකර තිබුණේ එය වීඩීයෝ සාක්‌ෂියක්‌ වශයෙන් ඉදිරිපත් කිරීමටය. එහෙත් වෙනදාට වඩා කාමරයේ ආලෝකය තිබූ බැවින් මෙය වීඩියෝ කිරීමට කළ සැලසුමක්‌ යෑයි එහිදී කියා සිටි අජිත් කුමාර කට උත්තරයක්‌ දීම ප්‍රතික්‌ෂේප කළේය.

අවසානයේදී ඔහු 1993 අගෝස්‌තු 06වැනිදා නිදොස්‌ කොට නිදහස්‌ කරන ලදී. එයට හේතු වූයේ බෝම්බ දැමූ පුද්ගලයා අත්දිග කමිසයකින් සැරසී බෝම්බය එල්ල කළ බවට ඇමති ලලිත් සහ තවත් කිහිප දෙනෙකු සාක්‌ෂි දී තිබීමය. එහෙත් පාර්ලිමේන්තුවේ පිරිසිදු කරන්නෙකු වූ අජිත් කුමාර ඇතුළු වූ පසු සැරසී සිටින්නේ ඔහුට නියමිත නිල ඇදුමකිනි. එබැවින් නිදොස්‌ වීමට ප්‍රධාන එක්‌ හේතුවක්‌ විය.

අවසානයේදී නිදහස්‌ වීමෙන් පසු ජවිපෙ දේශපාලනයට එකවූ අජිත් කුමාර සබරගමු පළාත් සභාවේ මහ ඇමති තනතුරට ජවිපෙන් 1999 තරගකර පරාජය වූවද පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. පසුව ජවිපෙට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවිය. අජිත් කුමාර වර්තමානයේ පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 – 5234384 ලබාගත හැකිය.)….

ධර්මන් වික්‍රමරත්න

20
නොවැ.
18

ලබ්බ ගැන සිතා පුහුල අත ගා කෙළවා ගන්නා රනිල්ගේ ඡන්ද දායකයන්

රනිල්ගේ වැඩ

රනිල් වික්රමසිංහ රටට උදා කර දී ඇත්තේ පහත සඳහන් ආකාරයේ නස්පැත්තියකි. 2015 සිට ඔහුගේ පාලන කාලය තුළ,

■ ආර්ථික වර්ධන වේගය 7% සිට 3.1 % දක්වා අඩුවිය.

■ උද්ධමනය 3.3% සිට 8.3 % දක්වා වර්ධනය විය.

■ ඩොලර් මිලියන 1, 400 ක සෘජු විදේශ ආයෝජන අහිමි විය.

■ රුපියලේ අගය 26% කින් පල්ලම් බැස්සේය.

■ බදු බර දෙගුණ විය.

■ මහා බැංකුව දෙවරක් කොල්ල කා රටට රුපියල් ට්රිලියනක පමණ පාඩුවක් සිදු කළේය.

■ රැකියා වියුක්තිය 4.3% සිට 4.6% දක්වා වැඩි විය.

■ රාජ්ය ණය රුපියල් කෝටි 90,000 කින් ඉහළ ගියේය.

■ ලංකාව ආයෝජනයට අනතුරුදායක රටක් ලෙස නම් විය.

■ ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතරට එක්විය.

■ රාජ්ය වියදම් 49% වැඩි විය.

■ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කළේ නැත.

■ පාතාල ක්රියාකාරම් (ඝාතන) වැඩි විය.

■ ලංකාවට පැමිණෙන හෙරොයින් සහ අනෙකුත් මත්දව්ය ප්රමාණය ඉහළ ගියේය.

■ කොටස් වෙළඳපළ කඩා වැටුණි.

■ විදෙස් ආයෝජකයන් වෙනත් රටවල් වෙත යොමු විය.

■ රටේ සම්පත් විකුණා දැමුවේය. ලැබුණු මුදලින් ගෙවපු ණයක් ද නැත.

■ ඉතිරිව තිබූ ආර්ථික මර්මස්ථාන ද විකුණා දමන්නට පිඹුරුපත් සැකසුවේ ය.

■ පාරවල් දෙපස කුණු කඳු ගොඩ ගැසුණි.

■ ජවිපෙ ලවා 20 වෙනි සංශෝධනය ගෙනවිත් ජනතාවගේ ඡන්ද අයිතිය ද උදුරා ගන්නට උත්සාහ කළේය.

■ රණවිරුවන් සහ භික්ෂූන් වහන්සේලා සිරගත කළේය.

■ අගමැතිකම නැති වෙන විට මෙරටට සම්බාධක පනවන ලෙස විදෙස් රට වලින් අයාචනා කළේය.

ශ්රී ලංකාව යනු බොහෝ විට ලබ්බ ගැන සිතා පුහුල අත ගා කෙළවා ගන්නා ඡන්ද දායකයන් සිටිනා රටකි. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ඒක පුද්ගල අදායමක් තිබු ශ්රී ලංකාවේ පුරවැසියන් 70 ව දශකය මැද බාගයේ ධර්මිෂ්ට රාජ්යය නැමති ලබ්බ ගැන සිතා අතගෑවේ J R ගේ පුහුල ය. ජීවිත දහස් ගණනක් බිළිගත් පරිච්ඡේදයක ආරම්භය එලෙස සටහන් විය. අප ආසියාවේ හිඟමන් යදින්නා බවට පත්විය. දශක ගණනාවක් ඔස්සේ ඇදුන ඒ සාපයෙන් තවමත් මෙරට සම්පූර්ණයෙන් මිදී නොමැත.

ඉන්පසු දශක ගණනාවක් මෙරට වෙලාගත් ත්රස්තවාදයෙන් මිදී ආසියාවේ චීනයට පමණක් දෙවැනි වූ ආර්ථික වර්ධන වේගයක් සහිතව රටක් ලෙස යන්න්තම් හිස ඔසවා ගෙන එනවිට මෙරට බහුතරයක් ජන්ද දායකයන් “යහපාලන” ලබ්බ ගැන සිතා අතගෑවේ රනිල් වික්රමසිංහ ගේ පුහුල ය. නැවතත් රට ආපස්සට බඩ ගෑවේ ය. ගෙදර බඩු භාණ්ඩ විකුණා කුඩු ගසන කුඩ්ඩෙකුගේ තත්වයට රට පත්විය.

ඉන්පසු රනිල් ඇතුළු සහචරයන්ගෙන් රට මුදවා ගන්නට යන විට යහපාලන කුක්කන්, NGO බත් බැලයන් හා සිරිකොතේ ඉඳුල් බුදින කුලී ලියන්නන්, මධ්යස්ථ මතධාරී බැටළු සම් පොරවා ගත් වෘකයන් හදිසියේ වැලපෙන්නට පටන් ගත්තේ පසුගිය වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට මහා සංවර්ධනයක් සිදු වූ අයුරින් ය.

උපුටා ගැනීම
සොනාල ගුණවර්ධන ගේ පෝස්ටුවකිනි.

14
නොවැ.
18

පුංචි අම්මගේ මිනිහා රනිල්ව රකින්න පුක දෙයි.

රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ..

රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට විරුද්දව විශ්වාස භංගයක් බාර දෙයි..

ආණ්ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරාජය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද පාර්ලිමෙන්තුවේදී එම කුමන්ත‍්‍රණයේ ඉතිරි කොටස පරාජය කරන බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කතානායකවරයා හා ජවිපෙ අතර පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා විසින් බාර දී ඇති බවයි.

පැවති එජාප ආණ්ඩුව පෙරලා දැමීම සදහා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ විරෝධතා පවත්වා තවම මසක්වත ගෙවී නොගොස් තිබියදී ආණ්ඩුව පෙරලා දැමීම පරාජය කරන්නේ යයි පැවසීම සිත්ගන්නා සුළුය.




අනවශ්‍ය දේවල්

  • 183,583 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2018
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements