Archive for ඔක්තෝබර් 9th, 2018

09
ඔක්.
18

ජනතාවට පටි තද කරගන්න කියන පිස්සු අංකල්ලා….. දැං පලයව්…

ලංකාවේ සමස්ථ ණය බිලියන 12,000 පනී.. මහින්ද යද්දී බිලියන 7391යි.. රුපියල 28%කින් කඩා වැටිලා..ලංකාවේ සමස්ථ ණය බිලියන 12,000 පනී.. මහින්ද යද්දී බිලියන 7391යි.. රුපියල 28%කින් කඩා වැටිලා..

කොළඹදී පවත්වන ලද දේශප්‍රේමී වෘතිකයින්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

රට තුල  මේ අවස්ථාවේ විශාල ආර්ථික අර්බූදයක් ඇති බව ඕනෑම අයෙකුට ඇස් ඉදිරිපිටටම දක්නට ඇත. එයට සැබෑ හේතුව දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

අගමැතිවරයා පවසන්නේ මේ අවස්ථාවේ ලෝකයේ විශාල  ආර්ථික අර්බූදයක් ඇති බවත් ලංකාව ඉන් පීඩනයට ලක්වී ඇති බවත්ය.  ඉදිරියෙදී මේ තත්වය තවත් දරුණු වන බවත් ලංකාව ඊට සූදානම් විය යුතු බවත් නෝර්වේ රටේ සංචාරයක් සඳහා පිටත් වීමට පෙර ඔහු කියා තිබුනි මෙය සම්පූර්ණ අසත්‍යයකි.  ලෝකයේ ආර්ථික අර්බූද තිබෙනා කාල වල ඒ ගැන මුලු ලෝකයම දැනුවත්ය.

උදාහරණ වශයෙන් මෑත කාලීන ඉතිහාසයේ 1975, 1982, 1991 හා 2009  යනු ගෝලීය  ආර්ථික වර්ධනය සමස්ථයක් ලෙස අර්බූදයන්ට ලක්වූ වසරවල්  ලෙස නම් කල හැක.  2007 -2009 වර්ෂවල ලෝක මුල්‍ය අර්බූදයක් හා  ලෝක ආහාර අර්බූදයක් තිබුනි. මේ කාලවල  ලෝක තෙල් අර්බූදයක්ද ඇතිවිය.  2005 -2014 කාලයේ බලයේ සිටි පසුගිය රජයට මින් අර්බූද ගනනාවකට මුහුන දෙන්නට සිදු වුවද  එම රජය අදාල තත්වයන් හොඳින් කලමණාකරනය කල නිසා ලෝකයේ එවන් අර්බූදයන් තිබූ බවවත් ලංකාවේ සාමාන්‍ය ජනතාවට නොදැනුනි.

එහෙත් වර්ථමානයේ එවැනි ගෝලීය ආර්ථික අර්බූදයක් නැත . ඒ නිසා 2015 දී වත්මන් රජය  බලයට පැමිනි පසු ලංකාවේ ජනතාව මුහුනපානා නිමක් නැති අර්බූද වලට හේතුව ලෝක ආර්ථික අර්බූදයක්යැයි කීම    ජනතාවගේ බුද්ධියට කරන අපහාසයකි.

අද ලෝකය පුරාම අපට දක්නට ලැබෙන්නේ ආර්ථික ප්‍රගමනයකි. 2010 සිට ලෝක ආර්ථිකය ධනාත්මකව වෙනස් වන්නට පටන් ගත් අතර අතර මේ වන විට  විට වසරකට 3.9 % ක පමන දල වර්ධන වේගයක් ලෝකය පුරාම දක්නට ලැබේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල දල සංවර්ධන වේගය 4.9% ඉක්මවා ඇත.  ඒ අනුව මේ කාලය සැලකෙන්නේ ලෝක ආර්ථික චක්‍රයේ ධනාත්මක යුගයක් ලෙසය.

ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති නිසා   ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම ලංකාවේ ආර්ථික අර්බූදයට හේතුව වශයෙන් දක්වන්නටත් බොලඳ උත්සාහයක් මේ දිනවල දක්නට ලැබේ.   ඇමෙරිකාවේ ආර්ථිකය අනෙක් රටවලට වඩා වේගයෙන් දියුණු වනවා යන්නෙන් අදහස් වන්නේ  අනෙක් රටවල ආර්ථික අර්බූදයක් ඇති බව නොවේ.

2016 දී 1.5% ක පමන වර්ධන වේගයක් තුබුන ඇමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය 2017 වන විට 2.3% දක්වා ඉහල ගිය අතර 2018 දී එය 2.5% පමන ප්‍රමාණයකට තවත් ඉහල ගොස් ඇත. 2016 දී 1.8% ක පමන වර්ධන වේගයක් තිබුන යුරෝපයේ දල සංවර්ධන වේගය 2.5% දක්වා 2017 දී ඉහල ගිය අතර 2018 දී එය 2.2% ක් පමන වේ යැයි බලාපොරොත්තු වේ. චීනයේ දල සංවර්ධන වේගය 2016 සිට 2017 කාලය තුල  6.7% සිට 6.8% දක්වා ඉහල ගිය අතර පරිසර දූෂණය අඩුකිරීම,  රාජ්‍ය ආයෝජන සමතුලනය කිරීම හා  මුල්‍ය අංශ නියාමනයක් ශක්තිමත් කිරීම වැනි රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ මත චීන රජය තම   2018 සංවර්ධන ඉලක්කය 6.4% කට පමන වෙනස් කොට ඇත. ජපානයේ පවතින්නේද යහපත් ආර්ථික තත්වයකි.   ඒ අනුව අගමැතිවරයාගේ  අලුත්ම තර්කය වූ  ලෝක ආර්ථික අර්බූදය ඔහුගේ   තවත් එක් මනස්කල්පිත නිර්මාණයක් පමනක් බව පැහැදිලිය.

ලංකාව මුහුන දී ඇති වත්මන් ආර්ථික අර්බූදයට වගකිව යුත්තේ ආන්ඩුවේ දුර්වල ආර්ථික කලමණාකරනය මිස අන් කිසිවක් නොවේ.  හවුල් ආන්ඩුව  බලයට පැමිණිදා සිට කල වැරදි කිහිපයක් මෙහිදී මතක කර බැලුවහොත් වත්මන් අර්බූදය නිර්මාණය වූ ආකාරය  වටහා ගැනීම පහසුවනු ඇත.

බලයට පැමිනි  විගස කොළබ ‘වරාය නගර ව්‍යාපෘතිය’, ‘අධිවේගී මාර්ග’ ඇතුලු පසුගිය රජය විසින් අරඹා තිබූ සියලූම මහා පරිමාන මෙනම සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපෘතීන්  නතර කිරීම තුලින් එම  ව්‍යාපෘතීන් ආශ්‍රිතව ගොඩනැගී තිබුන සමස්ථ ආර්ථික ක්‍රියාවලියටම බාදා විය. එය රටේ මුදල් සංසරණයට දැඩි ලෙස බල පෑ අතර විශේෂයෙන්ම සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයින් රැසක් කඩා වැටීමටත් , රැකියා රැසක් අහිමි වීමටත් හේතු විය.එමෙන්ම නව රජයේ ප්‍රතිපත්ති ගැන විදේශ ආයෝජකයින් තුල විශාල අප්‍රසාදයක් හා සැකයක් ඇති වීමටද මෙම අදූරදර්ෂී දේශපාලන තීරණය හේතු විය.

යහපාලන රජය බලයට පත්වී මාස 3ක් තුල පැමිණි අතුරු අයවැයෙන්ද තවත්  අදූරදර්ෂී තීරණ රැසක් ගන්නා ලදී.

අතීතයට බල පාන පරිදි පැනවු සුපිරි ලාබ බද්ද සාධාරණ ආකාරයට රජයට බදු ගෙවා තිබුන ව්‍යාපාර මත පැනවූ අතිශයින් අසාධාරණ බද්දක් වූ අතර එය දේශීය ව්‍යාපාරිකයින්තුල වූ නව රජය ගැන වූ විශ්වාස බිඳ වැටීමේ ආරම්බය විය. එසේම පසුගිය වසර තුනකට  තිස්සේ සැඇම අයවැයක් හරහාම තමුන්ට නිසි බදු ප්‍රතිපත්තියක් නොමැති බව වත්මන් ආන්ඩුව ව්‍යාපාරිකයින්ට නැවත නැවත ඔප්පු කොට  ඇත.

රජයේ ආදායම වැඩිකරගැනීමේ  නිසි සැලස්මක් නොමැතිව හිටි අඩියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම තමුන්ට දරාගත් නොහැකි බරක් බව ගනනය කර ගැනීමට නව පාලකයෝ එදා අසමත් වූහ. මෙම බදු වැඩි වීම නිසා වසරක් පාසා රජයේ පුනරාවර්ථන වියදමට එක්වන අගය හම්බන්තොට වරාය චීනයට වසර 99 කට පවරා ලබා ගත් මුලු මුදලට ආසන්න වශයෙන් සමානය. අවසාන ප්‍රතිපලය වූයේ වැඩිකල වැටුප ආපසු අය කරගැනිමට ජනතාව මත වූ  බදු වැඩි කිරීමට සිදු වීමයි. 2014 ට සාපෙක්ෂව මේ වන විට රටේ ජනතාව මත වක්‍ර හා ඍජු බදු වැඩිවීම 100% කි. රජය විසින් වැඩිකල වැටුපට වඩා විශාල ප්‍රමානයකින් අද රාජ්‍ය සේවකයන්ගේ ජිවන වියදම වැඩි වී ඇත්තේ මේ අනුවන ක්‍රියාවන් නිසාය.

වත්මන් රජය  බලයට පත්වී මාස දෙකක් අවසන් වන්නටත් සිදුවූ  මහ බැංකු බැඳුම්කර මංකොල්ලය රටේ ආර්ථිකයට ඊලඟ මරු පහර එල්ල කලේය. රටේ එතෙක් පැවති ව්‍යාපාරිකයින්ට හිතකර වූ අඩු පොලී අනුපාතයන් ක්ෂණිකව වෙනස් වීමට මෙය හේතු වූ අතර මහ බැඳුම්කර මංකොල්ලය නිසා ඍජුව හා වක්‍රව රටේ ආර්ථිකයට වූ බලපෑම රුපියල් කෝටි ලක්ෂය හෙවත් එකල රජයේ සමස්ථ වාර්ෂික ආදායම ඉක්මවන බව ආර්ථික විශ්ලේශකයින් විසින් පෙන්වා දී ඇත. මීට අමතරව රටේ ඉහලම බලධාරීන් සම්බන්ධව කෙරුණ මේ මහා මංකොල්ලය රටට විශාල කලු පැල්ලමක් වූ අතර ලංකාව  ලෝකයේ දූෂිත රටවල් හඳුනාගැනීමේ දර්ශකයේ 2014 සිටි 83 වන ස්ථානයෙනුත් පහලට පැමින 2016 වන විට 95 ව ස්ථානයට වැටීමට මෙය මූලික  හේතුවක් විය.

නව රජය බලයට පැමිණිදා  සිට දේශීය ව්‍යාපාරිකයින්ට කලේ කෙනෙහිලිකම්ය. දේශීය ව්‍යාපාරිකයින්ට තිබූ ආරක්ෂාවන් දුර දිග නොසිතා ඉවත් කිරීම නිසා දේශීය ව්‍යාපාර රැසක් බිඳ වැටුන අතර අපනයනය අඩුවී ආනයන වැඩීවී වෙලඳ ශේෂය රටට අහිතකර ලෙස  ඉහල යාමට මෙම අනුවන ක්‍රියාවන් හේතු විය. කිසිදු ප්‍රතිපත්තියකින් තොරව කෘෂි භෝග පවා ප්‍රතිඅපනයනය ඉඩ දීම නිසා නිශ්පාදකයන් අසරණ වූ අතර ගැමි ආර්ථිකයන් තුල වූ  රැකියා රැසක් මේ නිසා නැති වී ගියේය.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම වැනි අනුවණ තීරණ නිසා ඉදිරියෙදී තව තවත් දේශීය ව්‍යාපාර අවස්ථා විදේශිකයින්ට හිමිවී රටේ අනාගත පරපුරට තම රට තුලම විදේශිකයින්ගේ සේවකයින් වනවා හැර වෙනත් විකල්ප අහිමි වනු ඇත.

පසුගිය රජය විශාල වශයෙන් ණය ලබා ගෙන ඇතැයි චෝදනා කරමින් බලයට ආ වත්මන් රජය ඉතිහාසයේ කිසිදු රජයක් විසින් නොකල ආකාරයේ ණය උගුලක රට පටලවමින් සිටී. 2014 දී රුපියල් බිලියන 7391 වූ රාජ්‍ය ණය බර 2018 ජූලි වන විට රුපියල් බිලියන 11,971 ඉක්මවා තුබුන අතර මේ වන විට එය රුපියල් බිලියන් 12,000 ඉක්මවා ඇති බවට ගනනය කල හැක.  මෙය 2014ට වඩා 60% ක වැඩි වීමකි.

2015 ජනවාරි මස වත්මන් රජය බලයට එන විට ලංකාවේ විදේශ සංචිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8.3 ක් තිබුනි. වසර 4 කට ආසන්න් කාලයක් බලයේ සිටි වත්මන් ආන්ඩුව යටතේ මේ වර්ධනයක් අපෙක්ෂා කල යුතු වුවද මේ වන විට සංචිත වල අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2 දක්වා පහත වැටී ඇත. පසුගිය වසර අවසන් වන විට විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන බවට මහබංකු අධිපතිවරයා කල ප්‍රසිද්ධ ප්‍රකාශ මේ අනුව බොරු වී ඇත.

බලයට පැමිනිදා සිට දිගින් දිගටම  රජය විසින් ලංකාවේ ආර්ථිකය ගැන ලොවට පෙන්වු අඳුරු චිත්‍රය හා අවිනිශ්චිත ආර්ථික ප්‍රතිපත්ති නිසා විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය සම්පූරණයෙන්ම බිඳ වැටී ඇත. මේ වන විට ආයෝජකයින් විශාල වශයෙන් ලංකාවෙන් මුදල් ඉවත් කරගනිමින් සිටින අතර 2015 සිට මේ වන විට 28%ක් වැනි ප්‍රමාණයකින් රුපියල කඩා වැටීමටද මෙය පැහැදිලිවම බලපා ඇත.

වත්මන් රජය විසින් මොනතරම් දුරට මේ බොරු සමාජ ගත කර ඇත්දැයි යන්නට පසුගියදා ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා විසින් ලංකාවට හම්බන්තොට වරාය චීනයට දෙන්නට සිදු වූයේ චීන ණය උගලක් නිසා යැයි පැවසීමෙන්ම පෙනේ. 2014 වන විට ලංකාව විසින් චීනයෙන් ලබාගෙන තුබු සමස්ථ ණය ප්‍රමානය රුපියල් බිලියන 600 ට අඩු වූ අතර  එය ඒ වන විට පැවති සමස්ථ රාජ්‍ය ණය වන රුපියල් බිලියන් 7391 න් 8% පමනක් විය. ඒ අනුව උගුලක් තිබුනා නම් ඒ අනෙක් රටවලින් පසුගිය රජයන් ගනනාවක් විසින් ලබා ගෙන තිබූ  ණය වලය

වත්මන් රජය ලංකාව ලෝකය ඉදිරියේ නින්දාවට පත්කොට ඇත. අද  ලෝකය අප දෙස බලන ආකාරය ඉතාමත්ම කනගාටුදායකය

ලෝකප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරු දායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ. විරැකියාව ඉහල යාම හා විදේශ සංචිත වල කඩා වැටීම ඔවුන් විශේෂයෙන්ම සඳහන් කොට තිබුනි.  2018 ජනවාරි මස ජාත්‍යයන්තර ශේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කියා තිබුනේ ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් ලංකාව ආසියාවේ 24 වන ස්ථානයට පහල වැටී ඇති බවයි.

පසුගිය වසර 3 තුල බොහෝ අන්තර් ජාතික  ශේණිගතකිරීම් වලින් ලංකාව පහලට පැමින ඇත නීතියේ ආධිපත්‍ය – 2014 දී ශ්‍රී ලංකාව ලෝකයේ 48 වන ස්ථානයේ පසු වුවද, මේ වන විට, 68 වැනි ස්ථානයට කඩා වැටී ඇත ආර්ථික නිදහස 2014 දී ශ්‍රී ලංකාව ලෝකයේ 90 වන ස්ථානයේ පසු වුවද, මේ වන විට, 112 වැනි ස්ථානයට කඩා වැටී ඇත ව්‍යාපාර කිරීමේ පහසුතාවය – 2014 දී ශ්‍රී ලංකාව ලෝකයේ 89 වන ස්ථානයේ පසු වුවද, මේ වන විට, 111 වැනි ස්ථානයට කඩාවැටී ඇත

සාමාන්‍යයෙන් රටක ආර්ථිකයේ බැරෝමීටරය ලෙස සැලකෙන කොටස් වෙළඳපොලේ අද තත්වය කුමක්ද ? 2014 දී ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොල ලෙස සම්මානයක් පවා ලැබූ කොළබ කොටස් වෙළඳ පොලේ සමස්ත මිළ දර්ශකය මේ වන විට  2014 දී තිබූ ඒකක 7299 අගයේ සිට ඒකක 5880 දක්වා  පහත වැටී ඇත.  2014 දී  25.3 %  ප්‍රතිලාබ ලබා දුන් කොළඹ කොටස් වෙලඳ පොල පසුගිය වසර 3 කුත් මස 9 කාලය තුල  ආයෝජකයින් දිගින් දිගටම පාඩු ලබන තැනකි. මේ කාලය තුල  කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරනය රුපියල් බිලියන 230 කින් පහත වැටී ඇත. විදේශ අයෝජකයින් විශාල වශයෙන් වෙලඳපොලෙන් මුදල් ඉවත්කරගත් අතර දේශීය ආයෝජකයින්ගේ ක්‍රියාකාරිත්වය අතිශයින්ම මන්දගාමී වී ඇත.

රජයේ වැරදි කලමණාකරන තීරණ නිසා මේ වසර කිහිපය තුල විශාල වශයෙන්  වන්දි ගෙවන්නට සිදුවූ අවස්ථා අත. මේ අතර කොළබ වරාය නගරය සංවර්ධන කටයුතු ප්‍රමාද කිරීම නිසා චීනයට ඉඩම් වලින් ගෙවන්නට වූ රුපියල් බිලියන් 26ක් පමන වූ වන්දිය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  එයාර් බස් යානා ඇනවුම  අවලංගු කිරීම නිසා ගෙවන්නට වූ රුපියල් බිලියන 17ක පමන වන්දිය, සිංගප්පූරුවේ බේරුම්කාර ආයතනයක් මගින් දුන් තීන්දුවක් අනුව අවන්ගාර්ඩ් සමාගමට ගෙවන්නට සිදුවී ඇති රුපියල් බිලියනයකට ආසන්න වන්දිය, හයට් ගොඩනැගිල්ලේ යම් කොන්ත්‍රාත් අවලංගු කිරීමේ තීරණයක් නිසා  ගෘහනිර්මාණ ශිල්පීන්ට ගෙවන්නට වී ඇති රුපියල් බිලියන 1.5 ක අපමන වන්දිය උදාහරණ කිහිපයක් පමනි. මේ ආකාරයට නාස්ති වන සියල්ල මහජන මුදල්ය

වත්මන් රජය බලයට පැමිණිදා සිට අසීමිත ලෙස පාලකයන්ගේ වරප්‍රසාද වැඩිකරගැනීම් දක්නට ලැබුනි. සුඛෝපබෝගී වාහන විශාල වශයෙන් ගෙන්වා දේශපාලනඥයින්ට ලබා දුන් ආකාරය ජනතාව දැක ඇත.දිගින් දිගටම වැටුප් හා වරප්‍රසාද වැඩි කිරීම  නිසා මේ වන විට ඇමතිවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු හෝ රාජ්‍ය ඇමප්තිවරයෙකු නඩත්තු කිරීම සඳා මසකට රුපියල් මිලියන් 80ක් පමන වැය වේ. දැන් ජනතාවට පටි තද කරගන්නා ලෙස කියන්නේ තමන්ට අවශ්‍ය සියලු දේ මේ කාලය තුලකර ගත් මේ අයය.

Advertisements



අනවශ්‍ය දේවල්

  • 183,573 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2018
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements