Archive for ජූලි 13th, 2018

13
ජූලි
18

ලෙනින්ගේ වෙලුම් වල කතා ‘පට්ට ලොජිකල් සහ රැශනල්’ ද ? ජවිපෙ ගොංපාට් 2

1 July · 

පක්ශ පාට භේදයකින් තොරව ජවිපෙ දේශපාලනයට තිත තබමු!
පොහොට්ටු, යූඑන්පී, ශ්‍රී ලංකා යන පක්ශ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්ව ජවිපය ගමෙන් පමණක් නොව රටෙන්ම පන්නා දැමිය යුත්තේ ඇයි?

1) ශ්‍රී ලංකාවේ සංස්කෘතියට, සිංහල බෞද්ධත්වයට පහර ගසමින් අපට තබා කිසිවෙකුටත් නොගැලපෙන ‘මාක්ස්වාදය’ නම් ආනයනය කරන ලද නිරාගමික මතවාදය අප තාරුන්‍යය තුලට බලෙන් පැටවීමට උත්සාහ දරන නිසා. මොවුන් බුදුදහමට පහර ගැසීමට විශේශ උනන්දුවක් දක්වයි. ඔවුනට විශ්වකර්මයන් වූ මාක්ස් හා ලෙනින්ගේ වෙලුම් වල කර්මය, පුනර්භවය යනාදී බෞද්ධ සංකල්ප ගැන සඳහනක් නැති නිසා ඔවුන් ඒවා එකහෙලාම ප්‍රතික්ශේප කොට සමච්චලයට ලක් කරයි. ඔවුනට අනුව විශ්වය ක්‍රියා කරන්නේ ලෙනින්ගේ වෙලුම අනුවය. බුද්ධ වචනය සැක කිරීමට තරම් ‘පට්ට ලොජිකල් සහ රැශනල්’ වන මොවුන්ට ලෙනින් හා මාක්ස් දන්නා කෙංගෙඩිය කුමක්දැයි ප්‍රශ්න කිරීම අතාර්කික වන අතර ආගමික වහල් භාවය ප්‍රදර්ශනය කිරීමක් වේ. ජිප්සීස් සුනිල්, නිර්මාල් රංජිත්, සමනලී ෆොන්සේකා වැනි එලොවටත් මෙලොවටත් වැඩකට නැති ගන්ධබ්බයන් හට ජවිපෙ හොඳ අම්බලමක් වන්නේ එබැවිනි.

2) ලංකාවේ ඉඳහිට මතුවන දුර්ලභ වූ ජාතිකවාදී නායකයන්ට අභූත චෝදනා එල්ල කොට ඔවුන් විසින් ලංකාවට ලබා දිය හැකිව තිබූ අතිමහත් සේවය අතරමග ඇනහිටුවීමට දායක වීම. ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස වැනි UNP ජාතික නායකයන්ටද මහින්ද රාජපක්ශට මෙන්ම ඔවුන් එලව එලවා ගැහුවේ හොරකම්, දූශණ, ඇපල් වතු, අශ්ව ඉස්තාල වැනි සුරංගනා කතා වලිනි. ඔවුන් ඒවා නිර්මාණය කොට සමාජයට මුදාහරින විට විරුද්ධවාදීන් විසින් ඒවා බෙදාහරින වාහකයන්ගේ කාර්‍යභාරය ඉටුකරයි. කුඩා කල පාසැලේදී දුටුගැමුණු, වලගම්බා වැනි සැබෑ සිංහල වීරයන්ට පුදන ලෙසින්ම පොන්නම්බලම් අරුණාචලම් වැනි බෙදුම්වාදීන්ටද ‘ජාතික වීරයන්’ ලෙස පුදන අපට මෑත කාලීනව ලංකාවේ බිහිවූ සැබෑ ජාතික වීරයන් නිතැතින්ම මගහැරී යන්නේ ජවිපෙ විසින් ඔවුන් ‘දූශිතයන්’ ලෙස ජනගත කරන ලද මතය නිසාය. ඔවුන්ට ඉතිහාසයේ ලබාදියයුතු වැදගත්කම ලබාදීම ‘මෝඩකමක්, වහල්කමක්’ ලෙස සලකන මට්ටමට ජන මනස කුරුවල් කර ඇති නිසාය.

3) ප්‍රශ්න විවේචනය කිරීම හා කකුලෙන් ඇදීම හැර රට වෙනුවෙන් කල හැකි කිසිදු ප්‍රායෝගික වැඩපිලිවෙලක් නැති නිසා. කූඹියෝ ටෙලි නාට්‍යයෙන් ජවිපෙට කන හරහා වදින්න දී ඇති ආකාරයටම සැබෑ ලෙසම මොවුන් ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්න නැති තැන් වල ප්‍රශ්න මවා හෝ තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමටය. ඔවුන් ක්‍රියාටත්මක වන ආකාරයට කිසිදු රජයකට, කිසිදු නායකයකුට රටේ වැඩක් කල හැකි නොවේ. හයිවේ හැදුවේ මැදමුලනේ සිට ඇඹුල්තියල් ගෙන ඒමට බවත්, වරාය හැදුවේ ලෝකයේ ලොකුම පිහිනුම් තටාකයේ බේබිලාට පිහිනීමට බවත්, උමාඔය හදා ‘කඳුකරයේ හදවත සිදුරු කලා’ යැයි සාහිත්‍යමය රසයෙන් යුක්ත ප්‍රබන්ධ නිර්මාණය කලේ ජවිපෙයයි. මෙවැනි ජාතික වටිනාකමකින් යුක්ත අතිශය වැදගත් ව්‍යාපෘති පිලිබඳව පවා කුහකත්වයෙන් කතා කල ජවිපෙට ජනතාව විසින් පයින් පහර ගැසීමට තිබුනේ මීට බොහෝ කලකට පෙරය

4) ලංකාවේ තාරුණ්‍යය හැකිතාක් ජාතිකත්වයෙන් සහ ජාතික, සංස්කෘතික වටිනාකම් වලින් ඈත්කොට සියලුම දේ මුදල් වලින් මනින තත්වයට පත් කිරීම. රටේ ඒකීයභාවට, සංස්කෘතිය වැනි රටේ පැවැත්මට සහ ස්තාවරත්වයට අතිශය වැදගත් එහෙත් මුදලින් මැනිය නොහැකි දේට අඩු වටිනාකමක් දී පාරකට තාර දැමීමේදී වූ පාඩුව, පේව්මන්ට් එකකට ගල් ඇල්ලීමේදී වූ ලාභ පාඩු සතයට ගනන් බැලූ ආකාරයෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන මොවුන්ට රටක ස්තාවරත්වය, ඒකීයභාවය නැති වීමෙන් සිදුවන නොමැනිය හැකි පාඩුව සහ ව්‍යසනය ගැන කතා කිරීමට අමතක වී යයි. තවද මොවුන් විසින් මාක්ස්වාදී ගුලි කවා මුලා කොට මරා දැමුවේ ලංකාවේ සිංහල තරුණයන්ගෙන් ස්වාභාවිකවම නායකත්ව ලක්ශන ඇති alfa males සහ alfa females ලා ය. ඔවුන් මුලාවේ නොවැටී අද ජීවතුන් අතර සිටියානම් නායකයන් වී සිටින්නට තිබුනි. නව නිපැයුම් කරමින් ලංකාවේ ආර්ථිකයට දායක වන්නට තිබුනි. රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට තිබුනි. ඒ සියල්ල ටයර් සෑයක් උඩ ගිනිබත් වන තත්වයට ඇද දැමුවේ ජවිපෙ නම් කාලකන්නි පක්ශය විසිනි.

කිසිදා නොකෙරෙන අරගලයක් සහ මූලික වශයෙන්ම වැරදි ‘මාක්ස්වාදය’ නම් ප්‍රායෝගික නොවන මතවාදයක් වෙනුවෙන් පන්ති පවත්වමින්, තරුණයන්ගේ ඔලුගෙඩි කුරුවල් කරමින්, අවසානයේ ඒ සියල්ලන්ම රවටා දමා උග්‍ර ධනවාදීන් ගේ ඔඩොක්කුවේ හොරෙන් නැලවෙන ජවිපෙට මෙදා සැරේ ජනතාව දුන් පයින් පහර ලබන සැරේ ලංකාවෙන් එලියටම විසිවන්නට දී ජවිපය සහ මාක්ස්වාදය නම් අතිශය හානිදායක පක්ශ සහ මතවාදයන් ලංකාවෙන් සදහටම තුරන් කිරීමට පාට පක්ශ නැතිව පෙලගැසෙමු!

Advertisements
13
ජූලි
18

සැබෑ සතුරා සහ මිතුරා හදුනාගන්න — ජවිපෙ ගැන කතා

[1] JVP ළමා සොල්දාදුවන් යොදාගැනීමේ සැගවුණු ඉතිහාසය
https://www.youtube.com/watch?v=g_jceGDMLe8&feature=share

[2] UNP ආණ්ඩුවේ දුෂණ විරෝදී අංශයේ නායක, JVP මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගේ කථාව https://www.youtube.com/watch?v=yFXBW610MgM

පලි :
– මෙයින් ඇතිවිය හැකි කුතුහලය මුසු ප්‍රශ්න 6කට කලින්ම පිළිතුරු ලබා දෙන්නම්

-> “JVP සිංහල තරුණයන්ගෙන් පමණක් සැදුනක් නොවන බව”
එසේම LTTE සිංහල, මුස්ලිම් පුද්ගලයන් නායකත්වය දරු අතර ඔවුන් JVP නිශ්මිලගේ කාර්යභාරය LTTE වෙනුවෙන් සිදුකළේය. තවද, (JVP වෙනුවෙන් අනෙකුත් ජනවර්ග සහ LTTE වෙනුවෙන් අනෙකුත් ජනවර්ග) ප්‍රතිෂත්මකව ඔවුනගේ දයකත්වයන්ගේද සැලකිය යුතු වෙනසක් නැත. එසේ වුවාට අපි LTTEට සිංහල හෝ මුස්ලිම් ව්‍යාපාරයක් කියන්නේ නැත.

-> “ප්‍රේමදාස, මහින්ද LTTE සහන සැපයීම”
ප්‍රේමදාස ඒ මොහොතේ එය කලේ, JR ඔහුට ලබා දුන් දෙකොන පත්තු වූ විලක්කුවෙන් එක පැත්තක් වරකදී නිවාගැනීමට අවශ්‍ය සහනය ලබාගැනීමටත්, මහින්දට (LTTE විනාශ කිරීමට) කාලය ලැබුණු අතර, ප්‍රේමදාසට කාලය නොලැබිණි.

-> “ප්‍රේමදාස කොබ්බැකඩුව මැරුවා , මහින්ද ෆොන්සේකා නොමරා මැරුවා”
කොබ්බැකඩුව මැතිතුමාගේ යුදකාමිත්වය සහ දේශප්‍රේමිත්වය ගැන කියන්න වචන නැත. එතුමා ඝාතනය කරේ ප්‍රේමදසමදැයි නොදනිමි. නමුත් පවුලක වුවත් තාත්තට ඉහලින් පුතෙක් ගියොත් ගන්නා තීරණය පවුලෙන් නෙරපීම මිට සමාන බව මගේ අදහසයි. ෆොන්සේකා සහ කොබ්බැකඩුව මහතා අතර වෙනස අහසට පොලව මෙනි. සුදු කොඩි කථාව , ඒ බවට ශාක්ෂි දරයි.

-> “ප්‍රේමදාස, මහින්ද කියන තරම් බබ්බු නෙමෙයි”
මමද එය පිලිගනිමි. ඔවුන් බබ්බු නොවෙති. නමුත් කිසිසේත්ම මේ ගොඩ නැගු අවලාද තරම් යක්කුද නොවෙති. කෙටියෙන්ම කිවතොත් JRගෙන් 1% ත් ප්‍රේමදාස හොරකන් හෝ භිෂණය නොවපුරේද යම්සේද ශාක්ෂි සමග ඔප්පුවූ ඉතිහාසයේ ලොකුම හොරදෙන චන්ද්‍රිකාගෙන් 1% තරන් වත් මහින්ද හොරකම් නොකරපු බවද විස්වාස කරමි.

-> “විජේවීර ආණ්ඩුවෙන් මැරූන් කෑවේ, CIA උවමනාවටද, කාගේවත් උවමනාවට කෙනෙක් ජීවිතය පුජා කරයිද…”
එසේම LTTE,ISIS, අල්කයිඩාද බිහිවන්නේ CIA උවමනාවට වන අතර කලක් අවෑමෙන් ඔවුන්ගේ බලලෝභය උදෙසාම ඔවුනොවුන් වෙනත් ඉලක්ක සහ දිසාවන් තේරීම නිසා මත ගැටුම් ඇතිවේ. ඒ ඇතිවන හිඩැස නිවැරදිව බාවිතා කරන ප්‍රේමදාස සහ මහින්ද ඉලක්කයන් (විජේවීර සහ ප්‍රභාකරන්) ඉලක්ක සපුරා ගනී. සිරියාවේ අසාද් ද ISISට එරෙහිව මේ මොහොතේ කරමින් සිටින්නේ එයයි.

-> “71,89 සහ 2015 සිදුවීම් වල සන්ධර්භයන් වෙනස් බව, කිසිසේත්ම සැසදිය නොහැකි බවත්.”
මහා පද්ද්ති විශේල්ෂානයේදී (BigDataAnalytics), සලකන්නේ සන්ධර්හය නොව input සහ output පමණයි. සමාන වන input , output වලට ක්‍රියාවලියට අදාලව රටාවන් හදුනාගැනීම, insights generate කිරීම නවලෝක ක්‍රමයේ අති දියුණුම තාක්ෂණික ක්‍රමයකි. මේ අවස්ථා 3දීම සිදුවුයේ රටේ ජයග්‍රහණය එරෙහිව දිශානතිය අංශක 180කින් වෙනස් කිරීමයි. ඒ අනුව යමින්, අවස්ථා 3 ට අදාලව පොදු සාධකය තුල පිහිටි සැබෑ සතුරා සහ මිතුරා හදුනාගැනීමට දැරූ උත්සාහයකි.

13
ජූලි
18

UNP , SLFP දේශප්‍රේමී ජනතාවනි JVP සර්පයා දුටුවාද…?

— UNP , SLFP දේශප්‍රේමී ජනතාවනි JVP සර්පයා දුටුවාද…? —
සැ.යු.: අනවබෝධය නිසා නොමග ගිය JVP පාක්ෂිකයාටද මෙය අදාළ වේ.

– JVP න්‍යාය පත්‍රය සෑම වීමට වැටි තිබුනේ මහපොළවේ පයගැසූ සිංහල බවුද්ධ ජාතික නායකත්වය සමාජයෙන් කොන් කිරීම, බලු කිරීම සදහාය. ඒ ගොදුර, UNP ද, ශ්‍රීලංකා ද කියා ඔවුනට ගැටළුවක් නැහැ. අවශ්‍ය වන්නේ, ඔවුනගේ පාලනය පෙරලා දමා, ඉතිහාසයේ ඔවුනට ලැබිය යුතු තැන අහිමිකිරීමේ අවශ්‍යතාවයයි.
– ඒ අනුව, මොවුන්ගේ ගොඳුරු බවට ශ්‍රීමත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා පත්වී සිටි.
– ඉහත නායක ත්‍රිත්වයම පැහැදිලිවම සිංහල බවුද්ධ ජනපදනමකින් සියල දේශපාලන ගමන ඇරඹු, එසේම සංඝ රත්නයේ නොමද ආශීර්වාදය ලැබුවෝ වෙති.
– තිරිසන් JVPය,
-> මැතිනියට කුළුදුල් ආණ්ඩුවට එරෙහිව 71 කැරැල්ල අරබන්නේ සුළු ධනේශ්වර ක්‍රමයට එරෙහිව වන අතර,
-> ප්‍රේමදාසට මැතිතුමාට එරෙහිව 89 කැරැල්ල අරබද්දී සුළු ධනේශ්වර ක්‍රමය වැලදගත් පක්ෂයක් ලෙස ව්‍යුහාත්මක වෙනසක්ද ඇතිව ඉන්දියන් විරෝදය මුලික කරගනී.
-> ඉන් ඉක්බිති, 2010 මහින්ද මහතාට එරෙහිව සටන අරබද්දී ඉන්දීය RAW සහ ඇමෙරිකන් CIA රුජු සැලසුමෙන් ඇරබෙන සටනට 1මු වෙඩි මුරය තබන්නේත් අදටත් ගාමක බලය සපයන්නෙත් JVP යයි.

— රටාව හදුනා ගැනීම…
– 89 දී, 71 කැරැල්ලට හේතු සාධක වූ “සුළු ධනේශ්වර”ට ඔවුන් අනුගත වූ අතර,
2010 දී, 89 කැරැල්ලට හේතු සාධක වූ “ඉන්දියන් විරෝදය” ද අන්තර්දහන වී අදටත් RAW හි බළල් අත්ලෙස වැඩ කරයි.
එනම් අවසාන විග්‍රහයේදී, 71 සහ 89 ලෙස පරම්පරා 2කදී, මොවුන් ලංකිය සිංහල බවුද්ධ තරුණයන් 100,000 කිට්ටු වන්නට විනාශ කරේ කාගේ වුවමනාවටද…?
– කිසිදු විවාදයක් නැත, ඒ LTTE බිහිකර අප දේශය ලේ විලක් කලවුන්ගේම වුවනාවටමය. 71, 89 අහිමි වූ තාරුණ්‍ය සටන් වැදුනේ ඒ වනවිට ඊට කලින් සිටි ද්‍රෝහී (බටහිර ගැති) UNP පාලකයන් මැතිනියට සහ ප්‍රේමදාස මහතාට දායාද කර සමාජ විෂමතා සහ පීඩනයන් නිසාය. මොවුන් කිසි විටක අදාළ නායකත්වයන්ට හුස්මක් කටක් ගැනීමට කාලයක් ලබා දුන්නේ නැත.
– එයින්, ඔවුන්ගේ ඉලක්ක 5ක් ජයග්‍රහණය කරන ලදී,
1මු වන්න ජාතික ප්‍රශ්නයක් හමුවේ සංවේදී, රටක සංවර්ධනයට ජවසම්පන්න දායකත්වය ලබා දිය හැකි තාරුණ්‍ය විනාශ කිරීමයි.
2න වන්නේ, ඒ මොහොතේ බලයේ සිටින, සිංහල බවුද්ධ නායකත්වය විනාශ කර ඔවුනට ඉතිහාසයේ හිමිවීමට නියමිතව තිබු ගවුරවය නැති කිරීමයි.
3න වන්නේ, රාජ්‍ය දේපල විනාශ කිරීම ප්‍රමුක ඉලක්කයක් වූ අතර ඒ හරහා රට අස්ථාවර කර, රටේ ආර්ථිකය සුනු විසුනු කර සමාජ අසහනය තීව්‍ර කරදැමිමයි .
4වන වශයෙන් බුද්ධ ශාෂණය, භික්ෂුන් වහන්සේලා, බවුද්ධ සිද්දස්ඨාන මොවුන්ගේ නිරන්තර ඉලක්ක විය. (එයට සාහිත්‍යමය වශයෙන් සහ බවුතික වශයෙන් හානි පැමිණවීම නිරත්නරයෙන් සිදුවිය.)
5වන වශයෙන් අතට හසුවන ඕනෙම දෙයක් ඒ වෙනුවෙන් භාචිතා කර ඔවුනගේ අනාගත විනාශ කළේය. (ළමා සොල්දාදුවන් [1], භික්ෂුන් වහන්සේලා ඒ අතර විය)
– මේවායින් LTTE සහ JVP වෙනස් වන්නේ, LTTE එම විනාශයම උතුරේ දෙමල ජනතාව පාර්ශවයේ හිඳ කරද්දී, JVP දකුණේ කඳවුරු බඳිමින් දකුණේ හිඳ කිරීමයි. දෙපාර්ශවයේ end of the day output සමානය.

— අතීතයට සාපේක්ෂව මොහොත කියවීම…,
– එවකට මැතිණියගේ කිර්ති නාමය නැතිකිරීමට JVP විසින් ගොඩ නැගු සන්විදානාත්මක මඩ කථා (වැන්දබු භාවය, සංඝයා කෙරෙහි ගවුරවය, අමාත්‍ය මණ්ඩලය etc පිලිබඳ කථා) මෙපමණයි කිව නොහැක. ඒවාට UNP හුරේ දැමු අතර, එවා වාහකයන් ලෙස ක්‍රියා කළේය.
– පසුව, ප්‍රේමදාස මැතිතුමාගේ කිර්ති නාමය විනාශ කිරීමට ගොඩ නැගු සංවිධානාත්මක මඩද (බුද්ධාගම කෙරෙහි වූ භක්තිය, සිංහලකමට වූ ලැදියාව, නැකත්ශාස්ත්‍ර හා කාන්තාවන් etc පිලිබඳ කථා) එසේමය. ඒ අතර කිරිකල 7, කන්‍යාවියන් පිළබඳ වූ කථා අදත් ජනමනසේ තැන්පත්ව තිබේ. UNP විරෝදය නිසා ඒවායේ වාහකයන් වුයේ ශ්‍රීලංකා කාරයන්ය.
– ඔවුන්ගේ ඉලක්කය කොතරම් සාර්ථක විනිදයත්, ප්‍රේමදාස මැතිතුමා මරණයේදී රතින්ක්ඟ පත්තු කර කිරිබත් කෑමට තරම් සිංහල බවුධ්ධ ජන විඤානය අනුභව කර තිබුණි. එම නායකයන් සමාජයට කරන ලද කෙළක් වූ සේවාවන් ඇගයීම හෝ පැසසිම පසෙක තබා පිළිකුලෙන් යුතුව බැහැර කරන මට්ටමට එය ගැඹුරු වී ඇත.
– මේ මොහොත, ඔවුන්ගේ ඉලක්කය මහින්දයි. මහින්දට කොරල තිබෙන හරිය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
– මෙහි ලොකුම රහස වන්නේ, 71, 89 සහ 2015 යන 3ම තබා රටාව හදුනාගනිමේදී, 3දීම ඔවුන් වංචාව, දුෂණය, අවිද්‍යාව ඇදහීම, කාන්තා/ පිරිමි ලෝලිත්වය යනාදී අංශ වෙනුවෙන් වෙන වෙනම කථා ඉතාම සිත්ගන්නා සුළු ලෙස නිර්මාණය කර සමාජය පොම්ප කිරීමයි.
– ඒවා සමාජගත වීමට අදාළ පාලකයාගේ පාර්ශවයේ තිබු සුළු සුළු අඩුපාඩු, ආණ්ඩු විරෝදය සහ කථාවේ නිර්මාණාත්මක රසය බලපෑවේය….එසේම ඔවුනට එරෙහි මඩ සමාජ ගත කිරීමට රුජු දායකත්වයක් 3නාගේම කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන්ද ලැබුණි. එමනිසා, ඒවා ජනතාවට බරපතල ලෙස කාවැදිණි.
– මෙහි 1මු ලොකුම විහිළුව වන්නේ, මැතිනියට එරෙහිව, UNP කාරයත්, ප්‍රේමදාසට එරෙහිව ශ්‍රීලංකා කාරයත්, හැරෙන තැපෑලෙන් මහින්දට එරෙහිව UNP කාරයාත් bite වීමයි.
– ඊළඟට 2න ලොකුම විහිළුව නම්, මේ මොහොතේ මොවුන් ගොඩ නගමින් සිටින මඩ කථා (රත්තරන් අශ්වයන්, මැණික් පුටු etc) ඔවුන්ට දුෂණ විරෝධයට අදාලව ආණ්ඩුවේ අධිකාරි බලයද ලැබී ඇති මොහොතක, ඒවා විභාග කර දඩුවම් දිය හැකි මොහොතකදී මහින්ද විරෝදයට ජනමනස පිනවීම සදහා භාවිතා කිරීමයි.
– උදා: මෙම ලින්කුවේ [2] දී ඇති videoක් වේ.
මෙහි සිටින JVP නියෝජිතයා ආණ්ඩුවේ දුෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වේ. එනම් ඕනෑම දුෂණ චෝදනාවක් ශාක්ෂි සොයා නිසි පරිදි විභාග කොට දඩුවම් දීමටත්, රටට අහිමිවූ කොටස ලබාදීමට කටයුතු කිරීම ඔහුගේ වගකීම වේ.
Videoවේ විනාඩි 1.20ට සවන් දෙන්න, එහිදී ඔහු කියන්නේ, මහින්දට මැණික් පුටුවක් සෙවීමට ගොස් STF නිලධාරීන් හසුවූ බවයි.
එසේනම්, බලයද සහිත මොහු කලයුත්තේ අදාළ STF සෙබළුන් සොයාගෙන ඔවුන්ලවා සත්‍ය වමාරගෙන මහින්ද සොරාගත් මැණික් පුටුව රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදීමයි.
– එසේ නොකොට, ජන විඤානය හැල්ලුවට ලක්කරමින් එයට තවදුරටත් මඩ සහ අවලාද වලින්ම පෝෂණය කිරීම මොවුන්ගේ මෙහෙයුම වී ඇත. ඔවුන්ගේ රුජු ආමන්ත්‍රණය දුෂණයට එරෙහි ආවේගාත්මක තරුණ විඤානයයි. ඔවුන්ගේ ඉලක්කය පැහැදිලිය, ඔවුනට කිසිදා බලය හිමිනොවේ. එසේ වුවත්, රටට හිතැති, පාලකයෙක් ඇත් නම් ඔහුව හඹා ගොස් ඔහුගේ පවුර්ෂ්‍ය සුනුවිසුනු කොට ඉතිහාසයේ ඔවුනට හිමිතැන නැතිකොට, සිංහල බවුද්ධ ජන විඤානය පදනම කොටගත මග යන අනෙකුත් තරුණ නායකත්වයටද එමග නොයාමට අනතුරු ඇගවිමයි.

– ඉදින් අපි, UNP සහ ශ්‍රීලංකා ලෙස බෙදී වෙන්වී, සැමදා රටට හිතැති සිංහල බවුද්ධ ජන විඤානයක් සහිත නායකත්වය විනාශ කොට ගත්තේය. මේ සියලු, තත්වයන් මෙසේ තිබියදී, අප නුපන් දියසෙන් කුමාරයෙක් උපදින තුරු ඇගිලි ගනිමින් සිටිමු.
– මේ සියලුම කෙලි අස්සේ, රටට අතිශයින්ම භයානක සම්බුද්ධ සාෂන විරෝධී ව්‍යවස්ථා මර උගුල ඇමෙරිකන් සහ ඉන්දියන් තානාපතිපති කාර්යාලවල රුජු විධානයෙන් සැකසෙමින් පවතී. ඉදින් අපි ටොයියන් සහ බයියන් ලෙස බෙදෙමින් ජාතියේත්, සම්බුද්ධ සාෂනයේත් මළගමට කස කාරයෝ වී සිටිමු.
– කථාව , අවසන් කිරීමට අපේ අම්මා නිතරම කියන උපහැරණයක් මතක් කරමි. එනම් දේශප්‍රේමී නොමග ගිය JVP, UNP , SLFP මිතුරණි සිහිඑලවා ගන්න “ගිය හකුරට නාඩන්නේ , තියෙන හකුර රැකගන්නේ …” කියාය.

[1] JVP ළමා සොල්දාදුවන් යොදාගැනීමේ සැගවුණු ඉතිහාසය
https://www.youtube.com/watch?v=g_jceGDMLe8&feature=share

[2] UNP ආණ්ඩුවේ දුෂණ විරෝදී අංශයේ නායක, JVP මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගේ කථාව

https://www.youtube.com/watch?v=yFXBW610MgM

13
ජූලි
18

පිස්සුව අවුල් ගතිය ගොන්කම සහ නෝන්ජල් කම…

පිස්සුව ගොන්කම සහ නොන්ජල් කම මනුස්සයෙක් උපතින්ම අරන් එන නිර්නායකයන් කිහිපයෙන් තුනකි. නමුත් මේ තුනෙන් තමුන්ට එකක් හෝ ජීවිත කාලයටම පිහිටනු ඇත. මෛත්‍රිපාල සිරිසේනට කලාතුරකින් පිහිටපු දෙයක් ලෙස මෙම තුනම පිහිටා ඇත. එහි අභාග්‍ය සම්පන්නකම නම් ඔහු මේ පුංචි රටේ පළමු පුරවැසියා වීමය. අඩුම ගානේ ඔය ජනාධිපති කමේ ඉන්නකන් වත් හංගගෙන ඉන්න බලනවද?

මේ අවුරුදු තුනටත් වැඩිය දැන් රට ලෝකය ඉදිරියේ මොන තරම් බාල්දු උනාද? මහත්තයෝ මිනිස්සු ගොඩක් ඉන්න තැනකට පොඩි දරුවෙකු ගියාම හැමෝම ඒ දරුවාව හුරතල් කරනවා. ඒ වගේම මොලේ ටිකක් අවුල් ගතිය තියෙන කෙනෙක් ගියොත් හැමෝම එයාව විහිලුවට ගන්නවා.

හැබැයි මේ අවස්ථා කීපයදීම ඒ සිරිසේනට තමන් ඉන්න තත්වය සහ තමන්ට ඒ අය දක්වන්නේ මොන විදියේ සලකිල්ලක්ද කියන එක තෙරුන්නේ නැහැ. ඔහු ඒ සිද්දි තමන්ට ලැබුණු මහගු සැලකිල්ලක් කියල හිතනවා. නමුත් බාහිරින් ඉන්න අයට පෙනෙනවා මොකක්ද සිදුවෙන්නේ කියල.

මහත්තයෝ අපේ අවාසනාවට, රටේ කරුමෙට අපේ රටේ ජනාධිපති කියලා කියා ගන්න ඔබටත් තියෙන්නේ ඔය සැලකිලි දෙකම මිශ්‍ර උන සැලකිල්ලක් කියන එක මුළු ලෝකයම දැන ගත්තත් ඔබ කිසි දවසක තේරුම් ගන්නේ නැහැ.

ඔබගේ මානසික තත්වය එක තේරුම් ගන්න පුළුවන් මට්ටමක නැහැ.

රටේ කරුමේ.කොන්දක් තියෙන පිරිමියෙක් වගේ කෙලින් හිටං ඉන්නවත් පුරුදු වෙයන් විලිලැජ්ජයි ඔබ අපේ ⁣රටේ ජනාධිපති කියලා ජාත්‍යන්තරයට කියන්න බොලං හිටං අපිට…………..




අනවශ්‍ය දේවල්

  • 183,581 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2018
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements