09
මැයි
18

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මඤ්ඤමක්ද ?

මේ ඡායාරූපය, පෞද්ගලිකත්වය ඉක්මවා සමාජ හරස්කඩ කියවීම සඳහා යොදා ගත හැකි හොඳ මූලාශ්‍රයක්.

ජිප්සීස් ගීත පාදඩකරණය වීමට බලපෑ ආකල්ප සමූහයක් තිබෙනවා. ඔවුන් ගේ මුල් කාලීන ගීතවල (උදා. නිලුපුල් සුවඳ උරා, ඔබ දුටු ඒ මුල් දිනේ, මල් මල් පිපිලා, මා සතුටින් බව වැනි) තිබුණු රසය පසුකාලීන ව බලෙන් මරා දැමුවා. ඒකට හේතුව ඒ කාලේ වික්ටර්, මිල්ටන්, ක්ලැරන්ස් වැන්නන් ගොඩ නගා තිබුණු ගීත කලාව අභිබවා මාකට් එකක් ගොඩ නඟන්නට ජිප්සීස්ලාට නොහැකි වීම. ඒක වෙනස් කරන්න තමයි ‘කිස් 10’ ගේන්නෙ.

එවකට 9වැනි වසරේ ඉගෙන ගනිද්දි (ගාල්ලෙ, රිච්මන්ඩ් විදුහලේ) මම ජිප්සීස් කණ්ඩායමට බැනලා ලිපියක් යොමු කළා. මා බලාපොරොත්තු නොවුණු ආකාරයට, සුනිල් පෙරේරා ‘කිස් 10’ ගැන කනගාටුව පළ කර මට ලිපියක් එවා තිබුණා. ඒ සමඟ ඔහු ජිප්සීස් කණ්ඩායම ග්ලූකෝරස වෑන් එකකට හේත්තු වෙලා, ටී ෂර්ට් ඇඳන් ගත්ත කලු සුදු ඡායාරූපයකුත් එවා තිබුණා. (අද ඒවා මා ළඟ නැහැ. තිබුණා නම් වටිනවා.)

කෙසේ වෙතත්, 80 දශකය වෙන කොට ජිප්සීස් පාදඩකරණය උත්සන්න වුණා.

මේ විදියට ජිප්සීස් සහ කලා සමාජය අතර පරතරය වැඩි වෙන කොට, ජෝතිපාල ගේ මරණයත් එක්ක ‘ප්‍රබුද්ධ-පීචං’ කියලා සංවාදයක් පටන් ගත්තා. ඒක ‘අමරදේවලා, නන්දාමාලිනීලා, රූකාන්තලා සහ අපි’ නමින් නිහාල් පීරිස් ගේ කෘතියක් දක්වා දුරදිග ගියා. ඒ කෘතියට අශෝක හඳගම ලියා තිබෙන ලිපියෙන් ප්‍රබුද්ධ සමාජය (?) ජිප්සීස් කණ්ඩාමට එල්ල කර තිබෙන ප්‍රහාරයේ තරම කියවා ගන්න පුළුවන්. එවකට රාවය පුවත්පතේ සේවය කළ ජයසිරි ජයසේකර, මේ ප්‍රබුද්ධ (?) නියෝජිත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණා.

මේ ඊනියා ප්‍රබුද්ධ-පීචං සංවාදයෙදි නිහාල් නෙල්සන් කී ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. – ‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’ ..

ජිප්සීස් කණ්ඩායම, ‘ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැකි ය’ ඔවුන් ගේ ‘ඔජායේ’ වැනි කැසට්පටිවලට යෙදීම ආරම්භ කළේ ඉන්පසුවයි.

2000 වෙනකොට ජිප්සීස් පාදඩකරණය ‘ස්ටැග්නයිට්’ දක්වා තිරශ්චීන වුණා. ඒ එක්ක ම ක්ලබ්වලදී, හෝටල්වලදි සුනිල් පෙරේරා ගුටි කන තත්ත්වයට ඇද වැටුණා.

කොහොම වුණත් 2000 දෙවැනි භාගයෙන් පස්සෙ, ජිප්සීස් කණ්ඩායම අලුත් වටයකින් ගමන ආරම්භ කළා. සුනිල් පෙරේරා පොරක් වෙන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රබුද්ධ සමාජය (?) හිස් කොන්ක්‍රීට් තාච්චියක් වගේ පල්ලම් බැස්සා. සන්ෆ්ලවර් කණ්ඩායම, ඒකට අවශ්‍ය පරිවාර සමාජ පරිසරය හදලා දුන්නා. තවත් දේවල් ඒකට බලපෑවා. දේශපාලනය, මාධ්‍ය වෙළෙඳපොළ ආදිය ..

දැන් දෙගොල්ලො එක තැන.

සුනිල් පෙරේරා, සමාජ ක්‍රියාකාරිකයෙක් (?), දේශකයෙක් (?), විද්වතෙක් (?) වුණා. ඒ කාලේ සුනිල් පෙරේරාට ඇට්ටි හැලෙන්න දීපු අශෝක හඳගම නියෝජනය කරපු ජ.වි.පෙ. දේශපාලන වේදිකාවල ආරාධිතයෙක් වුණා.

ජිප්සීස් කණ්ඩායමේ ‘අපට කියන්න’ සින්දුව නිර්මාණය වෙන්නෙ ඒ අවකාශයෙන්.

මේ ඡායාරූපය, සමාජ හරස්කඩක් වෙන්නෙ එ් අනුව.

මෙතන, එකල ප්‍රබුද්ධ සමාජය (?) නියෝජනය කළ ධාරාවේ කට්ටිය, සුනිල් පෙරේරාට සවන් දෙමින් ඉන්නෙ. එදා, ප්‍රබුද්ධ-පීචං සංවාදය වෙලාවෙ, ප්‍රබුද්ධ පැත්ත නියෝජනය කරමින් ජයසිරි ජයසේකර වැඩ කරපු ‘රාවය’ පත්තරේ සංස්කාරකත් ඉන්නවා.

දැන් ඇත්ත වෙලා තිබෙන්නෙ කෝක ද?

‘ඒ ගොල්ලො ප්‍රබුද්ධ නං, අපි සුප්‍රබුද්ධ’

අද මොවුන් තමයි, සමාජ මත නායකයො – opinion leaders විදියට ක්‍රියාත්මක වෙන්නෙ.

මේක ‘මධුර ජවනිකා .. නෙයින ගෙ සූදුව .. සාජන්ට් නල්ලතම්බි’, වගේ බුද්ධිය පල්ලම් බැස්ස, සමාජ විකෘතියක්.

ලාංකික සමාජය මෙහෙම කරණමක් ගැහුවෙ, ඇයි?

– කුමාර ලියනගේ

Image may contain: 1 person, sitting and standing
Advertisements


අනවශ්‍ය දේවල්

  • 178,603 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2018
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: