23
පෙබ.
18

රනිල් හෝ සජිත් ට අපි කැමතියි.

 

එක්සත් ජාතික පක්ෂයේ තරුණ සහ රැඩිකල් මන්ත්‍රීවරුන් විසින් පසුගිය දිනකදී සිරිකොත පැවති රැස්වීමකදි බහුතරයේ කැමැත්ත මත සම්මත කරගනු ලැබුවේ මසක් ඇතුලත පක්ෂයේ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු රැසක් ස්ථිර වශයෙන් වෙනස් විය යුතු අතර එසේ සිදු නොවුනහොත් සිය ආසන සංවිධායක ධුර වලින් සියළු දෙනා ඉල්ලා අස් වන බවටයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ යටතට පත්කළ යුතුයැයි ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කල යෝජනාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අහක බලාගත් අතර පිළිතුරු දීමෙන්ද වැලකී සිටියා.

පසුදා නැවතත් රැස්වූ කමිටුව ඉදිරිපිටට සජිත් ප්‍රේමදාස මහතා කැඳවාගෙන ආ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා හට කමිටුව ඉදිරිපිට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙනලදී. එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමා පක්ෂයේ භාරකත්වය නොගන්නා බවත් ඊට සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා ලඟට සජිත් ප්‍රේමදාස මහතා සහ කරූ ජයසූරිය මහතාද විටින් විට කැඳවාගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේ ඔවුන් අගමැතිකම භාර නොගන්නා බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මාධ්‍ය ඇමතීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පවරන ලදී.

පක්ෂයතුල රැඩිකල් කණ්ඩායමටද අමාත්‍ය දුර සහ විවිධ විෂය පථයන් ලබාදීමට අග්‍රාමාත්‍ය වරයා මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, නවීන් දිසානායක, බුද්ධික පතිරණ, සුජීව සේරසිංහ, වසන්ත සේනානායක ,රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට වැඩි වාසි සැලසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමටද අග්‍රාමාත්‍ය වරයා පොරොන්දු වී තිබෙනවා. එම වරප්‍රසාදයෙන් අග්‍රාමාත්‍ය වරයා පෙරලා බලාපොරොත්තුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට විරුද්ධව නැඟී සිටීමෙන් වලකින බවට පොරොන්දුවයි.

රනිල් විරමසිංහ මහතා පක්ෂ නායකත්වය තමාගේ ලග තබාගනිමින් සෙසු තනතුරු වෙනස්කිරීමට හා එයට විරුද්ද නොවීමට ඒ ජා ප රැඩිකල කණ්ඩායම මේ වනවිට හරවාගෙන අවසන්.

ගෙවුණු සතියේදී ද රැඩිකල් කණ්ඩායම විසින් මසක කාලයක් තුල පක්ෂ නායකත්වය වෙනස් නොවුන හොත් තමන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් කභීර් හෂීම් මහලේකම් වරයාට යැවීමට නියමිතව තිබු ලිපිය තවමත් මහලේකම් වරයාගේ අතට පත්වී නොමැත.

කෙසේවෙතත් සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව ආ බලවේග නැවත වතාවක් පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී ඇති බව දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත රැස්වීමේදී තීරණය කල රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වූ තරුණ නායකයින්ගේ ඉල්ලා අස් වීමේ ලිපිය සෙසු පුද්ගලයින් මතක් කිරීම පවා අදවනවිට ඔවුන් අප්‍රිය කොට සලකනවා.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 174,447 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: