Archive for පෙබරවාරි 11th, 2018

11
පෙබ.
18

ආදරණීය මහින්ද ට ලියුමක් ….

කෝකිල අවන්ත හෙට්ටිආරච්චි is feeling lovely with සිසිත සුයාම and 9 others.

ඔබ තේරුම් නොගත් කටුක සත්‍යය මෙයයි. මේ මහ පොළොව එක්ක ඔට්ටු වෙච්ච, තමන්ගේ දහදිය, ලේ, කදුළු මේ මහ පොළොවට ම දිය කරලා හැරපු හද්ද පිටිසර ගෑනු, මිනිස්සු උඹට ආදරය කරපු තරම් උඹ අවසාන කාලෙ දි තේරුම් ගත්තේ නැහැ.

උඹේ පුත්තු පාරවල් වහලා කාර් රේස් පදිද්දි, දවස ම වැඩ කරලා හෙම්බත් වෙච්ච මිනිස්සු බස් එකේ කෝච්චියේ ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා ගෙදර ගියා. උඹ දැක්කෙ නෑ වගේ හිටියා.

රටේ ශාපලත් යුද්ධයක් ඉවර කරන්න උඹ නායකත්වය දුන්නා තමයි… ඒත් වෙල් ඉපනැල්ලේ, වැඩබිමේ මිනිස්සු අපමණ කැපකිරීම් කරා ඒ වෙනුවෙන් උඹ ගැන විශ්වාසෙන්.. උඹට සමහර වෙලාවට ඒක දැනුනේ නැහැ. උඹට ඒවා දැනුනේ නැහැ කියලා මිනිස්සුන්ට දැනුනා.

උඹලා දිව්‍යලෝක හදන්න සැලසුම් කරද්දි මිනිස්සු එදා වේල කන්නෙ කොහොම ද කියලා සැලසුමක් නැතුව හිටියා.I

මිනිස්සු උඹව පරද්දන්න නෙවෙයි උඹට රිද්දන්න උඹට විරුද්ධ ව කතිරේ ගැහුවා. උඹ පැරදිලා අරලියගහ මන්දිරෙන් එලියට බහිද්දි උඹට කතිරේ ගහපු නොගහපු මිනිස්සු ඇඩුවා. වැලපුණා. ඒ තරම් මේ රටේ මිනිස්සු උඹට ආදරෙයි.

උඹට වැරදුනා. උඹට රිද්දන්න කතිරෙ ගහපු මිනිස්සුන්ටත් වැරදුනා. රටට ම වැරදුනා. උඹත් එක්ක මිනිස්සු කලකිරෙනකොට ඒ පොළොවේ උඹට විරුද්ධ ව හිටවපු බොරුවෙ බීජ සරුවට පැළ උනා.

ඒත් උඹටත් අපටත් නිවැරදි වෙන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා.

මීට පස්සෙවත් අහසේ මාලිගා හදන්න කලින් මේ උඹට ආදරේ කරන නිර්ව්‍යාජ අහිංසක මිනිස්සුන්ගේ කදුළු පිහිදලා ඉදපන්. උඹට මේ දේ කියන්න අපට හය්යක් තියෙන්නේ අපේ පපුකැවුතු තාම අපිට කියනවා උඹ අපේ ම රැහේ අපේ ම එකෙක් කියලා.
by Dasun perera

Advertisements



අනවශ්‍ය දේවල්

  • 172,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements