31
ජන.
18

කොටියෝ සිල් ගනිති. සිංහයෝ සිඟා කති. බුරුවෝ රස්සාවල් කරති.

Dharman Wickremaretne 
වදකහ සුදිය යනු සුක්ෂම සහ සටකපට ලෙස මහජනයා මුලාකොට නොමඟ යැවීමය. පත්තරයක්ද 1955 ජුනි 20වැනිදා ශ්‍රිලංකාවට පූර්ණ සූරග්‍රහණයක් දිස්වූ අවස්ථාවේදී ලස්සනවන්නටයැයි කියා ජනතාවට වදකහ පෙවූ අතර ඒවාබී පාඨකයෝ අවසානයේ රෝහල්ගත විය. මේවා ත්‍රාසජනක ප්‍රබන්ධයන්හි පිටපත්ය. යම් රටක අවිචාර අවධියක් පසු කරන විට බල්ලෝ සිනාසෙති. මී හරක් රජ වෙති. කොටියෝ සිල් ගනිති. සිංහයෝ සිඟා කති. බුරුවෝ රස්සාවල් කරති.ආලපාලු මෙගා ප්‍රවෘත්තීන් යටතේ මෙයට පෙරද අරලියගහ මැදුරේ තිබූ ආනයනික සුපිරි වර්ගයේ බල්ලන් 43දෙනෙකට වායු සමීකරණය කල කූඩු තිබූ බවට ප්‍රචාරය කෙරිණි. එම සුනඛයින්ට සිදුවුයේ කුමක්දැයි අදටත් අභිරහසකි. අරලියගහ මන්දිරයේ සිටි පෝනියන් 13 අතුරුදහන් බව කීවද අවසානයේ සොයා ගත්තේ හෝමාගම පැත්තේ ගෙදරකිනි. එම පොනියන්ද පෞද්ගලිකව ඔහුට අයත්ය. නඩත්තු කිරීමේදී මහජන මුදල් කාබාසිනියා කළ බවට චෝදනා කරමින් අරලියගහ මැදුරේ තාප්පයේ තිබූ මල් පෝච්චි 45,000ක්ද ගලවා ඉවත්කර උද්භීද උද්‍යානයට යැවූ බව කීවේය. අවසානයේ මල්පැල මැරී පෝච්චි ටික අහකට විසිවිය. ඒවා දියත උයනේ තබා එක් රුපියල් 200ට හෝ අළෙවි කළේනම්….

වසර ගණනාවකට පෙර විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බරපතල චෝදනාවක් ලැබුවේ බාල වයස්කාර මෙහෙකාරියක් දූෂණයකර ඇති බවය. අවසානයේ පොලිස් නිලධාරියාගේ මුළු දරු පවුලම සමාජයෙන් කොන්විය. ඔහුද රෝගාතුරව මිය ගියේය. සත්‍ය හෙළිවූයේ ඉනික්බිතිය. ඒ දැරියගේ පියා විසින්ම ඇය දූෂණය කර ඇති බවකි. පසුව සමාවද අයද සිටියේය. බොරුව සමාජ ගතකර තාවකාලික වින්දනයක් ලැබුවද අවසානයේ සියල්ල රටට පසක් විය.

පරිප්පු කිලෝ එකක් එදා තිබුණේ 110ටය. අද 160කි. හාල් කිලෝවක් එදා රුපියල් 55කි. අද 95කි. පොල්ගෙඩියක් එදා රුපියල් 45කි. අද 115කි. සීනි කිලෝවක් එදා රුපියල් 105කි. දැන් 140කි. එදා අර්තාපල් කිලෝවක් 90කි. මෙදා 140කි. එදා 160ක් වූ ටින්මාළු පමණක් මෙදා 135ක් පමණ සැබෑය. එහෙත් එම සැමන් මාළු කෑමට ප්‍රියක් උපදවනු නොලැබේ. හොද සැමන්ටින් එකක් නම් රුපියල් 240ක් පමණ වේ. එළවළු මිල හහුතෙට නැගලාය. සිමෙන්ති මිල ඉහළටය.

පාසැල් සිසුන්ට දශක දෙකක් තිස්සේ නොමිලේ දුන් සුදු රෙද්ද වෙනුවට මුදල් වවුචරයක් ආදේශ කළේය. ඔවුහු ඉන් ලඝු කළේ දැයේ දූ දරුවන්ට ඉගෙන ගැනීමට ධෛර්යය දුන් බලාපොරොත්තුවය. නැතිකළේ පාසැල් දරුවන්ගේ සිත්වල පිපුණු අහිංසක සතුටය. සැබෑ නිදහස් අධ්‍යාපනය උදෙසා අයවැයෙන් වෙන්කරන මුදලින් සියයට 6ක් ලබා ගැනීමේ ප්‍රයත්නය ගැන කිසිවෙකුත් කථා නැත. දැන් දකිමින් පවතින්නේ මහල්ලෙක්, ලෙඩෙක් සහ මළ කඳක් යන පෙරනිමිතිය. දක්නට ඇත්තේ විශාලා මහනුවරක පෙරනිමිතිය. වදකහ සුදිය එහිදි රටක් වටින්නේය.

Image may contain: 5 people
Advertisements


අනවශ්‍ය දේවල්

  • 184,007 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2018
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: