31
ජන.
18

ඉතින් අායුබෝවන් සත්හඬ ‘බැදුම්කර පත්තරේ’ සහ රිවිර

ඉතින් අායුබෝවන් සහ වාසනාවන් රිවිර පුවත්පතට@ ආයුබෝවන් යනු ශ‍්‍රී ලාංකිකයින් අතර පවතින සාම්ප‍්‍රදායික ආශීර්වාද පාඨයකි. එය පිළිගැනීම සහ වෙන්වීම යන එකිනෙකට පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිත කරන එකම වචනයද විය හැකිය. අපි අායුබෝවන් සහ වාසනාවන් කියන්නේ රිවිර පුවත්පත තාවකාලිකව වෙන්වීම සහ යලි පිළිගැනීමටය. වෙන්වීම සහ හමුවීම සියල්ල රඳා පවතින්නේ කාලය මතය. කාලය වෙනසට හේතු වෙයි. Rivira newspaper temporary close yesterday. After the restructuring process Rivira will be published early next month.ඉදිරි දින කිහිපය ඇතුලතදී ‘රිවිර’ නව නිමාවකින් යුතුව එළිදැක්වීමට නියමිතය.

No automatic alt text available.

‘බැදුම්කර පත්තරේ’ ජනයුගය නවතා දමයි@ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩියක් සිදුකර රාජ්‍ය මුදල් ප‍්‍රකෝටි ගණනක් වංචා කලේයයි චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුතු පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම විසින් බැදුම්කර මංකොල්ලයෙන් උපයාගන්නා ලද මුදලින් ආරම්භකර ඇති බවට චෝදනා එල්ලවන ‘ජනයුගය’ පුවත්පත 2018/ 01/ 24 දිනයේ සිට මුද‍්‍රණ කටයුතු නවතාදමා ඇත.මෙම පුවත්පත ආරම්භ කරන ලද්දේ ඉහල වැටුප් වැටප් ලබාදෙන බවට මාධ්‍යවේදීන්ට වූ පොරොන්දුව මතය. ‘ලංකාදීප’, ‘මවුබිම’ ආදී පුවත්පත්වල මාධ්‍යවේදීන් එම බැදුම්කර පුවත්තේ සේවයට ගියද පසුගිය නොවැම්බර් මාසයේ සිට වැටුප් නොගෙවීම හේතුවෙන් එහි කතෘ මණ්ඩලය සහ මුද්‍රණාල සේවකයන්ද වර්ජණයක් දියත්කර ඇත.පුවත්පතේ මෙහෙයුම් බලධාරීන් දන්වා ඇත්තේ ඇතිව තිබෙන ප‍්‍රශ්නකාරී තත්වය නිසා තවදුරටත් මුදල් යෙදවිය නොහැකි බවය.මේ වනවිටත් බැදුම්කර මංකොල්ලයෙන් උපයන ලද අතිවිශාල මුදල් ‘බැදුම්කර මාමා’ විසින් මෙරටින් පිටකර සිංගප්පූරු බැංකුවක තැන්පත්කර ඇති බවටද චෝදනා එල්ල වෙයි.බැදුම්කර පුවත්පත අවසාන කාලයේදී මුද‍්‍රණය කලේ 3,000ක් පමණ වුවත් ඉන්ද අඩක් පමණ නොවිකිණී ආපසු එවනු ලැබින.

Image may contain: 7 people, people smiling, people sitting and foodNo automatic alt text available.
Image may contain: 1 person, smiling
Advertisements


අනවශ්‍ය දේවල්

  • 183,581 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2018
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements

%d bloggers like this: