Archive for දෙසැම්බර් 18th, 2017

18
දෙසැ.
17

දියව් ! දියව් ! ගම ජවිපෙට දියව් ! – රෝහණ විෙජ්වීර

හැමන් හිල් සිර කඳවුරේ කතාව

හැමන් හිල් සිර කඳවුරේ කතාව 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

රෝහණ විෙජ්වීර නිදහස් කර ගැනීම සඳහා පියතිලකගේ නායකත්වයෙන් 500ක පිරිසක් යාපන බන්ධනාගාරයට එවන ලෙස ලාල් සෝමරසිරි අත යැවූ පණිවඩය පිළිබඳව විවිධ මත ඇතත් බර්ටි රංජිත්ගේ නායකත්වයෙන් යාපනය සිර ගෙදරට එල්ල කළ ප්‍රහාරය පිලිබඳව විස්තර ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සොයා ගැනීමට මම උත්සුක වූයෙමි. එම ප්‍රහාරයෙන් වසර 37 පසුව ඉතිහාසය හෑරීම අතිශයින්ම දුෂ්කරය. එම ප්‍රහාරයට සම්බන්ධ වූ ඇතැමෙකු අද ජීවතුන් අතර නැත. සමහරෙක් පිටරට ජීවත් වෙති. ලංකාවේ සිටින අය පවා නිහඩතාවය රකිනු මිස ඒ පිළිබඳව කථා කිරීමට එතරම් රුචියක් නොදක්වති. එවැනි වාතාවරණයක් යටතේ යාපනය හිරගෙදරට ගිය ගමන පිලිබඳව තතු පැවසීමට පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරිපත් විය.

මුලින්ම මගේ සම්මුඛ සාකච්ඡාවට ලක් වූයේ විෙජ්විර මුදා ගැනීම සඳහා ගිය විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගෙන් එක් අයෙකි. වර්තමානයේ නිතිඥයෙකු වන වනිගබදු ය. එදා යාපනයට ගිය ගමන ගැන ඔහු මට කරුණු හෙළි කලේ මෙලෙසටය.

zවිද්‍යෝදය විශ්ව විදයාලයේ ආර්ථීක විද්‍යා උපාධිය හදාරමින් සිටියදී සුනිල් රතනසිරි සිල්වා. ඩැනියෙල් ප්‍රනාන්දු හරහා තමයි මම සංවිධානයට එකතු උනේ. රෝහන විෙජ්වීර යාපනය සිර ගෙදරින් නිදහස් කර ගැනීමට 500ක පිරිසක් අවශ්‍ය කෙරුවත් මගේ අදහසේ හැටියට සොයා ගැනීමට හැකි වී ඇත්තේ 98 ක පිරිසක්. කොටසක් කෝච්චියේ ගියා. තව කොටසක් කරාටේ සැම්සන් එක් ඊබට් සිල්වා බස් එකක ගියා. එතන 45 විතර ඉන්න ඇති. තව කට්ටියක්  ලංගම බස් වල ගියා. පසුව අපට ලැබුණු විස්තර අනුව කෝච්චියේ ගිය පියතිලක මහවිලච්චියේ බැහැලා තියනවා. ඔහු යාපනය ප්‍රහාරයට ආවේ නැහැ.

යාපනය ගමන ගැන අපට කිව්වේ සුනිල් රත්නසිරි ද සිල්වා. ඒත් අපට විෙජ්විර ගලවා ගැනීම් ගැන විස්තරයක් කීව්වේ නැහැ. ගමනේ අරමුණත් අපිට කිව්වේ නැහැ. අපි නව දෙනෙකුට යාපනයට යන්නට නියමිත උනා. 1971 අප්‍රේල් 4 උදේ 6 ට විතර මම, ජයසුරිය. රත්නසිරි තිසේරා ඇතුළු විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ 9 දෙනෙක් කොළඹ කොටුවේ සිට යාපනය බලා යන ලංගම බස් රථයකට නැග්ගා.

ඒ කාලයේ අද වගේ මාර්ග බාධක නැති නිසා ගමන ඉක්මන්. ඒත් කිලිනොච්චියේදී අපි ගිය බස් රථය පොලිසියෙන් නවත්තලා චෙක් කළා. තරුන සිංහල කණ්ඩායම කෙරෙහි ඔවුන් සැක කරන්න ඇති. අපෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. අපි උත්තර දුන්නා ටි්‍රප් එකක් යනවා කියලා. ඒත් පොලිසිය ඉන් සැනසීමකට පත් වුනේ නෑ. අපිව බස්සගෙන කිලිනොච්චි පොලිසියට ගෙනිච්චා. මේ වෙන කොට දවල් 2 ට විතර ඇති. අපිව පොලිසියේ කූඩුව ඇතුලට දැම්මා. අප්‍රේල් 4 දා සිට අපි හිටියේ පොලිස් අත් අඩංගුවේ. අප්‍රේල් 8දා අපි යාපනේ සිර ගෙදරට ගෙනාවා. ඊට පස්සේ හැමන්හිල්   සිර කඳවුරට ගිහිල්ලා දැම්මා.

මුහුද මැද තියන හැමන්හිල්   ් දූපතට අපිව ගෙනියනකොට එතන හිරකාරයේ 90 විතර ඉන්නවා. යාපනය පොලිසිය. යාපනය සිර ගෙදර ප්‍රහාර වලට ගිහිල්ලා අත්අඩංගුවට ගත් අය තමයි මෙතන හිටියේ. හැමන්හිල්   දූපත ඉස්සර ඕලන්දරකාරයන් වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න හදපු ගබඩා සංකීර්ණයක්. වටේට කොංක්‍රීට් තාප්පය නිසා දූපතට වෙරළක් නැහැ. ඒ තාප්පය ගාළු කොටුව වගේ ශක්තිමත් උසයි. නාවික හමුදාවේ බෝට්ටු නවත්වන්න තොටුපලක් තියනවා. කොටුව ඇතුලට ගියහම නාවික හමුදා භටයන් හිටපු ගොඩනැගිල්ලක් තියනවා. හිරකරුවන් රඳවලා තිබුනේ විශාල කුහර ඇතුලේ. කුහරයක් යෝධ බාල්දියක් විතර ඇති. මේවට කිව්වේ ඩන්ජන් කියලා. ඒ වගේ ඩන්ජන් 9 තිබුනා. නොම්බර 2 ඩන්ජන් එක තමයි වඩා විශාල ඒකේ 72 විතර හිටියා.

ඩන්ජන් ඇතුලේ සිරකරුවෝ හිටියේ එක පොදියට. හුස්ම ගන්න නෑ. රස්නේ නිසා කෑම කන තැටියෙන් පවන් ගහ ගන්නවා. ඇතුලේ දාඩිය මුත්‍රා, අසූචි ගඳ, මීයෝ විමානෙ.

අපි හැමන්හිල්  යනකොට යාපනය සිර ගෙදර ප්‍රහාරයට නායකත්වය දුන් බර්ටි රංජිත්. වීරසිංහ හෙවත් කළපු විෙජ්, කොටවල දේවසිරි, භද්දිය සාදු, ඇට්ලස් බන්ඩාර, ඇට්ලස් බණ්ඩාරගේ රියැදුරු බාල්දි සිරා, කතරගම සිරිපාල එහෙමත් හිටියා.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ නිමල් වසන්ත යාපනය සිර ගෙදර ප්‍රහාරයේදී මළ බව මට හැමන්හිල්හීදි දැනගන්න ලැබුනා. ගිය අයට පැය දෙකක් විතර හිර ගෙදර ඇතුලට යා ගන්න බැරි වෙලා. පොලිසිය යුද හමුදාව, නාවික හමුදාව  වට කරලා. මාරසිංහ සහ ඩැනියෙල් ප්‍රනාන්දු බේරුණා. මේ අයට දෙමළ පුළුවං. ඒ නිසා දෙමළ මිනිසුන් අතරට ගිහිල්ලා සැක නොහිතන පරිදි පලා ගියා.

ඩන්ජන් ඇතුලේ හිරකාරයෝ හිටියේ මිහිපිට අපායක වගේ. අංක 3 තමයි තර්ස්ටන් විද්‍යාලයේ ළමාහේවා කියන ශිෂ්‍යාව රදවලා තිබුනේ. එයාට අවුරුදු 17 විතර ඇති. යාපනය සිර ගෙදර ගේන්න පෙර ළමාහේවට පොලීසියෙන් පහර දීලා තිබුනා. පහර කෑම නිසා ළමාහේවා දුර්වල තත්වයේ හිටියේ. නැගිටින්න බැරුව ළමාහේවා වැතිරිලා ඉන්නවා. දොස්තර කෙනෙක් පේන තෙක් මානයක නැහැ. ගාඩ්ලා එන්නේ කෑම දෙන්න විතරයි.

1971 අප්‍රේල් අග හෝ මැයි මුල විතර දවසක ළමාහේවා මැරුණා. සිරකරුවන්ට නොතේරෙන විදිහට ගාඩ්ලා මිනිය අරගෙන ගියා. පසුව ලැබුනු තොරතුරු අනුව කයිට්ස් එලාර නේවි කෑම්ප් එක අසල ළමාහේවාව වලලලා තියනවා.

71 ජුනි විතර වෙන කොට ගුවන් හමුදාවේ රත්නපාල, මරදානේ ජයතිලක, අසෝක ගමගේ එහෙම හැමන්හිල්  ගෙනාවා. හිරගෙදර තිබුනෙ බාල්දි වැසිකිලි. පිටාර ගලන අසූචි සහිත බාල්දි හිරකාරයෝ දෙන්නෙක් නේවි එකේ සෝදිසිය ඇතුව බෝට්ටුවේ ගිහිල්ලා මුහුදට හලනවා. සිර ගෙදර සුද්ද කිරීම බලෙන් සිර කරුවන් ලවා තමයි කර ගත්තේ.

ළමාහේවාගේ මරණය නිසා සිරකරුවන් තුල නොසන්සුන්තාව වැඩි කරා. ගුවන් හමුදාවේ සිරකරුවන් ඒමත් හයියක් වෙන්න ඇති. සිරකරුවන් සන්නිවේදනය කලේ කඩදාසියෙ අඟ=රු වලින් ලියලා ඒ කඩදාසිය කොස්සේ ගහලා. මේ කොස්ස භාවිතා කරලා තමයි ඩන්ජන් ඇරගත්තේ.

සිරකරුවන් තීරණය කළා විරෝධතාවක් දියත් කරන්න. දැනුවත් කිරීම් කෙරුවේ කොස්සේ ගහපු පණිවිඩය හරහා. ඒ අනුව නොවැම්බර් 2 ඩන්ජන් එකේ හිටපු සිරකරුවන් එළිමහනට පැය භාගයකට ගත් අවස්ථාවේදී ඒ අය යළි ඇතුලට ගියේ නැහැ. කට්ටියක් කුස්සියේ වංගෙඩි හා මෝල්ගස් ගෙනල්ලා ඉතිරි වෙලා තිබූ යකඩ දොරවල් අගුල් කඩලා ඒවා ඇතුලේ හිටපු සිරකරුවන් නිදහස් කර ගත්තා.

අගුල් කඩාගෙන ආපු සිරකරුවන් හැමන්හිල්  කඳවුරේ තිබූ බෝ ගස යට වාඩිවී හිරු එළිය, නැවුම් වාතය ආග්‍රහනය කළා. බන්ධනාගාර නිලධාරින් පළා යද්දි මුරට හිටපු නාවික භටයන් තුවක්කු එල්ල කරා සිරකරුවන් දෙසට. ඔවුන් හිතුවේ අපි පළායන්න හදනවා කියලා. මෙහිදි එක් සිරකරුවෙක් නාවික හමුදාව ඇමතුවා. ඔහු කිව්වා අපේ අරමුණ හිරගේ කඩා පලා යන්න නොවේ මුලික මිනිස් අවශ්‍යතාවෙන් එකක් වන හිරු එළිය සඳහා බව.

හැමන්හිල්  බන්ධනාගාරයේ දොරගුළු කැඩීම නිසා බන්ධනාගාර අධිකාරින් පරීක්ෂණ ආරම්භ කළා. යකඩ දොරවල් කඩලා කරපු අලාභය බලන්න විශේෂ කණ්ඩායමක් ආවා. ඒ අතර යාපන දිස්ත්‍රික් විනිසුරු ක්ලැරන්ස් මහත්තයත් හිටියා. පිරිස සිරකරුවන් ඇමතුවේ උස තාප්පය මත සිටයි. පහත සිටි සිරකරුවන් ඔවුන්ට සවන් දුන්නා.

ක්ලැරන්ස් මහත්තයා කිව්වා හිරයේ ඩන්ජ්න්වල යකඩ දොරවල් කඩා කරපු හානිය රුපියල් 26 000 වෙනවා. ඒක සිරකරුවන්ගෙන් අය කර ගන්නවා. කියලා. මේ වෙන කොට හිරකරුවන්ට හොරි හැදිලා ඇඟවල් ඉදිමිලා තිබුනේ. අපි අතර හිටියා මහියංගනේ බස්නායක කියලා සිරකරුවෙක්. ඔහු සරම උස්සලා ලිංගය පෙන්නුවා. මේකෙන් 26.000 ගන්න කියලා. හොරි හැදිලා ඔහුගේ ලිංගය ඉදිමිලා වන වෙලා තිබුනේ. ඊට පස්සේ අලාභ අය කිරීම ගැන කවුරුවත් කථා කළේ නැහැ. අගුල් කඩලා හිරගෙදර ඇතුලේ සිරකරුවන් නිදහසේ හිටියා. බෝ ගහ යට හාන්සිවෙලා ඉන්නවා. වරක් ආරක්ෂක හේතු මත බෝ ගහ කපන්න හැදුවා. සිරකාරයන් ඊට ඉඩ දුන්නේ නැහැ

1972 දි මාව අකරයන්කුලම් කඳවුරට දැම්මා. එහිදි මට විරුද්ධව චෝදනා නොතිබූ නිසා මාව නිදහස් කලා. ඒ අනුව මම යළි විශ්ව විද්‍යාලයට ගියා. මට නිදහස භුක්ති විදින්න පුළුවන් වුනේ මාස 2 යි. යළි මාව අත්අඩංගුවට ගත්තා. ඒක උනේ මෙහෙම. මම විශ්ව විද්‍යාලයේ සිටියදී මාව බලන්න රෝහන විෙජ්වීරගේ සහෝදරයා, ආනන්ද විෙජ්වීර ආවා. මේ කාලයේ රොහණ විෙජ්වීර හිරේ සිට එවපු ලිපි වගයක් සි.අයිඩී. එකට අසු වෙලා තිබුනා. මේ අනුව යළි මාව සි.අයි.ඩී. එකේ උකුසු ඇසට ලක් උනා.

මෙවර මාව වසර 4කට රඳවා ගත්තා බෝගම්බර සිර ගෙදර. මම නිදහස ලැබුවේ 1975 දි. මම මගේ උපාධිය අවසන් කළා. නීතිය හැදෑරුවා. ජීවිතේ අනපේක්ෂිත  ගමනක යෙදුනා.


පියුමසේන, කන්නංගර

පියුමසේන, කන්නංගර බර්ටි රංජිත් සමඟ යාපනය හිර ගෙදර ප්‍රහාරයට සම්බන්ධ වූ අයෙකි. ඔහු මෙසේ පවසයි.

zzමම ව්‍යාපාරයට සම්බන්ධ වෙන කොට රැකියා විරහිත තරුණයෙක්. මට ඩ්‍රයිවින් පුළුවං. එස්.ඩී බණ්ඩාරනායක මහත්තයගේ ව්‍යාපාරෙ වැඩට දීලා තිබු අංක 1961 දරණ ෆොක්ස් වැගන් එක මම එලෙව්වා. වරක් සුමාන 2-3 විතර පොඩි අතුල සමඟ වාහනේ බෝම්බ පෙට්ටි ප්‍රවාහනය කලා.

බර්ටි රංජිත් ඉගෙන ගත්තේ හුනුමුල්ල සෙන්ට්‍රල් එකේ. මම හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. බර්ටි මගේ පාසල් කාලයේ සිටම දන්න මිතුරෙක්. අපි යාපනේ හිරගේ කඩන්න ගියේ අප්‍රේල් ප්‍රහාරයට දින 10
විතර පෙර මාර්තු මාසයේදී. කෝච්චියෙන් බර්ටි. මම, විරසිංහ හෙවත් පසුව කලපු වීරේ ලෙස නම් කල වීරේ, ධර්මසිරි ෆොන්සේකා යාපනයට ගියා. අපි නැවති හිටියේ කන්කසන්තුරේ පාරේ තිබු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ. ඒකේ සිංහල පංති පවත්වනවා ඒ නිසා අපිට ගැටළුවක් උනේ නැහැ. මමයි වීරෙයි එහෙ තියලා බර්ටි යලි කොළඹ ගියා. යන්නට පෙර යාපනය හිරගෙදරට පහර දීම ගැන මට කරුණු හෙලි කළා.

අප්‍රේල් 3 දා මට මුත්‍රා අමාරුවක් හැදුනා. මට හොඳටම අසනීප වුනා. මමයි වීරෙයි අප්‍රේල් 4දා රෑ කොළඹ ආවා. උදේ වෙන කොට අපි දෙන්නා කොළඹ. අපි දෙන්නා කෙහෙල්ඇල්ලට ගියා. එහිදි විල්සන් ෆොන්සේකා අපිට හමු උනා. අපිව දැක්ක ගමන් විල්සන් කිව්වා ඇයි කොළඹ ආවේ අද රෑ අපි ගහනවා කියලා. ඒ අනුව එදාට (1971 අප්‍රෙAල් 5) දවල් අපි මීරිගම ස්ටේෂමට ගියා යාපනය කෝච්චිය අල්ල ගන්න. අපි මීරිගමින් දවල් 2ට විතර නැග්ගේ රෑ 10ට විතර යාපනයට යන්න පුළුවන් උනා.

අපි කෙළින්ම ගියේ යාපනයේ නාග විහාරය ලඟට. එතන බර්ටි ධර්මසිරි ෆොන්සේකා ඇතුළු 30-40 විතර. අපිව දැක්ක හැටියේම ධර්මසිරි ඇහුවා තොපි කොහේද යකෝ ගියේ කියලා. මං මට වෙච්ච මුත්‍රා අමාරුව ගැන කිව්වා. අපිට යන්න කිව්වා සෙන්ට් පෝල්ස්  පල්ලිය ලඟ කස්ටම් එකේ නිල නිවාස වලට. එහේ නිල නිවසේ හිටියා පියදාස කස්තුරිආරච්චි. එතන චීනච්චට්ටි බෝම්බ තිබුනා. මම ප්‍රථම වතාවට තමයි බෝම්බ දැක්කේ. මෙතෙක් කලේ බෝම්බ පෙට්ටි ප්‍රවාහනය කරන එක. චීනච්චට්ටි බෝම්බ අඹ ගෙඩියක් තරං ඇති. සේවා නූල අගට ගිණිකූරු 3 බැඳලා තිබුනා.

මේ බෝම්බ දැක්ක හැටියම මට පොඩි සැකයක් ආවා මේක වැඩ කරයිද කියලා. අපිට ලැබුණු උපදෙස් තමයි ගිනිකූරු 3 සහිත සේවා නූල පත්තු කරලා ගෙඩිය විසි කරන ගමන් බිම දිගා වෙන එක. කෝටුවකුත් ගෙනිච්චා කටේ ගහ ගන්න. අපි බෝම්බ අරගෙන යළිත් නාග විහාරයට ගියා. ඉන්පසු කොටුව පිට්ටනිය පැත්තට අපි විසිරිලා යන්නට පටන් ගත්තා. කොටුව පිට්ටනියේ පාස්කු සංදර්ශනය. ඒ නිසා අපි බන්ධනාගාරයට පහර දෙන එක ප්‍රමාද කළා. රෑ 12 විතර වෙන කං හිටියත් කානිවල් එක ඉවර වෙන පාටක් නැහැ. බර්ටි තීරණය කලා පහර ආරම්භ කරන්න. බර්ටි සාමාජිකයන් දහයකට විතර කිව්වා බන්ධනාගාරයේ ගේට්ටුව ලඟට යන්න කියලා. එක්කෙනාට බෝම්බ දෙක ගානෙ දුන්නා. නේවි  එකෙන්  ආයුධ අරගෙන තව පිරිසක් එයි කියලත් කිව්වා. නමුත් ඒ පිරිස ආවේ නැහැ.

අපි කොටුවට යන්නට පෙර එලියේ පොලිස්කාරයො 10-15 විතර හිටියා. අපි බෝම්බයක් දමලා ගැහුවම පොලිස්කාරයෝ දිව්වා. ඒ අතර වාරයේ පොලිසිය අපි දෙසට වෙඩි තිබ්බා. අපේ කෙනෙකුට වෙඩි වැදිලා වැටුනා සමහරෙක් පැනලා දිව්වා. බර්ටි කෑ ගැහුවා දුවන්න එපා. ඉදිරියටම යමු කියලා. අපි බන්ධනාගාරයේ පළවන ලී දොර අසලට ගියා. ඒක මහ තඩි ලී දොරක් අඩි 10 විතර උසයි. උළුවස්සේ පොඩි විවරයක් තියනවා. බර්ටි ඒක ඇතුලට ගෙඩියක් දැම්මා. ගෑණු කෑ ගහන්න ගත්තා. එතකොටයි අපි දන්නේ ඒක ගෑණු වාට්ටුව කියලා. බර්ටි කෑ ගහලා කිව්වා යටත් වෙන්න අපි මුළු ලංකාවම අල්ලලා තියෙන්නේ සමහර ගාඩ්ලා යටත් උනා. සමහරු සාමි සාමි කියලා පැනලා දිව්වා.

අපි වහලට නැගලා කොටුව තාප්පයට ගොඩ උනා. ඒක විශාල තාප්පයක්. තාප්පය හරි පළල් පස් හය දෙනෙකුට එක පෙලට ඇවිදගෙන යන්න උනත් පුළුවන්. අපි තාප්පෙටනගින කොට එලියෙ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බා. එන පොට හොඳ නෑ වගේ පොලිසිය හමුදාව අපිව වට කරනවා. සමහරු බර්ටිට කිව්වා පැනලා යමු කියලා. බර්ටි කිව්වා බලමු නේවි එකේ කට්ටියක් ආයුධ අරන් එනවා. නමුත් කවුරුවත් ආවේ නැහැ.

මේ අතර ඇට්ලස් බණ්ඩාර එහා පැත්තේ දොර ලඟ කෑගහනවා. අපිට කලින් කියලා තිබ්බේ කාර් එකක් එයි එතකොට විෙජ්වීරව දෙන්න කියලා. ඇට්ලස් තමයි කාර් එකේ ආවේ. ඇට්ලස් දොර ලඟට ඇවිත් කෑ ගැහුවා විෙජ්වීර සහෝදරයා ගත්තාද? අපි නෑ කිව්වා. විෙජ්වීර ගන්නව තියා හිර ගෙදර අහලකටවත් යන්න බැහැ. එතකොට කාර් එකක් යන සද්දේ ඇහුනා. ඇට්ලස් යන්න ගියා. මේ වෙන කොට අළුයම 1ට විතර ඇති.

ප්‍රධාන දොරටුවෙන් පොලිස් ජීප් එකක් ආවා. මේ අතර කයිට්ස් පාරේ වාහන නවත්තලා පොලිසිය කාර් චෙක් කරනවා. පොලිසිය හමුදාව පාරේ මුර. එළියට පැන ගන්න බැරි පාටයි. මම බර්ටිට කිව්වා තාප්පෙන් එළියට පනිමු කියලා එතකොට බර්ටි උත්තර දුන්නා පනින්න බැහැ අපට ලනුවක්වත් නැහැ. මේ වෙලාවේ මම දැක්කා කාලතුවක්කු රිංගවන කටක්. මේක විශාල ගුහාවක් වගේ. තණකොළ වැවිලා නිසා එළියට පේන්නේ නැහැ. මම මේක ඇතුලට ගියා. අපේ අනික් අය කොටුව උඩ ඒ් අයට තුවක්කු නැහැ අතේ තිබ්බේ ගෙඩි විතරයි. නේවි එකෙන් ආයුධ එනවා කියලා තිබුනත් මොනවත් ලැබුනේ නැහැ. ගහපු ගෙඩි පවා පිපුරුනේ නැහැ. පුපුරපු එවා ලොකු හානියක් කළේ නැහැ.

මෙහෙම පැය දෙක තුනක් යන කොට එළිය වැටුනා. මම තාම කුහරයේ හැංගිලා. මට ඇහෙනවා අපේ අයව අත්අඩංගුවට අරගෙන රයිෆල් මිටවල් වලින් පහර දෙන සද්දේ. කොටුව ඇතුලට ගිය කාටවත් එළියට පැනලා යන්න බැරි උනා. මම කුහරය ඇතුලේ 7 දා හිමිදිරිය වෙනකං හැංගිලා හිටියා. මගේ මුත්‍රා අමාරුවත් ප්‍රබල වෙලා. අප්‍රේල් 5 දා සිට ආහාරයක් ඇඟට වැටුනේ නැහැ. මගේ අතේ ආයුධයක්වත් නැහැ. අප්‍රේල් 7දා හිමිදිරියේ මම එළියට ආවා. තාප්පය අඩි 15 විතර උසයි. තාප්පයෙන් පැනලා එළියට යනවා කියන අදහසින් මම තාප්ප ගැට්ට ලඟට බඩගෑවා. තාප්පය අවට පවා මුර. තාප්පය උඩත් සෙබළුන්.

මම බඩගාගෙන යන කොට හමුදාවේ කෙනෙක් මාව දැකලා ්‍ය්කඑ කියලා තුවක්කුව මෑනුවා. මම අත්දෙක උස්සලා යටත් උනා. තව සෙබලෙක් දුවගෙන ඇවිත් රයිෆල් මිටෙන් මට පත බෑවා. මම ඇදගෙන වැටුණා. එතකොට මාව මුලින්ම දැක්ක සෙබලා මට පහර දෙන්න එපා කියලා කෑ ගැහුවා. මගේ ඇඳුම ගලවලා මාව පරීක්ෂා කළා. සෙබලෙක් පල්ලෙහාට පණිවිඩයක් දුන්නා. ටික වෙලාවකින් හමුදාවේ කපිතාන් කෙනෙක් ආවා. මගෙන් නම ගම විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා තමුසේව අපිට පොලිසියට දෙන්න වෙනවා පොලිසිය තමුසෙගේ කටු කඩයි. එත් අපිට කරන්න දෙයක් නැහැ කියල.

මාව ගෙනිච්චා යාපනය කොටුවේ තිබූ තාවකාලික හමුදා කාර්යාලයට. මම කපිතාන්ට කිව්වා සර් මම දවස් දෙකක් කෑවේ නැහැ කියලා. මට තේ එකක් ගෙනල්ලා දුන්නා. මම පුටුවෙ වාඩි වෙලා තේ එක බොනකොට යකෝ මූට පුටුත් දීලා කියලා සමහර සෙබළු මට ගහන්න ආවා. පැය භාගයක් විතර යන කොට පොලිසියෙන් ආවා. මාව ජීප් එකට දා ගත්තේ පයින් ගහන ගමන්. පයින් පාරට මාව ජීප් එකට වීසි වුනා. මාව කෙලින්ම ගෙනිච්චේ යාපනය පොලිසියට.

පොලිසියෙදි මගෙන් ප්‍රශ්න කළා. ආවේ කා එක්කද? මම කිව්වා බොරු නමක්, පෙරේරා කියන නායකයා එක්ක යාපනේ ආවා. එතකොට ඇහුවා තමා එක්ක තව කවුද ආවේ. මම මොහොතක් කල්පනා කරා. අපි යාපනය කොටුව ඇතුලට එන්න හදන කොට වෙඩි පහර වැදිලා වැටුනේ විරසිංහ බව මට හිතුනා ඒ නිසා මම වීරෙගේ නම කිව්වා.

වීරේ ඉඳලා තියෙන්නේ කොටුව එළියේ. බොක්කුවක් යට හැංගිලා ඉඳලා උදේ කලපුවට පැනලා පීනනකොට බෝට්ටු වලින් ගිහිල්ලා වීරේව අත්අඩංගුවට අරන් තියනවා. මම හිතුවේ වීරේ මැරිලා කියලා. පොලිසිය මට කිව්වා උඹත් එක්ක ආව අය මෙතන ඉන්නවනං කියපන් කියලා. මාව ගෙනිච්චා පොලිස් කූඩුව ලඟට. එතන එක පොදියට 30 විතර හිටියා. ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගත් අයත් එතන හිටියා.

සිරිපාල අබේගුණවර්ධන යාපනය පොලිසියට ගහන්න ඇවිල්ලා හිටියේ පිලියන්දල සෙන්ට්‍රල් එකේ ශිෂ්‍ය පිරිසක් එක්ක. ඩැනියෙල් තමයි ඒක සංවිධානය කරලා තියෙන්නේ. බස් එක සිංහල විද්‍යාලයේ නවත්තලා හවස මේ අය පොලිසියට ගහන්න ගියේ. නමුත් ඇටෑක් එක හරි ගියේ නැහැ. මේ අය යළි සිංහල විද්‍යාලය ලඟට ඇවිල්ලා බස් එකේ කොළඹ යන්න උත්සාහ කරලා. ඊබට් සිල්වා බස් එකේ ඩ්‍රයිවර් පාරේ කලබලය නිසා වාහනය ගන්න බැහැ කියලා. එතකොට සිරිපාල අබේගුණවර්ධන
මම එලවනවා කියලා සුක්කානම ගත්තා. සිරිපාල හිටපු බස් රියැදුරෙක්. බස් එක පාරට දාන්නවත් ලැබුනේ නැහැ පොලිසිය මුළු බස්එකම අත්අඩංගුවට ගත්තා.

රංගල විමලවංශ සිවුර ගලවලා වීරසිංහ නමින් ගිය කෙනෙක්. මෙයා තව පස් දෙනෙක් එක්ක ගියා කරෙයිනගර් කෑම්ප් එක ලඟට. ඔවුන්ට කියලා තිබ්බා කඳවුරේ නේවිකාරයන්ට නිදි පෙති දීලා ඒ අය ගොරව ගොරවා නිදි. කඳවුරේ ලයිට් කපලා තියෙන්නේ. කඳවුර ලඟට ගියාහම ආයුධ දෙයි කියලා. මේ අය කරෙයිනගර් කඳවුර ලඟට යනකොට කිසි වෙනසක් නැහැ. ගාඩ්ලා මුර. කඳවුරේ ලයිට් පත්තුවෙනවා. ඒ අය යළි හැරිලා එනකොට අත්අඩංගුවට පත් වෙලා.

විරසිංහ හෙවත් කළපු වීරේ මලා කියලා මට හිතුනට වීරෙත් කූඩුවේ හිටියා. මම දිගටම කිව්වා මම ආවේ පෙරේරා එක්ක කියලා. පොලිසිය මට ගහනවා යකෝ කොයි පෙරේරද? පෙරේරලා සිල්වලා විතරද බොල කියලා. මේ අතර මට ඇහුනා කඩවත ප්‍රහාරයේදී මිල්ටන් මල බව. මම එතකොට කිව්වා මිල්ටන් තමයි මාව යාපනේට ගෙනාවේ කියලා.

පොලිසියේදී අපිට හොඳටම ගැහුවා. ඒ.එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ඇවිල්ලා පහර දෙන එක නැවැත්තුවා. හවස අපිට වෙනිවැල්ගැට තම්බලා දෙන්න කියලා නියම කරා. ඊට පස්සේ අපිව දැම්මා යාපනේ හිර ගෙදර. තලගල කියලා ගාඩ් කෙනෙක් ආවා. මිනිහා තමයි විෙජ්වීරගේ සෙල් එක මුර කළේ. තලගල මට තුවක්කුව වැනුවා. වෙඩි තියන්න වගේ. සමහරු ඇහුවා තොපි හිරගේ කඩන්න ආවා නේද බොල කියලා. යාපනේ හිර ගෙදර දවස් 5-6 විතර අපිව තියාගෙන ඉඳලා. හැමන්හිල්  වලට ගෙනිච්චා.

හැමන්හිල්   දූපතට යන්න කරෙයිනගර් කෑම්ප් එකට අපිව ගෙනියන කොට නේවිකාරයෝ අපිට බනිනවා. තොපි අපේ මිනිස්සු මැරුවා නේද යනාදී වශයෙන්. නේවි එකේ තිලකරත්න ගාඩ්ලට වෙඩි තියලා නාවික හමුදා කදවුරෙන් ආයුධ අරගෙන ජීප් එකේ එනකොට මගදී වෙඩි කාල මැරුණා. ඒ නිසා නාවිකයන් අපිට පෙන්නුවේ රළු මුහුණු.

බෝට්ටුවෙන් අපිව හැමන්හිල්   සිරකඳවුරට ගෙනාවා. එම ප්‍රහාරයෙන් පසු මුල් වතාවට බර්ටි මුණ ගැහෙන්නේ හැමන්හිල වලදි. බර්ටි දැක්ක හැටියෙ මම ඇහුවා අපිට මොකද උනේ කියලා. බර්ටි කිව්වා අපේ ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ නැහැ. පණිවිඩ හරියට එහෙ මෙහෙ ගිහිල්ලා නැහැ කියලා. යාපනේ සිරගෙදර ප්‍රහාරයේදී සමහරු මඟ ඇරියා. සමහරු හැංගුනා.

හැමන්හිල් වල අපි එක්ක 60 විතර හිටියා. තුවාල කාරයෝ දෙන්නෙක් විතර හිටි බව මතකයි. හැමන්හිල් වල හිටි අය තමයි දෙහිවල උපාලි, මහරගම තිස්ස ගාමිනි, භද්දිය සාදු, කොටවිල දේවසිරි හිමි, මයිකල් අමරසේකර, ඇටිලස් බණ්ඩාර, ළමාහේවා මහරගම, සිරා හෙවත් බාල්දි සිරා ඩ්‍රැයිවර් කොතලාවල, පේරලන්දේ රෙක්සි, මහරගම රොද්‍රිගු, පිලියන්දල සෙන්ට්‍රල් එකේ අනුර රත්නායක, දුනුගල ගුණරත්න, විෙජ්වීර සහ අම්පාරේ අත්අඩංගුවට ගත් සිරිල් වඩුතන්ත්‍රි හෙවත් ලාල් සෝමසිරි, කැලණියේ ෂෙල්ටන්, ගම්පහ පරාක්‍රම, ටෙක් එකේ අබේසිරි, ටෙක් එකේ සරත් කුමාර, මොරටුවේ තිසේරා, අම්බලන්ගොඩ සැම්සන් සිරිපාල, මොරටුවේ ශ්‍රී ලාල්, අම්බලන්ගොඩ තිලකසිරි, පිලියන්දල ලොකුගේ, අනුරාධපුරයෙ බබානිස්, ගම්පහ එස්.ඩී. හෙවත් සෝමරත්න
කළුආරච්චි, අනුරාධපුරයේ සුසිල් ගල්ගමුව, වවුනියාවේ පියරත්න, කේ.ඒ. සිරිසේන හෙවත් යකා. කුලියාපිටියේ රංජිත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ වැඩ කළ පානදුර සිල්වා සමහර අයගේ නම් මතක නැහැ.

අපි එක පොදියට ඩන්ජන් ඇතුලේ. සී.අයි.ඩී එක ආවා. මගෙන් කට උත්තර ගන්න. මම කිව්වේ මිල්ටන් මාව යාපනයට ගෙනාවා කියලයි. එතකොට ඇහුවා කවුද බොල මේ පෙරේරා. මම කිව්වා එයා මැරෙන්න ඇති කියලා.

හැමන්හිල් වලට ගුවන් හමුදාවෙ රත්නපාල සමඟ තව 6 දෙනෙක් ආවා. එයාර්ෆෝස් ඩයස්, සිල්වා ඒ අතර හිටියා. අපි හිර ගෙදර අගුල් කඩලා ආහාර වර්ජනයක් කලා. උපවාසයට පෙර අපි පාන් අරගෙන වේලලා හංගලා තිබ්බා. ඒවා හොරෙන් කෑවා. හිරගෙදර උද්ඝෝෂණ නිසා බර්ටි, මම, නාරාහේන්පිට චන්දරේට, බාල්දි සිරාට, අබේසිරිට එහෙම ගහලා යාපනේ සිරගෙදරට ගෙනිච්චා. අපිව බේස්මන්ට් සෙල් වල දාලා දින 20 වහලා තිබ්බා.

යාපනය සිර ගෙදරදි විෙජ්වීර හා බර්ටි අතර යම් මතභේද ඇති උනා. විෙජ්වීරව බේරගන්න අපේ කෙනෙක් වහලෙන් ගිහිල්ලා කථා කරත් විෙජ්වීර ආවේ නෑ කියන කථාව මම පිළිගන්නේ නැහැ. මම එදා බන්ධනාගාර කොටුවෙ හිටියා. අපට හිර ගෙදර ළඟට යන්න පවා අපහසු තත්වයක් තිබුනේ. අපි විෙජ්වීර රඳවා හිටපු ගොඩනැගිල්ලට මීටර් 20-25 ලඟට යන්න ඇති. නමුත් රෑ නිසා සිරකරුවන් හිටියේ ඇතුලේ. දකින්න විදිහක් නෑ. මම කොටුවෙ කුහරයට ගිහිල්ලා සැඟවෙන තෙක් මම දැක්කේ ඔය විස්තර. මමත් සැඟඋනාට පස්සේ බර්ටි තව ලඟට ගියාද දන්නේ නැහැ.

හැමන්හිල් වලින් පසු මාව යැව්වා බෝගම්බරට මම හිටියේ ටේලර් පාටියේ. මාස 8 විතර එහෙ ඉඳලා ගෙනිච්චා පල්ලෙ කැලේ එළිමහන් සිර කඳවුරට. එහෙ බර්ටිත් හිටියා. අපි පනින්න සැලසුම් කළා. බර්ටි පැන්නා. මාව යළි බෝගම්බර ගෙනාවා. මේ කාලයේ මහිංයගනේ අළුත්පාර ගාව රස්කින් ප්‍රනාන්දු වොලා්නා මුදලාලිට අයිති ඉඩමක හිර කඳවුරක් ගැහුවා. මෙතන 300 විතර ගිහින් දැම්මා. මාවත් ගෙනිච්චා.

නඩුවේදි මට අවුරුදු 2 සිර ද~ුවමක් ලැබුනා දඩුවම් කාලේ මම හිටියේ බෝගම්බර හා යාපනේ හිර ගෙවල් වල. මම නිදහස් උනේ 1975 දි. කොළඹ නගර සභාවෙ වැඩ කළා දැන් විශ්‍රාමිකයි.

බර්ටි දැන් ඉන්නේ ජර්මනියේ. ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම මාව බලන්න එනවා. බර්ටිගේ අවුරුදු 50 පිරිමේ උපන්දිනය වාද්දුවේ හෝටලයක තිබ්බා. ඒකට මටත් ආරාධනා කෙරුවා. පාටියේදි සේන කන්නංගරව මට මුණ ගැසුනා. සේන මටයි බර්ටිටයි කොක්ක ගහපු කෙනා. සේන කන්නංගර අපිව ව්‍යාපාරයට බඳවා ගන්න කොට මම හිටියේ රැකියාවක් නැතිව ගෙදර. බර්ටි තාත්තගේ තෙල් බිස්නස් එකට උදව් කරනවා. සේන එදා වාද්දුවේ පැවති උපන් දින උත්සවයේදි බර්ටිට කිව්වා මම උඹට කොක්ක ගැහුවෙ නැත්තං උඹ තාම තෙල් විකුණනවා
කියලා. අපි ඔක්කොටම ඒකට හිනා ගියා.

මාබෝලේ රෙක්සි

රෙක්සි හයසින්ස් වසන්ත ප්‍රනාන්දු ව්‍යාපාරයේ වැඩ කරගෙන ගියේ චමින්ද නමිනි. පසු කාලයක ඔහු හැඳින්වූයේ මාබෝලේ රෙක්සි නමිනි. සිරගෙදරදි ඔහු වසන්ත ප්‍රනාන්දු විය. විවිධ නම් නිසා රහස් පොලිසිය ද ව්‍යාකූළත්වයට පත්ව කැරැල්ලේදි ඔහු මිය ගිය බවට කාලයක් විශ්වාස කල බව පැවසේ. වර්තමානයේ වත්තල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරන ඔහු දශක තුනකටත් වඩා එපිට ගිය ඉතිහාසය පවසන්නේ මේ අයුරිනි.

zමම ඉපදුනේ 1949 වසරේ. උත්පත්තියෙන් මම කතෝලිකයෙක්. සාමාන්‍ය පෙළ මාබෝලේ සාන්ත මරියා විද්‍යාලයෙන් කරලා උසස් පෙළ හදාරන්න කරුණාරත්න බෞද්ධ මහ විද්‍යාලයට ගියා. කුඩා කාලයේ සිටම මම කඩවත මිල්ටන්ගේ යාළුවෙක්. මිල්ටන් මට වඩා වැඩිමල් නමුත් ඒක අපේ මිත්‍රවයට බාධාවක් උනේ නැහැ. මිල්ටන් මාව ෂන්මුගදාසන්ගේ චීන පිලේ කාර්යාලයට ගෙනිච්චේ 1963 දි. එතකොට මට වයස අවුරුදු 14යි.

මම මුලින්ම විෙජ්වීර දැක්කේ 1964 දි මාබෝලේ වෙල්මුල්ල වෙල් යායෙදි. එතකොට මම වයස 15ක ශිෂ්‍යයෙක්. මේ කාලේ විෙජ්වීර හා මිල්ටන් දේශපාලන මිතුරන්. මිල්ටන් කුඩා කාලයේ සිටම දරිද්‍රිතාවය නිසා දුක් වින්ද කෙනෙක්. පියා කුඩා කාලයේදිම මැරුණා. ගෑණු සහෝදරියෝ 3 හිටියා. මිල්ටන් තමයි පවුලේ එකම පිරිමියා. ඔහුගේ නම එම්. මිල්ටන් ප්‍රනාන්දු. මිල්ටන්ගේ අමම්ා මිල්ටන්ට ඉතා ආදරෙයි.
මිල්ටන් නිහතමානි සාධාරණය ගැන සිතපු කෙනෙක්. ලාම්පු කුප්පිය තියාගෙන මිල්ටන් ගෙදර පොත් කියවන ආකාරය අදත් මගේ මතකයේ තියනවා. මිල්ටන්ට හොඳ දේශපාලන දැනුමක් තිබුනා. ඔහු නිතරම කිව්වේ මම සියල්ලන්ගේම ගෝලයා වෙන්න කැමතියි කියලා.

මට සිංහල ඉගැන්නුවේ අඹන්වැල්ලේ පඥ්ඥාසේකර හාමුදුරුවෝ. මම පොලිස් අත්අඩංගුවට පත් උනා කියලා හාමුදුරුවො හරියට දුක් වෙලා තියනවා. පස්සේ කාලයක හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ නායක භික්ෂුවක් ලෙසට මහනුවරට වැඩම කලා. එහිදිත් චේගුවේරා එකට අහු වෙච්ච ළමයා කියලා මම ගැන නිතර කථා කලාලූ. 2008 දි මම හාමුදුරුවෝ බැහැ දකින්න ගියා. ඒත් හාමුදුරුවෝ වයසයි. මාව අදුරගන්න බැරි උනා.

විෙජ්වීර හා ලොකු අතුල අතර අර්බුධයේදි මිල්ටන් ලොකු අතුලගේ පිලට දාපු එක මට අදත් ගැටළුවක්. 1971 මුල පියතිලක මට කිව්වා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිගාමින් ඉන්නවා ලොකු අතුල, කුමානායක නම් ආදි වශයෙන් තව හය හතක්. පස්සේ කිව්වා. ඔයාගේ හිතවතා වෙච්ච මිල්ටනුත් එතෙන්ට තමයි දාන්න වෙන්නේ. විප්ලවේ ජයග්‍රහණයෙන් පසු මේ අය අයින් කරන්න වෙනවා.

මේ කාලයේදි මම විද්‍යෝදය කැම්පස් එකේ සංඝාවාසයේ අංක 35 දරණ කාමරයේ නැවතිලා හිටියේ පක්ෂෙ වැඩ වලට. උසස් පෙළ හදාරපු ගමන් තමයි මම 1970 දි පූර්ණකාලිනයෙකු වන්නේ. ඉන් පස්සේ දිගටම වගේ වැඩ වලට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාවාසයේ හිටියා. මේ කාලයේ මහින්ද විෙජ්සේකරට විශ්ව විද්‍යාලය ඇතුලේ බලයක් තිබුනා. මහින්ද තමයි අපට කාමර පහසුකම් ලබා දුන්නේ. ඒත් ව්‍යාපාරය මහින්ද විෙජ්සේකරව උපකරණයක් හැටියට පමණක් භාවිතා කරන්න කියලා දැනුම් දීලා තිබුනා. මහින්ද ඒ බව දැන ගත්තේ මහ නඩුවේදි.

සංඝාවාසයේ ඉන්න කොට මම මිණිපේ සෝභිතත් දැන හිටියා. මිනිපේ සෝභිතගේ කට උත්තරයේ මම ගැන සඳහන් වෙන්නේ විශ්ව විද්‍යාල ශීෂ්‍යයෙක් හැටියට. ඒත් කවදාවත් මම විශ්ව විදයාල ශිෂ්‍යයෙක් වෙලා හිටියේ නැහැ. ඒ නිසා පොලිසිය ව්‍යාකූල උනා.

මම සංඝාරාමයේ අංක 35 කාමරයේ නැවතිලා හිටියා. ඒ කාමරේට එන්න හැකියාව තිබ්බේ මටයි නායකයන්ටයි විතරයි. මම ඒ කාමරේ බෝම්බ හදලා රහසිගතව පැක් කරලා තිබ්බා. ශිෂ්‍ය අංශයේ මම හිටපු නිසා පියතිලක පියසිරි කුලරත්න එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා.

1971 මාර්තු 23 හෝ 24 වගේ දවසක මට නියම කෙරුනා යාපනය බන්ධනාගාරය කඩා රෝහණ විෙජ්වීර බේරා ගෙන බෝට්ටුවකින් මුහුදු මාර්ගය හරහා ගේන්න පුලූවන්ද කියන එක අධ්‍යයනය කරන්න යාපනයට යන්න. මේකට නියෝගය දුන්නේ පියතිලක.

මම මහේන්ද්‍ර කියන සාමාජිකයා එක්ක රෑ කෝච්චියේ මන්නාරමට ගියා. අපි බැස්සේ මඩු ස්ටේෂන් එකේ. එතකොට උදේ වෙලා. කෙලින්ම ගියා මුරුක්කන් පල්ලියේ ජයසීලන් පියතුමා මුණ ගැහෙන්න. මගේ ලඟ ලියුමක් තිබුනා ෆාදර් ලීනස් ජයතිලක දීපු. පල්ලියේදි අපිට උදේ කෑම දුන්නා ඉඳි ආප්ප හා අඹ මාළුවක්. උදේ කෑම කාලා මම මහේන්ද්‍රන් එක්ක මන්නාරම් ජැටියට ගියා. අපි ඇෙඟව්වෙ අපි විශ්ව විදයාල ශිෂ්‍යයෝ හැටියට. විශ්ව විද්‍යාල අධ්‍යයනයක් කරන්න ආපු බවයි අපි හැම තැනකදිම කිව්වේ.

මන්නාරමේ සිට යාපනයට බෝට්ටුවේ යන්න පුළුවන්ද කියලා මාළුකාරයෙකුගෙන් ඇහුවා. තමන්ගේ බෝට්ටුවේ ගෙනියන්න රු 400ක් අපෙන් ඉල්ලූවා. ඒත් බෝට්ටුව දෙන්න පුළුවන් ඉරිදා දවස් වලට විතර බව ධීවරයා අපට කියා සිටියා. මට අවශ්‍ය කරා ප්‍රදේශය ගැන අධ්‍යයනය කරන්න. අපි බස් එකේ යාපනයට ගියා ඒ 33 මාර්ගය ඔස්සේ. මේ පාර බොහෝ විට වෙරළට සමාන්තරව යනවා. සමහර විට මුහුද පේන්නේ නෑ. මම මේ පාරේ තිබූ බෝක්කු පාලම් සටහන් කර ගත්තා. මගේ ගෝලයා මහේන්ද්‍ර කංකෙදිරි ගානවා කොළඹ යං කොළඹ යං කියලා. මට මහා වදයක් උනා මිනිහා එක්ක ආපු ගමන.

අපි දවල් 2 විතර වෙන කොට යාපනයට ගියා. කෙලින්ම ගියේ යාපනය කොටුවට. යාපනය කොටුව නරඹන්නෙක් ලෙස කොටුව වටේට ඇවිද්දා. හවස් වෙලා යාපනය දුම්රිය පලට ඇවිත් රෑ කෝච්චියේ කොළඹ ආවා. මම විද්‍යෝදයට ඇවිත් පියතිලක මුණ ගැසුනා මහේන්ද්‍රගේ නාහෙන් ඇඬිල්ල නිසා හරියට වැඩේ කර ගන්න බැරි බව කිව්වහම මට යළිත් වරක් තනියෙන් යාපනේ යන්න නියම උනා.

1971 මාර්තු 27 යළිත් මම මන්නාරමට ගියා. මන්නාරමේ සිට සැතපුම් 69 පයින්ම යාපනය දක්වා ගියා. රෑ දෙකක් පමණ පාරේ ගත කළා මතකයි. මගේ ලඟ රු 200 විතර තිබ්බා. කෑවේ කඩ වලින්. කිලාලි කලපුවෙන් එතෙර උනේ පාලං පාරුවකින් මේ දිගු ගමනේ මම සියළුම වැදගත් ස්ථාන සටහන් කර ගත්තා. යාපනේට ගිහිල්ලා කෝච්චියේ යළි කොළඹ ආවා. විද්‍යෝදයට ඇවිත් සංඝාරාමයේදි පියතිලක මුණ ගැසුනා. පියතිලක මගෙන් විස්තර අහන්නත් කලින්ම කිව්වා සහෝදරයා දැන් නා ගන්න. මම දවස් දෙක තුනක් නෑමක් නැතිව එකම ඇඳුම පිටින් හිටියේ. මට මගේ දාඩිය ගද දැනෙන්න ගත්තා. ඉක්මනට ගිහින් නා ගත්තා.

මම මහන්සිවෙලා ගෙනාපු විස්තර පියතිලක බැළුවෙ නැහැ. මට පසුව තේරුනා මාව යාපනේ යැව්වේ මාව සංඝාරාමයෙන් දින කිහිපයක් පිට කරලා තියන්න නිසා බව. නමුත් ඒක මට ඒ කාලයේ එකවරම තේරුම් ගියේ නැහැ. නැවත වරක් මට යාපනයට යන්න වෙනවා 1971 අප්‍රේල් 4. මට රෑ කෝච්චියේ යාපනයට යන්න කියලා පියතිලක කිව්වා. මට කිව්වේ ඉස්සරහම තියන කෝච්චි පෙට්ටියට යන්න එතන අපේ අය ඉඳිය කියලා. මම දැනගෙන හිටියා යාපනය හිර ගෙදර ප්‍රහාරයට තමයි අපිව යවන්නේ කියලා. නමුත් සමහරු ඒක දැන ගත්තේ යාපනයට ගිය පසුවයි.

පියතිලකගේ උපදෙස් අනුව මම ඉස්සරහම කෝච්චි පෙට්ටියට ගියා. එතන දෙහිවල උපාලි ඇතුළු 27 විතර හිටියා. සමහරු මම අඳුනන්නේ නැති අය. යාපනයට 500ක් ගේන්න කිව්වට ගියේ 83- 90 විතර. තව කට්ටියක් ඊබට් සිල්වා බස් එකක ගියා.

අපි යාපනයට යනකොට උදේ 4ට විතර ඇති. කෙලින්ම ගියා යාපනයේ නාග විහාරයට. දවල් වෙන කොට තවත් කණ්ඩායමක් ආවා නාග විහාරයට. මට යාපනේ ස්ටේෂමට යන්න උනා ඒ අය ගන්න. දවල් ආපු කණ්ඩායම අත බෝම්බ එවා තිබුනා. අපේ කණ්ඩායම ආවේ ආයුධ මොකුත් නැතිව. දවල් වෙලා කෝච්චියේ ආපු අය අත චීනට්ටච්චි බෝම්බ 200ක් විතර තිබුනා. මේ අය යාපනේ ගේන්න බෝම්බ – හදලා.
මම එක බෝම්බයක් පරීක්ෂා කළා. පුපුරන ද්‍රව්‍ය පිරෙන්න කිටි කිටියේ තද වෙලා නැහැ. කොලිටි එක මදි. මම බර්ටි රංජිත්ට කිව්වා මේවා පුපුරන එකක් නැහැ කියලා. බර්ටි මාව පසෙකට අරගෙන ගිහිල්ලා කිව්වා මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා යනුවෙන්.

මම බෝම්බ නවාතැනට ගෙනියලා පුපුරන ද්‍රව්‍ය නැවත පැක් කරා සමහර බෝම්බ වල. කස්ටම් පියදාස කළුතෙල්, දියතාර හා පෙට්‍රල් දෙන්නං කියලා තිබ්බ නිසා පෙට්‍රල් බෝම්බ හදන්න අලියා බීම බෝතල් ගෙන්නුවා. විශ්ව විද්‍යාල වලින් ආපු සාමාජිකයෝ රුපියල් 500 ලෝන් එක අරගෙන ඇවිත් හිටියේ ඒ නිසා හැමෝම අත වගේ සල්ලි තිබුනා.
බීම බෝතල් 24 විතර අරගෙන පුළුවන් තරමක් බීලා ඉතිරිය කානු වලට හැළුවා. මේවා වල පෙට්‍රල් පුරවලා මෝලටොව් හදන්න නියම කෙරුවා. ඒත් ප්‍රහාරයේදි එක පෙට්‍රල් බෝම්බයක් වත් ලැබිලා නැහැ.

මේ අතරේ මංජු මට කිව්වා රංගල, කොතලාවල, එස්. ඩී. සෝමරත්න කළු ආරච්චි, දෙහිවල උපාලි එක්ක කරෙයිනගර් නාවික බේස් එක අසලට යන්න එතෙන්ට නේවි එකේ තිලකරත්න වෙපන් අරගෙන එනවා. එතකොට මම උත්තර දුන්නා මට නියමිතව තියෙන්නෙ ඊ2 සෙක්ෂන් එකේ 8 මැදිරියේ ඉන්න විෙජ්වීර සහෝදරයාව බන්ධනාගාරය දොරටුව කඩලා ගන්න. විෙජ්වීර සහෝදරයාට ඕනම රැයක මාව අඳුර ගන්න පුළුවන් මම බන්ධනාගාර ඇටෑක් එකෙ ්ඉන්නම ඕන කියලා. ඒත්
මංජු කිව්වා අපිට තිලකරත්න ගේන ආයුධ වැදගත් ඒ නිසා ඉක්මනට එතෙන්ට යන්න කියලා.

මේ අනුව 1971 අප්‍රේල් 5දා රෑ 9ට විතර කරෙයිනගර් නාවික කඳවුරට යන ඩබල් ඩෙකර් බස් එකක නැග්ගා. ඒත් බස් එක යන පාටක් නැහැ. ඒ පාර අපි බස් එකෙන් බැස්සා. ගත්තා ටැක්සියක්. අපි හිටපු තැන ඉඳලා කරෙයිනගර් බේස් එකට හැතැම්ම 14 විතර ඇති. අපි ටැක්සිකාරයට ඇගෙව්වා අපි නැවියන් බව. හැකි ඉක්මනින් කෑම්ප් එක ලඟට යන්න කියලා දැනුම් දුන්නා. ටැක්සි රියැදුරා වාහනය එලෙව්වේ හයියෙන්. විනාඩි 15-20 විතර අවශ්‍ය තැනට ගියා. ගාස්තුව ගෙවලා ටැක්සිය පිටත් කළා.

එදා හඳ පායපු දවසක්. අපි තල් ගස් වලට මුවා වෙලා කෑම්ප් එක අසලට ගියා. මම  එස්. ඩී. සෝමරත්න හා කොතලාවල කෑම්ප් එකේ බැරියර් එක ආසන්නයේ අනික් අය මීටර් 3ක් විතර පසුපස. අපි තල් ගස් වලට මුවා වෙලා නිසා කවුරුත් දැක්කේ නැහැ. අපි බලාගෙන හිටියත් තිලකරත්න ආවෙ නැහැ. කඳවුරේ කිසිම වෙනසක් නැහැ. අපි හිතුවේ නිදිපෙති කෑමට දාලා නැවියන් නිදි ඇති දැන් තිලකරත්න ආයුධ අරගෙන එයි කියලා. කඳවුර හොඳට ක්‍රියාත්මකයි. නැවියන් මුර ආයුධ පිටින්.

අපි ලඟ තිබ්බේ චීනට්ටච්චි බෝම්බ 6යි. එස්.ඩී. ලඟ පිහි තලයක් තිබුනා. මේ ආයුධවලින් නාවික කඳවුර යටත් කරලා ආයුධ ගන්නේ කොහොමද? තිලකරත්න අපිට කණුවක් තිබ්බා කියලා තිලකරත්නට හිතෙන් බැන බැන යාපනේ බන්ධනාගාර ප්‍රහාරයට සම්බන්ධ වෙන්න අපි යළිත් යාපනය පැත්තට දුවගෙන ගියා. ඒ යන කොට කාර් එකක් ආවා. අපි අත් දාලා වාහනය නැවැත්තුවා. වාහනයේ ද්‍රවිඩ මිනිහෙක් ඉන්නවා. හොර බඩු අදින වාහනයක් වගේ.

මිනිහා අපිව දැම්මා කෝවිලක් ලඟට. දැන් වෙලාව උදේ 2.30 විතර ඇති. යාපනේ යන්න විදිහක් නැහැ. උදේ බස් එකක් ආවා අපි එකේ නැග්ගා. අපි එකට බෝම්බ එක්ක යන එක පරිස්සම් මදි නිසා අපි වෙන් වෙන්ව අතර මග බැස්සා. මම ස්ටෑන්ඩ් එක දක්වා ගියා.

නගරය ඇවිස්සිලා පොලිසිය හමුදාව මුර. මට දිව ගිලෙන්න තරමට පිපාසේ. මම කඩයක් දෙසට ගියා වතුර බොන්න. මාව දැකපු පොලිස්කාරයෙක් දෙමළෙන් ඇහුවා හිටියේ කොහේද? මම ඒක ඇහුනේ නෑ වගේ කඩේ ඇතුලට ගියා. යළිත් මගෙන් ඇහුවා. මම සිංහලෙන් උත්තර දුන්නා. එක පාරටම මට ඩෝං ගාලා රයිෆලෙන් ගැහුවා. මම බිම ඇදගෙන වැටුනා. එතකොට වටේ හිටපු හමුදා සෙබලූන් පොලිසිය මාව වට කරා. මගේ ඇදුම් ගලවලා නිරුවත් කළා. මම ලඟ තිබ්බේ ටෝච් එකක් විතරයි. ඒක විසි කරන්න කියලා රයිෆල් අමෝරලා කෑ ගැහුවා. මම ටෝච් එක විසි කරා. මට අතින් පයින් පහර දීලා නිරුවතින් බස් ස්ටෑන්ඩ් එක වටේ ගෙනියනවා. දැන් එළිය වැටිලා මිනිස්සු ටවුන් එකේ. මිනිස්සු ගෑනු පාර දෙපසට රොක් වෙලා මාව ගෙනයන අයුරු බලනවා.

මට ඇහෙනවා දෙමළ අම්මලා ආ~වනේ පාවන් සින්න පොඩියන් -(පවු පොඩි කොල්ලෙක්) කියලා දුක් වෙනවා. මේ සිද්ධිය මට ජීවිතය තියන තුරා අමතක වෙන්නේ නෑ. 1983 ජාතිවාදී කෝලහලයේදී මම දෙමළ මිනිසුන් බේරා ගත්තා. මට එදත් මේ වචන හිතේ රැදිලා තිබුනා.

මාව බස් ස්ටෑන්ඩ් එක වටේ ගෙනියලා දැම්මා ලංගම චෙකර්ලා ඉන්න පොඩි දැල් කූඩුවට. දෙමළ පොලිස්කාරයෝ වගයක් තොපි අපේ පොලිසියට ගැහුවා නේ කියලා රයිෆල් මිටෙන් මගේ දකුනු උරපත්තට ගැහුවා. එතකොට මට තේරුනා මංජුලා යාපනය පොලිසියටත් ගහලා බව.

මට දෙමළ පොලිස්කාරයෙක් පහර දෙන බව දුටු සිංහල යුද හමුදා භටයන් ඒක නැවැත්තුවා. ඊට පස්සේ ඔවුන් මට පහර දුන්නා තෝ දෙමළුන්ගෙනුත් ගුටි කනවා නේද කියලා. මගෙන් ඇහුවා උඹ කාත් එක්කද ආවේ? මට ඔළුවට ආවා සින්දු කියන සුසිල් ප්‍රේමරත්නගේ නම. මම කිව්වා සුසිල් එක්කයි ප්‍රේමරත්න එක්කයි කියලා. එතකොටම පොලිසියෙන් කොතලාවලයි, එස්. ඩී. සෝමරත්නයි අල්ලගෙන එනවා. ඒ පාර ඇහුවා මේ උන් දෙන්නද? මම ඔලූවෙන් නෑ කිව්වා. ඒ පාර පයින් ඇන්නා කටින් කියපිය කියලා. මම නෑ කිව්වා.

අපිව අරගෙන ගියා යාපනය පොලිසියට. අපි යන කොට බර්ටි රංජිත්. භද්දිය, කොටවිල දේවසිරි, කරාටේ සැම්සන්, සිරිපාල අයියා ඔක්කෝම කූඩුවේ. යාපනය පොලිසියේදි අපිට ගැහුවා නැතිවෙන්න. මැරෙන්නමයි
ගැහුවෙ. හොඳ වෙලාවට එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ආපු නිසා අපිව බේරුනා. සුන්දරලිංගම් මහත්තයා පහර දීම නවත්තලා තැලිලා තුවාල වෙලා හිටපු අපිට වෙනිවැල්ගැට දෙන්න නියම කරා. ඒ පාර වෙනිවැල්ගැට තම්බලා ටින් කිරි ටින් වලට දාලා උනු උනුවේම අපෙ කටවල් වලට හැළුවා.

සෙල් එකේදි මම දැනගත්තා ප්‍රහාර අසාර්ථක වූ බව. බර්ටි රංජිත් එක්ක යාපනේ හිරගෙදර ප්‍රහාරයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වසන්ත හා සුමනරත්න මැරුණු බව දැනගත්තා. අපිට ගහලා යාපනය පොලිසියේ කූඩුවට දාලා ඉන්න කොට නේවි එකේ තිලකරත්න ආවා. මට මතක හැටියට 1971 අප්‍රේල් 6 විතර වෙන්න ඕනෙ. හවස 4ට 5ට විතර ඇති. තිලකරත්න හිටියේ යුනිෆෝම් පිට. කට්ටියටම ගහලා නේද කියලා මිමිනුවා. තිලකරත්නව අඳුර ගත්තේ මම ඇතුළු කිහිප දෙනෙක් විතරයි. මට තිලකරත්න දැක්කාම තරහා ආවා. රෑ අපිව මඟ ඇරීම පිළිබඳව. ඒත් මම සබඳතා හෙලි වෙයි කියලා මොකවත් කිව්වේ නැහැ. තිලකරත්න යන්න ගියා.

පසුව අපිට ආරංචි උනා තිලකරත්න 1971 අප්‍රේල් 5දින කඳවුරේ අවිගාරය භාරව හිටි නමුත් සැකය නිසා මුහුදේ ඩියුටි දාලා. ඒ නිසා 5 දින රෑ අපිව මුන ගැහෙන්න බැරි උනා. 7දා කඳවුරේ අවිගාරය භාරව ඉඳලා තියෙන්නෙ කොස්තා කියන තිලකරත්නගේ යාළුවා. තිලකරත්න කොස්තාගෙන් යතුර ඉල්ලලා තියනවා. කොස්තා කියලා තියනව මචං විහිළු කරන්න එපා කියලා. ඒ අවස්ථාවේ තිලකරත්න කොස්තාගේ හිසට වෙඩි තියලා ආමරිය ඇරලා එල්.එම්.ජී. වගයක් ජීප් එකේ දාගෙන
ගේන විට එලිෆ්න්ට්පාස් වලදි තිලකරත්න එලවපු ජීප් එකට වෙඩි තියලා. ඒ වෙඩි තැබීමේදී තිලකරත්න මිය ගියා. තිලකරත්න මැරුනේ 71 අප්‍රේල් 7 විතර.

මට දැන් හිතෙනවා තිලකරත්න අවිගාරයේ ආයුධ අරගෙන යාපනය පොලිසියට ඇවිත් අපිව එළියට ගන්න ට්‍රයි එකක් කලාදෝ කියලා. මම අන්තිිමට දකින කොට තිලකරත්න වරදකාරි ස්වභාවයකින් හිටියේ. තිලකරත්නට 1968 සිට ව්‍යාපාරය සමග සබඳතා තිබුණා. 67 දි ව්‍යාපාරයේ විශේෂයෙන්ම මිල්ටන්ගේ ඉල්ලීම මත මම නාවික හමුදාවට බැදෙන්න ගියා. නමුත් තේරුනේ නැහැ. හිරේදි මට ආරංචි වෙනවා මිල්ටන්ගේ මරණය ගැන.

යාපනයේ ප්‍රහාරයට පියතිලක එන බව කීවත් පියතිලක ප්‍රහාරය මඟ ඇරියා. පසුව 71 දි හිරේ ඉන්න කොට මට දැන ගන්නට ලැබුනා යාපනේ ගිය විරු සහෝදරවරුන්ට සොහොන් කොත් බදිනවා කියලා පියතිලක කියු බව.පියතිලකගේ ඇතැම් ගතිගුණ මම එදා අගය කලේ නැහැ. පියතිලක ඉන්දියානු ව්‍යාප්තවාදය දේශනය කලේ ජාතිවාදි ස්වරූපයකින්. මගේ දේශපාලන ගුරුවරයා වූ මිල්ටන් කෙරෙහිත්  පියතිලක දැරුවේ දුර්දාන්ත අදහස්.

යාපනය පොලිසියේ හිටපු අපිව හැමන්හිල්  දූපතේ හිර කරන්නට
නියෝග ආවා. අපි තමයි හැමන්හිල්  ගිය මුල්ම සිරකරුවෝ. අපි
60 විතර පිරිස ට්‍රක් වල දාලා කරෙයිනගර් ජැටියට ගෙනිච්චා. කරෙයිනගර් ජැටියේ සිට බලන කොට කිලෝමීටර් 1 පමණ දුරින් තියන හැමන්හිල්   දූපත පේනවා. හැමන්හිල් වල නේවි ලයිට් හවුස් එකක් තියනවා. ඒ එළිය එදා රෑ තිලකරත්න එනතුරු කරෙයිනගර් කඳවුර අසල තල් ගස අසල සිටි වෙලාවේ මම දැක්කා.

කරෙයිනගර් ජැටියේ සිට බෝට්ටු වල අපි කට්ටි කට්ටි හැමන්හිල් දූපතට ගෙන ගියා. එළියේ පෙනුම හතරුස් බලකොටුවක්. රැල්ල වදින්නේ තාප්පෙට වෙරලක් දැක්කේ නෑ. අපි හිර ගෙදරට ඇතුළු උනේ විශාල ආරුක්කු යකඩ දොරකින්. දොරෙන් ඇතුළු වෙලා ගියාම ඕලන්දකාරයෝ වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න ගහපු බිං ගෙවල් වගේ කුටීර 9 තියනවා. මේවාට කිව්වේ ඩන්ජන් කියලා. අංක 5 ඩන්ජන් එක ගබඩා කාමරය. මැද මිදුල වොලිබෝල් පිටියක් තරමට ඇති. මැද බෝ
ගහක් තියනවා. අපි යන කොට ආරක්ෂක හේතුන් මත බෝ ගහ බාගෙට කපලා.

මැද මිදුලේ සිට බැලූවහම වටේ හැමන්හිල් බලකොටුවේ තාප්පය. ඒක අඩි 20 පමණ වෙන උස් පළල් තාප්පයක්. මිනිසුන් 5-6 දෙනෙකුට පේලියට ඇවිදගෙන උනත් යන්න පුළුවන්. තාප්පේ උඩ ගොඩනැගිලි හදලා තිබුනා. එහි අපිව මුර කළ නාවික භටයන් හා බන්ධනාගාර නිළධාරින්. අපිව හැමන්හිල් වලට පිළිගත්තේ පහර දීලා. අපිව දැම්මා ඩන්ජන් ඇතුලට. මම හිටපු ඩන්ජන් එක අඩි 8-9 විතර උසයි. අඩි 12 විතර පළලයි. ගල්ගුහාවක් ඇතුලේ ඉන්නවා වගේ. වාතාශ්‍රය නැහැ. දරා ගන්න බැරි රස්නයක් දැනුනා. අපිව ඩන්ජන් අස්සට දමා යකඩ දොරවල් වලින් වසා දොරගුලූ දැම්මා.

රස්නේ නිසා අපි හිටියේ දාඩිය නාමින්. ලූණු සහිත වාතය නිසා අපේ ශරිර වල ලූණු බැදුනා. අපේ ඇඳුම් කඩමාලූ වෙලා. අපි හිටියේ නිරුවතින් වගේ. 1971 අප්‍රේල් 28 දින තවත් සැකකරුවන් 100 විතර නැවකින් ගෙනාවා ඒ අය බය උනා අපි හෙළුවෙන් චිම්පන්සින් වගේ ඉන්නවා දැකලා. හැමන්හිල් වල තදබදය ඉහල ගියා. දාඩිය, රස්නේ, වාතාශ්‍රය නැති කම මේ සියළු ගැටළු අපි දරාගෙන හිටියා. වැසිකිලි හැටියට තිබුනේ පෙට්ටි ගහපු බාල්දි වැසිකිලි.

1971 ජුලි වෙන කොට 210 විතර සිරකරුවෝ ඩන්ජන් ඇතුලේ. මට මතක් උනේ බිම්ගෙයි සිරකරුවා කෙටි කථාව. රෑ වෙන කොට කළුවරයි. අඳුර බින්ද තැනින් ඇන ගහපු ලැන්තූරුම් කිහිපයක්. පවුල් ප්‍රශ්න ඇති සිරකරුවන් අ~නවා, වැලපෙනවා. යාපනේ ප්‍රහාරයට නොදන්වා ගෙන්න ගත්ත අය නායකයන්ට බනිනවා. බර්ටි රංජිතුත් බැනුම් ඇහුවා.

එතන හිටියා සුසිල් ගල්ගමුව කියලා අනුරාධපුරයේ තරුණයෙක්. ඔහු තමාව අනතුරට හෙළීම පිළිබඳව ප්‍රසිද්ධියේ දොස් කිව්වා. (සුසිල් ගල්ගමුව අනුරාධපුරයේ තරුණයෙකි. ඊබට් සිල්වා බස් රථයේ පැමිනි ඔහුගේ යාළුවෙක් ටි්‍රප් එකක යාමට කියා සුසිල් ගල්ගමුව යාපනයට කැඳවාගෙන ගිය බව  ඔහුගේ ඥාතීහු පවසති.  ඔහු නිදහස ලබා අනුරාධපුරයේ ජීවත් වූ අතර පසු කාලයක කෝච්චියට පැන දිවි තොර කර ගත්තේය. – කත_ෘ)

අපේ ඉකිලි වල රෑෂ් දාලා ඉවසන්න බැහැ. අන්තිමේදි අපි සිරගෙදර
ඩන්ජන් වල අගුලූ කඩලා බෝ ගහ වටේ මඩුවක් ගසා එහි හිටියා.

අපි උත්සහ කළා ඩන්ජන් එකක් ඇතුලේ බිත්තිය විදලා තාප්පෙන් පැනලා යන්න. අදත් හැමන්හිල්  වල 6වන ඩන්ජන් එකේ අපි රහසින් හාරපු කුහරයක් තියනවා. මේ කුහරයට ටී.වී. එකක් දාන්න උනත් පුළුවන්. බිත්තිය හයියයි. තද ගලෙන් බැඳලා තියෙන්නේ. ඒ නිසා අපිට බැරි උනා බිත්තිය පසා කරගෙන යන්න.

හැමන්හිල් වලදි මතවාද නිසා සමහරු ගුටිකෑවා. ලාල් සෝමසිරි පහර කෑවා. බර්ටිට ගහන්න ප්ලෑන් කරා දැඩිමතධාරින්. නමුත් පසුව මේ ගැටළු සමතයකට පත් කරන්න අපි දැඩි උත්සාහයේ යෙදුනා.  මම, අසෝක ගමගේ, මංචනායක මහරගම ඩග්ලස් කරාටේ පුහුණු උනා.

අපිට කෑම දුන්නේ උදේ 7 ට දවල් 11ට හා හවස 4ට. කෑම උයන්නේ යාපනේ හිර ගෙදර. බත් වල ගල්. කෑම වල ලූණු, තුනපහ, ගෑවිලත් නැහැ. 1971 ඔක්තෝබර් 11 දා අපි ආහාර වර්ජනයක් කළා. ඊට පෙර රහසින් ගබඩා කාමරේ තිබු පොල් හා සීනි ඩන්ජන් අස්සේ සඟවලා තිබ්බා. අපි කෑම වේල් 14ක් වර්ජනය කළා. අමාරු වූ අයට සඟවා ගත් ආහාර දුන්නා. අපි විසිට් පවා ප්‍රතික්ෂේප කළා.

අපිව විසිට් ගෙනිච්චේ යාපනය සිර ගෙදරට. එතැනට ඥාතීන් එනවා. වරක් විසිට් එකකට මාව තනිව ගෙනිච්චා. ට්‍රක් 2 ආමඩ් කාර් 1 සහිත වාහන 5ක ගාඩ් එකක් පිට. විසිට් වලට අපි ගියේ නැති නිසා දෙමාපියන් බය උනා අපිව මරලා වල දාලා කියලා. ඒ අය මානව හිමිකම් ආයතනවලට දැනුම් දුන්නා හැමන්හිල් බන්ධනාගාරේ සිරකරුවන්ගේ ජීවිත අනතුරේ බව. මේ අනුව හැමන්හිල්   සිරකඳවුර වසා දැමිය යුතු බව බලධාරීන්ට වැටහුනා.

හැමන්හිල්   සිර කඳවුරේ දේශපාලන මතවාද වලට ගහ ගත්තට අනෙක් සිර කඳවුරු වල වගේ පාන් බාගයට, සෙරෙප්පු දෙකට ගහ ගත්තේ නැහැ. හැමන්හිල්  හරහා විප්ලවීය සාහිත්‍යයත් සින්දුත් ගොඩ නැගුනා. අපි හවස එකතු වෙලා සින්දු කියනවා. රත්නදීප ජන්ම භූමි සින්දුව තමයි නිතර කිව්වේ. අපි සින්දු කියන අයුරු වල්ලිපුරම් කියන වයසක ෙජ්ලර් අහගෙන ඉන්නවා. වල්ලිපුරම් යාපනේ මිනිහෙක්. සිරකරුවන් හැමන්හිල් වල ජීවිතය සදාකාලයට දිය වෙලා යයි දෝ කියන සාංකාව එක්ක ඉන්න කොට වල්ලිපුරම් කියනවා ඕගොල්ලෝ තරුණයි. ගෙවල් වලට යන්න පුලූවන් වෙයි කියලා.

අපි එක සින්දුවක් කිව්වා පන්ති සටන පන ගන්වව් විජය ධජය නංවව් කියලා. මේක වල්ලිපුරම් අහගෙන ඉඳලා මේ කෑල්ල නිතර මුමුණනවා. මිනිහට විජය ධජය නංවව් කියන්න බෑ කියන්නේ විජය දජය බව් බව් කියලා. අපි සමහර දවස් වලට නාට්‍ය කළා. නේවි එකේ භටයන් තාප්පය උඩට වෙලා පහත රඟදක්වන නාට්‍ය දිහා ආශාවෙන් බලාගෙන හිටියා. එදා හැමන්හිල්  වල රඳවලා හිටියේ තරුණයෝ. ඔවුන්ට ලිංගිකඅවශ්‍යතා දැනෙන්න අති. නමුත් තදබදය හා අඩු පහසුකම් නිසා රහසින් ස්වයංවින්දනය කිරීමට අවකාශයක් පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා ආවේග ක්‍රියා, දේශපාලනය ඉගෙනීම මගින් යටපත් කර ගන්න ඇති.

71 මුල් කාලයේදි මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ලක් කළා. සී.අයි.ඩී. එකේ කට්ටියක් ඇවිල්ලා මා ඇතුළු තව කිහිප දෙනෙක් තාප්පය උඩ සිට නිරීක්ෂණය කළා. එතන පොලිස් ඇදුම් අන්දපු වසන්ත කනකරත්න සිටි බවටත් කසු කුසුවක් අපි අතර ගියා. ඔවුන් මාව හඳුනා ගත්තා. ඒක මට ප්‍රහේලිකාවක්. මාව යාපනය පහරදීම් නඩුවේ 43 වන සැකකරු. ( සැබවින්ම වසන්ත කනකරත්න ට පොලිස් ඇඳුම් අන්දවා හැමන්හිල් හිදී   රහසින් පෙරෙට්ටුවක් කළ බව රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතා 2009 දී සනාත කලේය-කත_ෘ)

අපිව ඉඳහිට යාපනය සිර ගෙදරට ගෙනයන කොට යාපනය පොලිස් වත්තේ තියන ඇට්ලස්ගේ කාර් එක හුළං ගිය ඊබට් සිල්වා බස් එක අපි දකිනවා. දවසක් කෙනෙක් කිව්වා ඇට්ලස්ගේ වාහනයේ චැසිය ගලවලා අනෙක්පැත්ත හරවලා බෝට්ටුවක් වගෙ මුහුදට දාලා පැදගෙන පළා යමු කියලා. මේකට ඇට්ලස් බන්ඩාරට කේන්ති ගියා.

මම 1972 සැප්තැම්බර දක්වා හැමන්හිල්  වල හිටියා. ඊට පස්සේ අක්කරායන්කුලම් වලට ගෙනිච්චා. 1972 10 වෙනි මාසය වෙන කොට හැමන්හිල්  සිර කඳවුර වසා දැම්මා. බර්ටි රංජිත් පල්ලේ කැලේ ගියා. ඉන් පසුව ඔහු එතනින් පළා යනවා.

මේ අතර කාලයේ අපට විරුද්ධව නඩු විභාග ඇරඹෙනවා. මට නඩුවේදි අවුරුදු 4 ක සිර ද~ුවමක් ලැබුණා. අවුරුදු 2ක් ගත වන විට බන්ධනාගාර නිලධාරින් අතින් සිදුවූ දෝෂයක් නිසා මාව 1974 පෙබවරවාරි 11 නිදහස් කරනවා. මම ජ.වි.පෙ සමඟ 2008 දක්වා හිටියා. 1970 සිට 2008 දක්වා හිටපු සාමාජිකයන් සුළු ප්‍රමාණයෙන් මමත් එක් අයෙක්.

බර්ටි රංජිත් යාපනේ ප්‍රහාරය ගැන පොතක් ලිව්වා. බක්මහා කඳුළු කියලා. ඒ පොතේ මම ගැන සඳහන් නැහැ. මගේ බන්ධනාගාර අංකය 577, බර්ටිගෙ 575. මට හිතා ගන්න බැහැ පොතේ මම ගැන සඳහන් නැත්තේ ඇයි කියලා. (මේ සම්බන්ධයෙන් 2009 පෙබරවාරි මාසයේදි දැනට ජර්මනියේ වෙසෙන බර්ටි රංජිත් මහතාගෙන් මම විචාලෙමි. රෙක්සි පිළිබඳව ඔහුගේ දෙවන පොතේ සඳහන් වන බව ඔහු මට කීය. -කත_ෘ)

ඒ කෙසේ වෙතත් යාපනය ප්‍රහාරය බර්ටි රංජිත් එදා දිවි පරදුවට තබලා කළා. ඒ ගැන බර්ටි කෙරෙහි මා තුළ ගෞරවයක් තියනවා. 71 කැරැල්ල පක්ෂ අර්බුදය මෝරලා පක්ෂය විනාශ වීමට කලින් කරපු හදිසි පහර දීමක් බවයි මගේ අදහස. අද දිනයේ ආයුධ සන්නද්ධ දේශපාලනය ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. සන්නද්ධ දේශපාලනය මගින් කළ හැක්කේ විනාශය පමණක් බවයි මගෙ අදහස.

(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් ) කෘතිය ඇසුරෙනි)

Posted by Trans Sylvania at 7:27 PM  

Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest

8 comments:

    1. ඉන්දික උපශාන්තDecember 29, 2014 at 11:45 PMReply
    2. කරුනාකර සිංහල යුනිකෝඩ් වලට හරවා නැවත පළ කරන්න. කිසිවක් කියවීමට බැරිය.
    3. ඉන්දික උපශාන්තDecember 30, 2014 at 4:49 AMReply
    4. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml ආධාරයෙන් කියෙව්ව. මෙහේ කියැවෙන “බක්මහ කඳුලු” කලින් කියවල තියෙනව. එදා “සුන්දරලිංගම්” පොළිස් අධිකාරීතුමන්ල හිටියට 89දි “රොනී ගුණසිංහ”ල!
    5. Dr Ruwan M JayatungeDecember 30, 2014 at 6:57 AMReply
    6. ඉන්දික ඔබගේ කතාවට මම දහස් වාරයක් එකඟයි. බලන්න ඔබ කියන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අවසාන කාලය සංසන්දනය කර බලන්න
    7. විචාරක – WicharakaDecember 31, 2014 at 1:24 PMReply
    8. මේ විස්තර මේ ආකාරයෙන් එක්තැන් කර වෙනත් කෘති තිබේදැයි මා දන්නේ නැහැ. 1971 කැරැල්ලේ නඩු වාර්තා සංරක්ෂණය කොට එමගින් මේ කැරැල්ල ගැන විශ්ලේශයක් කිරීමෙන්, අපේ රටේ එවකට පැවති ආර්ථික සහ සාමාජික, දේශපාලනික තොරතුරු රැසක්, මතු පරපුරේ දැනගැනීම සඳහා සංරක්ෂණය කොට තබන්න පුළුවන්.මේ අයගේ විස්තර වලින් පෙනීයනවා සන්නද්ධ අරගලයක් කලයුත්තේ කෙසේද යන්න පිළිබඳව මූලික න්‍යාය පිළිබඳව දැණුමක්වත් නැතිව සමහර අවස්ථා වලදී කටයුතු කරඇති බව.

      ඔබේ මේ ග්‍රන්ථය ඉතිහාසගතවන කෘතියක් බවත් කිවයුතුයි.

Replies

  • Dr Ruwan M JayatungeDecember 31, 2014 at 2:43 PM
  • @ විචාරක -71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ලිවීමට පෙර මම 71 ට සහභාගි වූ පුද්ගලයන් 100 වඩා ඉන්ටවිව් කළා. ඉන් 99% ආයුධ මගින් කරන සමාජ වෙනස ප්‍රතික්ශේප කරනවා.

Reply

    1. Indumathie AdikariOctober 7, 2016 at 7:59 PMReply
    2. පොත කියවීමේ වාසනාව තවම ලැබුණේ නැහැ .71 අනිවාරතේ මියගිය අපේ සරසවි සගයන් සිහිවී මහා දුකක් දැනුණා .පොත ලිවීමෙන් ඔබ කර ඇත්තේ උතුම් සමාජ මෙහෙවරක් .

Replies

Reply

  1. MPP GunasingheDecember 13, 2017 at 7:44 PMReply
  2. මේ ලිපිය කලින් මුණ ගැසී නැහැ. ඒ ග්‍රන්ථය ගැන දැනගත්තේත් දැනි ඉතාම ප්‍රයෝජනවත් ස්තුතියි
Advertisements
18
දෙසැ.
17

රුවන්ගේ හිස්ටීරියාව

හිස්ටීරියාව 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

හිස්ටීරියාව මා තුලින් හොයන්න එපා දොස්තර මහත්තයෝ , අපේ සමාජය තුලින් සොයන්න​. තමන් ගේ අර්ථික සාමාජීය ජීවිත පාලනය කිරීමට නූගත් මදාවි මැරයන් පාර්ලිමේන්තුවට යවන ශ්‍රී ලාංකිකයා තුලින් හිස්ටීරියාව සොයන්න​.

ජීවිතය මහාමාරිය වගේ ඒක දැක්කේ කැමූ විතරක් නෙවෙයි. මමත් දැක්කා. ගඳ ගහන විෂබීජ පතුරන ජීවිතයක් මේක. අපේ නෛසර්ගික හුදකලා බව විතරක් නොවෙයි ආත්මාර්තකාමීත්වයත් පෙන්නුම් කෙරෙනවා. ඔරාන් නගරයේ වාසීන් වගේම අපි හැමෝම මහාමාරියෙන් යටවෙලා. ඩොක්ට තිස්ස ඔරාන් නගරයේ දොස්තර බර්නා රිය වගේ මහාමාරියට බෙහෙත් කරනවා. ඒත් හැමතැනම මහාමාරිය පැතිරෙනවා. අපගේ අධ්‍යාත්මය ක්ෂය වී යනවා. සෑම තැනකම මීයන්. උන් ජීවිතවල කුණු සෑම දිශාවකටම ඇදගෙන යනවා.

*********************************************

මනස පදාර්ථයක් සේ වෙන් කල හැකිද ? අපි පදාර්ථය ගත්තොත් ඒ පාදාර්ථය කුඩා අංශු දක්වා කඩන්න පුළුවන්. අපි පරමාණුව දක්වා ඒ පදාර්ථය කැඩුවා. පරමාණු තව දුරටත් කැඩුවොත් හමුවෙනවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, මිසෝන අංශු ඒවා  තව දුරටත් කැඩුවොත් ලැබෙන්නේ තරංග. ඒ  හරහා විද්‍යාඥයෝ ඉදිරිපත් කළා ස්ටි‍්‍රං තියරි කියල මතයක්. මේ ස්ටි‍්‍රංස් තව දුරටත් විබණ්ඩනය කළොත් ලැබෙන්නේ මොනවද? ශක්තිය. ශක්තිය තවදුරටත් විශ්ලේෂණය කලොත් අපට ලැබෙන්නේ මොනවද? මේ විදිහට අනන්තය දක්වා අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා අවසානයේදී වෘත්තයක ගමන්කරන්නා ආරම්භ කරපු ලක්‍ෂයට එනවා වගේ අන්තිමට අපි එන්නේ එකම තැනට කියලා. මනසත් මෙසේ විබණ්ඩනය කළහොත් අවසනයෙ දි  වෘතයක ගමන් කළා වගේ අපි යලි එම ස්ථානයට ලඟා වෙනවද ?

මම මේ ගැන වාද කළා ඇමරිකන් ලෙක්චර කෙනෙක් එක්ක. රොබට් ගාඩිනර්, රොචෙස්ටර් යුනිවර්සිටි එකේ. හොඳ බුද්ධියක් තියෙන මිනිහෙක්. අයින්ස්ටයින්ගේ මල්ලි වගේ. රොබට් විශ්වාස කළා පැරලල් යුනිවර්ස් තියරි එක ගැන. ඩොක්ට තිස්ස දන්නවද පැරලල් යුනිවර්ස් එකේ කාලය යන්නේ ඉදිරියට නෙවෙයි පිටිපස්සට. හිතාගන්නත් අමාරුයි නේද? කාලය කොහොමද පස්සට යන්නේ. එතකොට අපි මහළු වෙනවා වෙනුවට තිරිහන් වෙනවා. එතකොට ඒකේ සීමාව මොකක්ද? සීමා රහිතව කාලය ගලාගෙන යනවද? මේවා මනස්ගාත වෙන්නත් පුළුවන් ප‍්‍රාතිහාර්ය වෙන්නත් පුළුවන්.

මට තේරෙන හැටියට හැම ප‍්‍රාතිහාර්යක් පසුපසම අහඹුව කියන සංසිද්ධිය තියෙනවා. ඒ නිසා ප‍්‍රාතිහාර්යයේ අගය අඩු වෙනවා. අහඹුවෙන් තොර සුපිරිසිදු ප‍්‍රාතිහාර්යයක් දැක්ක කෙනෙක් ඉන්නවානම් ඉදිරියට එන්න. අපි යන දිශාව සමහර විට අපිව නිෂ්පාදනය කරනවා නැත්නං විනාශ කරනවා. ගම්පෙරලිය බලන්න. දියුණුවෙන්න හිතාගෙන පියල් කොළඹ ගියා. මිනිහා දියුණු වුණා. ජිනදාස බිබිලෙට ගියා. එතනින් මිනිහා නැති වුණා. ජිනදාස කොළඹ පැත්තට ගියානං සමහර විට මිනිහා දියුණු වෙලා.දිශාව තමයි ඒ දෙන්නගේ දෛවය තීරණය කළේ.

තවත් උදාහරණයක්. කිසලොව්ස්කිගේ නියමය අනුව වයිටෙක් ගේ අනාගතය තීරණය වන්නේ ඔහු දුම්රිය අල්ලා ගැනීමට දුවන විට. එක්කෝ ඔහු භක්තිමත් කොමියුනිස්ට් සාමාජිකයෙක් වෙයි නැතහොත් ගුලර්ග්   ශ්‍රම කඳවුරකට ජීවිතය දිය කරයි නැතිනම් කිසිම වෙනසකින් තොරව ඔහුගේ ජීවිතය ගලා  යයි.

සමහරු කියයි දෛවය වෙනස් කරන්න බැහැ කියලා. ඒ ගැන කියන්න දන්නේ නැහැ. එකක් කියන්න පුළුවන් අපි හැමෝම සෙක්කුවල බැදලා ඉන්නේ. මේ ජීවිත සෙක්කුවලින් ගැළවිලා යන්න බැහැ. රක්ෂාව, විවාහ කියන සෙක්කුවලට අහු වෙච්ච මිනිස්සු ඒ සෙක්කුවලින් මිදෙන්න බැරුව එකතැන කැරකෙනවා. පැනලා යන්න බැහැ. සෙක්කුවේ බැඳලා වටේ කැරකෙන්නත් බැහැ. දුවන්නත් බැරි නිසා, පළා යන්න බැරි නිසා අපි ජීවිතය කියන සෙක්කු වටා කැරකෙනවා. ඒ අතරේ සමහරු අනුන්ගේ බෙලි කපලා හරි ඉදිරියට යනවා. හයිලැන්ඩර් චිත‍්‍රපටය වගේ. අවසානයට ඉතුරුවෙන්නේ එක් අයෙක්. එක්කෙනෙක් ඉතිරි වෙනකං බෙලි කපනවා. ඒ මතින් ගමනට ශක්තිය ග‍්‍රහණය කර ගන්නවා.  ඒ   නිසා දෑත බැඳලා කඩුවෙන් බෙල්ලට කොටනවා. There can be only one අපි ඔක්කොම හයිලැන්ඩර්ස්ලා.

*******************************************

ටෙනිසන්ගේ පද්ම භක්‍ෂකයෝ කවරහුද? පද්මයත් පුෂ්පයත් නටුවෙන් ගෙන අනුභව කළ හැක්කේ කාටද? ටෙනිසන් ව්‍යාංගයෙන් කියන්නේ කවුරුන් ගැනද? මගේ හිත ව්‍යාකූල වෙලා. මාර්ගෝ රැුජින ළඟ වාඩි වෙලා ඇයට තුර්ගේනිව්ගේ නවකථාවක් සඳ එළිය යටට වෙලා කියවන්න ලැබෙනවානම් ඊටත් වඩා දෙයක් නැහැ. මම සඳ එළියට බයයි. සඳරැස් දුවිලි  මතට වැටුණහම බ‍්‍රැම් ස්ට්‍රෝකර් කියනවා වෙම්පයස්ලා අවධි වෙනවලූ. ජොනතන් හාකර්ව බදා ගන්නට පැමිණි වෙම්පයර් කාන්තාවන් මගේ පස්සේනුත් එයිද? මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මගේ මනස පීකෝඞ් නෞකාව පදවන කපිතන් අහාබ් ගේ මනසට සමාන කරන්න පුලූවන්. ධවල තල්මසා සොයාගෙන මහා සාගරය දෙබෑ කරගෙන යන අහාබ්ගේ නෞකාව වගේ මගේ මනස තුළ සිතුවිලි ගමන් කරනවා.  මගේ මනස තෝන්තු වෙනවා. මගේ මනස ලෙඩ ඇති. මට මේවා පෙනෙන්න ඇත්තේ  එක නිසයි. . මුළු මාර්ගයම දුවිල්ලෙන්  වැහිලා ඇස් දනවා. නාසයෙන් සොටු දියර ගලනවා. ළඟ ඉන්න කිසිකෙනෙකු  පේන්නේ නැහැ. දුවිලි මූණේ ඇළිලා. දහවලත් අන්ධකාරයි. දහවලේ අඳුර වගේ. බුහාරින්ට වෙච්ච දේ මටත් වෙයිද? එත්  මට බයක් නැහැ. බය කියන හැඟීම දැනෙන්නේ නැහැ. උන්මට යකඩ පොළුවලින් තලනවා. මට වේදනාවක් නැහැ. මගේ ශරීරය මගේ නෙවෙයි. මගේ ශරීරය මට අයිති නැහැ.

මගේ හිසට වතුර බාල්දියක් හැලුවා. අත මිටමොලවලා මුහුණට පහර දෙක තුනක් ගැහුවා. මම නිහඬව හිටියා. ඊට පස්සේ මාව ඇදගෙන ගෙනිහින් මේසයක වාඩි කරවා මගේ අත් දෙක ඉදිරියට ඇදලා බැන්දා හෙල්ලෙන්න බැරි වෙන්න. ඒත් මම කිසිම දෙයක් කිව්වේ නැහැ.  අඟලක් තරම් මහතා පොල්ලකින් මගේ ඇඟිලි ඇට වලට ගැහුවා. මම ආධ්‍යාත්මය සමග බැඳී හිටියේ මම වේදනාව යටපත්කර ගත්තා.  වදකයාට  මහන්සි මට තලලා , ඔහුගේ මුහුණෙන් දහදිය බේරෙනවා. නමුත් මම ශාන්තව ඉන්නවා. මගේ නළලේ එක දහදිය බින්දුවක් නැහැ. මට හිතුනා වධකයා තමයි වදයට ලක් වෙන්නේ කියලා.

ඔබලාට පුළුවන් මට පහර දෙන්න. මගේ අතපය බැඳ දමන්න. මාව කුදලාගෙන ගිහිල්ලා  මගේ හිස හරහා විද්‍යුත් ධාරාවන් යවන්න. මගේ මුළු ශරීරයම අපස්මාරගැස්මකට ලක් කරන්න. මගේ දත් ගැටෙයි, සමහර විට දිව හැපෙයි , තුවාල වූ දිවෙන් ලේ  ගලයි. මගේ භින්නාවේගික සිතිවිලි තාවකාලිකව අඩපණ වෙයි. නමුත්අළු මතින් මා නැගිටිනවා.

*******************************************************************

ශාරීරික වදය ඉවසන්න පුළුවන්. නමුත්  ආධ්‍යාත්මික වදය දරා ගන්න බැහැ. කුසුමට දැනුනේ අධ්‍යාත්මික වේදනාවක් ද ? කුසුම් ගැන ඩොක්ට හිතන්නේ මොකක්ද? මම කිව්වේ කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි පොතේ එන කුසුම්. ජයලත් කුසුම්ගේ චරිතය ගොඩ නැගුවේ ඇඞ්ලින් හේවාවිතාරණගේ චරිතය අරගෙන. ඇඞ්ලින්, ආනන්ද ගොඩගේ ගේ රථයේ රෝදයට යට වුණා. කුසුම් ඞී.ආර්. ඕ.ගේ කීර්තියට යට වුණා. ඒ අයට වේදනාව දැණුනා. ශරීර තමන්ගේ අයිතියට ලක් කරගෙන හිටපු නිසා වේදනාව තදින් දැණුනා.අධ්‍යාත්මික වේදනාව වඩා ඉහල ඇති. ඔවුන් වේදනාවෙන් මුසපත් උනා.  සූමෝ ක‍්‍රීඩකයන් වගේ ශරීරය හා වේදනාව අතර තියෙන සහ බන්ධනය ඉවත් කරන්න  ඕනේ. එතකොට වේදනාව දරාගන්න පුළුවන්.

*****************************************************************

මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා මම නිවාඩුවකට බර්න්වලට ගියා. මට හමුඋනා දේශපාලන රැුකවරණ පතා සුවිට්සර්ලන්තයට ගිය දෙමළ තරුණයෙක්. මිනිහා කොටියෙක් වෙන්න ඇති. ඒත්  එයාගේ දේශපාලන දර්ශනය මට බලපෑවේ නැහැ. අපි බර්න්වල රෙස්ටෝරන්ට් එකක බියර් බිබී කතා කළා ජීවිතය ගැන. මනෝහාර් යුද්ධයට සල්ලි පොම්ප කරනවා. ඒ නිසා ඔහුත් යුද්ධයට සම්බන්ධයි. මම නියෝජනය කරන්නේ මහ ජාතිය. අපේ ජීවිත ගිනිකඳු වගේ. වරින්වර උතුරා යනවා. අවසානයේදී නිර්දෝෂි මිනිසුන් වන්දි ගෙවනවා. හරිකේන්, රූබන්, කාටර් වගේ නිවැරදි මිනිසුන් විඳවනවා.  මිනිහගේ නම සෙල්වරාජ් මනොහර්. ගම අරියාලේ. දැන් ඉන්නේ බර්න්වල. අසූතුනේ තමිල්නාඩුවට ඇවිල්ලා එතනින් ජර්මනියටත් පස්සේ සුවිස්ටර්ලන්තයටත් ආවා. අපි හැමදෙයක් ගැනම කථා කළා. යුද්දේ ඇර. අපිට උතුරේ යුද්ධය ගැන කථා කරන්න බැහැ. යුද්ධය  අපි දෙන්නටම තහනම් වචනයක් වෙලා. අපි දෙන්නගෙන්  කවුරුන්වත් තහනම් කලාපයට යන්නේ නැහැ. අපි බොස්නියාව ගැන කථා කරනවා, යාපනය ගැන කථා කරන්නේ නැහැ. නමුත් ඇස් වලින් අපි සත්‍ය කථා කරනවා. දෙදෙනාගේ ඇස් වලින්  තහනම් අඩවියේ අර්ටිලරි හඬ පැතිරෙන ජිවිත ගැන කථා කරනවා.  එතකොට අපේ අදහස් නයගරා ඇල්ල වගේ කඩා හැලෙනවා.

***********************************************

නිව් යෝර්ක් සිටි හි හාර්ලෙම් වල ගතවූ දිනය මට සිහියට එනවා. මම හිටියේ සබ්වේ ස්ටේෂමක් අසල. මනස්කාන්ත ලෙස ඇඳ පැළඳගෙන සිටි අප්‍රිකානු ඇමරිකානු ඒ කියන්නේ වාර්ගික තහනම් වචනය නිග්‍රෝ කෙල්ලෝ දෙන්නෙක් ඇවිදගෙන එනවා. ඔවුන් දෙදෙනා සිනාසෙමින් ශබ්ද නගා කතා කළා. කටහඬ තුල අසංවර බවක් මම දුටුවා. කටහඬවල් තුල මිනි කිංකිනි නාදයක් මට ඇසුනේ නැහැ. ඇසුනේ ගොරෝසු නාදයක්. නමුත් ඔවුන් ඉතා කාමුකයි. හදිසියේම ඔවුන් දෙදෙනා තවත් උස හඬින් වාද කළා. මට ඇසුනා අප්‍රිකානු ඇමරිකානු උරුවට කියන අසභ්‍ය වචන. වටේ සිටි කවුරුවත් මේ වාදයට අවධානය යොමු කලේ නැහැ. එක් අයෙකු හැර . ඔහු මහළු කළු ජාතික බේබද්දෙක්. ඔහු සබ්වේ ස්ටේෂම අසල බිත්තිය කොනේ වාඩිවී සිටියා. හදිසියේම කළු කෙල්ලන් දෙදෙනා පොරකන්නට පටන් ගත්තා. රණ්ඩුව නවත්වන්න කවුරුත් නැහැ. දෙදෙනා දෙදෙනාට පහර දී ගන්නවා. ඔවුන් පැළඳ සිටි විශාල කරාඹු ඒ මේ අත වැනෙනවා. අතපය විසිවෙනවා. එකියක් අනෙක් කෙල්ලගේ බ්ලවුස්  එක ඉරුවා. ඒ කෙල්ලගේ දුඹුරු පැහැති ප්‍රාණවත් විශාල පියයුරු එළියේ. ඒ කෙල්ල යෙහෙළියගේ කහ පාට ටී ෂර්ට් එක ඉරුවා. දැන් දෙවෙනි කෙල්ලගේත් දුඹුරු පියයුරු එළියේ.

දෙදෙනා එක පොදියට පොරකනවා. මහළු බේබද්දා මේ දර්ශනය දෙස අසාවෙන් බලා සිටිනවා. වෙන කිසි කෙනෙකු අවධානය යොමු කරන්නේ නැහැ. කෙල්ලන් දෙදෙනා කෝපයෙන්, රාගයෙන් පොරකනවා කියලයි මට හිතුනේ. හදිසියේම පොලිස් සයිරන්  හඬක් ඇසුනා. හරියට හද කිලිපොලාගෙන අභ්‍යන්තරය බිඳ වැටෙනවා වගේ  හඬක්. පොරකකා හිටපු කෙල්ලන් දෙදෙනා රණ්ඩුව නැවත්තුවා. ඉරුණු ඇඳුම් එකලාසයක් කරගත්තා. දෙන්න එකට කථා කරගෙන හිටියා වගේ සබ්වේ එක ඇතුලට දිව ගිය. මොහොතකින් ඔවුන් නොපෙනී ගියේ පාවෙලා යන වලාවක් වගේ. මහළු කළු ජාතික බේබද්දා තම දුඹුරු පැහැති දත් පෙන්නමින් සිනහවෙනවා. මේ දර්ශනය ඔහුට ගොඩක් වේලාවක් මතකයේ තියේවි.

******************************************************

මම දැක්කා මනමේ කුමරිය. ඇය හරියට   ප්රින්සස් ලියා වගේ ඔව් Leia Amidala Skywalker  කුමරිය වගේ. මගේ ඇස් මට බොරු කලේ නැහැ. ඇය කිව්වා  “නැත අන් සරණා ඔබ හැර මෙමටා-     වනයේ විසුමා වෙන්නේ සැමදා වග වලසුන්ගේ උවදුරු වලකා රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා ” . මනමේ කුමරා ලේ පෙරාගෙන ඇද වැටිලා. හරියට හි පහර කාගෙන  ඇද වැටුන පැරිස් කුමාරයා වගේ. ඔහුගේ උදරයෙන් ලේ ගලනවා. හුස්ම ගන්නේ අමාරුවෙන්. මට පසුබිමෙන් ඇසුනා බොන් ජෝවිගේ කටහඬ.ඔහු කිව්වා  This Romeo is bleeding, but you can’t see hisblood මුළු ගීතයම වාදනය උණා. රඟහල තවමත් අඩ අඳුරේ. මම දකින්නේ මනමේ කුමරු , මනමේ කුමරිය සහ වැදි රජා විතරයි. ජෝන් බොන් ජෝවිගේ Romeo Is Bleeding මට නොකඩවා ඇසුනා. ඇත්තටම මනමේ  නාට්යේ මනමේ කුමරා මැරෙන අවස්ථාවට ඒ ගීතය වාදනය උනා නම් කියල මට හිතුනා. කොපමණ අලංකාර ඔපෙරාවක් වෙයිද ?  ඩොක්ටර් සරත්චන්ද්ර ඒක ඇසුවානම් අනිවාර්යෙන්ම එකග වෙනවා එම මනමේ කුමරා මැරෙන  අවස්ථාවට බොන් ජෝවිගේ ගීතය වාදනය කිරීමට. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න….

ගීතය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. මනමේ කුමරා මිය ගොසින්. යලිත් නිහඬතාවය සහ අඩ අඳුර.  මනමේ කුමරිය කියනවා “මනමේ රජු ඔබ – ගෙල සිඳ ලන්ටා කඩුව ඉල්ලු සඳ – ඔහු වලකන්ටා කළ තැත දුටුවද- ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ – අතටම දෙන්ටා ” ඔපෙරාව අවසානයක් නැතිව ඇදෙනවා. හරියට ඒකාකාරී ජිවිතයක් වගේ.

 

ඒකාකාරී ජීවිතය මම දැක්කා අප්‍රිකාවේදී. අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට්  අර්ධ නාගරික ජීවිතය. මිනිසුන් යනවා රන් හාරන්න ගඟ නිම්න වලට හිමිදිරි උදයේ.  උදළු  තල සිය ගනනක් පොලව මත වදිනවා, පස් හාරනවා, හාරපු පස් කුඩා වලට දානවා, ගං තෙරට ගෙනෙහින් වේවැල් පස් කුඩ වතුරින් මිශ්‍ර කරන ගමන් පස් කැට සෝදා යවනවා. මෙහෙම දිගින් දිගටම කරලා අන්තිමට පස් හේදිලා ගියාම කුඩයේ පතුලේ ඇහැට පෙනෙන නොපෙනෙන රන් කැට  සොච්මක්  තියනවා. ඒ වෙන කොට හිරු බැස ගිහිල්ල අඳුර උදාවේගෙන එනවා. හැමෝටම රන් කැට ලැබිල නැහැ, බොහෝ දෙනෙක් අපහු නවාතැන්පොළට යන්නේ හිස් අතින්. රන් ලැබුණු වාසනාවන්තයෝ ඉක්මනට ඇඟපත හෝදගෙන , ඇඳුමක් ඇඳගෙන  ගරාවැටුණු පොඩි  ටවුමට යනවා.

ටවුමේ ලෑලි කඩයක් තියනවා මේ මිනිසුන් ගෙන රන් කෑලි කුණු කොල්ලයට. මුළු දවසක ශ්‍රමයට ගෙවනවා. Cedi පහක් , දහයක් විතර. මුදල් නෝට්ටු අතේ ගුලිකරගන්නා මේ මිනිස්සු  යනවා ළඟ තියන බාර් එකට. එකත් කිළුටු ගුහාවක්. කැඩීගිය  වේවැල් පුටු අබලන් මේස තියන ගෝෂාකාරී තැනක්. ලාබ රම් , පාම් වයින් , උක්ගස් වලින් පෙරන Akpeteshie  පානය. මේ වගේ ලාභ බිමක් ඇනවුම් කරනවා. කුඩාවට කපල තම්බපු  එළුමස් එක්ක බෝංචි පිගනකුත් ලැබෙනවා. ඒක කන ගමන්  මධ්‍යසරයත්  ගන්නවා.  බාර් එකේ පරණ කැසට් රේඩියෝවකින් අයිජිබේ එඩේම් ගේ වේග රිද්ම ගීයක් ඇහෙනවා. මිනිසුන්ගේ කතා බහ , ගෝසාව, බාර් එකේ වැඩ කරන කිළුටු ගවුම් ඇඳගත් නාවර පෙරාගෙන සිටින වෙටර්වරියන් දෙදෙනා පිගන් අතින් ගෙන අමුත්තන්ට සංග්‍රහ කරනවා.

බාර් එකේ කවුන්ටරේ සිටින මදි වියේ මිනිසා සුරුට්ටුවක් උරණ ගමන් රම් කෝප්ප වලට වත්  කරනවා. ඔහුගේ ශක්තිමත් කාලවර්ණ අත් , සුදු පැහැති දත් , විශාල රතු පැහැ  තොල් ,අමිත්රශීලි දෙනෙත්  සුරුට්ටු දුමාරය අතරින් දැක ගන්න පුළුවන්.  බාගෙට මත්  වූ අමුත්තන් දැන් උස හඬින් වාද කර ගන්නවා. තම තමන්ගේ පම්පෝරි කියවනවා. රන් හාරන මිනිසුන් තමන්ගේ වසනා  චක්‍රය ගැන කථා කරනවා. මේ වෙලාවේ බාර් එකට එනවා මුනේ පවුඩර් උලාගෙන ලිප්ස්ටික් ගාගෙන කළු පාට කලාව යුග්ම පේන්න කොටට ඇඳපු කෙල්ලන් රංචුවක්. මේ කෙල්ලෝ ඉස්කෝලේ යන වයසේ කියන්න පුළුවන්. සමහරුන්ගේ පියයුරුවත් හරියට මෝරලා නැහැ. නමුත් ඔවුන් සියලුදෙනා ගණිකාවන්. රන් හාරන මිනිසුන්ගෙන් යැපෙන , ඇඟ විකුණලා මල්ලිලාට නංගිලාට කෑම වේල හොයල දෙන්න , දවසපුර බීගෙන ඉන්න පියා මුදල් නොදී පහර දී එළවා දමපු අම්ම ගෙදර නඩත්තුවට මුදල් හොයන්නේ  කොහොමද කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට දුව බාර් ඒක පැත්තේ ගිහිල්ලා මුදලක් හොයාගෙන ඇවිල්ල අම්මට දෙනවා.

 

කෙල්ලෝ ටික බාර් එකට ගොඩ වෙනකොට මිනිසුන්ගේ ගෝෂාව අඩු වෙලා ඔක්කොම එකපාරටම කෙල්ලෝ දිහා බලනවා. ටික වෙලාවකින් කෙල්ලන් වේග  සංගීත රිද්මයට   නටන්න පටන් ගන්නවා. ඔවුන් නටන්නේ අප්‍රිකානු රිද්මයට. උකුල, ලැම සොළවලා මිනිසුන්ගේ සිත් කුපිත වෙන ආකාරයට. ආහාරයෙන් , මදුවිතෙන් සප්පායම් වෙලා හිටපු මිනිසුන් දැන් කෙල්ලන්ගේ නැටුමට එකතු වෙනවා. මොහොතකින්  කිලිටි පතුරු ගිය සිමෙන්ති පොලව කම්පනය කරමින් ගැහැණු මිනිස්සු ඒක පොදියේ  නටනවා. රම් , පාම් වයින්, බියර් ගලාගෙන යනවා. රාත්‍රිය  තවමත් තරුණයි.

නැටුම , රිද්මය, ශරීර සෙලවීම්, මදුවිත, මධ්‍යම  රාත්‍රිය තෙක් ඇදී යනවා.  මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම අමුත්හන් ටිකින් ටික බාර් එකෙන් යනවා. සමහරු යන්නේ වැනි වැනි උස් හඬින් කාට හෝ බනිමින්. මුදල් අතේ ඇත්තෝ රැය ගත කරන්න මුදලක් ගෙවා මේ ලාබාල ගණිකාවක් අරගෙන ලී වලින් හදල තියන කාමර පේලියෙන් එකකට යනවා. මේ කාමරත් අයිති බාර් එකේ කවුන්ටරේ ඉන්න මැදි වියේ ශක්තිමත් මිනිසාට. ඔහුගේ නම ආරු. ඔහු අකාන්  ගෝත්‍රිකයෙක්.  ආරුගේ මුහුණේ පැරණි  කැපුම් තුවාල දැකගන්න පුළුවන්. ඔහු යකඩයක් වගේ ශක්තිමත්.

රන් හාරන මිනිසුන් ඔහුගේ අතට නෝට්ටු කොළ මිටමොලාවලා   ගණිකාවකුත් එක්ක  එක්ක ලෑලි කාමරයකට යනවා. කාමරයේ ඇඳන් තනා ඇත්තේ බුබින්ගා ලීයෙන්. මෙට්ට කහ ගැහිලා . සමහර කාමර වල විතරයි මදුරු දැලක් හෝ තියෙන්නේ. මිනිසුන්ට දැන් ඒ පහසුකම් ඕන නැහැ. ගණිකාව සමග ලෑලි කාමරයට වැදෙන ඔවුන් ඉක්මනට දොර පාළුව වසා ගෙන සහකරියත් සමග කිලිටි ඇඳේ  වැතිරෙනවා. රති ක්‍රීඩාව පැය ගණනක් පුරා යනවා. දරදඬු මිනිසුන්ගේ ප්‍රචණ්ඩ ලිංගික ඉරියව් නිසා ඇතිවන වේදනාවට සමහර කෙල්ලන් කෑ මොර දෙනවා, සමහරු දොරවල ඇරගෙන හෙළුවෙන්ම පැනල දුවනවා. ඒ දුවනකොට පර පිඩක මිනිස්සු කෙල්ලන් පස්සෙන් දුවලා ගිහින් ඔවුන්ට පහර දී යලි කාමරයට ඇදගෙන එනවා. සමහරුන්ව කකුල් කෙටියෙන් බිම දිගේ ඇදගෙන එන හැටි බලන්න ගුජුප්සාජනකයි.  පහර දීම නිසා තොල් පැලුණු , බිම වැටීම නිසා හිස ගල් මුල් වල ඇනුණු , නිරුවත් පිට බොරළු පොලවේ ඇදගෙන එම නිසා පිට හම ගිය කෙල්ලන් වේදනාවෙන් සාප කරනවා. මිනිසුන් කුණුහරප දෙසාබාන ගමන් යලි තම ගොදුර ඩැහැගෙන එන්නේ මුහුණේ වියරු හිනාවකින්. යලි කාමරයට තල්ලු කරන කෙල්ලන් දැන් නිහඬවම අවනත වෙනවා. තම ගැනුම්කරුවා සමග සටන් කරන්න ඇයට ශක්තියක් නැහැ. ඇය මළ මිනියක් ලෙස වැතිර සිටින අතර මිනිසා තමාට කැමති කැමති ඉරියව් වලින් තෘප්තිය ලබනවා. අවසානයේදී ඔහුත් මහන්සියට පත් වෙලා. ඇයගේ ශරීරය මත කපා හෙළුව ගසක් වගේ නිදාගන්නවා. තරුණියට නින්ද යන්නේ නැහැ . ඇයගේ මුළු ශරීරයම වණයක් සේ රිදුම් දෙනවා. පහරකෑම් නිසා තැලී ගිය තොල්පොට, දත් පහර වැදී  තුවාල වූ පියයුරු, සමහරුන්ගේ ගුද මාර්ගයෙන් ලේ පවා වහනය වෙනවා. ඔවුන් හුස්ම ගන්නේ පවා  වේදනාවෙන්.

කුකුළා හඬලන හිමිදිරියේ මිනිසුන් කලබලයෙන් නැගිටිනවා. ඉක්මනට කලිසන් කෙටි ඇඳගෙන ලෑස්තිවෙනවා යලි රන් හැරීමට යාමට.  සහකාරියට කරුණාවෙන් යමක් පවා නොකියා ඔවුන් ලෑලි කාමර වලින් යන්නේ.  සමහර විට සාක්කුවේ තිබු මුදලක් නැතිවෙලා කියල යලි ගැහැණියට පහර දෙන මිනිසුනුත් ඉන්නවා. මුහුණවත්  නොසෝදා ඔවුන් යන්නේ ගංගා නිම්නය වෙත දවසේ වාසනාව උරගා බලන්න. මිනිසුන් පිටවුනු ගමන් කෙල්ලන් තමන් සන්තකයේ තියන ඇඳුම කුඩුම ඇඳගෙන ගෙවල් බලා යනවා. ඔවුන්ගේ අතේ එදා වෙලා හොයාගන්න මුදලක් තියනවා. සමහරු ඇවිදින්නේ අමාරුවෙන්. ශරීර වේදනාව නිසා ඔවුන් කරන්නේ  ට්වාසා කොළ තම්බලා බී මුළු දහවලම   නිදාගන්න එක.  මේ අතර මිනිසුන් පොලව සමග හැපෙනවා  රන් හොයන්න. හවස් වෙනකොට යලි කුඩා රන්  කෑලි ස්වල්පයක් සොයාගෙන. ඒවා අරගෙන යලි එනවා ලෑලි  කඩයට. රන් කෑලි විකුණා ලැබෙන මුදලින් නැවත යනවා බාර් එකට. දවල් වරුව පුරා ගිමන් හැරි කෙල්ලන් යලි ඇඳ පැළඳගෙන තොල් වල ලිප්ස්ටික් උලාගෙන ලෑස්තිවෙනවා ගැනුම්කරයෙක් සොයාගන්නට  බාර් එකට යාමට. යලිත් සිදුවන්නේ පෙරදා  රාත්‍රියේ සිදුවූ දේමයි. මේක චක්‍රයක් වගේ. මිනිසුන්ගේ ජිවිත ගලා යන්නේ ඒකාකාරව. ඉඳහිට ඒකාකාරී රටාව බිඳවැටෙනවා , එක්කෝ වනයේදි සර්පයෙක් කලා, මැලේරියාව හැදිලා මිනිසුන් මිය යනවා. එහෙමත් නැත්නම්  ඒඩ්ස් හැදිලා. ඒඩ්ස් හැදිලා කියල දැනගන්නේ රෝගය උඩු දුවලා අන්තිම සොහොන් ලක්ෂණ ආවම. ඒවගේ වෙනසක් උනේ නැතිනම් එකම ආකාරයට මේ මිනිසුන්ගේ ජිවිත ගලාගෙන යන්නේ. ඔවුන්ගේ ආධ්‍යාත්මය අවදි වෙලා නැහැ.

 

මට ආධ්‍යාත්මික සැපත කෙරෙහි යොමු වීමට හිතුනා. මගේ  ආධ්‍යාත්මය  අවධි කරන්න මම තැත් කළා. මම කාමයන්ගෙන් වෙන් වන්න තීරණය කලා. මේ සත්‍ය මට වැටහුනේ ගොඩක් කාලයකට පස්සේ.  ඩොක්ට දන්නවද සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගියේ නළඟනන්ගේ විකාර දැකලා කියලා. මේ විකාර මොකක්ද? නළඟනන්ගේ අව්‍යක්ථ කාම ක‍්‍රීඩා මේවා දැකලා සිදුහත් කුමාරයා තේරුම් ගත්තා ගිහි ජීවිතය නිසරු බව.  ඒ නිසා සත්‍ය ගවේෂණය කරන්න ගිහිගෙය හැර ගියා. කෝලිත උපතිස්ස දෙමිතුරන්ට ගිහි ජීවිතය එපා වුණේ ගිරග්ග සමජ්ජ කියන කාම නාට්‍යය බලලා. පුරාණ ඉන්දියාවේ ගිරග්ග සමජ්ජ වැනි කාම සැණකෙළි තිබුණා. මේ සැනකෙළි බ‍්‍රසීල්වල කානිවල් , උතුරු ඇමරිකාවේ කැරිබානා  වගේ ෆෙස්ටිවල්වලට වඩා ඇඞ්වාන්ස්. ලිංගික හැසිරීම උපරිම විදිහට මෙම සැණකෙලිවල සිද්ධවුණා. ගෘප් සෙක්ස් ,  බීස්ටිලිටි වගේ.   බීස්ටිලිටි වලට  කියන සිංහල නම මම දන්නේ නැහැ. ඩොක්ට දන්නවනම් කියන්න. මම හිතන්නේ සතුන් සමඟ රමණයේ යෙදීම වෙන්න ඇති. මෙහෙම කාමය උපරිම අන්දමෙන් භුක්ති විඳින කොට කාම ක‍්‍රීඩා එපා වෙනවා. ශරීරයේ නිසරුබව වැටහෙනවා. එතකොට මිනිස්සුන්ට තමන්ගේ ආධ්‍යාත්මික සැපත ගැන උනන්දුවක් ඇති වෙනවා.

ආධ්‍යාත්මික සැපය වින්දනය කරන කොට ශරීරය සම්බන්ධ කරගෙන සිදු කරන කාමුක ක‍්‍රියා අපූල වෙනවා. වඩ වඩාත් ආධාත්මික පැත්තට මිනිහා ඇදී යනවා. එතකොට ලිංගික හැසිරීම්වල යථා ස්වාභාවය මිනිහා තේරුම් අරගෙන. ඒ පිළිබඳව කැමැත්තක් උනන්දුවක් නැහැ. තවත් කෙනෙක් ලිංගික කටයුතුවල නිරතවීම දකින්නේ සුනඛයෙක් අසූචි කනකොට අපට දැනෙන හැගීම වගේ. සුනඛයාට අසූචි හකුරු වගේ. ඌ තලූ මර මර අසූචි කනවා. එතකොට අපට පිළිකුල එක්ක ඔක්කාරයක් එනවා. උසස් ආධ්‍යාත්මික තත්වයක් ලබාගත්ත කෙනෙකුට ලිංගික හැසිරීම්වල යෙදීම ලාමක වින්දනයක් බව තේරෙනවා. එත්  මිනිහා ලිංගික කුහකයෙක් නොවෙයි. බොරු සුචරිතවාදියෝ නෙවෙයි.  තමාගේ  ලිංගික හීනමානය අඩු කර ගන්නේ සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරල  අනෙක්  පුද්ගලයාගේ සදාචාරය මිනිතයට ලක් කරලා ,  විනිශ්චයන් දීලා.  මේ බොරු සුචරිතවදියා  ගෑනියෙකුගේ අඩනිරුවත  දැක්කොත්  කළබල වෙනවා. මොකද තමාගේ අභ්‍යන්තරයේ සැඟවිලා ඉන්න වල්, අශිෂ්ට කාමුකයා අවදි වෙනවා. ඒක  බාහිර සමාජය දැනගනීයි කියලා ඔහු බයයි. ඒ නිසා අර අඩ නිරුවත් ගැහැණිය  විවේචනය කරනවා. ඇයට සංස්කෘතිය, සදාචාරය උගන්වන්න එහෙමත් නැත්නම් ගල්ගසා මරාදමන්න  ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා.

එත්  ලිංගික වශයෙන් සංතෘප්ත වූ පුද්ගලයා නිසලයි. ඔහු ඉන්නේ ලිංගික අත්දැකීම්වල ඉහළම තලයේ . ඒ මට්ටමේ දී   ඔහුගේ ඉදුරන් පරයා ආධ්‍යාත්මය අවදි වෙනවා. ඔහු දැන් ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්වයකට ඇවිල්ලා. පියයුරක්, යෝනියක් දැක්කාට ඔහු කළබල වෙන්නේ නැහැ. බාහිර වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියන්ද සන්සුන්. බලන්න පටාචාරාවගේ නිරුවත දැකලා බුදුන් වහන්සේ කළබල වුණාද? කලබල වුණේ වටේ හිටිය උපාසක උපාසිකවෝ. සමහරු ගල් ගැහුවා. මෙහෙට එන්න දෙන්න එපා කිවුවා. ඒ  මොකද එම පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ සැගවිලා හිටපු අශිෂ්ටයා අවදි වෙච්ච නිසා. එත්  ඉන්ද්‍රීය දමනය තිබූ ඇත්තන් පටාචාරාවගේ මානසික කැළඹීම තේරුම් ගත්තා. ඇයට අනුකම්පා කළා.  පටාචාරාවගේ නිරුවත ලිංගික නිමිත්තක් හැටියට දැක්කේ නැහැ. මම හිතන්නේ තන්ත‍්‍රයාන භික්ෂූන් ලිංගිකත්වය තේරුම් ගත්තේ මේ ආකාරයට. එත්  වික්ටෝරියානු සදාචාරය නිසා අපේ මිනිසුන් දැක්කේ ලිංගිකත්වය පාපයක් හැටියටයි. ඔවුන්ට ආධ්‍යත්මය මග හැරුණා.

     (මානසික රෝගියාගේ පරිකල්පනය )

Posted by Trans Sylvania at 11:49 AM  

Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest

18
දෙසැ.
17

ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ 2009 වසරේ ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි

පහත දැක්වෙන්නේ 2009 වසරේ ලොකු අතුල විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි – උපුටා ගැනීම වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි

ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ

මහ නඩුවේ හයවන විත්තිකරු වූ ලොකු අතුල පශ්චාත් කැරලි සමයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ බව නොරහසකි. ලොකු අතුල හෙවත් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය අතුල නිමලසිරි ජයසිංහ මහතා මට මුණගැසුණේ ලෝහෝර් ආර්යා ගොඩනැගිල්ලේ තෙවන මහලේ පිහිටි ඔහුගේ කාර්යාලයේදීය. තමා හමුවීමට පැමිණෙන පුද්ගලයන්ට පෙන්වන ආචාරශීලීභාවය හා මිත්‍රශීලී කථාකිරීම මම ඔහු තුළින් දුටුවෙමි. හිස උදුම්මවාගත් රජයේ උසස් නිලධාරින්ට අතුල නිමලසිරි ජයසිංහ මහතා අනගි ආදර්ශයක් වනු නියතය. 1971 පිළිබඳ පුරාවෘතය ඔහු ඇරඹියේ මෙසේය.

මම මෙම ව්‍යාපාරයට සම්බන්ධ උනේ 1964 පියතිලක හරහා. මමත් පියතිලකත් ස්ටැෆඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෝ. මට අවශ්‍යව තිබුණා එකල ජනතාවට සමෘධීය උදාකර දිය හැකි දේශපාලන ක්‍රමයක් සමඟ වැඩ කිරීමට. යළි පරාක්‍රමබාහු යුගයක් ඇති කළ හැකි, දිළිඳුකම පිටුදැකිය හැකි ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය එකල අපට තදින්ම තිබුණා.
මෙවැනි ජනතා ව්‍යාපාරයක් තිඛෙනවා යන්න මට පියතිලකගෙන් අසන්නට ලැබුණා. ඒ නිසා මම කැමැත්ත දැක්වූවා එම ව්‍යාපාරය බැඳීමට. මුලින්ම විෙජ්වීර හමු උනේ ෆොන්සේකා කියන පුද්ගලයාගේ පියාගේ මළ ගෙදරදී. ඔහු ආකර්ශණීීය විධියට කථා කළා. ඔහු තුළ හොඳ කථීකත්වය, ස්මරණ ශක්තිය තිබුණා. මුල් කාලයේ කැපවීම ඉතා ඉහළයි. ඒත් පසුව අලස ස්වභාවයක් දකින්නට ලැබුණා.

මම මුල්කාලයේදී විෙජ්වීරට ආකර්ශණය උනත් ටික කලක් යනකොට මට පෙනී ගියා ඔහු තුළ තිබුණු දුර්ගුණ. මම දුටුවා ආත්මාර්ථකාමී, බලලෝභී, බියසුළු, හීනමාන චරිතයක් ඔහු තුළින්. ඔහු මානසිකව නරුමකාර චරිතයක්. මෙහි ඉහළම ප්‍රදර්ශනය දැකිය හැකි උනේ 88/89 කාලයේදී වරක් විෙජ්වීර කිව්වා zzඅම්මා කියන්නේ මට හැතිරියක්ZZ කියලා. මට තේරුම් ගියා විෙජ්වීර තම මව කෙරෙහි යම් වෛරයක්, අකමැත්තක් දක්වන බව.

මම මට පැවරූ වැඩ හොඳින් කළා. මුලින්ම දිස්ත්‍රික්ක 6ක් එනම් කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කොළඹ නුවර පාර මට අයත් උනා. මම සංවිධාන කටයුතු පන්ති පැවැත්වීම සිදු කළා. 1970 විතර මට කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල සංවිධාන හා සන්නද්ධ කටයුතු භාර කෙරුණා.

ව්‍යාපාරයේ මුලින්ම ඛෙදීම් හා ඝට්ටන ඇතිවුණේ විෙජ්වීරගේ ක්‍රියාකලාපය හා ඊර්ෂ්‍යාව මත. ඔහු දක්ෂයන් දුටුවේ තර්ජනයක් ලෙසටයි. ඒ නිසා මුල් කාලයේදීම නිහාල් ඩයස් පානදුරේ කණ්ඩායම කියලා කපා දැමුවා. ඔහු ප්‍රශ්න අසනවාට කැමති නැහැ. දැනුම හා අත්දැකීම් අඩු ඔහු කියන දේ දේවභාෂිතයෙන් වගේ පිළිගන්නා අන්ධ බැතිමතුන්ට කැමතියි මේ හේතුව නිසා ධර්මසේකර, රෙජිනෝල්ඩ් කුරේ වගේ ක්‍රියාකාරීන් කපා දැම්මා. ඊට අමතරව මට, බෝල සමරේට, සරත් විෙජ්සිංහට, සනත් බොරළුකැටියට එහෙමත් යටින් කැපිලි දැම්මා. ඔහු තුළ තිබුණේ නොවිසඳුනු සැක. විෙජ්වීර සැකය කේන්ද්‍ර කොට ජීවත්වූ
පුද්ගලයෙක්. මමයි, සනත් බොරළුකැටියයි, ඉනකම්ටැක්ස් කරුයි එක කල්ලියක් කියලා චෝදනා කළා.

සනත් බොරළුකැටිය තැන්පත්, බුද්ධිමත් සමබර චරිතයක්. ප්‍රහාරයේදී ඔහු මළා. සනත් තුළ දක්ෂතා තිබුණා. මේ හේතු නිසා අපි සනත්ගේ කල්ලියේ මිනිස්සු ලෙසටයි විෙජ්වීර සැලකුවේ. අප්‍රේල් 5 වෙනිදා පහරදීම ගැන සංඝාරාමයේ තීරණය ගන්නා විට නායකයන් නවදෙනෙක් හිටියා. නව දෙනාගෙන් හයක් ප්‍රහාරයට පක්ෂව කථාකළා. ඒ අය නම් උයන්ගොඩ, සුනන්ද දේශප්‍රිය, පියතිලක, සුසිල් වික්‍රම, අනුර කුරුකුලසූරිය හා ලයනල් බෝපගේ.

මමයි, ඉන්කම්ටැක්ස් කරුයි, සනත් බොරළුකැටියයි ප්‍රහාරය අප්‍රේල් 5 වෙනිදා කරනවට විරුද්ධ උනා. අපි කිව්වා මේ ඒකට කාලය නොවෙයි කියලා. තව ටික කලක් ඉවසමු කිව්වා. ඒත් වැඩි දෙනෙක් ප්‍රහාරයට පක්ෂ වූ නිසා අප්‍රේල් 5 දා ප්‍රහාරය සිදුකරන්න ගිවිස ගත්තා.

ඒත් මට පසුකාලයක ආරංචි උනා නයනානන්ද විෙජ්කුලතිලක පුවත්පතකට ලියපු ලිපියකින් අප්‍රේල් 5 දා පහරදීමට පියතිලක ප්‍රමුඛ පිරිස ප්‍රහාරය ගැන තීරණයක් අරගන, එදා සංඝාරාමයේදී නිකං අපිටත් කිව්වා කියන විදිහට රැස්වීමක් තියලා තීරණයක් ගත්බව අඟවලා. (මේ පිළිබඳව මම නයනානන්ද විෙජ්කුලතිලක 23/2/09 දින හමුවී විමසුවෙමි. එවැනි ප්‍රකාශයක් තමා පුවත්පතට කළ බව නයනානන්ද ප්‍රතික්ෂේප කළේය. කත_ෘ) කොහොම නමුත් ප්‍රහාරය අප්‍රේල් 5 දින සිදුකිරීමට අපි තීරණය කළා.

1971 අප්‍රේල් 5 දා මම හිටියේ කෑගල්ල බලපත්තාවේ. අපි ප්‍රහාරයට යනවිට ගල්ගමුවේදී පොලිස් කණ්ඩායමක් සමඟ ගැටුණා. කෑගල්ලේ අපිත් එක්ක සරත් විෙජ්සිංහ, වසන්ත දිසානායක එහෙමත් හිටියා. සරත් විෙජ්සිංහට අත්වැරදීමකින් වෙඩිවැදිලා මරණයට පත් උනා. ඒ සිද්ධිය උනේ මෙහෙමයි. ආයුධ පුහුණුව ඊ.සී.පී සෙනෙවිරත්න කියන හිටපු ස්වේච්ඡා හමුදා නිලධාරියා කළා. පුහුණුව ලබන හැමෝටම නියම කළා ජීව උණ්ඩ තුවක්කුවලින් ඉවත් කරන්න කියලා. එක් අයකුට උණ්ඩය ඉවත් කරන්න අමතක වෙලා ඒ වෙඩිල්ල හදිස්සියේම පත්තු උනා. ඒක අසල හිටපු සරත් විෙජ්සිංහට වැදුනා.

වෙඩිපහර වැදිලා තිබ්බේ සරත් විෙජ්සිංහගේ කණ අසලට. සරත් ඒ මොහොතේම මැරිලා තියෙනවා. මම ඒ වෙනකොට හිටියේ බලපත්තාවේ. සරත්ගේ මරණය ආරංචිවෙලා මම ගිහිල්ලා පරීක්ෂණයක් තිබ්බා. සරත්ට වෙඩි වදිනකොට සරත්ගේ මල්ලිලා දෙන්නා වන ජස්ටින් හා ඥානතිලක ළඟ හිටියා.. ඒ අයත් මට කිව්වෙ මේක අත්වැරැද්දකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. සරත්ව ගැටියමුල්ල ඉස්කෝලේ පිටියේ වැළලූවා. පස්සේ හමුදාවෙන් මිනිය ගොඩ අරගන පරීක්ෂණයක් පවත්වලා තියෙනවා.

කැරැල්ල අසාර්ථක වූ නිසා අපි තීරණය කළා පසුබසින්න. අපි විල්පත්තුවට පසුබසින්න පටන් ගත්තා. අපේ පිරිස දිනපතා අඩු වෙනවා. එක්කෝ අත්හැරලා යනවා. නැත්නම් වෙඩි වලට ගොදුරු වෙනවා. අපි ඉඟිනිමිටිය ප්‍රදේශයට යන විට ඉතිරි උනේ 45 විතර සුළු සංඛ්‍යාවක්. ඉඟිනිමිටියේ දී හමුදාව අපට වෙඩි තිබ්බා. අපිත් වෙඩි තිබ්බා. කැරලිකරුවන්ගේ වෙඩි පහරකට හමුදා නිලධාරියෙක් මිය ගියා. මගේ කකුලටත් වෙඩි වැදුනා. මාත් එක්ක පොඩි දිසා (වසන්ත දිසානායක) ඇතුළු 16 දෙනෙක් අත්අඩංගුවට පත් උනා.

මාව අත්අඩංගුවට අරගන සෙබලෙක් ක‍ඔඊ බස් එකක සීට් එකකට තියලා බැඳගන ඇඟ උඩ නැඟගෙන ගැහුවා. පස්සේ නිලධාරියෝ ඇවිල්ලා පහරදීම නැවැත්තුවා. අපව ගල්ගමුව හමුදා කඳවුරට ගෙනගියා. ඒ අය අපට හිරිහැර කළේ නැහැ. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත්ත ගෑණු ළමයි 3 දෙනෙක් විතර හිටියා. ඒ අයට කිසිත් හිරිහැරයක්, අතවරයක් කළේ නැහැ.

මාව රහස් පොලිස් මූලස්ථානයට ගෙන යනකොට මගේ වෙඩි වැදිච්ච කකුළ ඛෙර කොටයක් වගේ ඉදිමිලා. සීඅයිඩී එකේ නිලධාරින් හිතුවේ කකුළ කපන්න වෙයි කියලා. ඉයන් වික්‍රමනායක මගෙන් ප්‍රශ්න කළා වහාම මට ප්‍රතිකාර ලබාදෙන්න කියලා. මහ ඉස්පිරිතාලයට යැව්වා. රෝහලේදී මට ප්‍රතිකාර කළේ තරුණ වෛද්‍යවරයෙක්. ඒ ප්‍රතිකාර නිසා මගේ කකුළ සුව උනා.

මේ වෙනකොට කැරැල්ලේ නායකයෝ ඔක්කොම වගේ අත්අඩංගුවේ. ඒ අය අපව පාවලා කටඋත්තර පවා දීලා. මාව අසු උනේ සටනක දී. සමහරු කිසිම සටනක් පවා නොදී යටත්වෙලා. පොලිසිය මුලින් ජයසිංහ හා ලොකු අතුල කියන්නේ දෙන්නෙක් කියලා හිතාගන ඉඳලා තියෙන්නේ. විෙජ්වීරගේ කටඋත්තරයේදී සඳහන් කරලා තියෙනවා ජයසිංහ හා ලොකු අතුල කියන්නේ එක පුද්ගලයෙක් බව.

පියතිලක 500 අරගන යාපනේට ගියා විෙජ්වීර බේරාගන්න. නොච්චියාගමදී කට්ටිය දාලා ගිහිල්ලා සිවුරක් පොරවාගන හැංගුනා. පිරිස යාපනේ යන්න ඊබට් සිල්වා බස් බුක්කරලා තියෙන්නේ මගේ බිරිඳගේ අම්මාගේ නමට. ලයනල් බෝපගේ පානදුර පරත්ත පන්සලේ කඩවැද්දුවේ සුමංගල හාමුදුරුවන්ගේ ආවාසේ හිටියා. මේ වගේ වැඩ නිසා මට හැඟ=නා කට්ටිය මාව බිල්ලට දීලා වහංගු උන බව. මේ නිසා මම තීරණය කළා රජයේ සාක්කිකාරයෙක් වෙන්න.

නඩුවෙදි පොඩි අතුල මට කිව්වා උඹ සටනේ හිටපු මිනිහෙක් නිසා මම උඹට සලකනවා කියලා. ඒත් සමහරු මා දිහා බැලූවේ විවේචනාත්මකව. නඩුවෙදි විෙජ්වීර කිව්වා සටනේදී මම සරත් විෙජ්සිංහව මරා දැම්මා කියලා මගේ මූණට කිව්වා කියලා . අභූත චෝදනාව නිසා මට තරහ ගියා. ඒත් මම වචන තෝරා බේරාගන විෙජ්වීරට උත්තර දුන්නා. තමා එහෙම මට කවදාවත් කියලා නැහැ. එහෙම තමුන් මට කීවා නම් දත් බොල්ලෑව පිළිබඳ හීනමානය ඒ මොහොතෙම සනීප වෙන්න ඉඩ තිබ්බා කියල.

මට නඩුවෙදි අවුරුදු 5 1/2 සිර ද~ුවම් ලැබුණා. 1971 කැරැල්ලට සම්බන්ධවීම ගැන පසුතැවිල්ලක් නැහැ. ඒත් යම් යම් සිද්ධීන් නිසා කලකිරීම් තියෙනවා. ජීවිත අත්දැකීම් මම ලැබුවා. 1975 දී මම නිදහස් උනා. මාක්ස්ගේ දර්ශනයට වඩා මම දැන් විශ්වාස කරන්නේ බුදුන්ගේ දර්ශනයයි.

18
දෙසැ.
17

ශ්‍රියානි නම් මන්ත්‍රී බැල්ලිට ලියුමක්

සිරිසේන ජනාධිපතිවරයාට සහාය දෙන්නට යනවායැයි කියූ ශ්‍රියානි මැතිණියට,

මන්ත්‍රිතුමියනි ඔබතුමිය කලදේ හරියටම හරිය. මේ වෙලාවේ ලංකාවේ හවුල් ආණ්ඩුවෙ ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් සිදුකරමින් තියෙන මගඩි දේශපාලනයේ කැත ඔබතුමියට චන්දෙ දුන් දිගාමඩුල්ලේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි මුළු රටේම මිනිස්සුන්ට මහදවාලේ පෙන්නා දීම ගැන මටනම් සතුටුය. ඔබතුමියගේ නිව්ස් එක දැක්කම මට ඔලුවට ආවේ ‘චන්දය නම් ෂුවර් එකටම’ තියෙන පාටක් බවය. අපි මීට ටික කාලයකට පෙර අම්පාරේ ගියවිට එහෙ දේශපාලනය කරන අය කීවේ ඊළග චන්දය පරදින බව ඔබතුමියට ෂුවර් නිසා මේ ඉන්න ‘අවුරුදු දෙකේවත් කීයක් හරි ඉතුරු කර ගැනීමට’ කියා ඔබතුමිය ආණ්ඩුවට ගියත් ආණ්ඩුවෙන් කියා තිබෙන්නේ ‘චන්දයක් ලං වුනාම එන්ඩ කියා බවක්’ බවත්ය. ෆයිසර් ලොක්කා බොරු කියා කල් දැමු චන්දේ කසකාරිය ඔබතුමියය.

දිගාමඩුල්ලේ එවුන්ටත් හොදම වැඩේය. එළාර දුටුගැමුණු යුද්ධ කාලේ ඉදන් වැව් හදා කුබුරු කොටා රටටම කන්න දී, නිදහස් සටන් කාලෙත් ලේ හලා, ඊටපස්සේ කොටි ගම් වලට පැනල ගැනු මිනිස්සු දරුවො අමු අමුවේ මරල දානකොට ගම් බිම් රැකගෙන මහා පවුරක් වගේ ඉදල, යුද්දෙන් පස්සෙත් අක්කර සිය දාස් ගණන් වගාකරලා රටටම හාල් මිරිස් එවල, පළාත් සභා චන්දෙදි අමාරුවෙන් මනාප 9000 ගත්ත ශ්‍රියානි අක්කව මහා චන්දෙදි හිටි හැටියේම පාර්ලිමේන්තු එවපු ‘අපි නම් දිගාමඩුල්ලේ’ කියන අම්පාර දිහා සෙට් එකටත් මේව හොද පාඩම්ය.

මෙතැන ලොකුම පාඩම ඉගෙන ගන්නේ වෙනින් කවුරුත් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න දුමින්ද, අමරවීර වගේ කට්ටියය. එයාල ශ්‍රියානි මැතිණියට කෝටි ගණනක් වියදම් කරන්නේ එයත් එක්ක දාස් ගානක් මිනිස්සු ඇවිත් ප්‍රාදේශීය සභා ටික ශ්‍රී ලංකා එකට දිනවාදෙයි කියා සිතාය. ඒත් පවතින් තත්වෙ හැටියට මහින්ද රාජපක්ෂ ගියත් ගම්වල ඉන්න ශ්‍රී ලංකා කාරයෝනම් සිරිපාල ජනපතිතුමා ලගට යනපාටක් නැතිබව ශිෂ්‍යත්වෙ ලියන කොල්ලෙකුට වුනත් තේරෙන ‘සාමාන්‍ය දැනුමේ’ කාරණාවකි. ශ්‍රියානි අක්කා කවදා හෝ මෙච්චර ගණන් යයි කියා ලෝ කොලේජ් ඉන්න කාලේ හිටපු සමකාලීන කොල්ලෝ සිහිනෙන්වත් හිතන්නට නැතුව ඇතැයි මට සිතේ.

ලබන සතියේ සිට නියෝජ්‍ය ඇමතිතුමියනි, වැඩි පොලියක් දෙන තැනක සල්ලි ඉතුරු කරන්න. 2020 පස්සෙ දානයක් මානයක් කරගෙන ඉන්න පුළුවන්ය. කොළබින් ගෙයක් ගන්න. දිගාමඩුල්ලේ ආවොත් මිනිස්සු ඉලක්කයට ගල් ගැසීමේ ක්‍රීඩාව ප්‍රැක්ටිස් කරනු ඇත. පුළුවන්නම් චන්ද්‍රිකා මැඩම්ට සෙට් වෙන්න. 2040 විතර නැවත කරලියට එන්න පුළුවන්ය. ටී වී එකට ඇවිත් ගමේ ශ්‍රී ලංකා කාරයාට කොකා පෙන්නන්න. අපිට එහෙම වෙලා මදිය.

ඉතින්, අද නින්ද නොයන නිසා සාලෙට ගිහින් මැච් එකේ රිපීට් ටෙලිකාස්ට් එක බලන්න.

– මිලින්ද රාජපක්ෂ




අනවශ්‍ය දේවල්

  • 174,437 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements