Archive for නොවැම්බර්, 2017

28
නොවැ.
17

රනිල් එළවීමට සරත් විජේසූරියගේ කුමන්ත්‍රන

ජිජැක් කියනවා ගැටලූව දූෂණ, වංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ ක‍්‍රියාවන් දිය කරල දාන්න කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න.

සමාජවාදය කියන්නේ 1990 දී බිඳවැටුණ ක‍්‍රමය නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුර, වඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. ධනවාදයයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ වෙනස් කලහැකියි.

කැෆේන් නොමැති කෝපි වගේ, මධ්‍යසාර නැතිව බියර් දෙනවා වගේ, මේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේ,

ඔබ දන්නවද නත්තලට තෑගි දෙන සැන්ටා ගේ කතාව. තාත්තගෙන් ඇහුවොත් තාත්ත කියන්නේ එයා සැන්ටා විශ්වාස නොකරන බවයි. දරුවගෙන් ඇහුවොත් එයා කියන්නෙත් සැන්ටා විශ්වාස නොකරන බවයි. මේ තමයි විශ්වාසයෙන් තොර විශ්වාසය.

කවුරුත්  දන්නවා රනිල් කියන්නේ මරිමෝඩ ගොං නායකයෙක් බව. බදුල්ලේ හරීන් නැත්තං රනිල් තාමත් නෝබොඩි. මූ සම්බොඩි වෙලා ඉන්නේ වටේ හිටපු ජනප්‍රිය යූඇන්පී කාරයෝ නිසා. මූ උඩ පැන පැන ඇමරිකාවට ගියා. ගිහිල්ල කුණු බාල්දි ටිකක් අවුස්සලා ආවා. ට්‍රම්ප් දන්නවා මූ හිඟන රජා  ට්‍රම්ප්ට විරුද්ධව ඇමරිකන් දෙමලු  උසිගැන්වූවා කියල.  මූ තාමත් හිතන් ඉන්නේ ඇමරිකාව ඇවිල්ලා මූට උදව් කරයි කියල. 1960 විතර හිඟන ලිබරල් ගොංපාට් සහ හොරකම් කරන මූළ්‍ය පාලන ක්‍රම තමයි ඔලුවේ තියෙන්නේ. ඉන්දියාව වත් කිසිම රටක්වත් මූට උදව් කරන්නේ නෑ. මූට එහෙම හැකියාවක් නෑ. මූ වටේ ඉන්න 8 දෙනා පවා දන්නවා මූ ඉවරකල යුතු බව. ගොං ඔලුවක් තියෙන මෙලෝ මලදානයකට සුදුසු නැති එකෙක් බව ලංකාවෙම ලමයිනුත් ජෙප්පන්ගේ තාත්තලත් දෙගොල්ලම දන්නවා.

කැෆේන් නොමැති කෝපි වගේ, මධ්‍යසාර නැතිව බියර් දෙනවා වගේ, මේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේ, රනිල් කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති ලිබරල් කමකුත් විනයක් නැති මූළ්‍ය පාලනයකුත් නැති මොලෙත් නැති ගොනෙක් බව.

මූ ගැන බූරු සරත් විජේසූරිය ගෙන්ම අහල බලමු….

“මම එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ කතාබහ කරන විට ඔවුන් පවසා සිටියේ රනිල් ගොං දේශපාලකයෙක්  බවයි. ඒ මන්දැයි විමසූ විට පැහැදිලිව ඒ කිහිප දෙනාම පැවසුවේ රනිල්  වටේ ඉන්න ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ කටයුතු නිසා ජනතාව සමඟ කටයුතු කිරීම අමාරු වී තිබෙන බවයි.

“පසු ගිය මාසයේ අගමැතිතුමා දෙනියායට හතර වතාවක් විතර ගියා. එතුමාට අපේ ආසන වැදගත් නෑ, අපට එතුමාව මුණ ගැහෙන්න විදිහක් වත් නෑ. ඔන්න අපේ තත්වෙ”

සාගල රත්නායක ඇමතිවරයාට සහ සුජිව සේනසිංහ අකිල විරාජ් කාරියවසම් සහ තවත් කීප දෙනෙකුට අගමැතිවරයාගේ අසාමාන්‍ය අවධානයක් හිමි බව එජාපයට පමණක් නොව රටට ම නොරහසකි. එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිතුමා සලකන්නේ වහලුන් ලෙස යැයි අසන්නට ලැබිණි.

මේ සිදු වෙමින් පවතින කටයුතු විමසා බලන විට රනිල්ට මිනිහගෙන් පස්සෙ පක්ෂය තිබුණත් මොක ද? නොතිබුණත් මොක ද? යන මානසිකත්වයෙන් අගමැතිවරයා කටයුතු කරන බවයි.

“පොලිස්පතිවරයාට ලැබුණ සුප්‍රකට දූරකථන ඇමතුමෙන් සාගල රත්නායක කිසියම් නිලමේ කෙනෙකු ගැන සඳහන් කොට ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පවසා ඇති බව අනාවරණය විය. මේ නිලමේතුමා මේ වන විටවත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත්ය. ඒ මන් ද?”

මේ ප්‍රශ්නයට නීතිය හා සාමය භාර අමාත්‍යතුමා රටට, උත්තර බැඳිය යුතුය. මේ නිලමේතුමාට රැකවරණය ලබා දෙන්නේ ඇමතිතුමා නොව, දෙවුන්දර දේවාලයේ වැඩ වාසය කරන දෙවි කෙනෙකු දැයි එවිට සිතන්නට පුළුවන. කිවයුතු වන්නේ ලංකාවේ ප්‍රකට හෝ අප්‍රකට දෙවි දේවතාවුන් අතර ‘සාගල’ නම් දෙවි කෙනෙකු ගැන අසන්නට නොලැබීමයි.

දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නිසි සහයෝගයක් නැති බව පිරිසිදු ඇත්තකි. මේ සියල්ල සිදු වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ යටි සූත්තරයක් වැඩ කරන නිසා බව පිළිගැනීමට සිදු වන්නේය.

ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන්ට අර වෛරක්කාර හැතිරියගෙන් වෙන්වෙලා ඉන්න ආත්ම ශක්තියක් වීර්යයක් තිබේ ද? ඒ ගෑනි තමයි ශ්‍රීලනිපය රනිල්ට වික්කේ.

එජාපයේ වැදගත් මහත්මයෙකු පැවසූ කරුණක් මෙසේය. “අපේ ලොක්කට ඇහැරෙන්නෙ තමන්ගෙ නායකත්වයට අභියෝගයක් වෙනවනං විතරයි”

මේ අභියෝගය සිදු කිරීමට පවතින තත්වය තුළ එජාපයේ පසුපෙල මැති ඇමතිවරුන් සහ ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපය මේ අභියෝගය කළ යුත්තේ ද, අගමැතිවරයා කටයුතු කරන අවලස්සණ කැත ක්‍රමවේදය ඔස්සේමය. ඒ ක්‍රමවේදය ගැන පැවසුවේ ද එජාපයේ මහත්මයෙකි.

“අයවැයට පක්ෂය ඡන්දය අවශ්‍ය නම් නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ඉවත් කළ යුතුයි කියන කොන්දේසිය ශ්‍රීලනිපය ප්‍රබලව පනවා එය ප්‍රථමයෙන් ඉටු කරගෙන සිටිය යුතුයි.”

වෛරක්කාර හැතිරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක  ඇගේ පාලන සමය තුළ දී වික්‍රමසිංහ මහතාගේ අගමැති පදවිය නැති කළේ ඇයි ද යන ප්‍රශ්නය ගැන සිදු කෙරුණ කතාබහක දී දැන ගන්නට ලැබුණේ, එය නම් එජාප නායකයා දීර්ඝ කාලයක් තිස්සේ යටි කූට්ටු දේශපාලනයක නිමග්නව සිටින්නේය යන කාරණාවයි. ඒ පුරුද්දෙන් මිදෙන්නට වික්‍රමසිංහට පුළුවන්කමක් නැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය මිතුරන් හත් අට දෙනා මම දනිමි. ඔවුන්ගේ යටිකූට්ටු දේශපාලනය රටකට යහපතක් සිදු කරන්නේ නැත. 2015 ජනාධිපතිවරණ සමයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී, දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් තිබෙන කිහිප දෙනෙකුම මට පැවසුවේ වික්‍රමසිංහ කිසිම ලෙසකින් විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවන බවයි.

‘රනිල්ට ඔච්චර බය ඇයි?’ යන පැනය මම ඔවුන්ට යොමු කළෙමි. මගේ පැනයට ලැබුණ පිළිතුර මෙයයි.

‘රනිල් යටිකූට්ටු වැඩ කරන්නෙ. එහෙම කෙනෙක් විශ්වාස කරන්න බෑ‘ යන්නයි. මම ඔවුන් සමඟ වාද කළෙමි. ‘රනිල්ට බය ඇයි?’ යනුවෙන් මම ලිපියක් ද ලීවෙමි.

සෝභිත හාමුදුරුවන්ගේ දෙවැනි ගුණ සමරුවෙන් පසුව මට කතා කළ, අතීතයේ දිනෙක මා සමඟ වාද කළ පුද්ගලයෙකු මගෙන් ඇසුවේ, ‘එදා අපි කියපු දේ තමුසෙ අදවත් පිළිගන්නෙ නැද්ද?’ යන්නයි. මම නිහඬව සිටින විට ඔහු පැවසුවේ මෙයයි.

උගුර කඩා ගෙන කෑගැහුවට වැඩක් නෑ හලෝ. සාගල රත්නායක කියන්නේ රනිල්ගේ අවජාතක පුතෙක්. සාගල කරන්නෙ රනිල් කියන වැඩ විතරයි.’

අගමැතිවරයා කටයුතු කරන්නේ මොන තරම් පටු දැක්මකින් ද? මේ අන්දමට බලය තහවුරු කර ගැනීමට උත්සුක විම සූදු කෙළියෙන් ධනවත් විමට නොදෙවෙනිය. මොන පක්ෂයක වුව, මෙවැන්නෙකුට රාජ්‍ය පාලනයට වරම් ලබා දිය යුතු ද? මැතිවරණයක දී කොන්දේසි රහිතව මෙබඳූ පුද්ගලයෙකුගේ දේශපාලනය පරාද කිරීම රටේ යහ පැවැත්මට අවශ්‍ය වන්නේය.

පසු ගිය දිනෙක දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වුණ වැදගත් කතා බහක දී මතු කෙරුණ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආණ්ඩුවේ තත්වය කුමක් ද? යන්නයි. එහිදී අගමැතිවරයාට පක්ෂව අදහස් පළ කළ පාර්ශ්වය පෙන්වා දුන්නේ අගමැතිවරයා රටේ තත්වය ගැනවත්, පාක්ෂිකයන්ගේ කලකිරීම ගැනවත් කිසි දෙයක් තුට්ටුවකට මායිම් නොකරන ඉතා අවිචාරවත් තැනකට පත්ව සිටින බවයි. ඊට හේතුව කුමක් දැයි විමසන විට ලැබුණ පිළිතුර මෙයයි.

“අගමැතිවරයාට ජනතාවට දැනෙන විදිහට කිසිම වැදගත් දෙයක් කරන්න බැරි වුණා. රට කැළඹෙන දේවල් තමයි කළ තරමක් කළේ. දැන් එතුමා කල්පනා කරන්නෙ කොහොම හරි බලය තහවුරු කර ගන්න විතරයි.”

මේ සාකච්ඡාවට ඇහුම්කන් දී සිටි පුද්ගලයෙකු ලෙස මා කල්පනා කළේ අගමැතිවරයා සමඟ වැඩ කළ පුද්ගලයන්ගෙන් අමනාප නොවී ඔහු සමඟ සිටින්නේ කී දෙනෙකු ද යන්නයි. ඉන්නේ අතේ ඇඟිලි ගාණට පිරිසකි. මට අවංකව සිතුණේ එජාපය පක්ෂයක් වශයෙන් ජීවමානව පවතින්නේ පක්ෂයේ පදනම නිසා මිස නායකයාගේ නායකත්වය නිසා නොවන බවයි.

ආණ්ඩුවේ ඉතිරි කාලය තීරණාත්මකය. අගමැතිවරයා සිය මිතුරන් ආරක්ෂා කර ගැනිමට කැපවී කටයුතු කිරීමත්, මැතිවරණ දිනා ගැනීමට, සූදානම් වීමත් නීති ගරුක පුරවැසියන් ඉවසිය යුතු ද? එජාපයේ වැදගත් මහත්තුරු ඉවසිය යුතු ද?

ජනාධිපතිවරණයකින් ජය ලබා ගැනීමට නොහැකි පුද්ගලයෙකුට ජනමත විචාරණයකින් ජය ලබා ගත හැකි ද?

එජාපයේ සාමාජිකයන්, පක්ෂයට ළැදි සාමාජිකයන් අවබෝධ කර ගත යුතු දෙයක් ද තිබේ. පක්ෂයේ නායකයාට නිසි උපදෙසක් දෙන්නට ලංකාවේ ජන විඥානය නොහඳූනන රාජකීය මිතුරන් හත් අට දෙනාට නොහැකිය. එසේ නම් කළ යුත්තේ කුමක් ද?

එජාපයේ අනාගත ඉරණම පමණක් නොව, මගේ දේශපාලන අනාගතය තීන්දු වන්නේ ද මේ ප්‍රශ්නයට සොයා ගන්නා පිළිතුර මතය.

Advertisements
28
නොවැ.
17

අමු තිත්ත කුණුහරුප  සම්භාව්‍ය යයි පාරම්බාන හඳගම ගොනා .

අමු තිත්ත කුණුහරුප  සිනමාවට නගා ඒවා තුළින් රටේ ජන සමාජයට ,සංස්කෘතියට ,ආගමකට ,ජාතියකට අපහස උපහාස කොට විදේශයන්හි  තුට්ටු දෙකේ  සිනමා සම්මාන ලබා ගත්තා යයි , උදම් අනන  අමනයන් අප‍ රටේ ඇත . ඕනෑම කුණු හරුපයක්  කොට මහා විශ්ව සම්භාව්‍ය දෙයක් කළා යයි පාරම්බාන්නාවූ  මී හරක් ඇත .

සමහරු පියාඹන මාළුවෝ තහනම් කළේ .ඇයිදැයි අසති …
අප අද ඔබට ඉදිරිපත් කරන  එම සිනමා පටයේ  වීඩියෝ  දර්ශණයක් නරඹන්නට ඉදිරිපත් කරමු , නමුත් මෙය  අපගේ රටේ භාවිතා සමාජයට  උචිත නොවන බව නොලිව මනාය.
එමෙන්ම එහි රඟපාන නිළිය සමග සම්මුඛ සාකච්චාවක් පවත්වන තවත් නොමෙරූ එලදෙනෙක් ඉදිරිපත් කරන හරක් ප්‍රශ්ණ ද ඉදිරිපත් කරන්නෙමු ,

අද අපේ රටේ ටෙලිවිෂන්  සේවාවන් පත්ව ඇති පරිහානිය එයින් ම  පෙනී යනවා ඇත …
සිංහල  භාෂාව  උච්චාරණය කිරීමට තබා ප්‍රශ්නයක් අසා ගැනීමටවත්  නොදන්නා  මෙවන් උන්  කුමන හේතුවක් නිසා වැඩසටහන් ඉදිරිපත් කිරීමට ගන්නේදැයි .අපට ප්‍රශ්නයකි .එමෙන්ම අර  කුණු හරුප යේ වීඩියෝ පටය   සුදුසු වන්නේ  වැඩිහිටියන්ටය ….සුමනල ,ගීතල ,හෝ ලංකාවේ නමගිය සෙසු සියලු නිළියන්ට ඉදිරියෙන් මෙහි රඟපාන නිළිය වන ගයේෂා සිටින බව නම්  සැබෑය…හිතවතුනි

මේවා ඔබගේ දැනගැනීම සඳහාය …

ලංකා නිවිස්

28
නොවැ.
17

සන්නස්ගලගේ අම්මා සහ රනිල්ගේ අම්මගේ රෙද්දේ බය !!!

අපේ රටේ සියල්ලන්ම පාහේ සංස්කෘතියට අඩු වැඩි වශයෙන් අනුගතව සිටිති.සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් උපසංස්කෘති වල සිටියද ආසියාතිකයින් ලෙස වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය ,වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු.. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස යොදා සිටිමු..

මේ සංස්කෘතියට වෛර කරනාවූද , බැහැර කරනාවූද සම්ච්චල් කරනාවූද පිරිසක් අප දැක ඇත්තෙමු කලින් කලට එක් එක් මුහුණුවලින් ඔවුන්ව අපට දැකගත හැක. කාලයක් “X කන්ඩායම” ලෙසද වත්මන වන විට “අලුත් පරපුර” ලෙසද මොවුන් කලින් කලට තම කන්ඩායම් නාමයන් වෙනස් කරමින් පැමිනෙනු අපි දැක ඇත්තෙමු. අලුත් පරපුර නටවන පරන “X” මුහුණුද අපි දැක ඇත්තෙමු. අලුත් වේවා පරණ වේවා සංස්කෘතික කාබාසිනියාකරුවන් දුටු තැන හඳුනාගැනීමේ නොහැකියාවක් අපට නැත. උන්ගේ “මම පොර” කතන්දර පිටුපස ඇති දුර්ජන අමන අවජාතක ඉලක්ක අපි හඳුනාගත යුතුය..

උපුල් ශාන්ත සන්නස්ගල තමාගේ මෑනියන් පිලිබඳව කෘතියක් රචනාකල බවට මුල්වරට ඇසූ දිනයේ මා ඉමහත් පුදුමයට පත්වුනෙමි. මේ අබුද්ධස්ස කාලය දැයි මොහොතකට හෝ ඒ මොහොතේ මට සිතෙන්නට ඇත. මක්නිසාදයත් සන්නස්ගල යනු මා දන්න පරිදි එහෙවු පුතෙක් නොවන බැවිනි.

සන්නස්ගල ගැන මගේ පලමු මතකය ඉතා ඈතට දිවයන්නකි. මෙම සිදුවීම සිදුවී මීට වසර දහයකට වැඩි මිස අඩු නොවන බව මම දනිමි.සන්නස්ගල “පුතා” හඳුනාගැනීමට එය අදටත් ප්‍රමානවත් වනු ඇත. ඒනිසා එම සිද්ධිය මෙහි සඳහන් කිරීම වටී ‍යැයි සිතිනි.

මගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම ආකාරයේ පොතක් කියවීමට ඔහු මැලි නොවන බව මම දනිමි. දිනක් ඔහු පොතක් අතට ගෙන මිනිත්තු කිහිපයකින් ඉතා කෝපයෙන් පොත නැවත තැබුවේ “මීට වඩා හොඳයි අම්මගෙයි තත්තගෙයි තැන් නම් කොරලාම පිදුවනම්” යැයි කියමිනි. මේ අරුමය කුමක්දැයි බැලීමට කෘතිය අතට ගෙන පිටු දෙක තුනක් හැරවීමේදී හේතුව සොයාගැනීමට මම සමත්වීමි. ඒ පොතේ පිදුමයි. “පිදුම -මා මෙලොවට බිහිකල ශුක්‍රානුවට හා ඩිම්බයට” යනුවෙන් එහි සඳන්ව තිබින . කතුවරයා උපුල් ශාන්ත සන්නස්ගල නම් විය.

මේ පිදුමේ ඇති සාහිත්‍යමය ගතිය හා රැඩිකල් ගතිය හැර දේශපාලනමය ගතිය ගැන දැනීමක් මට ඒ සමයෙහි නොතිබුන බව මම දනිමි.නමුත් කල් යද්දී මේ පිදුමෙහි ඇති සංස්කෘතික පහරදීම මම සක්සුදක් සේ දුටුවෙමි.

මවුපියන් යනු අපට ඇති උතුම් ම සම්පත් වෙති.එය ආසියාතික සංස්කෘතිය තුල අවිවාදාත්මකය. ඔවුන් කෙරේ ඇති භක්තිය, සෙනෙහස සංකේතාත්මක නොව හරයාත්මක ආධ්‍යාත්මික එකකි. නමුත් තම මැනියන් ඩිම්බයකට ද පියානන් ශුක්‍රානුවකට ද උපමා කරමින් ඊනියා රැඩිකල් බවක් පෙන්වන මේ “පුතා” අර අඳින්නේ බටහිරයන් තුල දෙමවුපියන් කෙරේ ඇති ‘සංකේතාත්මක මවුපියන්’ යන අදහස අපේ ඔලුවට එබීමට බවත් මේ”පුතා” ගේ ජනප්‍රියම මාතෘකාවක් වන ලිංගිකත්වය පිලිබඳ අදහස් සමාජයේ ස්ථානගත කිරීමට බවත් අද මට වටහාගැනීමට අපහසු නැත.

නමුත් සන්නස්ගල ගේ “අම්මා” කෘතිය රචනය මට වටහාගත නොහැකි දෙයක් විය. ඒනිසාම මෙය කියවා බැලිය යුතුයැයි මට සිතිනි. මම එය කියවීමි. කෘතිය කියවා අවසානයේ මට මෙම සන්නස්ගල “අම්මා” කෘතිය ලිවීම හා සමාන කල හැකි තවත් සිදුවීමක් අසුරු සැනින් මතකයට නැගිනි.

ඒ “EMINEM” ගේ 8Mile චිත්‍රපටියේ කතාන්දරයයි.. කතාව සරලය මෙසේය .EMINEM ගතකරනුයේ දුක්ඛිත ජීවින තත්වයකි. ඔහුගේ පියා ඔවුන් හැරගොසිනි. ඔහුගේ මව ඔහුගේ මිතුරෙක් සමග යහන් ගතවෙයි.ඔහු සතුව මුදල් නැත. EMINEM රැප් සටන් වලට ඉමහත් කැමත්තක් දක්වයි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද ඇත. අවසාන රැප් සටනේදී ඔහුගේ මිතුරෙකු ඔහුට අනතුරු හඟවන්නේ ඔහුගේ සියලු ජීවන තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියා දන්නා නිසා ප්‍රතිවාදියාට ජයග්‍රහන කිරීමට පහසු බවයි. EMINEM රැප් සටනේදී කරනුයේ කවුරුත් නොසිතනා දෙයකි. අනෙකාට බැන වැදීම වෙනුවට ඔහු තමන්ගේ ජීවිතයේ ඇති කාලකන්නි බවත් තමා අවජාතකයෙකු බවත් හෙළිකරයි. තමන්ගේ පවුල පිලිබඳවද, මවගේ අනාචාරය පිලිබඳවද EMINEM කියාදමයි. අවසානයේ EMINEM තරගය ජයග්‍රහනය කරනුයේ ඔහුට එරෙහිව කිසිවක් කියාගත නොහැකිව ප්‍රතිවාදියා නිරුත්තර වීම තුලය..

ඒ EMINEM එසේ කරද්දී ළමුන්ට සිංහල පාඩම් කියා දෙන සන්නස්ගල තමාගේ නීරස ජීවිතයේ ආගිය තොරතුරු, දුබලතා හෙලිකරන්නේ ඇයි දැයි මම සිතන්නට පටන්ගතිමි. මක්නිසාදයත් සන්නගල මේසය මත තබන්නේ එසේ මෙසේ තුරුම්පු නොවන නිසායි. ප්‍රශ්නය වන්නේ තමා කුඩාකාලයේ විරූපීව සිටි බව, පියාගේ බේබදු කම,දුගී බව පමනක් නොව පවුල තුල ඇති වූ ව්‍යාභිචාරි ක්‍රියා පවා හිරිකිතකින් තොරව හෙලි කරමින් අම්මා ඇතුලු පවුලේ සියල්ලන් සමාජය ඉදිරියේ නිරුවත්කොට සන්නස්ගල සුදු ඇඳුම හැඳගෙන මේ සැරසෙන්නේ කුමක් සඳහාද යන්නයි…

මගේ මොලයට ආවේ එකම පිලිතුරකි. ඒ “දේශපාලනය” යන වචනයයි.සන්නස්ගල තමාගේ පවුලේ අය නිරුවත් කරන ලද්දේ ද තමාගේ සමාජ පන්තිය , හීනමාන තුවාලය තමා විසින්ම පාරගන්න ලද්දේද අනාගත දේශපාලන පොරපිටියේදී එල්ලවිය හැකි සතුරු ප්‍රහාර වලට “EMINEM” පලිහක් ලෙස බව මට අවසානයේ වැටහින.

සන්නස්ගල ප්‍රසිද්ධ දේශපාලනයට එනු ඇතැයි මම මගේ යෙහෙලියකගේ මවකට කියූවිට ඇය අවධාරනය කලේ සන්නස්ගල “මහතා” එසේ නොකරන බවයි. නමුත් එදිනෙන් අට මසකට පසුව එලැඹෙන මැයි මස එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක ලෙස අභිනවයෙන් තේරී පත්වන්නේ සන්නස්ගල ‍යැයි ඇය මොහොතකට හෝ නොසිතන්නට ඇත.

මා මේ උත්සාහකරනුයේ මිනිසුන් කවුරුන්දැයි හඳුන්වාදීමටය. තම ජීවිකාව ලෙස සිංහල උගනවන අතර කෙල්ලන් හා කොල්ලන් එකම බංකුවේ වාඩිකර , ඇඟට නොදැනෙන්නට අසැබි වචන කියමින් උන්ගේ භාව තමාගේ උවමනාවන්ට ප්‍රකෝපනය කරවන ලද, තමාගේ හිතේ ඇති බටහිර සංස්කෘතික විකෘති ලිංගිකත්වයන් තනි තටුවෙන් පියාඹවන ලද, දිනකට ලක්ෂ ගණනක් උපයමින් සුපිරි වාහන වල ගමන් කරමින් සිටියද තමා මෙලොවට බිහි කල “අම්මා” දෙස ඇහැක් ඇර නොබලන ලද සන්නස්ගල නැමති ඊනියා විදග්ධ සංස්කෘතික ඝාතක කයිවාරුකාරයා අවසානයේ සියලු ඇඳුම් උනා පසෙකින් තබා තම “අම්මා” විකුනා දේශපාලන ප්‍රවේශය සාදාගත් අයුරු පිලිකුලෙන් යුතුව වුවද මෙසේ හෙළිකල යුතුව ඇත.

ඔබ කුමන ජාතියක සිටියත්, කුමන ආගමක සිටියත් ඔබේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක් රැකගත්තාවූ ඒ හරපද්ධතිය රැක ගැනීමට නම් මෙවන් අවස්ථාවාදී “EMINEM සන්නස්ගල” වැනි නරුමයින්ට ලබා දිය යුතු පිළිතුර කුමක් ද? “අම්මා” කතාව දෝලාවෙන් ගෙන ආවත් ඒ අම්මා මැරෙන්න විට වතුර පොදක් දීමට ලඟ නොසිටි “අමුතු” පුතාලා මවා පෙන්වන සින්තටික් ලෝකවල ඔබ තනි විය යුතු ද? ඔවුන් දේශපාලනයට විත් ඔබේ සංස්කෘතිය රකිනු ඇත්ත ද? ඔබේ සභ්‍යත්වයට ගරු කරනු ඇත්ද? ඔබට තබා ඔබේ දරුවාටවත් යහපත් හෙටක් තනනු ඇත් ද?

ජූරිය ඔබයි !

 

~ඉසුරු රන්දෙනිකුමාර~

28
නොවැ.
17

රනිල්ගේ මරි මෝඩ ආර්ථික වැඩපිළිවෙල ගැන ශිරාල් ලක්තිලකගෙන්

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ගොංපාට්

සැබෑ අවශ්‍යතාවයන් තේරුම් කර නොගනිමින් සංවර්ධනය ලෙස නම් කරනු ලබන වැඩ වලින් කරන්නේ මරි වැඩ බවත් ඊට හොඳම නිදසුන රාජගිරියේ ඉදිකරමින් පවතින “ගුවන් පාලම” බවත්, ජනාධිපති සම්බන්ධීකාරක ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේබව සඳහන් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා ගාර්ඩියන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාව සහභාගී වෙමිනි.

මේක බලන්න

නාගරික අසංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහගෙන් විමසූ විට කියාසිටියේ මේ පිළිබඳව තොරතුරු තම ආයතනයේ වැඩබලන ඉඩම් අධ්‍යක්‍ෂ කේ.එල්. ඩබ්ලිව්. පෙරේරාගෙන් අසන ලෙසටය. වැඩබලන ඉඩම් අධ්‍යක්‍ෂ පෙරේරා පැවසුවේ, කොල්ලුපිටිය කුපර්ස් හිල්හි නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම්කොටසෙන් කිසියම් කොටසක් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පිහිටුවාගෙන ඇති සමාගමකට අධිකරණ තීන්දුවකින් අයත් වී තිබෙන බවයි. තමන් ආයතනයට අලුතින් පැමිණි නිලධාරියෙකු බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර කිසිවක් පැවසිය නොහැකි නිසා ඒ ගැන වැඩි විස්තර නාගරික සංවර්ධන අධිකාරියේ බි්‍රගේඩියර් සමරසිංහගෙන් විමසන ලෙසටය. ඒ අනුව බි්‍රගේඩියර් සමරසිංහ දුරකථනය ඔස්සේ සම්බන්ධකරගත්තද තොරතුරු අවශ්‍ය නම් සිය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා දුරකථනය විසන්ධි කළේය.

කුපර්ස් හිල්හි ජනතා ගැටලුව පිළිබඳව මැදිහත්වූ බටහිර කොළඹ එජාප සංවිධායිකා රෝසි සේනානායක. මේ අය එක්ක මම සාකච්ඡා කරලා සාධාරණ විසඳුමක් ලබාදෙන්න අග්‍රාමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කළා. එහෙම තියෙද්දි යූඩීඒ එක ඒකාධිපති වියරුවෙන් වැඩකරනවා. මේ ඉඩම ජාතික ඉතිරිකිරීමේ බැංකුවට විකුණන්න වැඩපිළිවෙළක් තිබෙනවා. කුපර්ස් හිල්හි පදිංචිකරුවන්ට සාධාරණයක් ඉටුකරන්න කැමතියි. ඒත් යූඩීඒ එක එහෙම නෑ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ  ලේකම්: “ඔය ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක්. කැසිනෝකාරයොත් ඕක අල්ලන්න හැදුවා.  ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මෙම ඉඩම දෙන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. ඔතන පදිංචිකරුවන්ට අපි මාලිගාවත්තෙන් නිවාස දුන්නා. සමහරු ගියා. සමහරු යන්න අකමැතියි. මෙතැන සිටින අයගෙන් සමහරෙකුට ඔප්පු තිබෙනවා. සමහරුන්ට නෑ. පොදු පහසුකම් මණ්ඩලයෙන් හදලා තිබෙන වැසිකිළිය කැඩුවා. ඒ ගැන වහාම සොයා බලනවා. මෙතන ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත. ඒවාට අපි විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා.”

පසුගියදා එළිදක්වනු ලැබූ වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල මෙන්ම කාලාන්තරයක් තිස්සේ බලයට පැමිණි විවිධ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරනු ලැබූ විදේශ ප්‍රතිපත්තිය ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ශිරාල් ලක්තිලක තම අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

“ V2025 කියන්නේ රටේ සමස්ථ ජනතාවට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් නොවෙයි. ඔය නව ලිබරල් ප්‍රතිපත්ති වලින් රටේ සැබෑ ප්‍රශ්න විසදන්න බෑ. එය රටට සහ රටේ දුගීභාවය නැති කිරීමට හැකිවන ආකාරයෙන් වෙනස්කළ යුතුයි. මෙනිසා V2025 ප්‍රතිපත්තියට ඌනපූරකයක් ලෙස V2030 තවත් දින කිහිපයකින් එළිදැක්වීමට අපි සැලසුම් කරමින් සිටිනවා,” ඔහු සඳහන් කළේය.

මේ අතර, රටේ සිවිල් සංවිධාන සම්බන්ධයෙන් හෙතම සඳහන් කරනු ලැබුවේ, “ රටේ ක්‍රියාත්මක වන්නේ වඳුරන් වැස්සට ගෙවල් හදන ආකාරයෙන් කුමන හෝ සිද්ධියක් මූලික කරගෙන අටවාගත් සංවිධාන ව්‍යුහයක් මෙරට ඇති බවයි.”

 

26
නොවැ.
17

රනිල් (හඳ) ගමයා හා කලාවට කෙලින කොපි කෙරුමෝ

Masterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd’oeuvre ලෙසයි. ඒත්, 

මාස්ටර්පීස් කියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්…) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ නිර්මාණයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට නිමවා ඇති කෑලි මාට්ටු කළ, මූට්ටු කළ කෛරාටික වැඩකටයි. මට මේ කතාව ඔබට කියන්නට මග පෑදෙන්නේ, මැතකදී මහජන ප්‍රදර්ශනයට නිකුත් වූ සිනමාපටයක් පිළිබඳ පේරාදෙණියේ මහාචාරියකු පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කළමාස්ටර්පීස් හැඳින්වීම හේතුකොට ගෙනයි.

උන්නැහේ ලියා තිබුණේ, අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ ඇස අග’ ‘Let her cry’ . මාස්ටර්පීස් එකක් බවයි. දැන් අපට සලකා බලන්නට ඇත්තේ සහසුද්දෙන්ම මූලික කරුණු දෙකකි. ඒවා නම්, මහාචාරී මහතාගේ ප්‍රකාශය යම් විශ්වසනීයත්වයකින් යුතු වූ ප්‍රකාශයක් ද යන්න සහ ඔහු එම ප්‍රකාශයට පාදක කැරගත් උක්ත සිනමාපටය එවැනි මාස්ටර්පීස් එකක් ද යන්න කරුණුය. මෙම විමැසීම් දෙකටම ඇත්තේ එක් විමසුමකට ඍජුව පිළිතුරක් සැපයීමෙන් ලබා ගත හැකි පහසු උත්තරයකි. එයනම්, ඉහත සිනමාපටය මාස්ටර්පීස් ගණයේ නිර්මාණයක් ද යන්න විමසා බැලීමයි. ඒ සඳහා අපට එම සිනමාපටය ගෙන එහි කලාත්මක බවත්, තාක්ෂණික හපන්කම් සහ තවත් දේත් එක් පසෙකින් විමසා බලන්නට හැකියි. තවත් පසෙකින් එහි ඇති සමාජ දේශපාලනික මෙන්ම ආගමික සංස්කෘතික දාෂ්ටිවාදී ගති පිළිබඳව ද විමසා බලන්නට හැකියි. ඒ දේවල් පිළිබඳව අඩු වැඩි වශයෙන් මම ද තවත් අය ද පහුගිය මාසයක පමණ කාලයක් තිස්සේ යම් යම් විචාර විමැසුම් කැර ඇත. එහෙත්, දැන් අපට වහාම උනන්දුවන්නට සිදු වී ඇත්තේ ඒ කිසිවක් ගැන නොවෙයි. මේ කියන මාස්ටර්පීස් නිර්මාණය ඇත්තටම එහෙම එකක් ද නැත්නම්, මා ඉහතින් දැක්වූ වර්ගයේ මාට්ටුපීස් එකක් ද යන්න පිළිබඳවයි.

අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය මාස්ටර්පීස් නොව මාට්ටුපීස් බව ලංකාවේ සිනමා රසිකයන්ටත්, හඳගම වන්දනාකරුවන්ටත් පොදුවේ සියලුදෙනාටමත් මුලින්ම හෙළිදරව් කරන්නට යෙදුණේ මවිසිනි. ඒ මීට දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ජාලයේ මා නමින් ඇති පිටුව ඔස්සේයි ඉන් කියැවුණේ, අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය අඩු වැඩි වශයෙන් ස්පාඤ්ඤ සිනමාපටයක කොපියක් බවයි. නමුත් එය කොපියක් වන්නේ, තේමාව සහ සිදුවීම් ද, රූප රාමු ද ඒ හැටියෙන්ම හොරකම් කිරීම නිසාය. නමුත් ස්පාඤ්ඤ චිත්‍රපටයේ ඇති මනුෂ්‍යත්වය වෙනුවට මේ කොපියේ ඇත්තේ අශිෂ්ටත්වයයි. අමනකමයි.

Elegy නමින් 2008 දී මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ නිර්මාණයකි. එය අධ්‍යක්ෂණය කැර ඇත්තේ ඉසබෙල් කොයිසෙට් Isabel Coixet නම් ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂිකාවයි. ෆිලිප් රොත් Philip Roth නම් ඇමෙරිකානු ලේඛකයාගේ The Dying Animal – 2001 නවකතාව පසුබිම් කැරගෙනයි එම සිනමාපටය නිර්මාණය වී ඇත්තේ.

එහි ප්‍රධාන චරිතය ඬේවිඞ් කෙපෙෂ් David Kepesh (බෙන් කිංග්ස්ලි – Ben Kingsley) මහාචාරියකු වන අතර ඔහුගේ ජීවිතය හැඳින්වෙන්නේ, emancipated manhood – මුක්තිය ලැබූ ජීවිතයක් ලෙසයි. එනම්, තම පවුලෙන් වෙන් වී එකම පුත්‍රයාගේ වෛරයට පාත්‍ර වී එහෙත් දිගින් දිගටම ස්ත්‍රී සහවාසයේ යෙදෙමින් ගෙවන ජීවිතයකි. විසි අවුරුදු කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියක් වී සිටින්නේ කැරොලින් ය. Carolyn (පැට්‍රිරෂියා ක්ලාක්සන් Patricia Clarkson – ) ඇය කෙපෙෂ්ගේ පැරණි ශිෂ්‍යාවක් වන අතර කෙපෙෂ්ගේ අලුත් පෙම්වතිය කොන්සියුලා කැස්ටිලෝ ද Consuela Castillo (පෙනිලොප් කෲස් – Penelope Cruz ) ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මෙම චිත්‍රපට දෙක දිහා සංසන්දනාත්මකව බලනවිට, කොපියේ ද ඉන්නේ මහාචාරියෙකි. ඔහුට ද වියපත් ස්ත්‍රියක් ඇත. ඇය සමාන වන්නේ, කැරොලින් ගේ චරිතටයි. එසේම අලුත් තරුණ පෙම්වතියක් ද සිටී. ඇය කොන්සියුලාගේ සමගාමී නිරූපණයයි. මෙම චිත්‍රපටයේ කෙපෙෂ් හට වැඩිහිටි වියේ පුතකු ඉන්නා අතර කොපියේ ද කියැවෙන්නේ එම මහාචාරියාට ද එවැනි පුතකු ඉන්නා බවයි. ඒ චරිත සමානකම් ය. සිදුවීම්වල සමානකම් ලෙස, කෙපෙෂ් ද රටේ පිළිගත් රූප මාධ්‍යවල පෙනී සිටිමින් තමන්ගේ චර්යාවට ප්‍රතිරෝධ වූ දේ විද්වත් සාකච්ඡාවල ප්‍රකාශ කිරීම ද, ඉතාම සමාන කාමර දර්ශන ද, වෙරළ දර්ශන ද කොපියේ ද ඇතුළත් ය. ඒ සියලු දේ අනුව, මෙම මුල් චිත්‍රපටයේ සංකල්පය concept කොපියේ අදියුරු විසින් අමු අමුවේ සොරා ගනු ලැබ ඇති බව ඉතා පැහැදිලිය. (චිත්‍රපට දෙකම නැරඹීමෙන් මේ බව ඉතා හොඳින් වැටහෙනු ඇත.) ඒ සංකල්පය සොරා ගැනීම පිළිබඳවයි.

මීළඟට මෙහිදී ඔබට කියන්නට ඇත්තේ ඉතාම වැදගත්ම කරුණ නම්, උක්ත මුල් චිත්‍රපටයේ එකී සංකල්පය සහ අදාළ චරිත යොදවා ගෙන නිර්මාණය කැර ඇති සිනමා කලා නිර්මාණයේ අන්තර්ගත හැබෑ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය සහපුද්ගල රාග තණ්හාව වෙනුවෙන් බුද්ධිමත් මිනිස් චින්තනයේ පරමාදර්ශය පාවා නොදීම වැනි දේ මෙම කොපියේ දී අමු අමුවේ අතිශය සදාචාර විරෝධී අන්දමින් උල්ලංඝනය කැර ඇති ආකාරය ගැනයි. මුල් සිනමාපටයේ දී අප හඳුනාගන්නා මූලිකම කරුණක් නම්, මෙහි ප්‍රධාන චරිතය වන කෙපෙෂ් එහි හැඳින්වෙන්නේ, මුක්තිය ලද ජීවිතයක් emancipated manhood ගතකරන චරිතයක් ලෙස වීමයි. (මෙය එම සිනමාපටය පිළිබඳ හැඳින්වීම් කෙරෙන අවස්ථාවල යෙදී ඇති හැඳිනුමකි.) එවැනි හැඳිනුමක් එම චරිතයට ආදේශ කරන්නට හැකි සෑම සාධකයක් ම මුල් කතාව ලියූ නවකතාකරුවා සේම සිනමාපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂිකාව ද එකී කෘතීන් තුල සපුරා තිබීම විශේෂය. එනම්, කෙපෙෂ් පවුලක් තුල ජීවත් වන්නකු නොවීම සහ ඔහු තම ලිංගික සම්බන්ඳකම් සඳහාම ස්ත්‍රීන් ඇසුරු කරන්නකු වීමයි. නමුත්, ඔහු ඉතාම නිරවද්‍ය හෘදය සාක්ෂ්‍යයක් ද ඇත්තෙකු බව එම කතාන්දරයේ යම් යම් තැන්වල ද, විශේෂයෙන් අවසන් භාගයේ ද ඔප්පු කර සිටීම එම කලා නිර්මාණයේ ඇති මානව හිතවාදී බවයි. (මේ පිළිබඳ පුළුල් සංවාදයක දී හෝ ලිවීමක දී මෙම කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.)

මීට සාපේක්ෂව, කොපියේ ප්‍රධාන චරිතය වූ මහාචාරී පුද්ගලයා සංකේතාත්මකව හෝ ජීවත් වන්නේ පවුලක් තුලයි. (එය බිරිඳ සැමියා දුව වැනි පවුලක් බව කිීම නිර්මාණකරුවා හිතාමතාම මගහැර සිටීම ගැන මීට පෙර ලිවීමේ දී කියා ඇත. රිවිර ඉරිද සංග්‍රහය – 08.05.2016) එසේ පවුලක් තුල ජීවත් වන අයෙකුගේ මෙවැනි හැසිරීමක් ඔහුගේම තනි කේවල හැසිරීමක් ලෙස කිසිසේත්ම පිළිගන්නට නොහැකි වන්නේ පවුලක් තුල දී එම පවුලේ එක් සාමාජිකයෙකුගේ ක්‍රියාත්මක වීම එහි සිටින සියලුදෙනාට ඍජුවම බලපාන නිසායි. (විශේෂයෙන් මෙවැනි සංස්කෘතික වටපිටාවක් තුල) මේ බව දන්නා නිසාම, මුල් නිර්මාණයේ චරිත පිහිටුවා ඇති සන්දර්භවලින් ගලවා ඒවා පවුලක් තුලට ගොනු කර එම ක්‍රියාකාරකම්ම කොපියේ ද ඇතුළත් කිරීමෙන් කොපියේ නිර්මාණකාරයා බලාපොරොත්තු වන දුෂ්ට මෙහෙයුම කුමක්දැයි මෙම සිනමාපට දෙකම නැරඹීමෙන් වටහා ගන්න. (කරුණාකර හැකි අය මෙම චිත්‍රපට දෙකම නරඹන්න.) එසේම, මෙහි එන කෙපෙෂ්ගේ පළමු මැදිවියේ පෙම්වතිය කැරොලින් ද කෙපෙෂ්ගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නියක් නොවන්නේ, ඇය ද කෙපෙෂ් මෙන්ම මුක්තිය ලද ජීවිතයක් ගත කරන තැනැත්තියක් වීම නිසා. එපමණක් නොවෙයි, කෙපේෂ්ගේ අලුත් පෙම්වතිය වූ කොන්සියුලා ද කාමිනියක් හෝ උන්මාදයෙන් කෙපෙෂ් හඹා එන විකාරකාරියක් නොවේ. නමුත් කොපියේ රතිකා කොඩිතුවක්කු රඟන චරිතය උම්මත්තක කාමිනියක් බව ඇයම කියන ආකාරය එහිම දැක්වෙන්නේ ඇයගේ ම වචනවලිනි.

“මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගෙ මිනිස්සු විතරක් නොවෙයි, බල්ලො බළල්ලුත් ගෙට අරගෙන දොර වහගන්නවා.”

මෙසේ දෙබස් කියූ රිතිකා කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකට කියා ඇති දේ සිදුවන්නට යන දෙයක පෙර මග ලකුණු පෙන්වන බව පළමු ලිවීමේ දී මෙන්ම මෙහිදී ද මතක් කරමි. ඇය මෙසේ කියා ඇත.

“ඒ චරිතයට මමත් බයයි. ඇත්තටම සියලු දේ විනාශ කරගෙන පිපිරෙන්න සූදානම් බොම්බයක් වගේ. චිත්‍රපටිය බලනකොට මටමත් බය හිතුණා. මට දැනෙන්නෙ ඒ බය විතරයි.”

ඇත්තට ම ඇය තවම මෙහි ඇති භයංකාර බව දැනගෙන නැත. එම කොපිය සඳහා නිර්මාණකාරයා විසින් ඇය පාවිච්චි කරනු ලැබ ඇති දුෂ්ට අන්දම හොඳින්ම වටහා ගන්නට නම්, ඇය Elegy සිනමාපටයේ පෙනිලොප් කෲස් රඟන චරිතය හොඳින් විමසිය යුතුය. එය අතිශය මානුෂික චරිතයකි. කොන්සියුලා කාමිනියක් නොවේ. ඇය කෙපෙෂ්ගේ පුද්ගලික ජීවිතයට මැදිහත් වන්නේ ද නැහැ. නමුත් ඇය ඔහුට ආදරය කරනවා. ඔහු ඇයට ආදරය කරන්නේ ඇයිද යන්නත් ඇය දන්නවා. (මේ ගැන දීර්ඝව විග්‍රහ කිරීම වගේ ඉදිරි ලිවීමක දී සිදුවනු ඇත.) නමුත්, කොපියේ දී මේ කිසිවක් කිසි කෙනෙකුට පැහැදිලි නැහැ. චරිත සියල්ල තනිකරම විකාරරූපී හැසිරීමක යෙදෙනවා. ඒ විකාර හැසිරීම් සියල්ල එල්ල කරන්නේ පවතින සාම්ප්‍රදායික පවුල වෙතයි. කිසිදු තාර්කිකත්වයක් නැති සිදුවීම් සහ හැසිරීම් ප්‍රමාණයකින් ව්‍යාජ ගූඪ බවක් මවා පා තමා මෙම නිර්මාණයෙන් මහා දෙයක් කියා ඇති බවක් අඟවයි. නමුත්, කියා ඇත්තේ කුමක්දැයි නිර්මාණකාරයා හෝ ඔහුගේ මුග්ධ වන්දනාකාරයෝ නොදනී. ඉන් කියැවී ඇත්තේ කුමක්දැයි එක්වරට දෙවරක්ම මේ වනවිට මෙම ලිවීම කෙරෙන් නම් හෙළිදරව් කැර ඇත.

දැන් අපි බලමු, මේ එකම සංකල්පයක්, චරිත හා යම් යම් සමාන සිදුවීම් සහිත සිනමාපට දෙක ප්‍රේක්ෂකයා ඉදිරියේ තම නිර්මාණ අවසානය සටහන් තබනා ආකාරය. එයින්ම මෙම ලිවීම ද හමාර කරන්නට හැකියි. මුල් නිර්මාණකරණයේ දී, කතානායකයා මුල සිටම තම ආත්ම කථනය උත්තමපුරුෂ ඒකවචන කථනයක් ලෙස ගෙන එන අතර ඒ හරහා ඔහු සහ ඔහුගේ හැඟීම් පිළිබඳව ප්‍රේක්ෂකයාට පුළුල් දැනවීමක් කැරවයි. එසේම, වරින් වර තම ජීවිත පිළිබඳව කථෝපකථනයේ යෙදෙන කෙපෙෂ් සහ ඔහුගේ මිතුරා ඩෙනිස් හොපර් Dennis Hopper (ජෝර්ජ් ඕ‘හර්න් – George O’Hearn) අතර සංවාදවලින් මේ ජීවිත පිළිබඳව ප්‍රේක්ෂකයා වෙත හෙළිදරව් වන දේ මොනතරම් ආලෝකයක් මෙම සිනමාපටය එල්ල කරනවාදැයි එය නැරඹීමෙන්ම ඔබ දැනගත යුතුය. නමුත්, මෙහි කොපියේ ඇත්තේ සුපුරුදු මූසල, කාලකන්නි බවම මිස මිනිස් සංවාද ඇත්තේ නැත. එමගින් කොපියේ නිර්මාණකාරයා සන් කරන්නේ මේ චරිත බලෙන් සවිකැර ඇති සාම්ප්‍රදායික පවුලේ තිබෙන අවුලක් හෙයින් මේ මුස්පේන්තුකම එතුලට රිංගා ඇති බවයි. එසේම, අදහස් ප්‍රකාශ නොකිරීමෙන් මේ ගුප්ත කොපිය තුල ඇති අසාර්ථකත්වය ද හෙළිදරව් වීම වළක්වා ගැනීම ද තවත් එක් අරමුණකි. (මීට කලින් ද මෙවැනි නිර්මාණ ගැන ලියන විට මේ ගූඨ නිශ්ශබ්දතාව ගැන ලියා ඇති බව මතක් කරමි.)

නමුත්, Elegy නම් ඒ අපූරු සිනමාපටය අවසන් වන්නේ මේ වියපත් මහාචාර්ය කෙපෙෂ් සහ ඔහුගේ ළාබාල පෙම්වතිය කොන්සියුලා අතර ඇති වූ අසාමාන්‍ය පෙම් සබඳතාව මනුෂ්‍යත්වයදෝරේ ගලනා ආදරණීය, ප්‍රේමනීය ඉමකට සේන්දු කැරවමිනි. ඒ නම්, කෙපෙෂ් වඩාත්ම ආසා කළකොන්සියුලාගේ පියයුරු යුගලයෙන් එක් පියයුරක් සැත්කමකින් ඉවත් කරන්නට වීම හේතු කොට ගෙන ඇති වන මනුෂයත්වයේ සිහි එළැඹීමයි. එහිදී සැත්කමට පෙර තම පියයුරු ඡායාරූප ගත කරන ලෙස කොන්සියුලා කෙපෙෂ්ගෙන් ඉල්ලා සිටින අතර ඊට ඇය මුහුණ දෙන අවස්ථාව තරම් අනුවේදනීය මොහොතක් එවැනි තේමාවක් යටතේ වූ නිර්මාණයක පිහිටුවිය හැකිදැයි යන්න ද විමතියක් දනවයි. එතැන ඇති ලිංගික ජුගුප්සාවක් ඇත්තේම නැත. එතැන ඇත්තේ, ප්‍රේක්ෂකයාට තම මිනිස් ජීවිතය ගැනත් ඕලාරික ශරීරය ගැනත් තම හදවත සහ මොළය අවදි කැරවන අපූරු අවස්ථාවකි. නමුත් ඒ වෙනුවට, කොපියේ දී කොන්සියුලා සමගාමී චරිතය වූ කාමිනිය ඇයගේ නිරුවත් උඩුකය ප්‍රේක්ෂකයා වෙත නිකරුණේ දක්වන අවස්ථාවේ දී නම් ඇති වන්නේ තනිකරම ලිංගික ජුගුප්සාවකි. (එය එම චරිතය රඟ පෑ රිතිකා කොඩිතුවක්කුට තදින් දැනී ඇති බව ඉහත දැක් වූ ඇයගේ අදහස්වලින් හොඳින්ම ගම්‍ය වෙයි.)

තවද, එම සැත්කමෙන් පසුව, කොන්සියුලා හමුවන කෙපෙෂ් රෝහලේ දී ඇය වෙත දක්වන ප්‍රතිචාරය අනුව, ඔහු කෙසේවත් ලිංගිකාස්වාදය ම තම ජීවිතයේ එකම අරමුණ කැර ගත් මානසික රෝගියෙකු නොවන බව ඔප්පු කැර සිටින්නේ, එදා මෙන්ම අදත් ඔහු ඇය සමග සිටිනා බව කීමෙන් ය. මෙම මුල් නිර්මාණයේ අවසන් දර්ශනය කොපියේ අවසන් දර්ශනය මෙන් කෙටි චිත්‍රපටයක් වැනි උම්මත්තක විකාරයක් නොවේ. පන්සලේ පහන් වැටවල් ඔසවාගෙන මර හඬ දීගෙන තම සැමියාගේ අනියම් ස්ත්‍රිය හඹා යන විකල් ස්ත්‍රියක් හෝ ඒ අවස්ථාව ව්‍යාකූල මනසින් දරනා පිරිමින් හෝ වෙනුවට මෙහි ඇත්තේ කෙපෙෂ් සහ කොන්සියුලා අත්වැල් බැඳගෙන සුන්දර මුහුදු වෙරළක ඈතින් ඈතට ඇවිද යන ආකාරයයි. එවිට ම නාමාවලිය දැක්වෙන අතර එහි සටහන් වන්නේ, මෙම කතාන්දරය නවකතා ප්‍රබන්ධයක් ලෙස ලියූ ෆිලිප් රොත් ගේ නම සහ ප්‍රබන්ධයේ නම වූ,The Dying Aminal යන්නයි. ෆිලිප් රොත් එම නාමකරණයෙන් උදක්ම උත්සාහ කැර ඇත්තේ මිනිසා තුල සිටිනා තිරිසනා මෙවැනි කතාන්දර පසුබිමක මියැදෙමින් ඇති බව දක්වන්නටයි.

ඇත්තෙන්ම, එවැනි සිනමා සටහනක අවසානයකින් එවන් උත්තම අදහසක් කුළු ගැන්වෙන බව එය නැරඹූ විට ඔබට දැනේවි. දැඩි කාමභෝගී ජීවිතයක් ගත කළකෙපෙෂ් වැන්නකු මෙසේ පරමානන්දනීය ප්‍රේමයක් වෙත නතු වේ යැයි ප්‍රබන්ධයකින් නම් තහවුරු කිරීම මොනතරම් අසීරුද? (ප්‍රබන්ධය සහ හැබෑව පිළිබඳ ලිපිය – රිවිර ඉරිදා සංග්‍රහය- 15.05.2016)එහෙත්, ඉසබෙලා කොයිසෙට් නම් දක්ෂ නිර්මාණකාරිය ෆිලිප් රොත්ගේ කෘතියෙහි අතුරු තුළ සැඟැවී තිබූ සියල්ල නිවැරදි අයුරින්ම තිරයේ පිහිටුවා තිබීමෙන් ඇය ප්‍රබන්ධයකට විශ්වසනීයත්වයක් එක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මහා පරිචයක් ඇත්තියකැයි සිතන්නට අප පොළඹවයි.

26
නොවැ.
17

අඹුඩේ තරමට ලබ්බ නැති හඳගම බූරුවා

ලංකාවේ සිනමාව ඔබ හඳුනා ගන්නේ මොන විදියටද?

දීර්ඝ කාලයක් තිස්සේ මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. මට හිතෙනවා අපි ජීවත් වන්නේ පසුගාමී සිනමා යුගයක කියලා.

ඊට පළමුවෙනි හේතුව සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍යයක් වුනාට ලංකාවේදී ඔවුන් විසින් එය අපහරණයට ලක් කරලා තියෙනවා කියන එක. ලෝක සිනමාවට සමගාමීව වාගේ තමයි අපේ සිනමාවත් පටන් ගන්නේ. 1947 දී අපේ සිනමාව ඉන්දියානු අනුකරනවාදී ගති ලක්ෂණවලට ගොදුරු වෙනවා. වසර 10 ක් 12 ක් යනකල් කිසි කෙනෙකුට මෙයින් ගැලවෙන්නට බැරි වෙනවා.
සිනමාව ඉගෙන ගෙන ආපු ලෙස්ටර්, ගාමිණී ෆොන්සේකා කියන පුද්ගලයාවත් ඩේවිඩි ලීඩ් ගේ චිත්‍රපටයක් වන  The bridge on the river kwai කියන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙකු හැටියට සිනමාව ඉගෙන ගන්න යවනවා. ඒ සමඟම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, තිස්ස ලියනසූරිය වගේ තිර කතා රචකයෝත් එකතු කර ගන්නවා.
සිනමාව කියන්නේ Collective art form එකක්. සිනමාව හොඳින් දන්න අධ්‍යක්ෂවරයා හිතන්නේ එහෙමයි. එලෙස සංවිධාන ගත වෙලා තමයි ලාංකීය සිනමාවත් ලෙස්ටර් ගොඩ නඟන්නේ. හැබැයි ලෙස්ටර්ගෙන් පසුව බිහිවුනු දෙවෙනි, තුන්වෙනි පරම් පරාවල් කරන්නේ ලෙස්ටර් කරපු දෙයින් අනෙක් පැත්ත.

සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍යයක් කියන පරමාදර්ශය ඔවුන් වරප්‍රසාදයක් හැටියට භාවිත කරලා සියල්ලන්ම  තමන්ගේ ආඥා දායකත්වයට යටත් කර ගන්නවා. ඒ නිසාම මුදල් සපයන නිශ්පාදකයාත්, අධ්‍යක්ෂවරයාත් එකතුවෙලා අනිත් ශිල්පීන් සියල්ලම සූරා කෑමට ලක් කරලා සිනමාව පහත් අඩියකට පමුණු වනවා. මගේ කියැවීම් වලට අනුව ලංකාවේ සිනමාව මම හඳුනා ගන්නේ ඔය විදියටයි.

ලංකාවේ කලා නිර්මාණවල කාන්තාව විකිණෙනවා කිව්වොත් ඔබ එකඟද?

ඔබේ ප්‍රශ්ණයට මම ඔබට හොඳ නිදසුන කින් උත්තර දෙන්නම්. ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන කැඩපත නම් වූ  blog  අඩවියක් තිබෙනවා. මෑතකදී ඔවුන් “ විරාග කොල්ලය ” නමින් ලිපියක් අන්තර්ජාලයට මුදා හැරියා. එහි සඳහන් වන්නේ මාටින් වික්‍රමසිංහගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් වන විරාගය නමැති නව කතාව ඇසුරින් තිස්ස අබේසේකර නමැති අධ්‍යක්ෂ වරයා ලවා එය නිර්මාණය කර ගැනීමට ගිය චන්ද්‍රා මල්ලවආරච්චි නමැති නිෂ්පාදකවරිය සූරාකෑමට ලක් වෙන හැටි.  මම හිතන්නේ මේ පිළිතුරට එම ලිපියේ ලින්ක් එක උපුටා දැක්වීමෙන් පාඨකයාට අවස්ථාවක් ලැබෙනවා ඔබ අසන ප්‍රශ්ණයට සෑහෙන පිළිතුරු ලබා ගැනීමට.  මම හිතනවා මෑත භාගයේ දී අනෝමා ජනාදරී නිරුවත සහ කුසලතාව තම සැමියා විශ්වාසකර ලබා දිමට පසුව අශෝක  හඳගම නමැති සැමියා එය සුරා කෑ අන්දමට නොදෙවෙනි අයුරින් විරාග කොල්ලයේ දී ප්‍රබල ආකාරයෙන් එය සිදුවී ඇති බව.

මේ ප්‍රශ්නය අහන ඔබ පිරිමියෙක්. ඒ නිසාම ඔබ මේ පීඩනය පිළිබඳව දන්නේ නැහැ කියල මට හොඳටම විශ්වාසයි. ඒ නිසා මේ ප්‍රශ්නය මම දකින්නේ පීඩතයා සහ පීඩතයා අතර  නැගෙන පූචානම් කතාවක් හැටියටයි.ලංකාව තුල සිනමාවට හොඳ ඉල්ලුමක්  ප්‍රතිසංස්කරණයට ලක් නොකල ප්‍රාදේශීය මට්ටමේ සිනමා හල් වලට ඔබ යන්න. මේ සිනමා ශාලාවල් ගොඩ නැඟුයේ 60, 70 දශක වල වාහන 50 ක් පමණ ශාලාව ඉදිරිපස පාර්ක් කරන්න පුළුවන්. ගැලරිය අනිවාර්යයෙන් පිරෙන නිසා  ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පෝලිම් අනිවාර්යයෙන්ම යකඩවැටවල් වලින් ආවරණය කර තිබෙන්නේ. ශාලාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 1000 කට කිටිටුයි. ඒ කාලයේ 10.30, 2. 30, 6.30 හා 9.30 යනුවෙන් දර්ශන වාර 4 ක් දිනපතා පෙන්වා තිබේනවා. ඒ වාගේම වසරකට නිෂ්පාදනය වුනු චිත්‍රපට සංඛ්‍යාව 100 ඉක්මවූ ඉතිහාසයක් තිබෙනවා. ඉතින් සිනමාවට හොඳ ඉල්ලුමක් තිබුනාද? නැද්ද? මම කියන්නේ අදත් එදාට වැඩිය මිනිස්සු චිත්‍රපට මාධ්‍යයන් තමුන්ගේ ජීවිතය රස වින්දනයට ලක් කරන්න බලාගෙන ඉන්නවා. නැත්තේ ඉල්ලුමට සැපයුම විතරයි.

ජාත්‍යන්තර සිනමාව එක්ක ගත්තම ලංකාවේ සිනමාව ගැන මොකද හිතන්නේ ?

ඔබේ ප්‍රශ්ණයට මම සමකාලීන නිදසුනක් එක්ක උත්තරයක් දෙන්නම්. ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ගේ සංසදය විසින් ජාත්‍යන්තර සිනමා උළෙලක් දෙවෙනි වතාවටත් පැවැත්වූ වා. මම දකින්නේ  මේක තමන් විසින් බෙල්ලේ වැල දා ගැනීමක් කියලයි. මගේ මේ කියමනට ඔබේ ප්‍රශ්ණය පිළිතුරක්. දැන් අපි තවදුරටත් උත්තරය පැහැදිලි කර ගනිමු. අපේ සිනමා කරුවෝ මේ සිනමා උළෙල හරහා ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුනු අගැයීමට පාත්‍ර වුනු ගැඹුරු තේමාවන් සහිත චිත්‍රපට නොමිලේ චිත්‍රපට රසිකයින්ට දැක බලා ගන්නට ඉඩ සලස්වනවා.  මම කියන්නේ චිත්‍රපට රසිකයා කියන කෙනා ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. එයා අන්තර්ජාලය හරහා ගුණාත්මක චිත්‍රපටවල තොරතුරු දත්ත, ගොසිප් සියල්ලම දැන උගෙන තමයි සිනමා ශාලාවට එන්නේ.

ඊට අමතරව ඔහුට මේ උළෙල හරහා ඉතාමත් වැදගත් සිනමා කෘති නොමිලයේම දැක බලා ගන්නට ලැබෙනවා. ඉන් පස්සේ ඔවුන් කිසිම විටෙක වර්තමානයේ ඉන්න කිසිම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හදන චිත්‍රපට නරඹන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන් දන්නවා සල්ලි දීලා නරඹන්න යන චිත්‍රපටය සල්ලි නොදී නරඹපු චිත්‍රපටයට වඩා ගව් ගණනක් පසු පසින් තිබෙන බව. මේ අදහස සනාථ කරන්න හොඳ නිදසුනක් මම කියන්නම්.

ගිය අවුරුද්දේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදි නොමිලයේ පෙන්වපු චිත්‍රපටයක් තමයි තන්හා, රතී, රඟා. අධ්‍යක්ෂවරයාත්, නිශ්පාදක වරුත් මවිතයට පත් කරමින් මේ චිත්‍රපටය උළෙලේදී ජනාකීර්නව ප්‍රදර්ශනය කලා. ඉතිං මේ අය හිතුවා ප්‍රදර්ශක මන්ඩලයේ තිරගත කිරීම් වලදී සියළු ආදායම් වාර්තා බිඳ හෙලමින් චිත්‍රපටය සාර්ථක වෙයි කියලා. අන්තිමේදී මොකද වුනේ? චිත්‍රපටය ෆේලියර් එකක් වුනා. තේරෙනවාද ජාත්‍යන්තර සිනමා නිර්මාන එක්ක ගත්තාම ලංකාවේ පණ්ඩිත නාමය ගහ ගත්තු සිනමා කරුවන්ට අත්වන ඉරණම.

ලංකාවේ සිනමාව වෙනස් වෙන්න ඔනේ මොන අංශ වලින් කියලාද ඔබ හිතන්නේ ?

ලංකාවේ සිනමාව වෙනස් විය යුතු අන්දම ලෝක සිනමාව අද තිබෙන පරිශීලනය කිරීමෙන් අපට හුඟක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. පසුගිය කාලයේ  ඓතිහාසික චිත්‍රපට රැල්ල ගනිමු. මම හිතන්නේ මහා පරිමාණයේ ගුණාත්මක චිත්‍රපට බිහි වෙන්න අවශ්‍ය මූලිකම සාධකය වන “ මුදල් ” කොයි තරම් ලැබුනද? මහා ධන සම්භාරයක් මේ නිෂ්පාදන සඳහා ලැබුනු බවට හොඳම සාක්ෂියක් ඒ චිත්‍රපට වලට කර තිබෙන නාස්තිකාර වැඩ දැක්කම තේරෙනවා.

මේවාට කිව්වේ එපික් සිනමාව කියල වේ. හැබැයි Lord of the rings  වැනි චිත්‍රපටයක රූප රාමු, චරිත, වේෂ නිරූපන අමු අමුවේ කොපි කරලාවත් අපට බැරිවුනානේ එපික් චිත්‍රපට හදන්න. ධර්මසේන පතිරාජ මේවා අන්තිමට හැඳින් වූයේ තොරන් සිනමාව කියලයි. වෙසක් එකට අපි බලන තොරන් වලටයි ඔහු පහු ගිය කාලයේ සෑදුන ඵෛතිහාසික රැල්ලේ චිත්‍රපට ලඝු කලේ.
මම හිතන්නේ වෙනස් වෙන්න ඕනේ පළමු කාරණාව තමයි ප්‍රශස්ථ තිරකතා රචකයෝ බිහිකර ගැනීම.

ඊළඟට ඩිජිටල් කරනයට සාපේක්ෂ තාක්ෂනික භාවිතය ඉගෙන ගැනීම.  මම හිතන්නේ වෙළඳපල කාර්යභාරයේදී නම් ගාමිණී ෆොන්සේකාගේ ප්‍රකාශය ඉතා වැදගත්.  සංස්ථාව අහෝසි කරල සියල්ල පෞද්ගලික කරනයට යටත් වෙන්න ඕනේ. දැනට වුනත් සංස්ථාව තිබිලත් සියල්ල වෙන්නේ ඒ වාගේ තමයි.

අනෝමා ජනාදිරී රඟ පාන්නේ තෝරාගත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල විතරද?

මම රඟපාන්නේ තෝරාගත් තිර නාටකවල පමණයි. හේතුව මම රඟ පාන්නේ සමාජ දේශපාලනික වශයෙන් මේ රටේ කාන්තාව මුහුණ දෙන බරපතල ගැඹුරු විෂමතා හමුවේ. ඊට මුහුණ දෙන ආකාරය ගැන කියැවෙන චරිත. ඔබ දන්නවා එවැනි චරිත සහ ගැඹුරු තිර නාටක ලියැ වෙන්නේම නැති තරම්. එක්කෝ එවැනි ගැඹුරු ධර්මතා අනුකරනය කර ලියැවුනු පිටපත් තමයි මා කරා එන්නේ. පසුගිය අවුරුදු දහ තුනටම එවැනි පිටපත් දොලහක් මට ලැබුනා. අටක් ප්‍රතික්ෂේප කලා. දෙකක් කලා. එකක් අතර මඟදී ප්‍රතික්ෂේප කලා. කරපු චිත්‍රපට දෙක ලබන වසරේදී ලෝකවාසී ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි වේවි.

ඇයි පොත් ලියන්න පටන් ගත්තේ? රඟපෑම ගැන කලකිරිලාද?

ජීවිතය, ලාංකීය සිනමාව, අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මේ සැම දේම ගැන කලකිරිලා ඉන්න සෑම මොහොතෙම තවමත් මම කලකිරිලා නැත්තේ මගේ රඟපෑම ගැන විතරයි. ඒ හින්දාම තමයි කලකිරුණු සියල්ල අමතක කරලා ජීවත් වෙන්නෙත්. මම පොත් ලියන්න පටන් ගත්තේ කුඩා කාලේ ඉඳන් තෙරපගෙන හිටපු දේවල් පිට කරන්නයි.

ඔබට නිලියක් කියනවාට ද වඩා කැමති, කලාකාරියක් කියනවාටද?

කලාකාරියක් කියලා කියන්න පුළුවන් අයිරාංගනී සේරසිංහ මහත්මිය වගේ මුහුකුරා වැඩුනු බුද්ධියක් හාත්පස තැවැරුනු ප්‍රඥාවක් සැම දෙනාගේම ආදරයට, ගෞරවයට පාත්‍රවුනු කාන්තාවකට.  මම හිතන්නේ මම තවම චරිතාංග නිළියක්. කලා කාරියක් වෙන්න මට දිග ගමණක් තියෙනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතයට ආදේශ වුනු ප්‍රබල හැගීමක්. හැබැයි වෙනත් මානුෂික අවශ්‍යතා එක්ක ආදරය නමැති මානුෂික හැඟීම් පටලවාගෙන ඉන්න නිසා සියල්ලෝම දුකට පත් වෙනවා. හේතුව ආත්මාර්ථය නිසා. අපි ආදරයේ උත්සන්නතම අවස්ථාව වන සුරතාන්තයට පත් වීම ගනිමු.  මේ ලෝකේ කෝටි ගණනක් මිනිසුන්, ගැහැණුන් සහ සත්වයින් සුරතාන්තයේ දී විඳින්නේ තනිවම. අනෙකා සමලා එක්ව විදීමට නම් පුදුමාකර මානසික හා කායික මුහු වීමක් අවශ්‍යයි. සහ එයට මුල් වෙන්නේ ඉවසීම, අනෙකාට ගරු කිරීම, කෙටියෙන් කිව්වොත් පරාර්ථකාමයයි. ඒත් සකල ලෝක වාසී සත්වයෝ ප්‍රසූත වෙන්නේ පරාර්ථකාමයෙන් නෙවෙයි. ආත්මාර්ථකාමයෙන්ම තමයි. ඒ නිසායි සියළු සත්වයෝ දුකට පත් වෙන්නේ.

 

26
නොවැ.
17

රතන බූරුවා නොදිටි මොක්පුර (ඊ-නිවුස්)

 

රතනයා ගෙන ආ පිවිතුරු හෙටක් යෝජනා වලියේ  විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් තිබුනේ නැත. රතනලා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට මුල සිටම කටයුතු කළේ මාදුළුවාවේ සෝභිත ප්‍රමුඛ පිරිසය. ඊට මේ රටේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයද හිටපු ජනාධිපතිනියද ජෙනරාල් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, දෙමළ ජාතික සන්ධානයද, මුස්ලිම් කොන්ග්‍රසයද, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ හා කලාකරුවන් සරසවි ආචාර්ය වරුන් වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 48 ක්ම අවසානයේ කැමැත්ත ප්‍රකාශ කළහ. ඔවුන් කැමැති වූයේ විධායක බලය සම්පූර්ණයෙන් අහෝසි කිරීමකට මිස ජාතික හෙළ උරුමයේ යෝජනාව වූ විධායක බලය කප්පාදු කිරීමකට නොවේ. (කප්පාදු කරන ගස් යලි හොඳින් ලියලා වැඩෙන බවද දැනගත යුතුය.)

පිස්සු රතන නොවැම්බර් 12 වෙනිදා මුත්තයියා පාක් රැලියේදී පැහැදිලිව කීවේ ඔවුන්ගේ යෝජනාව විධායක බලතල කප්පාදු කිරීමක් වුවද අනෙක් අය කියනවා සේ ඊට එහා යන්නේ නම් ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවයි.

නමුත් දැන් වැඩ සිදුවෙමින් පවතින්නේ මේ සියල්ලට විරුද්ධව ජාතික හෙළ උරුමයේ මතයට අවශ්‍ය ආකාරයට ය. ජාතික හෙළ උරුමයට මේ රටේ ඇත්තේ ඡන්ද ලක්ෂ 2-3 ක් පමණය. මේ මැතිවරණයේදී ඔවුන්ගේ බල කඳවුරු වූ මහරගම කැස්බෑව වැනි ආසන හංසයාට ජය ගැනීමටද නොහැකි විය. එවැනි සුළුතර බලයක් තබාගෙන සමස්ථ විපක්ෂයක බලාපොරොත්තු විනාශ කිරීමට උත්සාහ කිරීම නින්දා සහිතය.

සත්‍ය වශයෙන්ම ජාතික හෙළ උරුමයට විධායක බලය අවශ්‍ය වන්නේ වෙනත් කිසිවකට නොව ඒ විධායක බලයට හේත්තු වී තමන්ට අවශ්‍ය දේ කර ගැනීමටය. ඔව්හු දැනටමත් ඒ අනුව ක්‍රියා කර තිබේ. පිස්සු රතන ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කිරීම, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම, අයිටීඑන් නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක නමැති හෙළ උරුමය මාධ්‍ය අංශයේ සිටි පුද්ගලයෙක් පත් කිරීම, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ශිරාල් ලක්තිලක පත් කිරීම,  ආදී සියල්ල ජාතික හෙළ උරුමයේ අවශ්‍යතාවය මත කරන ලද පත් කිරීම් ය. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ශිරාල් ලක්තිලකගේ පත් කිරීමය.

රනිල් එජාපයෙන් එළවා දැමීමට පාරට බැස වෙඩි තබා ගත් ශිරාල් ලක්තිලක ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ විට ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි වේවිද?

වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති ජනාධිපතිවරයා තමා පත් කළ ජනතාව යනු ජාතික හෙළ උරුමය පමණක් නොවන බව මතක තබාගෙන වැඩ කරනු ඇතැයිද ඊනිවුස් බලාපොරොත්තුවේ.




අනවශ්‍ය දේවල්

  • 172,627 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements