28
ජුනි
17

ග්‍රාමසේවකයාගේ පුතාල හෙලිකොප්ටර් පැද්දට රනිල් අප්පු ඉන්කං බේබිලා වෙන්න බැරිය….

ගොබ්බ රාමසේවක ගමයලාගේ පුතාල හෙලිකොප්ටර් පැද්දට රනිල් අප්පු ඉන්කං බේබිලා වෙන්න බැරිය….

ගංවතුර ආපදාව මිනිසුන්ට ඇති වූ දිනයේ සිට මිනිසුන් සමඟ කරට කර වැඩ කල ජනතා සේවකයින් අතරින් මුල් තැන, නාමල් රාජපක්ෂට හිමිවන බවට කිසිදු සැකයක් නැත. ආරම්භයේ සිට ඩී. වී. උපුල් මන්ත්‍රීවරයාවද සහාය කර ගනිමින් නිසි යාන්ත්‍රණයක් සමඟින් කෙරුණු සංවිධානාත්මක වැඩ පිළිවෙළ ප්‍රදේශවාසීන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වූ බව කිව යුතුය. මහින්ද අමරවීරලා, සජිත් ප්‍රේමදාසලා අඩිය තියෙන කොට නාමල් පිනුම් ගහලාත් අවසන් බව මෙවර ගංවතුරින් ඔප්පු විය. අහසේ ඵලක් බැඳ සිටි නාමල් මෙහෙම බිමට බැස්සේ ඇයි.. ඒ කාලේ කරපු අසික්කිතකම් වහ ගන්නද? එයත් විමසා බලමු.

නාමල් පසුගිය රජයේ ජනපතිගේ පුතාය. අරක්කු තියා බියර් එකක්වත් බීවේ නැත. ක්ලබ් කුඩු කලේ නැත.. කෙල්ලන් වෙනුවෙන් මරාගත්තේ නැත. බීලා චාටර් වූ තැනක්වත්, වෙනත් පිස්සු කෙළපු තැනක් වත් නාමල් ගෙ ඉතිහාසයේ නැත. නාමල්ට කිව්වේ ගැහැණු ළමයි හා සම්භන්ධකම් වැඩී යන්නයි. යෝශිතටත්, රෝහිතටත් පෙම්වතියන් සිටින නමුදු නාමල්ගේ පෙම්වතියක් ගැන අහලාවත් නැත. නාමල් අතින් දූෂණය වූ තරුණියන්ද හොයාගන්නට නැත. නාමල් කෙල්ලෙක් එක්ක හිටියාම කියමු. ඒ වරදට එරෙහිව ලක්ෂ 62ක් අවි එසවූහ. දැන් රටේ කොල්ලෝ කෙල්ලෝ පස්සෙ යන්නේ නැත. සමලිංගික සති වලට ගොස් කොල්ලො කොල්ලන් පස්සේම යති. කෙල්ලොන්ටද කරදරයක් නැත. කෙල්ලොත් කෙල්ලොන්ගෙම අවශ්‍යතා පිරිමහ ගනිති. සමලිංගිකත්වය අපූරුවට තියෙද්දි නාමල් කෙල්ලො පස්සෙ ගියානම්, අම්බානක අසික්කිත නොවේද? බලන්න නාමල්ගේ ජඩකම් ඒ කාලේ කරපු.

නාමල් රගර් ගැහුවේය. ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරුවේය. නේවි කණ්ඩායමද මෙහෙයෙව්වේය. පට්ට වැරදිය. අම්මට සිරි වෙන්න වැරදිය. ජාත්‍යාන්තර සත් සාමාජික තරඟාවලි උත්කර්ශවත් අයුරින් අපේ රටේ පැවැත්විණ. ජාත්‍යාන්තර ශ්‍රේණිගාත කිරීම්වල වෙනදාට වඩා ඉදිරියට රගර් ක්‍රීඩාව ආ බව සැවොම දනී. නාමල් රගර් ක්‍රීඩායේ යෙදුනු අසික්කිත වරදට එරෙහිව ලක්ෂ හැට දෙකක් අත එසවූයේය. අද රග්බි කොතැනද? දකුණු ආසියානු ශූරතාවත් ගිලිහී ගොසින්ය. ජාතක රගර් ක්‍රීඩා තරඟයක් ලංකාව අහලක නැත. නාමල් රග්බි ක්‍රීඩාවට කල සේවය අම්බානක වැරදිය.

නාමල් ලැම්බෝගිනි පැද්දේය. දළදා මාලිගාවට නොපෙනෙන මානයේ පැද්දත් නාමල් දලදාව වටා රේස් පැද්දායැයි කීවේය. රුසියානු නාටිකාංගනාවෝ පූජා භූමියේ නැටූ බව කීවේය. නාමල් ලැම්බෝගිනි පැද්ද වරදට ලක්ෂ 62ක අවි එසැවිණ. නාමල් කල වරදට දඩුවම් ලබා ගෙදර ගියේය. නාමල් පැදපු ලැම්බෝගිනියක් අද හොයාගැනීමටවත් නැත. රටේ සංචාරය කරන්න එන විදේශිකයින්ට නැරඹීමට ජාත්‍යාන්තර ප්‍රමිතියේ ඉවෙන්ට් එකක් කොහේවත් නැත. විදේශිකයෝ ලංකාව බෝරිං කියා නහයෙන් අඬන්නේ නාමල් කරපු අසික්කිතකම් නැති නිසාය. නාමල් කල අසික්කිත ලැම්බෝගිනි පැදීම රටට පල දුන්නේ එසේය.

නාමල් අසික්කිත ලෙස හෙලිකොප්ටර් පැද්දේය. හෙලිකොප්ටරයක් තියා කුරුම්බැට්ටියක් නැත. නාමල්ගෙ මල්ලිලාත් අම්මාත් හෙලිකොප්ටර් පැද්දේය. ලක්ෂ 62ක් ඊට එරෙහිව අත එසවූයේය. නාමල් අසික්කිත ලෙස පැදපු හෙලිකොප්ටර් වාශ්ප වී ගොසිණ. යහපාලනය තවමත් නාමල්ගේ හෙලිකොප්ටර් සොයති. නාමල්ගේ අසික්කිත හෙලිකොප්ටර් පැදීමද එසේ අවසන් විය.

නාමල්ගේ අසික්කිතකම් එසේය. අද නාමල්ට බලය නැත. බලය ඇති ලෙස නාමල් මිනිසුන් වෙත යයි. 2016 ගංවතුරේදීත්, අරණායක නාය යෑමේදීත්, මීතොට මුල්ල කුණු කන්දේදීත් වත්මන් අපාදාවේදීත් නාමල් අසික්කිත ලෙස මිනිසුන්ට උදව් කලේය. ගංවතුරෙන් හානි වූ නිවෙස් වලින් පළවෙනියට ඉදි කරන නිවෙසත් අද නාමල්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙලා.. නාමල් දැන්ගන්න ඕන.. මේ කරන අසික්කිතකම් වලට ලබන ඡන්දෙදිත් මිනිස්සු දඩුවම් දෙනවා කියලා.. හැබෑට මේ මිනිහගේ අසික්කිතකම් නවතින්නේ නැති හැටියක්.

ඒකට වත්මන් ග්‍රාමසේවකයාගේ පුතා.. දන්නා මෙලෝ ලබ්බක් නැත. රටට කරන වැඩකුත් නැත. ගංවතුරට ගොදුරු වූ මිනිසුන් අසලට යනවිට ඔවුන් බුදු බව පතති. ක්ලබ් කුඩු කරාට කිසි අවුලක් නැත. කිස්දු තනතුරක් නැතිව රටවල් වල ගොස් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.. කිසිදු අසික්කිතකමක් ගෑවිලාවත් නැති රත්තරන් කොලු පොඩ්ඩා… නෙද්දකින්..

දැන් කවුද අසික්කිත…?

– අභීත එදිරිසිංහ

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,548 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2017
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: