13
ජුනි
17

සතුරාගේ ගූ අරන් නහය උඩින් තබාගැනීම (ජවිපේ තියරි)

ජවිපේ සහ රතු අලි
පහුගිය දවස් වල පොඩි පොඩි ජෙප්පෝ කියනවා අපි සතුරාගේ ආයුධ අරන් සතුරාටම පහර දෙනවලු…ඒ කියන්නේ එන්ජිඕ වලින් සහ එජාපයෙන් සල්ලි අරන් ඒ සල්ලි උන්ටම විරුද්ධව යොදවනවා කියන එක…එහෙම තමයි මේ දවස් වල කෙරෙන හම්බ කෙරුවාව බිම් මට්ටමට සාධාරණිකරණය කරලා තියෙන්නේ …උඩින් කියන ඕනෙම බඩකඩිත්තු කතාවක් හිස් මුදුනින් පිළි අරන් දගලන මේ පොඩි පොඩි ජෙප්පන්ට ඉහලින් කියන දේට පිටින් කිසිම දෙයක් හිතන්න බැහැ…මොළ ශෝදනය ඒ තරමටම බලවත් ……

“සතුරා අතට ආයුධ නොදිය යුතුයි” කියලා මුන්ට උගන්නපු නායකයෝ රැල උඩ පැන පැන සතුරා අතට ආයුද දෙනවා..ඒවායෙන් බැට කන්නේ පහළ ඉදන් කුණු හෝදන පොඩි පොඩි ජෙප්පෝ…

කාලෙක ඉදලා ජෙප්පන්ට කඩේ ගිය බුකියෝ සම්භන්දයෙන් ලොකු ලොකු විවේචන තිබ්බනේ එයාලා ඇදගෙන නාපු සහ බැහැගෙන නාපු අවස්ථා බොහොමයි …මොනම විදියකින්වත් ජවිපේ භාවිතාව සමාජ ගත කරන්න පුළුවන් හැකියාවක් නැති, “වෙන්ඩ ජෙප්පෝ” බුකිය බදු අරන් හිටියේ …ඒ කට්ටිය නායකයන්ටම ගැලපෙන විදියට පිළිවෙලකට “බුකියේ ජවිපේ පජාත කිරීමේ” කටයුත්ත නිසි අයුරින් ඉටු කලා.

කොහොමින් කොහොම හරි අද වෙන කොට අනුර කුමාර කියන ජවිපේ නායකත්වය විසින් ජවිපේ වළලලා ඉවරයි…..තමන්ගේ මුඛරි කම කියන හැකියාව භාවිතා කරලා දිනපතාම සමාජ ගත කරපු බොරු කන්දරාව අවසානයේ තමන්ටම පාරාවළල්ලක් වීමත් එක්කම ලෙයින්, කදුළෙන්, දහඩියෙන් ජිවිත පුජාවෙන් ගොඩ නගපු පක්‍ෂයකට මේ අපරාදයට වන්දි ගෙවන්න වීමනම් ඇත්තටම විශාල අපරාධයක්.

පක්ශේ කාඩරයෙක් කියන විදියට……….
“ මම ජිවිතේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ පක්ෂෙන්”….” මේ හැම දෙයක්ම ගොඩ නැගුවේ පරම්පරා දෙකක් මැරිලා වැළලිලා”….”ඉක්මනටම ගමන වෙනස් වේවි කියලා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ”…හැබැයි මම මේක දාල යන්නේ නම් නැහැ”

උන් තවමත් බලාපොරොත්තු අත ඇරලා නැහැ…

ජවිපේ දේශපාලනය සමාජගත කරන්න ඕනේ කරන සාධක මහින්දගේ පාලන කාලය තුල ටිකෙන් ටික රටෙන් තුරන් වෙද්දී ( විරැකියාව, සිවිල් යුද්ධ, ශිෂ්‍ය අරගල, ) ජවිපේ දේශපාලනය කණකොකා හඩන්න පටන් ගත්තා. රටේ සිද්ධ වෙච්ච් සමහර හුදෙකලා සිදුවීම් පිටිපස්සේ ඉදගෙන ඒවා වැඩිදියුණු කරලා මහින්ද රජය පෙරලන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කෙරුවේ ඒක නිසා.

මුන්ව බලයට ගෙනාවම ජවිපේ දේශපාලනය සමාජගත කරන්න සුදුසුම වටපිටාව මුන් හදලා දෙන බව ජවිපේ දැන ගෙන හිටියා. හැබැයි ජවිපේ කරපු අපරාදේ උන්ගේ නායකත්වය විසින් උන්ටම පත්තු කරලා දුන්නා.

දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ, ඊලග සුනාමියේදී එජාප සාමාජිකත්වය ගන්නා ජවිපේ නායකයන් ගණන කීයද කියලා මිසක්, 2020 දී පිහිටුවන සබන් බෝල ජවිපේ රජය දිහා නෙවෙයි.
සමීර..
Sameera Senanayake

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,532 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2017
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: