Archive for මැයි 14th, 2017

14
මැයි
17

සමන් වික‍්‍රමාරච්චිගේ මනෝ විශ්ලේශන පුක

අන්තර් ජාලයෙන් අහුලගෙන මනෝ විශ්ලේශනය කොරන

නඩුකාර උන්නාන්සේ  අනේ උඹේ පුක

ලීඩර් ආදර්ශයට ගෙන මෙපමණ හරියක් මා ලියුවේ සමකාලීන සමාජයේ හැසිරෙන උමතු චරිත පිළිබඳ අනතුරු හැඟවීමක් වශයෙනි. බොහෝ විට අද අපට දක්නට ලැබෙන්නේ තමන්ගේ නැති වුණ ජීවිතය යළි සොයා ගැනීම පිණිස විචාරකයන් බවට පත් වුණ පිරිසකි. නැත්නම් තම නවකතාව හෝ කෙටිකතා පොත සඳහා සම්මානයක් ලැබේදැයි සැකයෙන් රැය නිදිවරන වියතුන්ය. තම නවකතාව හෝ කෙටිකතා පොත සම්මාන සඳහා නිසි පරිදි යවා නැති බවට මැසිවිලි නඟමින් එහි ප‍්‍රකාශකයා සොයා පැමිණෙන කිසිවකු තුළ අර උමතු බවෙහි බීජ සැඟවී නොමැත්තේ යයි කිව හැකිද?

සමාජ ජීවිතය තේරුම් කිරීම සඳහා මනෝ විශ්ලේෂණය කැඳවීම පිළිබඳව බොහෝ අය සිනාසුණහ. එහෙත් දැන් සිදු වී ඇත්තේ ඒ අයගේ ජීවිතයේ ගැටලූ මනෝ විශ්ලේෂණය කියවීම සඳහා ප‍්‍රස්තුත බවට පත්කර තිබීමය. කිසිදු පැහැදිලි රෝග ලක්ෂණයක් විද්‍යමාන නොවන මානසික රෝගීන් පිරිසක් මැද කල් ගෙවීමට අපට සිදු වී ඇත. ඇත්ත. සමකාලීන මනෝ චිකිත්සකයන් (Psychiatrists) උමතු බව විශ්ලේෂණය කිරීමේ දී තම අවධානය යොමු කරන්නේ පැහැදිලිව පෙනෙන රෝග ලක්ෂණ කෙරේ තමයි. යම් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්, මතිභ‍්‍රමයක්, භ‍්‍රාන්තියක් හෝ අනුරාගයක් මිනිස් ජීවිතය කලඹන්නේ වේදැයි ඔවුහු අධ්‍යයනය කරති. ඔවුන් මානසික වියවුල් වර්ග කරන්නේ එකී ප‍්‍රපංචයන්ට අනුවය. එහෙත් උමතු බව පිළිබඳ නිගමනයකට එළඹීමට මෙබඳු ක‍්‍රමවේද නොසෑහෙන බව දැන් වැටහෙමින් පවතී.

සමකාලීන සමාජය තුළ අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ තමා කිසියම් සමාජ මෙහෙවරක (Mission) නියැළී සිටින්නේ යයි කියන්නන් පිළිබඳවය. (නිදසුන් විමල් වීරවංශ, රතන, සේන තෝරදෙණිය) මෙම මෙහෙවර යන ප‍්‍රපංචය බොහෝ විට සයිකෝසියාව නැතහොත් උමතු බව හඟවන සලකුණකි. පීඩනෝන්මාදය (Paranoia) සහ භින්නෝන්මාදය (Schizophrenia) අතර වෙනස සලකුණු කිරීමෙන් මෙය වටහා ගැනීමට පිළිවන.

පීඩනෝන්මාදයෙන් පෙළෙන්නා බොහෝ විට අනෙකාගේ ආශාව නම් කරයි. නිදසුන් ලෙස එය විටෙක  CIA හෝ දෙමළ ඩයස්පෝරාව වැනි නමක් විය හැකිය. භින්නෝන්මාදියා මෙම අනෙකාගේ ආශාවේ අර්ථය කුමක්දැයි සෙවීමේ නිරත වේ. විමල් වීරවංශට එය දෙමළ ඩයස්පෝරාව වද්දි සේන තෝරදෙණිය එය නම් කරන්නේ එන්.ජී. ඕ. යනුවෙනි. එය ඔහුට කෙතරම් බිය දනවන දෙයක් වී තිබේද යත් එම බියෙන් ගැලවීමට එන්.ජී. ඕ. කැඳ කරත්තය යනුවෙන් විහිළු නමක් පටබඳී. යකැදුරන් මහසෝනාට බය බැවින් ඔහු අමතන්නේ අපහාසාත්මක නම්වලිනි. එහෙත් මේ අර්බුදය මීට වඩා බැ?රුම්ය.

එනම් පීඩනෝන්මාදය අනෙකාගේ ආශාව (Desire of the Other) නිර්වචනය කරද්දි භින්නෝන්මාදය එය විවෘතව තබයි. ඒ අනුව අර්ථය හැම විටම පීඩනෝන්මාදයේ දී අඩු වැඩි වශයෙන් තහවුරු වූ කිසිවකි. එහෙත් භින්නෝන්මාදයේ දී එය අස්ථාවරය. මා යට සඳහන් කළ චරිත සිතන්නේ තමන්ට යම් මෙහෙවරක් පැවරී තිබෙන බවය. නිදසුනක් ලෙස කිවහොත් තෝරදෙණිය නමැත්තා නිතර පවසන දෙයක් නම් තමා විචාර ලියන්නේ අන් කිසිවක් නිසා නොව සියල්ල ශුද්ධ පවිත‍්‍ර කිරීමට තමා වෙත පැවරී ඇති වගකීමක් ඉටු කිරීමක් ලෙස බවය. මෙහි ඇති බියජනක ඇත්ත නම් ඔවුන් තම රෝගී බව සමාන්‍ය මහජනතාවට ද බෝ කිරීමය. ඒ අනුව පීඩනෝන්මාදයෙන් සහ භින්නෝන්මාදයෙන් පෙළෙන ජනතාවක් ඔවුහු නිර්මාණය කරමින් සිටිති.

මීළඟ ඡන්දයේ දී මිනිසුන් මහින්ද රාජපක්ෂට ඡුන්දය දීමට පෙළ ගැසෙනු ඇත්තේ කුමක් නිසාද? දැනටමත් ඔවුන් පීඩනෝන්මාදයෙන් පෙළෙන ජනතාවක් බවට පොලා පැන ඇත. මේ නිසා අනෙකාගේ ආශාව තමා විනාශ කිරීමය යන බියජනක ප‍්‍රතිඵලය මඟ හැරීමට නම් මහින්ද රාජපක්ෂට යළි ඡුන්දය ලබා දිය යුතු බවට ඔවුන් තීරණය කරනු ඇත. පීඩනෝන්මාදී ආත්මය (Paranoiac Subject) බොහෝ විට පෙලඹෙන්නේ ලෝකය ආගම හෝ විද්‍යාව ආදිය පිළිබඳ පණිවිඩ නිකුත් කිරීමට බව ලීඩර් පවසයි.

ඔවුන්ගේ පණිවිඩයෙන් කියවෙන්නේ ප‍්‍රවේශම් වන ලෙසය. එහෙත් භින්නෝන්මාදියාට අවශ්‍ය මේ වන විටත්  වෙනස් වීම සිදු වී අවසන් බව ප‍්‍රකාශ කිරීමටය. සාමාන්‍ය වශයෙන් ඔවුන්ට අවශ්‍ය මෙම වෙනස නියෝජනය කිරීමටය; තහවුරු කිරීමටය; නම් කිරීමටය.

තමාගේ පොත සම්මානයක් සඳහා නිර්දේශ වේද නොවේදැයි සිතමින් රැය නිදිවරන්නකුට එබඳු සම්මානයක් නොලැබීම බලපානු ඇත්තේ කෙලෙසද? ඔහු සමාජය තුළ ගත කරන්නේ සාමාන්‍ය විදග්ධ ජීවිතයකි. එම සාමාන්‍ය බව  (Normality) අනුව ඔහු වූ කලී සම්මාන සඳහා නොව සාහිත්‍යයේ ප‍්‍රගමනය සඳහා කැප වීමෙන් ලේඛන කාර්යයේ යෙදෙන්නෙකි. එහෙත් ඔහුගේ අභ්‍යන්තරික ආශාව එළිදරව් වන්නේ තම පොත සම්මාන නිර්දේශ සඳහා යවා නැති බව දැන ගත් විට ක‍්‍රියා කරන ආකාරයෙනි. එසේම තම පොත නිර්දය ලෙස විවේචනය කළ කෙනෙකු ජූරියක සිටීම හෝ තමා පිළිබඳ නොපහන් කෙනෙකු ජූරියේ සිටීම ගැන කිසියම් ලේඛකයකු කලබල වෙතොත් අප එය කියවිය යුත්තේ කෙසේද?

අප යට සඳහන් කළ පීඩනෝන්මාදය (Paranoia) සහ භින්නෝන්මාදය (Schizophrenia) යනු සයිකෝසියාව (Psychosis) තුළටම වැටෙන උමතු වර්ග දෙකක් බව සැබෑය. එහෙත් පීඩනෝන්මාදය යනු පිටතට ප‍්‍රක්ෂේපණය වන තමාගේම වූ මතිභ‍්‍රමයන් නිර්මාණය කර ගැනීමක් බව අප වටහාගත යුතුය. එබඳු කෙනෙකුගේ විනෝදය සංවිධානය වන්නේ එලෙසය. නිදසුනක් ලෙස කෙනෙකු නවකතාවක් ලියා තමා යථාර්ථවාදියා ලෙස සමාජය ග‍්‍රහණය කරගෙන ඇතැයි  පවසන විට ප‍්‍රකට කරන්නේ එබඳු විනෝදයකි.

එහෙත් පීඩනෝන්මාදය තුළ සිදු වන්නේ බාහිරට නොව භ‍්‍රමය තමා තුළටම රිංගීමකි. එනම් ඔහු තමාගේ ක‍්‍රියා පිළිබඳ තමාම විනෝද වෙයි. චරිත කතා පිළිබඳ ඇලූනකු එම කතා තුළ සොයන්නේ තමා මිස අනෙකකු නොවේ. යන්තම් ඇටෙන් පොත්තෙන් එන්නටත් කලින් බොහෝ අයට තමාගේ චරිතාපදානය ලියන්නට සිතෙන්නේ ඇයි? මේ අවස්ථා දෙකේදිම විනෝද සාධකය මූලික වන බව ඉන් පැහැදිලි විය යුතුය.

බාහිර රෝග ලක්ෂණ පළ නොකරන උන්මත්තකයන් පිරිසක් සමඟ ගනුදෙනු කිරීමට අපට සිදු වී ඇතැයි මෙහිලා අප පවසන්නේ යට කී කරුණු අනුවය. කිසියම් මොහොතක සිදු වන සුවිශේෂ ක‍්‍රියාවකින් හැර මේ කිසිවකු උමතුව සිටියේ යයි වටහා ගැනීමට අවස්ථාවන් ලැබෙන්නේ නැත. එහෙත් ඇත්ත නම් තමාට කිසියම් පිස්සුවක් තිබෙන බව මේ හැමෝම දන්නා බවය.

සමන් වික‍්‍රමාරච්චි

Advertisements



අනවශ්‍ය දේවල්

  • 157,953 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2017
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය