Archive for මැයි, 2017

30
මැයි
17

බන්ඩාගේ බඩේ චන්ඩියා ය..!

”සර්…මුං මගෙං හැමදාම කසිප්පු ගහපු එවුං..මේ දවස් වල මුං ට සල්ලි නෑ..ඊයේ පෙරේදා ගැහුවේ නයට..ඔවුන්ට සර් හවසට අඩියක් ගහන් නැතුව ඉන්ඩ බෑ..අනෙක ඔය වැස්සේ සීතලේ කොහොමටත් ඉන්ඩ බෑ..මං මේක අරං යන්නේ උන්ට පිනට දෙන්ඩ.. සල්ලි වලට වික්කොත් ඒම සර්ලා මාව එවලෙම අල්ලලා උසාවි දාන්ඩකෝ…“

Image may contain: 1 person, outdoor

බන්ඩාර කීවාට ගමේ උං ඌට කීවේ කසිප්පු බන්ඩා කියා ය..

දෙදාස් හයේ හතේ විතර ගං වතුරක් ආවම බන්ඩාගේ ගමම කොටු වුනා ය..

බන්ඩා මයේ හොද ක්ලයන්ට් ය..අම්ම මෝ නැතුව බැන්නත් කසිප්පු පෙරන එකයි විකුනන එකයි ඌ නැවත්තුවේම නැති ය..

පොලිසියෙං බෝට්ටු එව්වාම ගමේ ඉන්න ඇච්චෝ බැච්චෝ ඔක්කම ඒකට පුරවලා එවන්ඩ කර වටක් වතුරට බැස්සේ සහ ඒ අයගේ අනං මනං බෝට්ටුවට පිරෙව්වේ බන්ඩා සහ උගේ චක් ගෝලයන් ය.. බන්ඩාගේ බඩේ චන්ඩියා ය..!

බෝට්ටු සේවා මුර හය හත ක් ඇතුලත ගමේම මිනිස්සු ලග තියෙන ඉස්කෝලෙකට ගෙන්න ගත්තත් බන්ඩා නැති ය..

හවස පහට අන්තිම බොට්ටුව ගියේ බන්ඩා ඇතුලු සෙට් එක අරං එන්නට ය..

ඒ යනකොට බන්ඩා නොකාවුට් ය.. බොට්ටුවේ ආව සාජන්ටයි රාලහාමිලා දෙන්නටයි බෝතලයක් සෙට් කරලා බන්ඩා බෝට්ටුව අරං ආව නේවි එකේ සෝල්ජර් එක්ක ගිහිං ගමේම ඉන්න බල්ලෝ ටිකත් බොට්ටුවට පුරෝගෙන ගෙදර ලගට ඇවිදිං ඒකට වී ගෝනි තුන හතරකුයි ,පැදුරු කොට්ට මලු ටිකකුයි ලොකු වතුර බූලියකුයි තව මොන මෙනව ද ලට්ට පට්ට ටිකකුයි පටවලා හමාර ය..

එතන කන්ඩ බොන්ඩ තියෙනවා..ඕවාගෙදර තියලා එනවා කියලා පොලිස් සාජන් කීවම..

“ සර් ඔය එක එකාගෙං හිගා කාලා පුරුද්දක් අපිට නෑ..යන තැනක ගිහිං අතාරින්ඩ..ඉස්කෝලේ හරි අපි අපේ එවුං එක්ක උයාන කනවා..ඔය කට්ටිය අද එයි..වැඩිම වුනොත් හෙටත් එයි..එයිට පස්සේ එයාලට තියෙන වැඩක් පලක් බලාන ඉදියි..හැම දාම හැමෝම අපි ගැන බලන් නෑනේ සර්..“

කියලා මූ ගත් කටටම කීව ලු..!

හැබැයි මූ අර බෝට්ටුවට දාපු බූලිය ගැන හැක හිතිලා එතන ඉන්න සාජන් ඒක චෙක් කරනකොට දැනගෙන ඒකේ තියෙන්නේ කසිප්පු කියලා..

ඒක ගැන අහනකොට ..

“ සර්…මුං මගෙං හැමදාම කසිප්පු ගහපු එවුං..මේ දවස් වල මුං ට සල්ලි නෑ..ඊයේ පෙරේදා ගැහුවේ නයට..ඔවුන්ට සර් හවසට අඩියක් ගහන් නැතුව ඉන්ඩ බෑ..අනෙක ඔය වැස්සේ සීතලේ කොහොමටත් ඉන්ඩ බෑ..මං මේක අරං යන්නේ උන්ට පිනට දෙන්ඩ.. සල්ලි වලට වික්කොත් ඒම සර්ලා මාව එවලෙම අල්ලලා උසාවි දාන්ඩකෝ…“

බන්ඩා කීවා ලු..

මල හත්තිලව්වේ පොලිසියේ ආරක්ෂාව යටතේ තියෙන බෝට්ටුවක කසිප්පු අරං යන්ඩ පුලුවං යෑ..සාජන් එයාගේ ඕ.අයි.සී.ට කෝල් එකක් ගත්තා ලු..!!

“ තමුං ගියේ බන්ඩගේ ගම බේර ගන්ඩ මිසක් කසිප්පු අල්ලන්ඩ නෙවෙයි නේ..ඔය බූලියේ තියෙන්නේ කසිප්පු කියලා දන්නෙත් තමුං විතරනේ..දැං මෙයිං මත්තේ හිතා ගන්නවා ඒකේ තියෙන්නේ බන්ඩාගේ වත්තේ ලිදෙං ගත්ත පිරිසිදු වතුර කියලා..ඒ පිරිසිදු වතුර පානය කරලා මොකෙක් හරි ඔතන පිස්සු කෙලිනවනං විතරක් ආපහු මට කතා කරනවා..“

ඕ.අයි.සී.උපදෙස් දුන්නා ලු..!

හැබැයි ඉස්කෝලේ සහන කදවුරේ උන්න එවුං බන්ඩාගේ සම්ප්‍රාප්තියත් එක්ක හෙන සතුටෙං ජොලියෙං ඉදලා දවස් තුනකට පස්සේ ආයේ ගම් බිම් වලට ගියා ලු..!

ඕම උපදෙස් දුන්න ඕ .අයි.සී. පැන්ෂන් ගිහිං දැනට අවුරුදු හතරක්.. ඔය කියපු බන්ඩා මැරිලා දැනට අවුරුදු දෙකක්..

සහන සේවා වල යෙදෙන රජයේ නිලධාරීන්ට මං මේ හරහා කියන්නේ.. ගං වල ඉන්න මහා ලොකු ප්‍රභූලා ,ධානපතියන්ට වඩා මරා ගෙන මරෙන ගේමකට හරි එන්ටර් වෙන්නේ ඕම මිනිස්සු…

ඒ අයගෙන් පරිස්සමෙන් උදව් ගන්ඩ..ඒ වගේම එයාලගේ සෑම අවශ්‍යතාවයක් ගැනම සංවේදී වෙන්ඩ..

නීති රීති හා චක්‍රෙල්ඛ පොඩ්ඩක් පැත්තකිං තියන්ඩ…

ආපදා අවස්ථාවක දී ඔය ගොඩාක් ඒවා ඒවා අදාල නෑ…

ජාතික ආපදාවකදී ඔය ගොඩක් චක්‍රෙල්ක අහෝසි කරන්නේ නිකං නෙවෙයි..

බය නැතුව ඔයාලා කරන වැඩේ දිගටම කර ගෙන යන්ඩ..

මොනවා හරි අවුලක් වුනොත් අපිත් ඔයාලා එක්ක ඉන්න බව විතරක් මතක තියා ගන්ඩ..!!

24
මැයි
17

“රාවයේ” ගාමිණී වියන්ගොඩ නිවටයා සහ විදර්ශන කන්නන්ගර හොරිකඩයා අතර වෙනස කුමක්ද ?

 

Dasun Rajapakse

කුමාර් ගුණරත්නම් දිෂ්ටිය – පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ඔබට ඇති තෝරාගැනීමේ අයිතිය ගැන ලොරි ටෝක් දෙන විදර්ශන තමන්ගෙ මුහුණුවර කුමාර් ගුණරත්නම් වගේ සකස් කරගැනීම කියන්නෙත් චින්තන කීව දේමයි. එතනදි චින්තන මේ මැට්ටට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ධනවාදයට පූර්ණ ලෙස විකසිත නොවී මෙලන්කොලික තත්ත්වයක ඉන්න විදර්දනට තිබෙන්නේ පුදුම ආශාවක්.. මේ ආශාවේ කෙළවර හරියෙදි රන්ජිත් පෙරේරා විදර්ශන උගන්වන පාසලට ආර්.ඩී.එෆ් එකේ නිලධාරින්ව රැගෙන විත් ටයර් පටි වලින් හැමෝම ඉදිරියේ ප්‍රසිද්ධියේ තලද්දි තමයි මේ මනුස්සයට තේරුම් යන්නේ තමන් කරමින් සිටි පිස්සුවේ දිග පලළ …

දැන්වත් තේරුම් ගනිල්ලා!
එංගලන්තයෙ, මැන්චෙස්ටර් හි ප්‍රාසාංගික වේදිකාවක් අසළ පුපුරා යන බෝම්බයෙන්, මේ වනවිට විසිගණනක් මියගිහින්, පනස් ගණනකට තුවාල වෙලා. මේ ඛේදවාචකයට ඉලක්කව ගොදුරු වෙන්නෙ ළමයි! මේ සිද්ධිය ගැන අපි මිනිස්සු හැටියට මුළු හිතින්ම කම්පාවෙන්න ඕනෙ, ඒ වගේම ත්‍රස්තවාදයට කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්න ඕනෙ. ඒත්, ලංකාව, තිස් වසරක දරුණු ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් හඬා වැළපෙනකොට, තමන් සංවර්ධිතයි කියලා හිතාගෙන ඉන්න හුඟාක් රටවල්, ලංකාවෙ අපට විහිළු කෙරුවා, හිනා වෙවී, ත්‍රස්තවාදයට උදව් කෙරුවා. අපට සාමය ගැන පාඩම් උගන්වන්න හැදුවා. අපේ නොදියුණුකම ගැන පුදුම වුණා.

ඉතිං, මහත්වරුණි!
දැන්වත් උඹලා තේරුම් ගනිල්ලා, මේ යන ක්‍රමයට මොකෙකුටවත් පවතින්න බැරි බව! අර ඇමරිකානු නායකයා, ට්‍රම්ප් මැද පෙරදිග කෑල්ලක් balance කරගෙන game එක play කරන්න හැදුවට වැඩක් වෙන්නෙ නැති බවත් මතක තියා ගනිල්ලා!
CHAPA
2017 මැයි 23//

මේ චාපා බණ්ඩාර ඔහු ගේ වෝලයේ එංගලන්තයේ මැන්චෙස්ටර් හි ඇති වූ බෝම්බ ප්‍රහාරය ගැන ලියා තැබූ සටහනකි. එහිදී ඔහු දෙවනුව කියා ඇත්තේ අපි මිනිසුන් හැටියට මුළු හිතින් ම කම්පා විය යුතු බවත් ත්‍රස්තවාදය ට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බව ත් ය. මුලින් ම ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අපි පැහැදිලි කරගෙන සිටිය යුතු ය. එය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ලබා දෙන නිර්වචනය මෙයයි.
Terrorism-The unlawful use of violence and intimidation, especially against civilians, in the pursuit of political aims.

දැන් මේ නිර්වචනය අනුව මැන්චෙස්ටර් හි ඇති වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සැබෑ ය. මෙම මැන්චෙස්ටර් හි ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය ISIS සංවිධානය විසින් භාර ගෙන ඇති බව ට ආරංචි මාර්ග සඳහන් කරයි. එය අනුමත කිරීමට කිසිදු සිහිබුද්ධියක් හෝ මානුෂීයබවක් ඇති කෙනෙකු ට නොහැකි බව ට චාපා බණ්ඩාර කරන ලද ප්‍රකාශය ට අපිට එකඟ විය ද හැක.
නමුත් චාපා බණ්ඩාර වැනි පුද්ගලයන් අමතක කරන දෙය නම් මෙම ත්‍රස්තවාදය ඇති වීමට හේතුව ඊටත් වඩා බිහිසුණු “රාජ්‍යය ත්‍රස්තවාදය” යන්න.

සෑම සමාජයක් ම විවිධ මත දරන කණ්ඩායම් වලින් සමන්විත වේ. එහි ප්‍රජාතන්ත්‍රවාදී ඛාණ්ඩ මෙන් ම ඉතාම දරුණු ප්‍රචණ්ඩකාරී මතදාරීන් ද වේ. නමුත් සාමාන්‍යයෙන් සමාජයේ බොහෝ කොටස් අදේශපාලනික ය. එම සමාජයේ තීරක බලය නිර්මාණය වන්නේ මෙම අදේශපාලනික කොටස් පිළිගන්නේ කුමන අදහස් ද යන්න මත ය.

ඉස්ලාම් මූලධර්මවාදය ට ඉතිහාසයක් ඇත. ඉස්ලාම් ධර්මය ශතවර්ෂ 14 ක් පැරණි ධර්මය කි. නමුත් බොහෝ දෙනාට අමතක වන කාරණය නම් ඉස්ලාම් මූලධර්මවාදය අඩුම තරමින් මතු වන්නේ 19 වන සියවසේ මුල් භාගයේදී බව. නමුත් එය මුලින් පැවතුණේ යම් කිසි කුඩා මූලධාර්මික ඛාණ්ඩයන් ලෙස ය. ඔවුන් මුස්ලිම් සමාජ වල එතරම් ජනප්‍රිය ද නොවී ය. 1960 භාගයේදී ඊජීප්තුවේ දෙවැනි ජනාධිපති වූ ගමාල් අබ්දුල් නසාර් ඉස්ලාම් මුස්ලිම් සහෝදරත්ව(Muslim Brotherhood )මූලධර්මවාදීන් කාන්තාවන් හිස වසා ගෙන සිටිය යුතුය යන ඉල්ලීම විහිලුව ට ලක් කරමින් කරන ලද ප්‍රසිද්ධ කතාව අදටත් ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක. එපමණක් නොවේ. දැනට ඉස්ලාම් මූලධර්මවාදය ට නතු වී ඇති බොහෝ මුස්ලිම් රටවල් පැවතුණේ බටහිර ට නැඹුරු ප්‍රජාතාන්ත්‍රික රටවල් ලෙස ය. එහිදී ප්‍රජාතාන්ත්රවාදී මත දරන්නන් බලවත් වී සිටි අතර මූලධර්මවාදීන් ට එතරම් සැලකිය යුතු බලයක් තිබුණේ නැත. නමුත් මේ තත්ත්වය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සම්පූර්ණයෙන් වෙනස් විය. විශේෂයෙන් ඇමරිකාව ආණ්ඩු ප්‍රමුඛ බටහිර රටවල් තෙල් නිධි පාලනය කිරීම වෙනුවෙන් මෙම රටවල් මිලිටරිමය සහ දේශපාලනික වශයෙන් ආක්‍රමණය කිරීම හේතුවෙන්. 1957 දී ඇමරිකාව ප්‍රධාන තෙල් නිපදවන ඉස්ලාම් ලෝකයේ ප්‍රධාන ප්‍රදේශ 3 ක මිලිටරිමය ප්‍රශ්න ඇති කර තිබේ. ඒවා නම් මදපෙරදිග(ඉරානය), ආසියාව(ඉන්දුනීසියාව) සහ උතුරු අප්‍රිකාව(ඇල්ජීරියාව). බටහිර ට හිතැතිව සිටි මෙම ප්‍රදේශවල ජනයා ගේ වෛරය ඇමරිකාව වෙත ඇති වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එය එකල ජනාධිපති ව සිටි ඩ්වයිට් අයිසන්හවර් ඔහුගේ ආණ්ඩුව සමඟ මේවා දීර්ඝ වශයෙන් කතා කර තිබේ. පසුව මේ තත්ත්වය ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නයේදී ඇමරිකාව ක්‍රියා කරන ලද ආකාරය නිසා තවත් උත්සන්න විය. ඉන් සිදු වුයේ මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවල ට එරෙහිව සංස්කෘතික වෛරයක් දක්වා වර්ධනය වීමයි.

එපමණක් නොව, ඉරාකයේ 2001 ට පෙර සුන්නි සහ ෂියා ප්‍රශ්නය අද තරම් දරුණුව ට පැවතුනේ ද නැත. ඉරාකයේ ප්‍රධාන නගරවල සුන්නි ෂියා පවුල් එකිනෙක අන්තර් විවාහ කරගනිමින් සාමකාමීව ජීවත් වූ අතර සුන්නි සහ ෂියා කවුද යන්න පවා එතරම් වැදගත් කාරණයක් වුණේ ද නැත. මේ තත්ත්වය 2006 දී සම්පූර්ණයෙන් ම වෙනස් වූ අතර ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමත් සමඟ මූලධර්මවාදී කල්ලි වල බලය වැඩි වී ඇමරිකාව ඇතුළු බටහිර රටවල ට වෛර කරන පිරිස් ඉතා ශීග්‍රයෙන් ඔවුන් ට එකතු විය. අද මේ ලෝකයේ තිබෙම ඉස්ලාම් රැඩිකල් ප්‍රශ්නය නිර්මාණය කරන ලද්දේ ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් ය. මේ තත්ත්වයන් ට මුල් වන්නේ “රාජ්‍යය ත්‍රස්තවාදය” යි. චාපා බණ්ඩාර වැනි අය කරන්නේ වඩා බිහිසුණු මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ගැන කිසිත් සඳහන් නොකරමින් එක පාර්ශවයක පමණක් වැරදි කතා කිරීම ය. මේ තත්ත්වය නැවත්වීම ට නම් මුලින්ම කළ යුත්තේ මහජනයා මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ට එරෙහිව නැගී සිටීමයි. ඔවුන් තවමත් මෙම රාජ්‍යය ත්‍රස්තවාදය ලෝකයේ හැමතැනම පතුරුවමින් සිටී. නමුත් චාපා බණ්ඩාර වැනි අයට කියන්න තියෙන්නේ අපි ත්‍රස්තවාදය ට විරුද්ධ වෙමු. නමුත් මූලධර්මවාදීන් ගේ ත්‍රස්තවාදය ට පමණක් නොව රාජ්‍යය ත්‍රස්තවාදය ත් ඇතුළුව කියා ය.

අවසාන වශයෙන් කිව යුතු කාරණය නම් මේ කාරණය ලංකාව ට ද එලෙසින් ම අදාල බව ය. ප්‍රමාණයෙන් කුඩා එතරම් බලයක් නොමැති LTTE සංවිධානය බලවත් වුණේ 1983 ජූලි කලබලයෙන් පසුව ය. එහිදී පැවතුණු රාජ්‍යය දෙමළ අහිංසක සිවිල් ජනයා කෙරෙහි සිදු කරන අද අමානුෂික ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල දෙමින් ක්‍රියා කරන ලද අතර සාමන්‍යය සිංහල ජනයා ද මෙය ට ක්‍රියාකාරීව එකතු වී දෙමළ ජනයා අමානුෂීය ලෙස පීඩනය ට ලක් කරන ලදී . සිංහලයා කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිනොගනිමින්, ඒවා ගැන අඩුම තරමේ දෙමල ජනයා ගෙන් සමාව වත් ඉල්ලීමට සූදානම් නොමැතිව, දෙමළ ජනයා ගේ ත්‍රස්තවාදය කතා කරන්න ට කාටවත් අයිතියක් නැත. එසේ කරන සියලු දෙනා මම හඳුන්වන්නේ අමානුෂික අමන තක්කඩි ලෙස බව අවසානයේ සඳහන් කළ යුතු ය.

21
මැයි
17

මේධානන්ද, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක සමග

‘ජාතිකවාදී‘ දේශපාලකයන්ට මගහැරුණු රණවිරු සමරුව
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි අය යුධ ජයග්‍රහණයේ දේශපාලන නායකත්වය දීමට එදා දායක වූ බව සත්‍යයකි. එසේම එහි දේශපාලන ඵල ඕනෑවටත් වඩා නෙළා ගැනීමටද ඔවුන්ට ඒ නිසා හැකි විය. බලය ඇති කාලයේ ඔවුන් විසින් රණවිරු සමරු මහ ඉහළින් පැවැත්වීමේ එක අරමුණක් වූයේ එයින් තම දේශපාලන බලය කැපිටලයිස් කර ගැනීමයි.
කෙසේ වෙතත් අද වන විට ඔවුන්ට රණවිරු සමරුවකට ඇවිත් කොඩියක් ඔසවන්නටවත් වෙලාවක්, උනන්දුවක් හෝ කොන්දක් නැති වීම කණගාටුවට කරුණකි. සමහර විට මීට ඔවුන් බලයේ සිටින කාලයේ කරපු යම් යම් වැරදි නිසා යහපාලකයන් ඔවුන්ව සහ ඔවුන්ගෙ පවුල්වල අයව බ්ලැක්මේල් කිරීම හේතු වෙනවා ඇති. නැතිනම් වෙනත් ඩීල්ද ඊට බලපානවා විය හැකිය. මේවා පොදු මහාජනතාව අතරට එන කාරණා නොව රහසේ සිදු වන දේවල්ය. මේවාට හේතු සෙවීමට වඩා වැදගත් කරුණ නම් ඔවුන් අද තම වගකීම පැහැර හැර ඇති බවයි. මෝඩිගේ ආගමනයේදීත් මේ බව පෙනුන නමුත් එතැනදී බොරු රාජ්‍ය තාන්ත්‍රිකබාවය නමැති අමුඩ ලේන්සුවෙන් ඔවුන්ගෙ හෙළුව වසා ගැනීමට යම්තම් හැකිවිය. නමුත් රණවිරු සමරු මගහැරීමෙන් ඒ අමුඩ ලේන්සුවද ගැලවී වැටුන බව කිව යුතුය.
ඒ රික්තය වහන්නට සංඝයා වහන්සේලා සුපුරුදු පරිදි පෙරට ඇවිත් සිටීම සතුටට කරුණකි. ජාතික බලවේග දැන්වත් තේරුං ගත යුතු කටුක යථාර්තය නම් ඔවුන්ව බේරගන්නට සුපර් ස්ටාර් දේශපාලකයන් නැති බවය. වෘත්තීය දේශපාලකයා ආත්මාර්ථකාමී මෙන්ම හෘද සාක්ෂියක් නැත්තකු වන අතට ඔවුන්ට අවශ්‍ය බලයයි. එතනදී දේශපාලකයන්ට තමන්ව කඩේ යවන්නට ඉඩ නොදී දේශපාලකයන් තමන්ට කඩේ යන තත්වයට පත් කර ගැනීමට ජාතික බලවේග ශූර විය යුතුයි.
මේධානන්ද හිමි වැනි තරුණ භික්ෂූන් වහන්සේලා, මැදගොඩ අභයතිස්ස හිමි වැනි ජවසම්පන්න නායක භික්ෂූන් වහන්සේලා, බෙංගමුවේ නාලක හිමි වැනි පරිණත භික්ෂූන් වහන්සේලා තව තවත් ජාතිකවාදී දේශපානයට ක්‍රියාකාරී සහ මතවාදී නායකත්වයක් දිය යුතුයි. එය ඡන්දය ඉල්ලා වාහන පර්මිට් එක විකුණන නායකත්වයක් විය යුතු නොවේ. ඊට වඩා පුළුල් නායකත්වයකි. අද රටම උන්වහන්සේලාගෙ ඒ නායකත්වය ඉල්ලා සිටී. අපට ඇති ලොකුම ප්‍රශ්නය භික්ෂූන් වහන්සේලා තමන්ට ඇති බලය තේරුම් නොගැනීමයි. එය අතට නොගැනීමයි. උන් වහන්සේලා දේශපාලකයන් පසුපස යාම නවතා දේශපාලකයන් උන්වහන්සේලා පසුපස එන තත්වයක් ඇති කරගත යුතුයි.
එය කිරීම එතරම් අපහසු දෙයක් නොවේ. අනාදිමත් කාලයක සිට උන්වහන්සේලා කළ පරිදි ජාතික අරමුණු වෙනුවෙන් මහාජනතාව පෙළගැස්වීම පමණයි කළ යුත්තේ. උන්වහන්සේලාට මෙය කිසිසේත් කළ නොහැක්කක් නොවේ. ජාතික බලවේගවලට යම් දේශපාලන බලයත් ආවොත් ඊට පසුත් මේ නායකත්වය උන් වහන්සේලා අතම තබා ගැනීම වැදගත්ය. නැතිනම් සිදුවන්නෙ ජාතික බලවේග නැවත වරක් කඩේ යැවීමයි. ඒ සදහා දේශපාලකයන්ගේ හොරණෑ සහ ඉත්නන් නොවීමත්, තම ස්වාධීනත්වය රැක ගැනීමත් වැදගත්ය. එය ජාතික දේශපාලන ව්‍යාපාරයේ සිටින ගිහියන්ටද අදාළ වන අතර හාමුදුරුවන්ට ඊටත් වඩා අදාළ වෙයි.
ඒ අතරතුර යූඑන්පියට කඩේ යන නමට නායක ‘මහා-නායක‘ලා සහ ඥාණසාර වැනි පල් හොරුන් සිංහල මුස්ලිම් ගැටුමක් යළි නිර්මාණය කොට, මේ වෙලාවේ දෙමළ බෙදුම්වාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමේ අනතුර ගැනද පරීක්ෂාකාරී විය යුතුය.
19
මැයි
17

ගෝඨාභය නුඹට සහ නුඹගේ ගෞරවනීය අයියාට බොහොම ස්තූතියි.

ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්වරයෙකු (1 October 2006 – 31 July 2009) සහ මධ්‍යම රජයේ ආරක්ෂක උපදේශකයා (17 January 2011 – 28 May 2014) වූ ශිවශංකර් මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද “ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැංවීමේ ඇතුලන්තය” (CHOICES : Inside the Making of India’s Foreign Policy) නැමති කෘතියෙන් කල උපුටා ගැනීම් කිහිපයක් මෙසේ ය…

2009 යුද්ධය අවසාන අධියරට පැමිණෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා සෘජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය.
ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.

රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසි විටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියා ය. මේ යටතේ වගකිව යුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි.

ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංකර් මෙනන්ය.

ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය.

බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය.

ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය.

අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපතිවරයාට සෘජුවම කතා කිරීමේ හැකියාව ද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.

‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රි කාලයේ ඉන්දීය ගුවන් හමුදා යානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය.

විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිණි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද පැමිණ සිටියහ.

මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමු වුයේ යුද්ධයට කොටුවී සිටින සිවිල් වැසියන් ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබා දීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡාවලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැණුනි.

පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂවරු කිසි විටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණ පිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබා දීම ඔවුන් සහ මුලින්ම ප්‍රතික්ශේප කලහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබා ගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි.

මතු පිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි.

ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.
26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්).

ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය.

හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේ ය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලණය කරන්නෙකුට පෙනෙනු ඇත.

මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි.

මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

මෙහිදී ගෝඨාභයගේ සහතිකය ඉතා වැදගත් විය.

2014 මා විදේශ ලේකම්ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.

ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.
මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය.

යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇද ගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.

2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ තවත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දේශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කර ගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩ හැර බලා ඉන්නවාද යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරත වුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.

ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය.

අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය.

ශිවශංකර් මෙනන්
ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්
(1 October 2006 – 31 July 2009)
ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක
(17 January 2011 – 28 May 2014)

15
මැයි
17

මහින්ද රාජපක්ෂගේ හොරකම් 99 ක් හා රනිල්ගේ 1 ක්

රනිල් 

මහ බැංකු බැඳුම්කරය.. 

 

—————————————————————————————————-

මහින්ද රාජපක්ෂ

 01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)

06 දෙහිවල ගුවන් පාලම

07 ගම්පහ ගුවන් පාලම

08 වේයන්ගොඩ ගුවන් පාලම

09 නුගේගොඩ ගුවන් පාලම

10 කොළඹ වරාය පුළුල් කිරීම

11 ඔළුවිල් වරාය

12 හම්බන්තොට වරාය

13 කන්කසන්තුරේ වරාය

14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය

15 ආරුගම්බේ පාලම

16 ඉරක්කන්ඩි පාලම

17 කින්නියා පාලම

18 සංගුපිඩ්ඩි පාලම

19 මනම්පිටිය පාලම

20 මත්තල ගුවන් තොටුපල

21 ඉරණමඩු ගුවන් තොටුපළ

22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය

23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය

24 දැදුරු ඔය ව්යාපෘතිය

25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය

26 මොරාන ජලාශ ව්යාපෘතිය

27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,

28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය

29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය

30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය

31 වේලි ඔය ව්යාපෘතිය

32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය

33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය

34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය

35 නොරොච්චෝල ලක්විජය බලාගාරය

36 උතුරු ජනනි විදුලි බලාගාරය

37 කෙරවලපිටිය බලාගාරය

38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය

39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය

40 කටුනායක අධිවේගී මාර්ගය

41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)

42 මාතර කොළඹ අධිවේගී මාර්ගය

43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය

44 උතුරු දුම්රිය මාර්ගය

45 මන්නාරම දුම්රිය මාර්ගය

46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම

47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)

48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම

49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම

50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම

51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම

52 නව දුම්රිය මිල දි ගැනිම්

53 බස් රථ 2200ක් මිලට ගැනීම

54 නෙළුම් පොකුණ කලා රඟහල

55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල

56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල

57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල

58 නෙළුම් කුලුන

59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම

63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම

64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම

65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය

66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය

67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය

68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය

69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය

70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය

71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය

72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය

73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය

74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය

75 පින්නවල ජාතික වනෝද්යානය

76 සීතාවක උද්භිද උද්යානය

77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය

78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය

79 බත්තරමුල්ල දියත උයන

80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය

81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය

82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය

83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම

84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය

85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)

86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන

87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම

88 මිස්සක ඉ නැණසල වැඩසටහන

89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය

90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම

91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම

92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම

93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම

94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම

95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය

96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය

97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම

98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය

99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය

100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

14
මැයි
17

සමන් වික‍්‍රමාරච්චිගේ මනෝ විශ්ලේශන පුක

අන්තර් ජාලයෙන් අහුලගෙන මනෝ විශ්ලේශනය කොරන

නඩුකාර උන්නාන්සේ  අනේ උඹේ පුක

ලීඩර් ආදර්ශයට ගෙන මෙපමණ හරියක් මා ලියුවේ සමකාලීන සමාජයේ හැසිරෙන උමතු චරිත පිළිබඳ අනතුරු හැඟවීමක් වශයෙනි. බොහෝ විට අද අපට දක්නට ලැබෙන්නේ තමන්ගේ නැති වුණ ජීවිතය යළි සොයා ගැනීම පිණිස විචාරකයන් බවට පත් වුණ පිරිසකි. නැත්නම් තම නවකතාව හෝ කෙටිකතා පොත සඳහා සම්මානයක් ලැබේදැයි සැකයෙන් රැය නිදිවරන වියතුන්ය. තම නවකතාව හෝ කෙටිකතා පොත සම්මාන සඳහා නිසි පරිදි යවා නැති බවට මැසිවිලි නඟමින් එහි ප‍්‍රකාශකයා සොයා පැමිණෙන කිසිවකු තුළ අර උමතු බවෙහි බීජ සැඟවී නොමැත්තේ යයි කිව හැකිද?

සමාජ ජීවිතය තේරුම් කිරීම සඳහා මනෝ විශ්ලේෂණය කැඳවීම පිළිබඳව බොහෝ අය සිනාසුණහ. එහෙත් දැන් සිදු වී ඇත්තේ ඒ අයගේ ජීවිතයේ ගැටලූ මනෝ විශ්ලේෂණය කියවීම සඳහා ප‍්‍රස්තුත බවට පත්කර තිබීමය. කිසිදු පැහැදිලි රෝග ලක්ෂණයක් විද්‍යමාන නොවන මානසික රෝගීන් පිරිසක් මැද කල් ගෙවීමට අපට සිදු වී ඇත. ඇත්ත. සමකාලීන මනෝ චිකිත්සකයන් (Psychiatrists) උමතු බව විශ්ලේෂණය කිරීමේ දී තම අවධානය යොමු කරන්නේ පැහැදිලිව පෙනෙන රෝග ලක්ෂණ කෙරේ තමයි. යම් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්, මතිභ‍්‍රමයක්, භ‍්‍රාන්තියක් හෝ අනුරාගයක් මිනිස් ජීවිතය කලඹන්නේ වේදැයි ඔවුහු අධ්‍යයනය කරති. ඔවුන් මානසික වියවුල් වර්ග කරන්නේ එකී ප‍්‍රපංචයන්ට අනුවය. එහෙත් උමතු බව පිළිබඳ නිගමනයකට එළඹීමට මෙබඳු ක‍්‍රමවේද නොසෑහෙන බව දැන් වැටහෙමින් පවතී.

සමකාලීන සමාජය තුළ අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ තමා කිසියම් සමාජ මෙහෙවරක (Mission) නියැළී සිටින්නේ යයි කියන්නන් පිළිබඳවය. (නිදසුන් විමල් වීරවංශ, රතන, සේන තෝරදෙණිය) මෙම මෙහෙවර යන ප‍්‍රපංචය බොහෝ විට සයිකෝසියාව නැතහොත් උමතු බව හඟවන සලකුණකි. පීඩනෝන්මාදය (Paranoia) සහ භින්නෝන්මාදය (Schizophrenia) අතර වෙනස සලකුණු කිරීමෙන් මෙය වටහා ගැනීමට පිළිවන.

පීඩනෝන්මාදයෙන් පෙළෙන්නා බොහෝ විට අනෙකාගේ ආශාව නම් කරයි. නිදසුන් ලෙස එය විටෙක  CIA හෝ දෙමළ ඩයස්පෝරාව වැනි නමක් විය හැකිය. භින්නෝන්මාදියා මෙම අනෙකාගේ ආශාවේ අර්ථය කුමක්දැයි සෙවීමේ නිරත වේ. විමල් වීරවංශට එය දෙමළ ඩයස්පෝරාව වද්දි සේන තෝරදෙණිය එය නම් කරන්නේ එන්.ජී. ඕ. යනුවෙනි. එය ඔහුට කෙතරම් බිය දනවන දෙයක් වී තිබේද යත් එම බියෙන් ගැලවීමට එන්.ජී. ඕ. කැඳ කරත්තය යනුවෙන් විහිළු නමක් පටබඳී. යකැදුරන් මහසෝනාට බය බැවින් ඔහු අමතන්නේ අපහාසාත්මක නම්වලිනි. එහෙත් මේ අර්බුදය මීට වඩා බැ?රුම්ය.

එනම් පීඩනෝන්මාදය අනෙකාගේ ආශාව (Desire of the Other) නිර්වචනය කරද්දි භින්නෝන්මාදය එය විවෘතව තබයි. ඒ අනුව අර්ථය හැම විටම පීඩනෝන්මාදයේ දී අඩු වැඩි වශයෙන් තහවුරු වූ කිසිවකි. එහෙත් භින්නෝන්මාදයේ දී එය අස්ථාවරය. මා යට සඳහන් කළ චරිත සිතන්නේ තමන්ට යම් මෙහෙවරක් පැවරී තිබෙන බවය. නිදසුනක් ලෙස කිවහොත් තෝරදෙණිය නමැත්තා නිතර පවසන දෙයක් නම් තමා විචාර ලියන්නේ අන් කිසිවක් නිසා නොව සියල්ල ශුද්ධ පවිත‍්‍ර කිරීමට තමා වෙත පැවරී ඇති වගකීමක් ඉටු කිරීමක් ලෙස බවය. මෙහි ඇති බියජනක ඇත්ත නම් ඔවුන් තම රෝගී බව සමාන්‍ය මහජනතාවට ද බෝ කිරීමය. ඒ අනුව පීඩනෝන්මාදයෙන් සහ භින්නෝන්මාදයෙන් පෙළෙන ජනතාවක් ඔවුහු නිර්මාණය කරමින් සිටිති.

මීළඟ ඡන්දයේ දී මිනිසුන් මහින්ද රාජපක්ෂට ඡුන්දය දීමට පෙළ ගැසෙනු ඇත්තේ කුමක් නිසාද? දැනටමත් ඔවුන් පීඩනෝන්මාදයෙන් පෙළෙන ජනතාවක් බවට පොලා පැන ඇත. මේ නිසා අනෙකාගේ ආශාව තමා විනාශ කිරීමය යන බියජනක ප‍්‍රතිඵලය මඟ හැරීමට නම් මහින්ද රාජපක්ෂට යළි ඡුන්දය ලබා දිය යුතු බවට ඔවුන් තීරණය කරනු ඇත. පීඩනෝන්මාදී ආත්මය (Paranoiac Subject) බොහෝ විට පෙලඹෙන්නේ ලෝකය ආගම හෝ විද්‍යාව ආදිය පිළිබඳ පණිවිඩ නිකුත් කිරීමට බව ලීඩර් පවසයි.

ඔවුන්ගේ පණිවිඩයෙන් කියවෙන්නේ ප‍්‍රවේශම් වන ලෙසය. එහෙත් භින්නෝන්මාදියාට අවශ්‍ය මේ වන විටත්  වෙනස් වීම සිදු වී අවසන් බව ප‍්‍රකාශ කිරීමටය. සාමාන්‍ය වශයෙන් ඔවුන්ට අවශ්‍ය මෙම වෙනස නියෝජනය කිරීමටය; තහවුරු කිරීමටය; නම් කිරීමටය.

තමාගේ පොත සම්මානයක් සඳහා නිර්දේශ වේද නොවේදැයි සිතමින් රැය නිදිවරන්නකුට එබඳු සම්මානයක් නොලැබීම බලපානු ඇත්තේ කෙලෙසද? ඔහු සමාජය තුළ ගත කරන්නේ සාමාන්‍ය විදග්ධ ජීවිතයකි. එම සාමාන්‍ය බව  (Normality) අනුව ඔහු වූ කලී සම්මාන සඳහා නොව සාහිත්‍යයේ ප‍්‍රගමනය සඳහා කැප වීමෙන් ලේඛන කාර්යයේ යෙදෙන්නෙකි. එහෙත් ඔහුගේ අභ්‍යන්තරික ආශාව එළිදරව් වන්නේ තම පොත සම්මාන නිර්දේශ සඳහා යවා නැති බව දැන ගත් විට ක‍්‍රියා කරන ආකාරයෙනි. එසේම තම පොත නිර්දය ලෙස විවේචනය කළ කෙනෙකු ජූරියක සිටීම හෝ තමා පිළිබඳ නොපහන් කෙනෙකු ජූරියේ සිටීම ගැන කිසියම් ලේඛකයකු කලබල වෙතොත් අප එය කියවිය යුත්තේ කෙසේද?

අප යට සඳහන් කළ පීඩනෝන්මාදය (Paranoia) සහ භින්නෝන්මාදය (Schizophrenia) යනු සයිකෝසියාව (Psychosis) තුළටම වැටෙන උමතු වර්ග දෙකක් බව සැබෑය. එහෙත් පීඩනෝන්මාදය යනු පිටතට ප‍්‍රක්ෂේපණය වන තමාගේම වූ මතිභ‍්‍රමයන් නිර්මාණය කර ගැනීමක් බව අප වටහාගත යුතුය. එබඳු කෙනෙකුගේ විනෝදය සංවිධානය වන්නේ එලෙසය. නිදසුනක් ලෙස කෙනෙකු නවකතාවක් ලියා තමා යථාර්ථවාදියා ලෙස සමාජය ග‍්‍රහණය කරගෙන ඇතැයි  පවසන විට ප‍්‍රකට කරන්නේ එබඳු විනෝදයකි.

එහෙත් පීඩනෝන්මාදය තුළ සිදු වන්නේ බාහිරට නොව භ‍්‍රමය තමා තුළටම රිංගීමකි. එනම් ඔහු තමාගේ ක‍්‍රියා පිළිබඳ තමාම විනෝද වෙයි. චරිත කතා පිළිබඳ ඇලූනකු එම කතා තුළ සොයන්නේ තමා මිස අනෙකකු නොවේ. යන්තම් ඇටෙන් පොත්තෙන් එන්නටත් කලින් බොහෝ අයට තමාගේ චරිතාපදානය ලියන්නට සිතෙන්නේ ඇයි? මේ අවස්ථා දෙකේදිම විනෝද සාධකය මූලික වන බව ඉන් පැහැදිලි විය යුතුය.

බාහිර රෝග ලක්ෂණ පළ නොකරන උන්මත්තකයන් පිරිසක් සමඟ ගනුදෙනු කිරීමට අපට සිදු වී ඇතැයි මෙහිලා අප පවසන්නේ යට කී කරුණු අනුවය. කිසියම් මොහොතක සිදු වන සුවිශේෂ ක‍්‍රියාවකින් හැර මේ කිසිවකු උමතුව සිටියේ යයි වටහා ගැනීමට අවස්ථාවන් ලැබෙන්නේ නැත. එහෙත් ඇත්ත නම් තමාට කිසියම් පිස්සුවක් තිබෙන බව මේ හැමෝම දන්නා බවය.

සමන් වික‍්‍රමාරච්චි

13
මැයි
17

කසුන් කල්හාරගේ ‘අලුත් පරපුක‘

එච්. එම්. ජයවර්ධන ඇයි බං උඹගේ ඒ කැරි පුතා උඹ ඉඳිද්දිම උඹගේ ගේ විකුණුවේ.

ඇයි බං ඌ උඹගේ ගෑනි ගැන විතරක් කියන්නේ. ඌ උඹගේ ළමයෙක් නොවේද ?

ඇයි බං ඌ උඹගේ අයිතිවාසිකම් ගැනවත් ඔස්ට්‍රේලියාවේ ඉන්න උගේ ළමය ගැනවත් නොහිතා කබරු වගේ ගෑනුඑක්ක බඩුගගහා යන ගමන් හැමදාම අරක්කු ගැන පොරටෝක් දෙන ගමන් ප්‍රජාතන්ත්‍රවාදය කොරන්න කතා කරන්නේ.

ඇයි බං එච්. එම්. ජයවර්ධන ඌට ඕලෙවල් වෙනකම්වත් ඉගැන්නුවේ නැත්තේ.

මරුවා

Kasun-Kalharastock-illustration-16391533-donkey-singer

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ . . . වැනි සුමධුර ගීයක් හදපු එච්. එම්. ජයවර්ධන ඇයි බං කසුන් කල්හාර වගේ පුකයෙක් රටට බිහිකළේ. උඹ තාම හොස්පිට්ල් එකෙන්ද කෑම කන්නේ , නැත්තං බෝඩිමට ගියාද ? ඌ උඹගේ එකම පුතාලු නේ…. ඌ කියනවනේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය බේරා ගැනීමට පෙරට එන්න කියල අපට. ‘අලුත් පුරපුක‘ කියල එකක් එක්ක.

මට මේ ප්‍රශ්න අහන්න තියෙන්නේ ඌ වගේ පඩ සිංදු කියන ගොං කබරෙක්ගෙන් නොවේ හද්දා වන්නියේ සියඹලාංඩුවේ ගම්බයියෙක් වෙච්ච ශත 60ට බරුත ඉරපු උඹගෙන්.

එච්. එම්. ජයවර්ධන ඇයි බං උඹගේ ඒ කැරි පුතා උඹ ඉඳිද්දිම උඹගේ ගේ විකුණුවේ.

ඇයි බං ඌ උඹගේ ගෑනි ගැන විතරක් කියන්නේ. ඌ උඹගේ ළමයෙක් නොවේද ?

ඇයි බං ඌ උඹගේ අයිතිවාසිකම් ගැනවත් ඔස්ට්‍රේලියාවේ ඉන්න උගේ ළමය ගැනවත් නොහිතා කබරු වගේ ගෑනුඑක්ක බඩුගගහා යන ගමන් හැමදාම අරක්කු ගැන පොරටෝක් දෙන ගමන් ප්‍රජාතන්ත්‍රවාදය කොරන්න කතා කරන්නේ.

ඇයි බං එච්. එම්. ජයවර්ධන ඌට ඕලෙවල් වෙනකම්වත් ඉගැන්නුවේ නැත්තේ.

කසුන් කල්හාර අමුම අමු ‍නූගතෙක් වෙලා ඌ හෙණ පොර සංගීතඥය…

View original post 165 more words




අනවශ්‍ය දේවල්

  • 153,746 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2017
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය