27
Nov
16

සඳරුවන් තොට හොඳ වැඩේ… දැං සනීපද ? හූ..

sandharuwjhjuntitled-1feetured-sirasa-kili

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාවන සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර ජාත්‍යන්තර පොලිසිය හරහා අද (නොවැ.25) වරෙන්තුවක් නිකුත් කළාය.

එම නියෝගය නිකුත් කෙරුණේ, විනිසුරුවරුන්ට අපහාසවන ආකාරයේ පුවත් පළකිරීම හේතුවෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ලංකා ඊ නිව්ස් කතුවරයා අත්අඩංගුවට ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර ඇති පසුබිමකය.

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝට පහරදීම පිළිබඳ නඩුවට අදාළ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ පළකර අධිකරණයට අපහාස කළ බවට එම වෙබ් අඩවියේ කතුවරයාට චෝදනා එල්ලවී තිබේ.

රටින් පලා ගොස් සිටින ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගනු පිණිස  ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ  මෙම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔහු වෙත භාරදීමට කටයුතු කරනු ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  විසින් 25 සිකුරාදා නියෝග කරන ලදී.

ගම්පහ අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කළේ රටේ විනිසුරුවරුන් සිදුකරන ලද අපහාස සම්බන්ධයෙන් සඳරුවන් සේනාධීර ට එරෙහිවඉන්ටර්පොල් ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා  ගන්නා බව අධිකරණ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ අනතුරු ඇඟවීමෙන් දින කිහිපයක් ගත වෙද්දීයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතානගේ, අදාළ වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සහ විනිශ්චයකාරවරු සහ අධිකරණ කිහිපයක් අපහාස කරන වාර්තා මාලාවක් පල කර ඇති බව කියමින් අධිකරණයට පැමිණිලි 14 ක් ගොනු කර ඇත.

සඳරුවන් සේනාධීරට එරෙහි වරෙන්තුව නිකුත් කළ  කාවින්ද්‍යා නානායක්කාර විනිසුරුවරියට අපහාස වන පුවත් පළ කළ බවද එක් පැමිණිල්ලකි.

‘රිවිර’ පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුගේ ඡායාරුපයක් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට පෙර ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කිරීම ද  සඳරුවන් සේනාධීරට එරෙහිව එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකි.

බ්‍රිතාන්‍ය වාසී ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක වරයා ශ්‍රී ලංකාවට පැමිණියේ නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටින  ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ප්‍රකාශ කළේ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ලෙස සඳරුවන් සේනාධීර එරෙහි නඩුව අභියාචනාධිකරණය වෙත යොමු කරන බවයි.

ශ්‍රී ලංකාවේ විනිසුරුවන්, ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයන් ඇතුළු විවිධ පිරිස් කටුක විවේචනයට ලක් කරන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හේමන්ත වර්ණකුලසූරිය ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරද්දී මුල්‍ය වංචා කළ බවටද  මීට ඉහත චෝදනා නගා තිබේ.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: