13
Nov
16

මාර වැඩේ යකෝ… සර්පයාත් යූඇන්පීද ? කතාකරුවන්ගේ කථා

%e0%b7%83%e0%b6%bb%e0%b7%8a

කතාකරුවන් ලොව සියලුම මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කර ඇත. ලෝකයේ බොහොමයක් ආගම් යනු කථා කරුවන්ගේ නිමැවුම්ය. මිනිසුන් තවමත් මේ කථාවල ඇති චරිත අනුගමනය කරති. නැතහොත් මිනිසුන් කතාකරුවෙකුගේ එක් කථාවක ඇති චරිතයක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම වැය කරති. පැවිදි වීම, මහණවීම, රැවුලවැවීම, පිරිමි දිග ගවුම් ඇඳීම, කළු අඳුම් ඇඳීම, හලාල් ද බැලීම ආදීලෙස….

කතාකරුවන්ගේ කථාවලටද පරිණාමයක් ඇත. කතා විශ්වාස කිරීම පිළිබද මේ කතාව ඉතා කෙටිකතාවකි.

ක්‍රිස්තු සහ ගෞතම ක්‍රමවත් හා ජනප්‍රිය කතාකරුවන් දෙදෙනෙකි. එකල කතා කරුවන් දිගු හා කථාවෙන් කතාව සම්බන්ධතා ජාලයක් ඇති සංකීර්ණ කතා කීවෝය. ක්‍රිස්තු සහ ගෞතම යනු ලොව සංකීර්ණම කතාකරුවන්ට උදාහරණයකි. ඔවුන්ගේ කතාව තම ජිවන අත්දැකීම්වලින් ගොඩනෑගූ ඒවාය. තම මුළු ජීවිතයම තම කතාව වෙනුවෙන් කැප කළහ. ඉතා දුක්ඛිත කත්වයන් තුළ පවා ඒවෙනුවෙන් පෙනීසිටි අතර ලෝකයේ අතිවිශාල ජනතාවකට බලපෑම් කරන ලද ජීවිතයක් ගතකළ අතර ඔවුන් පිළිබඳ කතා පවා පුරාවෘත වීය. නැවත නැවතත් කතා ගොඩ නැගීමටත් සාමාන්‍ය පුද්ගලයෙක්ට එහි බලපෑමෙන් මිදීමට නොහැකිවන තරම් දීර්ඝ කතා ගොඩනැගු අතර ආත්මය, පව පින, අනෙකා, පවුල වැනි වචන මගින් ගොඩ නැගෙන හා භාෂාව මගින් පමණක් තේරුම් කරන අදහස් ගැන තර්කානුකූල කතා කීහ. මේ දෙදෙනා තම කාලයට හා අවකාශයට ගැලපෙන කතා කී අතර ඒවා අදද මිනිසුන් විශ්වාස කරති.

%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%a2%e0%b7%92

එම කතා වල අපූර්වත්වය වන්නේ ඔවුන් පුද්ගලිකවම එම කතා විස්වස කිරීමය. එසේම ඔවුන්ගේ අනුගාමිකයින්ද දැඩිව එම කතා විශ්වාස කල අතර අසන්නන්ද පාලකයින්ද එකල එම කතා විශ්වාස කළෝය. කථාවක ඇති ගොතන ලද බව ගැන හැඟීමක් නොවූ අතර විශවාසය සැබැවින්ම සත්‍යයක් විය.

ගෞතමගෙන් පසුව වසර 500BC සහ 1000 BC කාලයේ තේල්ස් පර්මැන්ඩේස් හෙරක්ලීටස්, ඇනෙක්සිමැන්ඩර්ස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ හා සොක්‍රටීස් වැනි කතාකරුවන්ගේ කාලයේත් ඔවුහු තම තමන්ගේ කතා දැඩිව විශ්වාසකළ අය වූ අතර ඒ වුනුවෙන් තම ජීවිත පූජාකිරීමට මැලි නොවන තරම් මේ කතාකරුවො අවංක වූවෝය. ඔවුන්ගේ අනුගාමිකයින් පවා ඒ වෙනුවෙන් දිවි දුන්හ. මෙකල සිදුවූයේ පාලකයින් මේ කතාකරුවන්ට බියවී ඔවුන් මරා දැමීමයි. ඔවුන් මෙවැනි කතාකරුවන්ට ඇහුම්කන් දුන්නේ නැති නමුත් කතා විශ්වාස කළෝය.

මිනිසුන් විසින් හදන කථා කිසිවිටෙක සත්‍ය නොවේ. (සත්‍ය විස්තර කිරීමට “භාෂාව“ යොදාගැනීමේදී ඒ පිළිබඳ කෙරෙන විස්තරය බොරුවක් වීම නැවැත්විය නොහැක.)



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: