13
Nov
16

පෝස්ටර් ගසා අයවැය විකුණන හැටි ගැන

sandharuwjhjchathurika1

කතාකරුවන් නිසා බුද්ධාගම් කාරයින් විසින් සිද්ධාර්ථගේ පිළිමවල පපුව පලා බලති. කතාව භෞතික වන්නේ එ නිසාය. මහාපරිමාණයෙන් සිද්ධාර්ථ ගේ පපු සහ ඔළු හිල් කල ප්‍රෙමදාසගේ පුතා දේශපාලන නායකයෙකි. සිද්ධාර්ථ ගේ පිළිමවල පපු සහ හිස් හිල් කල පව පඩිසන් දුන් නිසා සජිත් ප්‍රේමදාසගේ කට හඬ ගැහැණු කටහඬක් බවට පත් වෙමින් යයි. අනාගතයේ අප රට පාලනය කරනු ලබන්නේ පිරිමි ශරීරයක් ඇති ගැහැණු කටක් ඇති අයෙකු විය හැක. රනිල් සමලිංගික වුවද සජිත්ට වඩා පිරිමියෙකි. බටලන්දේ දී රනිල් පලා බැලුවේ ළදරු ජෙප්පන්ගේ පපුය. ඒ පවට ටිල්වින් බාප්පා රනිල්ට ආණ්ඩුබලය ගැනීමට උදව් කළේය. ජෙප්පන් ගේ පපු පැලීම මිහිරි පවක් විය හැක.

මේ ආගම්වාදී පිස්සු කතාකරුවන් අප රටට ආගම් තුනක් දුන්නත් කිසිම සෙතක් වෙලත් නැත. අළුත් කථා කරුවෝ දැන් දැන් විජය නැමැති හොරාට අමතරව රාවණා නම් දෙමළ කථා නායකයාද ලංකාවේ රජෙකු ලෙස පිළිගන්නට කථා මවමින් සිටිති. මෙහි කිසි තැනෙක මොහොමඩ් නැත. හේතුව මොහොමඩ් යනු අප්පිරියා හිතෙන කතා කී මිනීමරු කතාකරුවෙකි.

මීට පෙර මා විසින් සඳහන් කර ඇති පරිදිම ලංකාව යනු ඕනෑම ඉන්දියන් රස්තියාදුකාරයෙකුට පිස්සු කෙළිය හැකි තැනක් වී ඇත. වාල්මිකී දකුණු ඉන්දීය මංපහරන්නෙකු ව සිටි හෙයින් එයාගේ නරක මිනිහා කළුය. දකුණු ඉන්දීය ද්‍රවිඩයෙකි. රාවණාගේ හැඩරුව හා වැඩ කිඩ සියල්ල දකුණු ඉන්දීය වැඩය. ලංකාවේ නම භාවිතාකර සෑදූ කතාවක් වුවද රාවණාට ලබා දී ඇති චරිත ලක්ෂණ සියල්ල දකුණු ඉන්දියානු හැඩරුවය. රැවුල උඩට කැරකූ වයසක ඩයල් එකක් කිරීම ආදිය. රාමා මාර වැඩ්ඩෙක් කිරීමත් සහ ලස්සන සුදු ගැහැනියක් ඇසුරු කරන ඩයල් එකක් කිරීමත් කතාන්දරකරු දන්නා අසන්නා ගේ ආශාවයි. මේ කතා කීවේ ඉංදු නිම්න වැසියන්ට වූ හෙයින් කතාකරු පවසන්නේ උතුරු ඉන්දීය අසන්නාගේ ආශාවයි. අසන්නා අදහන්නේ තමන්ට අහිමිවූ විනෝදයයි.

චිත්‍රපට කතාකරු, ටෙලිනාට්‍ය කතාකරු,බොලොග් කතාකරු, කෙටි කතාකරු, නාට්‍ය කතාකරු, විද්‍යුත් මාධ්‍ය කතාකරු, පත්තර කතාකරු, සංගීත කතාකරු, රූප කතාකරු, බණ කතාකරු ආදී යුනිෆොම් අඳින හා නොඅඳින සියලුම කථාකරුවෝ අසන කියවන බලන සියලුම දුහුනන්ට ඕනෑම දෙයක් සිදුවිය හැකි කථා මිථ්‍යාවන් පුදා හමාරය.

කතා කරුවන්ගේ පිස්සු අසා සිටීමේ පිස්සුවෙන් මිදෙන්න.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: