13
Nov
16

තමන් ගොතන කථාවලට තමන්ම රැවටීම…

මේ පහත වගුවේ පළවන්නේ ඇදහීමේ පංති වර්ගීකරණයයි.

පංතිය

ගෞතම හා ක්‍රිස්තු

ආදරය

sex

මාක්ස්

මුදල්

ඉතා දුප්පත් නූගත් මිනිසුන්

අදහති

අදහති

විශ්වාස නොකරති

අදහති

අදහති

වාමාංශිකයින්

අදහති

විශ්වාස නොකරති

විශ්වාස නොකරති

අදහති

අදහති

ධනපති

අදහති

විශ්වාස නොකරති

අදහති

විශ්වාස නොකරති

අදහති

දුප්පත් උගත් මිනිසුන්

අදහති

විශ්වාස කරති

විශ්වාස නොකරති

විශ්වාස කරති

අදහති

සාමාන්‍ය මිනිසුන්

අදහති

විශ්වාස නොකරති

අදහති

විශ්වාස නොකරති

විශ්වාස නොකරති

උගත් මිනිසුන්

විශ්වාස නොකරති

විශ්වාස නොකරති

අදහති

විශ්වාස නොකරති

විශ්වාස නොකරති

 මාක්ස් අහිංසක කථාකාරයෙකි. පැරණි හිතහොඳ චණ්ඩියාය. එනිසා දුප්පත් මිනිසුන් පොහොසතුන් වෙනවා දකින්න ඔහු කැමති විය. ඔහු කම්කරුවන් කතානායකයා කර එක් දිගු කතාවක් ලිවීය. මෙම හිතහොඳ චණ්ඩියා කම්කරුවාගේ දෙවියා බවට පත්කළේ ලෙනින්ය. ලෙනින් යනු මාක්ස්ගේ දේව පුත්‍රයාය. ලෙනින් කම්කරුවාගේ ශුද්ධවූ පණිවුඩය ලෝකයට ගෙන ආවේය. දේව වාක්‍ය මාක්ස්ගේය.

(සුවිශේෂී ලාංකීය මාක්ස්වාදයකි. ලංකාවේ පවත්නා සිංහල බෞද්ධ මාක්ස් කථා වෙනත් රටවලට අදාළ නැත.)

මාක්ස් ලංකාව ගැන සඳහනක්වත් කළේ නැත. මීට අමතරව ලෝකයපුරා කුඩා කථා ඇදහීම් කණ්ඩායම්ද පවතී. මේ අයගේ කථා පැරණි නැත. ඔවුන්ගේ දේශනා ඉතා විශාල කථා ගණනාවක් නොවේ. ටිකකි. සැබෑව නම් ඔවුන් රෝදය නැවත සොයාගන්නන්ය. මෙවන් කුඩා ආගම් සෑම කතාකරුවෙක්ම වටා පවතී. තමන් බුද්ධිමතුන් හෝ උගතුන් යැයි පවසන බොහෝ දෙනෙකු කෙරෙහි පවත්නා ප්‍රේක්ෂක ආකර්ෂණය මෙම කුඩා ආගමික භක්තියේ මූලයි. ලංකාවේ විශ්ව විද්‍යාලවලත් ලංකාදීප වැනි ආයතනවලත් මේ “අපේ රංජිත් හාමු මාර පොර“ වර්ගයේ ආගම් ඇත. නළු බට්ටන් හා නිළි අඟනන් වටාද මේ ආගමික භක්තිය ඇත. මේ අයගේ විශාල පිළිම අඹන්නේ මාධ්‍ය කථාකාරයෝය.

ලංකාවේ උදාහරණ වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, නලින්ද සිල්වා, උයන්ගොඩ, වියන්ගොඩ,…සුනිල් විජේසිරිවර්ධනලා ආදී තව ගොඩක් අය මෙම ගණයට වැටේ. මේ අය කුඩා කථා ඇදහීම් හෝ ආගමික කථා නායකයෝය. මේ හැරුණු විට අධ්‍යාපන ආයතන වල ද මේ ක්‍රියාකාරීත්වය සුළු වෙනසකට යටත්ව එසේම ක්‍රියාත්මකය. මේ අය පිළිගත් සමාජ රටාවේ… සහතිකයක් ද ඇති අය වෙති… ඒ හරහා මේ කථා සියල්ල “තම රජ සැප පිණිස පමණක්“ සියලුම මිනිසුන් පවා පිළිගතු යුතු යැයි සිතන තරම් තමන්ම ගොතන කථාවන්ට තමන්ම රැවටී ඇත. මේ අය ලයිසන් කථා කරුවෝය. මහා සරත් විජේසූරිය, මහා නිර්මාල්, මහා සුමනසිරි ලියනගේ උදාහරණය.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: