13
Nov
16

කොළඹ කලා කරුවෝ යූඇන්පී කාරයෝ වෙන හැටි

untitled-1

රනිල් ගේ හම්පඩ කෝට් බෑයට මෙවර කලා කාරයෝ, කැම්පස් කාරයෝ, බිස්නස් කාරයෝ රැවටුනි. කථා කරුවකු වූ රනිල්ගේ ගේ වෙනත් ස්වරූපයන් ඇති වා සේ කතා කරුවාටද තව ස්වරූප ඇත. ඒ ගායනා කරන්නාය.

කතාකරුට මෙන්ම ගායනය කරන්නා වටාද රැස් වළල්ලක් විහිදේ. කථා ගායනා කරන්ණියන්ටද ඇදහීම්කරුවෝ බිහි වෙති. නමුත් මේ පැරණි කථා කරුට වෙනස්ව නුතන කථා ගයන්ණියන් තමන් වෙනුවෙන් වෙළඳ ප්‍රචාරණයද කරනු ලබයි. එනිසා ඔවුන් දේවත්වයට වඩා සුරංගනාවියන්ගේ තත්වයට පත් කෙරේ. නූතන මාධ්‍ය යනු මේ සුරංගනාවියන් ගේ දේවාලයන්ය. ඒ දේවාල වල සිටින කපුවන් මේ සුරංගනාවියන් ටීවී සහ රේඩියෝ අසන්නන්ට පෙන්න පෙන්නා පඬුරු එක් රැස් කරති. “මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා සුරංගනාවිගේ“ සුමධුර විප්ලවීය ගී බණ යැයි එම සීර්ශකයෝ පවසනු ඇත. අපි දොහෙත් මුදුන් තබා වඳිමු පුදමු. වැරදිලාවත් නන්දාගේ කටින් ලෝ ලෝ හඬ නැගේ යැයි කීවොත් ඉතින් අපි කාලකණ්ණින් බවට දුහුනන්ගේ සහතික පිරිනැමේ.

වෙළඳ ප්‍රචාරකයෙකු වන නුතන කථාකරුගේ කථා සෘජුවම සටකපට ක්‍රියාවකි. මේ වෙළඳ කථාකරුගේ සුරංගනා කථා දුහුනන් විසින් විශ්වාස කරන තෙක්ම ඔහු එකම කතාව පුනරුච්චාරණය කරයි. ‘අපි වෙනුවෙන් අපි‘ හමුදාවක් හැදුවේ එවැනි පුනරුච්චාරණ කතාවකිනි. ට්‍රයඩ් එකේ පුනරුච්චාරණ කථා නිසා තම “බාල මාක්ස්වාදය“ පවා අතහැරියේ ජවිපේ බාප්පලාය. නටමු නටමු දෙමළු මරමු ! අපි දෙමළු මරමු ! කී නිසා ඉන්දියන් සිද්ධාර්ථගේ ලාංකිකයෝ මිනීමරා පාරේ කිරිබත් කෑය. එ නිසාම පොන්සේකා නම් මිනීමරුවා විමුක්තිකාමි පසේ බුදුවරයෙක් කර ගත්තේය. ජවිපේ ගම් වැද්දන් පොන්සේකාගේ කථාවලට කඩේ දුවන තරමටම ට්‍රයඩ් එකේ පුනරුච්චාරණ ප්‍රචාරණ කතාව නැගලා ගියේය. එය රජය විසින් කල දේශපාලනික වරදකි.

ටිල්වින් බාප්පලා ගේ නොමේරූ බාල මාක්ස්වාදී කථා වෙනුවෙන් තාමත් කඩේ යන හා මාක්සියානු සුරංගනා කථා කියන අංකල්ලා දැන් ෆේස් බුක් සංග්‍රාම භූමියේ පිරිලාය. උන්ගේ දිලිසෙන මාක්සියානු වචන කගපත් වලින් නැගෙනා රශ්මියෙන් අන්තර්ජාල පිටියපුරා හාත්පසම එකලු වන්නේය. කියවන කියවන දනන් අනේ අනේ යැයි ලෙව්හි දෑත් ගසති. ෆේස්භුක් විප්ලවීය විරුවන් රට ගොඩ නැගීමට කතිකාවන් අවශ්‍ය යැයි කියති. නමුත් කතිකාවයනුමැ කතාකරුවාහුගේමැ වර්ගඵලයැ බව මාක්ස්සියානු සහ එංගල්සියානුවන් නොදන්නෝ මයැ.

මේ මිථ්‍යා කථා සඳහා වැඩුණු මිනිසෙක් පුහුණු කිරීමට ලමාකාලයේ සිටම අසන්නාගේ කණ හුරු කරවනු ලබයි. ඒ දරුවන්ගේ සුරංගනා කථාවලිනි. පියාඹන මකරුන් අශ්වයින් එකැස් යෝධයින් හා කිස් එකකින් පණ ලැබෙනා කුමාරිකාවන් ආදිය මේවාය. මෙවැනි විශාල ප්‍රමාණයක් මිථ්‍යා හා සිහින මේ කථා කරුවෝ මගින් සමාජයට කාන්දු වී හමාරය. ඒ පැරණි කථා කාරයෝ ය, දැන් ගේමට එන්නේ නව කථා කාරයෝය.

නව කථා කාරයෝ නූතන සොයා ගැනීම් වල දැනුම සමග අභව්‍ය අසාමාන්‍ය දේ මුසු කර ඇත. එනිසා එකල පැවති මිථ්‍යාමය අදහස් නුතනවාදී ලෙස සකස් කර ඇත. මේවාට විරුද්ධව කථාකිරීම හෝ කරුණු දැක්වීම බැණුම් ඇසීමට හේතු වේ.

මාධ්‍ය යනු කතාකරුවන්ගේ නුතන විලාසයයි. තොග ගණනේ කථාය. මේවා සැබෑ මිථ්‍යාවන් පතුරවයි. වරෙක වික්ටර් අයියාවන් ගේ කථා නිසා වැන්දඹුවක් ජනාධිපති විය. ඒ පවට රස්සා කරන්න හමුදාවට ගිය දහස් ගණනක් දුහුණෝ සෙත්ත පෝච්චි විය. ඒ සෙත්ත පොච්චි කථා මාධ්‍ය කථාකාරයින්ට පඬුරු සඳහාම දුහුනන්ට විකිණිය හැකි විය. කථා කරුවන් විශාල ප්‍රමාණයක් සිටින නිසා විචිත්‍ර වෛවර්ණ කථා දැන් ලාභය. කිලෝ දෙකක කථා පත්තරයක්ම දැන් ශත පනහකි.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: