Archive for ඔක්තෝබර් 31st, 2016

31
ඔක්.
16

කොට ඇද්ද අලි පසුපෙල මන්ත්‍රී සහ යන්තං ඇමතිවරුනි ගොං නාකි රනිල් එලවන්න.

untitled-1

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කාරක සභාවේදී එහි නියෝජිතයින් 26 දෙනාගෙන් එජාප 09 පමණක් පාද සටහන් වාර්තාවට කැමැත්ත ප‍්‍රකාශ කල අතර අනෙක් 15 දෙනාම සභාපතිවරයාගේ වාර්තාවට පක්‍ෂව ඡන්දය භාවිතා කලේය.

මේ තත්වයම අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාස භංගයටද සිදු වීමේ සම්භාවිතාවක්ද ඇත්තේ බැදුම්කර මගඩියට විරුද්දව එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුද ප‍්‍රසිද්ධියේ අදහස් පල කරමින් සිටින තත්වයකදීය.

ඒකාබද්ද විපක්‍ෂය, ජවිපෙ විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇති අතර ශ‍්‍රිලනිපයට හා දෙමල සන්ධානයටද කොප් කමිටුවේ දැරු ස්ථාවරය වෙනස් කිරීමට ඉතා අපහසු වනු ඇත.

රාජිත සේනාරත්න, චම්පික රණවක ආදී එජාප පිරිස්ද අවසානයේ ඡන්දය භාවිතා නොකරන තැනකට පත් වුවද එය අගමැතිවරයාට බලපාන්නේ අවාසිදායක ලෙසයි.

සන්දානය නියෝජනය කරන මන්ත‍්‍රීන් 96, දෙමල සන්ධානයේ 16, ජවිපෙ 06 දෙනා ඇතුළුව එජාපයේ සිටින මෛත‍්‍රී හිතවාදී හා රනිල් විරෝධී මන්ත‍්‍රීන්ගේ සංඛ්‍යාත්මක එකතුව අගමැතිවරයා සසල කරවනු ඇත.

පසුගිය දින 100 ආණ්ඩුවේදී විශ්වාස භංගයට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් 18වන සංශෝධනය නිසා ජනාධිපතිවරයාට මෙවර එය කල නොහැක.

එම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මෙසේද අදහස් පල කලේය.

වසර එකහාමාරක් අප කළ අඛණ්ඩ සටනක ප්‍රතිඵලයක් ලෙස බැඳුම්කර හොරුන් පිලිබඳ සැබෑ තොරතුර එළියට ආවා. බැඳුම්කර වංචාවක් සිදු වී නැති බවට පසුගිය කාලයේ පොත් ලියූ අයට විවාද කළ අයට ගිරිය පුප්පගෙන කතා පැවැත්වූ අයට ඇඳි වත ගලවා දමා බැඳුම්කර වංචාවක් වුණු බව පිලිගෙන කෝප් වාර්තාවට අත්සන් තබන්න සිදු වුණා. ඒක අපේ ජයග්‍රහණයක්. අරාබි නිසොල්ලාසයේ හිටියේ “අලි බබා සහ හොරු හතලිහ“. ලංකාවේ ඉන්නේ “අලි හොරා සහ හොරු දහදෙනා“. අලි හොරා තමයි මේ බැඳුම්කරේ මහ මොලකරු අගමැතිතුමා. කෝප් වාර්තාවේ පාද සටහන් කල්ලියයි අර්ජුන් මහේන්ද්‍රන් එකතු වුණාම හොරු දහදෙනා හැදෙනවා. හොරු අල්ලන්න ආපු අය කම්බ හොරු බවට පත් වුණු මෙවැනි අවස්ථාවක් ලෝක ඉතිහාසයටම නෑ.

කෝප් කමිටුවේ සාමාජිකයින් දෙදනෙකු වාර්තාවට අත්සන් තබා නෑ. එක් කෙනෙක් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා. අනිත් කෙනා දෙමළ ජාතික සංධානයේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා. ඒ දෙදෙනා වාර්තාවට අත්සන් නොකලේ ඇයිදැයි ජනතාවට පැවසිය යුතුයි.

දැන් තව දුරටත් විමර්ශන අවශ්‍ය නෑ. ඒකෙන් සිදු වන්නේ තව දුරටත් කල් මරමින් හොරුන්ට නිදහසේ සිටින්න ඉඩ දීම පමණයි. හෙලි වී ඇති කරුණු හොඳටම ප්‍රමාණවත්. වසර එක හමාරක් මේ ගැන අධ්‍යයනය කළා. ඩියු ගුණසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇති කෝප් කමිටුව සම්පුර්න අධ්‍යයණයක් කරලා වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යද්දී වාර්ථාව ඉදිරිපත්වීම වලක්ව ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා අපි ජනපතිතුමන්ටත් කියනවා. ඔබ තුමාත් මේ වගකීමෙන් මිදෙන් නෑ. බලවත් විරෝධයක් තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කමට පත්කලේ ඔබ තුමන්. අර්ජුන් මහේන්ද්‍ර බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔබ තුමන්. ඒ නිසදා ඔබ තුමන්ගේ ඇගෙත් මඩ. ඒ මඩ ටික සෝද ගන්න නම් මේ වැරදිකරුවන්ට දඩුවම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිවරයා පෞද්ගලිකවම මැදිහත් විය යුතුයි. දැන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමයි. මොනවා ද යුක්තිය ඉටු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග. හැමෝම යුක්තිය ඉටු කරනු කිව්වාට කළ යුතු දේ කියන්නේ නෑ. මෙන්න අපි දකින විධියට යුක්තිය ඉටු කිරීමට ගත යුතු හදිසි ක්‍රියා මාර්ගහය.

  1. අගමැතිතුමා වහාම ඉල්ලා අස්වීම.
  2. අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන්න.
  3. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්න.
  4. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන්න.
  5. පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කිරීම.

ලංකා බැංකුව සතුව මුදල් තැරැව්කාර සමාගමක් තිබිය දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් හරහා ලංසු තැබීමෙන් ලංකා බැංකුව විසින් දූෂණයක් සිදු කිරීම පිලිබඳ පරීක්ෂණයක් ඇරඹීම

අගමැතිතුමා විපක්ෂ නායක කාලයේ දුම්රිය අනතුරක් වුණත් ප්‍රවාහන ඇමතිට ඉල්ලා අස් වෙන්න කියනවා. ඇවන්ට්ගාඩ් ආන්දෝලනය මතු වුණු ගමන් තිලක් මාරපන ඇමතිතුමාට ඉල්ලා අස් වෙන්න කිව්වා. දැන් ඔන්න අගමැතිතුමාගේ වාරය. ඔබතුමාගේ අධීක්ෂණය යටතේ තිබුණු ආයතනයක මේ දැවැන්ත වංචාව වෙන්නේ. ඒ විතරක් නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කරනවා ඔබතුමාගේ උපදෙස් මතයි මේ ගනුදෙනුව කලේ කියලා. දැන් ඉතින් අගමැතිතුමාට තිබෙන්නේ කන්නාඩියක් ඉදිරියට ගිහින් “රනිල්, නම්බු පිටින් ගෙදර යන්න කාලය ඇවිත්“ කියලා කියන එකයි. අගමැතිතුමා ඉල්ලා අස් නොවුණොත් එතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න අපට සිදු වෙනවා.

මේ වංචාවට විරුද්ධව අපි ගොඩ නැගුව පුළුල් ජන මතය නිසා ආණ්ඩු පාර්ෂවයේ සිටින ශ්‍රීලනීප මන්ත්‍රීවරු මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු මේ ආණ්ඩුව බිහි කිරීමට ප්‍රභල දායකත්වයක් දුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු, මේ ආණ්ඩුව බලයට ගෙනා ජනතා විමුක්ති පෙරමුන මේ සියළු බලවේග මෙ සටනෙදි අප හා එකතු උනා. එහි ගෞරවය මුලින්ම අපි දෙන්න ඕන විගනකාධිපතිතුමන්ට. එතුමන් තමයි මේ සටනේ ඔටුනු නොපලන් වීරයා. එතුමන් ජීවිත අවධානමක් ගනිමින් ඇත්ත ඇති සැටියෙන් තම වාර්ථාවේ ලිව්වා. එතුමන්ගේ තොරතුරු මතයි කෝප් කම්ටුව කටයුතු කරන්නේ. පොලිස්පතිතුමන්ට නීතිපතිතුමන්ට ආදර්ශයක් වන ආකාරයට මෙහිදී විගනකාධිපතිතුමන් කටයුතු කර තියෙනවා. අන්තිම දවස වෙනතුරුත් හොරකමක් වී නැත, වෙන්දේසි ක්‍රමය සෘජු කුමයට වඩා හොදය කියමින් සිටිය එජාප මන්ත්‍රීවරුන් 9 දෙනෙක් පාද සටහන් සහිතව හරි වරදක් වෙලා තියෙනවය, අපිට හොරු රකින්නට ඕන නැත කියන සිනිදුව අළුතින් කියන්නට ගත්තේ මාධ්‍ය විසින් මේ ප්‍රශ්නය පිළිබද ඇතිකරපු සමාජ බලපෑම නිසා. ඒ නිසා විගනකාධිපතිතුමන් වගේම මාධ්‍යයත් මේ සටනේ වීරයන් විදිහට අපි සලකනවා. ඒ වගේම කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය නෙවෙයි කෝප් කමිටුව තුල දැවැන්ත සටනක් කල සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීතුමන් ප්‍රමුඛ අනික් පිරිසටත් අපි ප්‍රනාමය පුදු කරනවා.

– අරවින්ද අතුකෝරල

Advertisements
31
ඔක්.
16

රනිල්ට සිරිසේනට විරුද්ධව මහබැංකු නිලධාරින් තොරතුරු ලබාදේ…

විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න…

විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න…

ශ්‍රී ලංකාව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391කි. මෙය ශ්‍රීලංකාව 1948 නිදහස ලබාගත් දින සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා ලබාගත් දෙශිය විදේශිය ණය වල ගෙවිය යුතු ශේෂයයි.

මෙසේ ලබාගත් ණය රටේ සංවර්ධනයට එනම් ඩී එස් යුගයේ ගල්ඔය ව්‍යපාරයේ සිට වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය, වලවේ, නොරොච්චෝලේ දකුණු අධිවේගය හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල, ඉහල කොත්මලේ, කටුනායක එක්ස්ප්‍රස්වේ, ඇතුළු සියලු සoවර්ධන කටයුතුද මෙන්ම රටේ සහනාධාර සඳහා එනම් ඩඩ්ලිගේ නිකං හාල සේරුවේ සිට ඇට අටක් දීම , ජනසවිය උදාගම්, සමුර්දිය , තුනයි පනහට පාන් , පාසල් නිල ඇදුම්, පොහොර රුපියල් 350ට සහ විශේෂයෙන්ම තිස් වසරක් මෙරටේ තිබු දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයද නිමකිරීම හා රාජ්‍ය සේවය ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වැඩිකිරිම් ඇතුළු සියල්ලද ඇතුලත්වයි.

එහෙත් මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව අද වන විට මාස 22ක් ගතවී ඇතත් එම සමස්ථ ණය ප්‍රමාණය අඩුකොට නොමැති බවත් එම ප්‍රමාණය තිබුණාට වඩා මේ වනවිට රුපියල් බිලියන 9200 ක් ද ඉහල ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ රාජ්‍ය ණය පිටුව පරීක්ෂා කිරිමෙන් 2016 දෙවන කාර්තුවේ අවසානයේ එනම් 2016 ජුනි 30 දිනට බිලියන 9062 ලෙස සදහන් කොට ඇත. ඒ අනුව මාස 18 ක් සඳහා බිලියන 1671 දැවැන්ත ප්‍රමානයකින් සමස්ථ ණය වැඩී වී ඇති අතර එහි සඳහන් නොවුවද තුන්වන කාර්තුව අවසන් වන විට එම ප්‍රමානය බිලියන 9200 දක්වා ඉහල ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇත්ත වශයෙන් රජයට මීට වඩා ණය අවශ්‍ය වුවත් එය මේ වනවිට උපරිම සීමාවට පැමිණ ඇති බැවින් රජයට ණය ලබාගැනිමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගෙවීමට යයි කියා මේ රජය ණය ලබාගත් බව නිතරම මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් කිව්වත් එසේ එම යුගයේ අවසාන කාර්තුව එනම් 2014 දෙසැම්බර් 31 දිනට තිබූ සමස්ථ ණය ප්‍රමානය වන බිලියන 7391 ක [එනම් 1948 සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා] ප්‍රමාණයේ අඩුවක් අද වනවිට මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව දැක ගැනීමට නොහැකිය. ඒ වෙනුවට අද මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය වශයෙන් 2016 ජුනි 30 වෙනි දිනට එනම් 2106 වර්ෂයේ 2 වෙනි කාරතුව අවසානයේ දේශිය හා විදේශීය සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9062 ක් ලෙස වැඩි වී ඇති බැව් වාර්තා කොට ඇත.

ඒ අනුව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391 ට වඩා 25%කින් වැඩි වීමකි. එහෙත් මෙතෙක් දුන් අමුතු සහනාධාරයක් නැත, අලුතින් හදන අධිවේගි මාර්ග නැත. ජනතාවට බදු පිට බදු ගහන යුගයක් උදාවි ඇත. එමෙන්ම ලබන වසරේ අයවැයෙන් වෙනදාට වඩා අධ්‍යාපනිය කෘෂිකර්මය ග්‍රාමීය සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයට ඉතා අඩු මුදලක් වෙන්කොට ඇත.

ප්‍රාදේශිය සංවර්ධනය කියා වෙනම අමාත්‍යාංශයක් බිහිකිරීමේ අරමුණ තවමත් පැහැදිලි නැත. මන්ද එහි අමාත්‍යවරයා වන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහා ලබන වසර සඳහා වෙන්කොට ඇත්තේ සංවර්ධනයට රුපියල් මිලියන 125 කි. ඔහුගේ වියදම් සඳහා මිලියන 475ක්ද එකතුව මිලියන 600කි. මෙය මේ වසරේ අගමැතිවරයාගේ වාහන සඳහා වෙන් කල මුදල එම අමාත්‍යාංශයේ සංවර්ධනයට වෙන කල මුදලට වඩා වැඩිය.

අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුව මෙතනින්

DATA & STATISTICS PUBLISHED BY MINISTRY OF FINANCE

Last Update on 7th June 2016

The General Treasury commenced publishing data on fiscal operations and outstanding government debt on the Ministry’s website in 2015. Monthly data on fiscal operations of the government (with a lag of two months) and quarterly data on outstanding government debt (with a lag of one quarter) are now available on the Ministry website.

Data on Fiscal Operations

 

Data on fiscal operations mainly comprise (i) revenue, (ii) expenditure, and (iii) financing.

  • Revenue data are shown under tax and non-tax sources, while data on grants are shown separately.

  • Under expenditure, recurrent and capital expenditure data are shown separately, with a further breakdown of recurrent expenditure into interest payments, salaries and wages, pensions, medicine, Samurdhi savings supplements, and other transfers. Data on capital expenditure are categorized under public investments and other investments

  • Under financing, data on borrowing and repayments are shown separately for each of domestic and foreign financing.

Data on Outstanding Government Debt

 

The quarterly data on outstanding government debt are broken down into domestic and foreign debt. Under domestic outstanding debt, instrument-wise data are shown such as Treasury bills, Treasury Bonds, Rupee Loans, Sri Lanka Development Bonds, Advances from Central Bank of Sri Lanka etc.

The following links provide access to annual, quarterly, and monthly data for sample periods as indicated.

    DATA CATEGORY PERIODICITY LINKS
Government Fiscal Operations Annual  Click here to download
Monthly  Click here to download
Government Debt Annual  Click here to download
Quarterly  Click here to download

Further, the following are direct links to various other sources of key economic data and statistics.

Publications

  • Annual ReportAnnual Report
  • Fiscal ManagementFiscal Management
  • Mid Year Fiscal PositionMid Year Fiscal Position
  • Other PublicationsOther Publications
31
ඔක්.
16

මහින්දට රජයේ නිලධාරින්ට සහ ජනතාවට දොස් කියන මානසික රෝගියා

  • hora

    hora

    john kothalawala says:

    සුපුරුදු ලෙස ජනාධිපති දේශනය සම්මන්ත්‍රණ . රට පුරාම පවත්වමින් හිටපු නායකයින්ට රජයේ නිලධාරින්ට සහ සමාජයට දොස් කියමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට නොව කාර්යක්ෂමතාවය බිඳ දැමීමට හේතුවන කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා නොදැනීම කරගෙන යන දේශන පුදුමයකි.
    එක වචනයක් වෙනුවට සමාන වචන 20 ක් පමණ කියමින්, සහභාගී වන්නන් පැය ගණන් බඩගින්නේ තබමින්, නීරස දේසනා පැවැත්වීම සැබැවින්ම මානසික විකෘතියකි. මුලදීම ප්‍රතිකාර ගත්තේ නම් මනෝ චිකිත්සන ප්‍රතිකාර ක්‍රමයකින් සුව කර ගත හැකි තත්ත්වයක් වුවද ජනාධිපති වීමෙන් පසු ලෙඩේ සහලවා ගොස් තිබේ.
    නමුත් ඇත්තවශයෙන්ම රජයේ සහ අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා මෙවෙනි ප්කුමන්ත්‍රණය කිරීම නිසා ඔහු හාස්‍යට ලක්වන අතර අවසානයේ සියලුම වැරදි ජනතාවටත් හිටපු නායකයින්ගෙත් අගමැති රනිල් වික්‍රමසිංහගේ පිටින් යැවීමත සිරිසේන ජනාධිපතිවරයාගේ අලුත්ම උපක්‍රමයකි,

  • කදුරුවෙල තිලක් says:

    තාත්තාලා දුවලා පොලොන්නරුව දිස්ත්‍රික්යේ අහිංසක ජනතාවගේ සිහින සැබෑ කරන්වා කිව්වට, උන්ට හෙන ගැහැව්වත් කමක් නැහ කියල තම පවුල්වල සිහින සැබ කරගෙන ඇත.
    පොලොන්නරුව මිනිස්සුන්ට අද බොන්න වතුර නැති වුනාට අද සුපිරි කෝටිපතියන් වී සිටින ජනාධිපති පවුලේ ඩඩ්ලි සිරිසේනගේ පුතාගේ මඟුලට වියදම් කරපු හැට්.
    අවුරුද්දක් වෙනවා පොලොන්නරුව වැලිකන්දට වතුර දෙනවා කියලා තවම නැහ පුතගේ මගුල් ගෙදරට ලෝක ප්‍රසිද්ධ විස්කි බැන්ඩී කෝටි ගනනක.
    මගුලේ පින්තුර මෙතනින් බලන්න
    https://www.facebook.com/gihandesilvaphotography/?pnref=story




අනවශ්‍ය දේවල්

  • 169,529 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements