30
Oct
16

වෙඩිවර්ධන රනිල්ගේ ගූ ටිකක් අපටත් දීපංකො බං ඔච්චර තලු මර මර කන්නේ

untitled-1

නිවුස් එකතු කරල කියවපල්ලා

ප‍්‍රභාකරන් බලකාය’ නම් සංවිධානයක් විසින් උතුරු පළාතේ සේවය කරන දෙමල ජාතික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ලිපි යොමු කර තිබේ.

ඉන් දන්වා ඇත්තේ යාපනය සරසවි සිසු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගන්නා තෙක් තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

දින 21ක් තුල උතුරු පළාත තුල සේවය කරන සියළු දෙමල ජාතික නිලධාරීන් වෙනත් පළාත්වලට මාරු කරන ලෙසද ලිපියෙන් අනතුරු අගවා ඇත.

4444-1 5555

උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවුල් කරමින් සිටින්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් බැවින් මෙලෙස පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් 12,600 වහාම අත්අඩංගුවට ගත යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජන ජීවිතය අවුල් වීමට දෙමළ දේශපාලනඥයන්ද වගකිව යුතුව ඇතැයිද ඒ මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම අනුමත කළ නොහැකි වුවද එම සිද්ධියේ දී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ ගැටලු පවතින බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු පොලිස්‌ වෙඩි පහරට ලක්‌ව මියයැමේ සිද්ධියෙන් පසු මාසයක්‌ ඇතුළත පවුලේ ඥතීන්ට වන්දි ගෙවා නඩු තීන්දු දෙන ලෙසට පිරිස්‌ උද්ඝෝෂණය කිරීම අධිකරණයට බලපෑම් කිරීමකැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන බලපෑම් නතර කිරීම සඳහා රජය වහා පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා තවදුරටත් පැවසීය.

– දිවයින



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: