28
Oct
16

හොරා අර්ජුන මහේන්ද්‍රන් නොවේ හොරා රනිල් ජනතාවනි හොර අගමැතියා එලවමු

  1. කලින් වතාවක් රනිල් අගමැති ධුරය දරද්දී තමන් ඔහුගේ රජයේ ග‍්‍රාමීය ඇමති හා මුදල් නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කල බවද පවසන ඔහු රේගු ආඥාපනත උල්ලංඝණය කරමින් නෝර්වේ තනාපති කාර්යාලය හරහා කොටි සංවිධානයට අධි තාක්‍ෂණික සන්නිවේදන උපකරණ ගෙනැවිත් දීම, පාස්කරලිංගම්ගේ අත්සනින් ශ‍්‍රි ලංකා මහා භාණ්ඩාගාරයෙන් කොටි සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු බරපතල අපරාධ චෝදනා ගණනාවකට අදාන ලිඛිත පිටපත් තමන් සතු යයිද සඳහන් කරයි.

    පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයෙන් තමන් කැඳවීමක් ලැබෙන තෙක් බලා සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා එසැනින් තමන් මේ සියල්ල හෙළි කරන බවද සඳහන් කරයි

    රජයට සහ මහජනතාවට දැඩි මූල්‍යමය අලාභ කිරීම පිණිස ආදාර අනුබල දෙමින් එම දූෂිත ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් මහජන මුදලින් පඩි ලබමින් මහජනයා හා රජය නොමග යැවීම සඳහා බොරු වාර්තා සකස් කල එජාප නීතීඥ තුන්කට්ටුවට එරහිව ද නඩු පවරා සිදු කල සාපරාධි ක්‍රියාවට එරහිව ඔවුන්ගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ නාම ලේඛනයෙන් කපා හැරීමට ලක් කල යුතුය.

    එසේ නොවෙයි නම් මහජන මුදල් කාබාසීනියා කිරීමට ආදාර අනුබල දෙන වාර්තා මහජන මුදලින් තව තවත් හතු පිපෙන්නාක් මෙන් ඉදිරියේදීත් මතු විය හැක.

    සියලු ආකාරයේ දූෂිතයින්ට හා දූෂණයට අනුබල දෙන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.

    අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මෙවැන්නන් මැති සබයට එවූ ජනතාවට දෙවරක් සිතන්නට දැන් කාලය එළඹ ඇත.තම නායකයා සොරකමකට හෝ වංචාවකට ආධාර අනුබල දේ නම් එය අනුමත කරන ගෝලයින් වනාහී මී හරක් සම්භවයක් ඇති උන් බව කාටත් පසක් වන්නේය.නායකයාගේ ගෝල බාලයින් සමාජයේ උසස් යැයි සම්මත වෘත්තීයවේදීන් ලෙස පෙනී සිටියත් ඔවුහු බුද්ධිමතුන් නොවන බව නම් ඔවුන් විසින්ම සමාජයට පෙන්වා දී ඇත.කට මැත දොඩවනා මෙවන් පිරිස් රටේ මර්මස්ථාන අඩපන කරන්නට සෘජු හෝ වක්‍ර ලෙස මෙසේ දායක වන්නේ නම් ඔවුනට බූවලු පහර දී පන්නා දමන්නට ජනතාව මැලි නොවනු ඇත.රට ඔවුන් බාර ගත්තේ එය මෙසේ විනාශ කරමින් විකට සංදර්ශණ පවත්වන්නට නොවන බවත් මේ බහුශ්‍රත යැයි කියා ගන්නා මෝඩ රැළ කල්පනා කල යුතුය.



අනවශ්‍ය දේවල්

  • 141,986 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: