21
Oct
16

අජිත් පැරකුම් ජයසිංහ කාපං ගූ – රනිල්ට චන්දයට සල්ලි සොයන්න උදව් කල තක්කඩි

.aaaimagessandharuwaajith-50Sunanda Deshapriya

Sri Sri Ravi Sankar Fuck Sri Lanka

මහ දවාලේ රටක්‌ කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට « යුතුකම සංවාද කවය

මාමා ළිඳ කපා බෑණා නාගත්
මහ දවාලේ රටක්‌ කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට

-ශ්‍යාම් නුවන් ගනේවත්ත- වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රටේ වඩාත්ම කතාබහට ලක්‌ වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. වත්මන් මෛත්‍රී – රනිල් පාලනයට මුලපිරුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලද ජයග්‍රහණයයි. ඉන්පසු පත්වූ මෛත්‍රී – රනිල් ආණ්‌ඩුවේ ප්‍රථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි. මහ බැංකුව මෙසේ වඩාත්ම කතාබහට ලක්‌ වූයේ මේ නිසාය. ඉන්පසු 2016 මාර්තු 29 දින තවත් බැඳුම්කර වංචාවක්‌ සිදු වූ බවටද චෝදනා එල්ල වී ඇත. මේ බැඳුම්කර මගඩිය නිසා මහ බැංකුවට අමතරව තවත් කතා බහට ලක්‌වූ ආයතනයක්‌ වූයේ බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ වන පර්පෙචුqවල් ට්‍රෙෂරීස්‌ ආයතනයයි. මේ ආයතනය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑණා ට හිමිකමක්‌ ඇති ආයතනයක්‌ බවත් දැන් කාටත් රහසක්‌ නොවේ. මේ මාමා සහ බෑණාට චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන ප්‍රධාන අනාවරණයන් දෙකක්‌ පසුගියදා සිදු වූ අතර ඒa පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක්‌ ද යොමුව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.මින් පළමු අනාවරණය සිදුවූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය පසුගියදා සිය මූල්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ය. දෙවැනි අනාවරණය සිදුවූයේ එම සමාගමට අදාළව මහ බැංකුව සිදු කළ පරීක්‍ෂණයක වාර්තාවක්‌ (අනවසරයෙන්) පිටවීමත් සමඟය. මුලින්ම එම සමාගම ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය අනුව ඉතා අසාමාන්‍ය අධිප්‍රාමාණික ලාභ එම සමාගම උපයාගෙන ඇති බව රටට හෙළිදරව් වූ අතර චෝදනා එල්ල වූ “බැඳුම්කර මගඩිය” තහවුරු වන ආකාරයේ වූ මේ පුවත ගැන රටේ ආර්ථික හා මූල්‍ය අංශවල පමණක්‌ නොව දේශපාලන අංශවල ද දැඩි අවධානය යොමු විය. මහ බැංකු රෙගුලාසි අනුව ඔවුන්ට සිය මූල්‍ය තත්ත්වය පුවත්පත් දැන්වීමක්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමට සිදුව තිබිණි. ඒ නිසා ඔවුන් ලැබූ එම අධි සුපිරි ලාභය සැඟවිය නොහැකි විය. මේ අනුව එම සමාගම 2014/15 මූල්‍ය වසරේදී රු. මිලියන 960 ක්‌ සහ 2015/16 මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 5124 ක (රු. කෝටි 512.4 ක) ලාභයක්‌ උපයා තිබිණි. මේ අනුව 2014/ 15 මූල්‍ය වර්ෂයේදී ලද ලාභය ඉක්‌මවා රු. මිලියන 4164 ක ලාභයේ දැවැන්ත වර්ධනයක්‌ මෙම සමාගම 2015/ 16 මූල්‍ය වර්ෂයේදී ලබා ඇති අතර එය සියයට 433.75% ක අති විශාල ප්‍රතිශතයකින් ලාභය වර්ධනය කර ගැනීමකි.දැනට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභය එම සමගම විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය දක්‌වන වාර්තාවලට අනුව මෙසේ රුපියල් බිලියන 5 ක්‌ ලෙස සඳහන් වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ම සකස්‌ කරන ලදුව මේ වන විට පිට වී ඇති පරීක්‌ෂණ වාර්තාවට අනුව එම සමාගම මාස 14ක්‌ වැනි ඉතා සුළු කලක්‌ තුළ උපයා ගන්නා ලද ලාභය කලින් හෙළි වූවාට වඩා දෙගුණයක්‌ හෙවත් රුපියල් බිලියන 10.1ක්‌, (රු .කෝටි දහසක්‌) බව තහවුරු වී ඇත.මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට හිමිකම් ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභය මෙතරම් ඉහල අගයක්‌ ගනිද්දී එම සමාගම වැනිම අනෙකුත් ප්‍රාථමික සමාගම් එම කාලය තුළ උපයන ලද සමස්‌ත ලාභය රුපියල් මිලියන 533 ක්‌ වැනි සාපේක්‌ෂව ඉතා අඩු අගයක්‌ ගැනීමද විශේෂත්වයකි. ඉහත පරීක්‌ෂණ වාර්තාව මහ බැංකුවේ ම වෘත්තිකයින් කණ්‌ඩායමක්‌ විසින් සකස්‌ කොට තිබේ .මුල්‍ය වෙළඳපොල නියෝජිතයන් පෙන්වා දෙන පරිදි වඩාත්ම හාස්‍යයට කරුණ වන්නේ වාර්තාවේ අඩංගු දැවැන්ත වංචාව ගැන සොයනු වෙනුවට එකී වාර්තාව පිටට ගියේ කෙසේ ද යන්න ගැන දැන් පරීක්‌ෂණයක්‌ ආරම්භ වී තිබීමය. මෙය ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදු වූ විශාලතම මුල්‍ය වංචාව බවට චෝදනා එල්ල වී ඇති අතර කෝප් වාර්තාවල නිර්දේශ සහ මුදල් මණ්‌ඩලය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිsසේන මහතා මේ වංචාවේ වගකිවයුත්තන්ට එරෙහිව පැහැදිලි පියවරක්‌ ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එහෙත් පෙරේදා (14) පැවැති මුදල් මන්ඩල රැස්‌වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ එම සමාගමට අදාළ අතුරු වාර්තාවක්‌ ගැනය. මීට අදාලව මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කිරීමට තීරණය වී තිබේ. මේ සම්බන්aධයෙන් අවසන් වාර්තාව මේ මස අගදී පැවත්වෙන මීළඟ මුදල් මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිත එහෙත් ඇමැති ලක්‍ෂ්මන් යාපා කිවූ ආකාරයේ තීරණය ගැනීමක්‌ නම් එහිදී සිදුව නැත.

යම් සමාගමක්‌ සාධාරණව ව්‍යාපාර කටයුත්තක නිරත වී ලාභ ලැබීමේ කිසිදු ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ තුළ අනෙකුත් ප්‍රාථමික නියෝජිත ආයතන සමඟ සාධාරණ තරඟයක්‌ තුළින් මේ ලාභ උපයා ගත්තේද යන්නයි. ‘බැඳුම්කර මගඩිය’ ගැන අපට මහ බැංකුවෙන් මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන්ගෙන් ද මුලසිටම දැන ගන්නට ලැබුණ කාරණාවක්‌ වූයේ මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු (ෂබිසාe සබදෙරප්එසදබ) පිටවන බවයි. හිටපු මහබැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි ගැන මෙසේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන බවට චෝදනාවක්‌ එල්ලවූ අතර එම වාසනාව මූල්‍ය වෙළෙඳපොළේ අනෙකුත් ප්‍රාථමික නියෝජිතයන්ට නොතිබීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ට මෙම බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව අසාධාරණ තරඟයකටය. එසේම මේ සුවිශේෂී ප්‍රාථමික නියෝජිතයාට අදාළ බැඳුම්කර වෙන්දේසිවලට ඉදිරිපත්ව ලබාගත් බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා මහ බැංකුවෙන්ම විශේෂ වරප්‍රසාද සහිතව මූල්‍ය පහසුකම් ද හිමිකරදී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. මේ නිසා අනෙකුත් ප්‍රාථමික නියෝජිත ආයතනවලට මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව ඉතා අසාධාරණ තරඟයකට ය. මෙය තවදුරටත් ඉතා සරල උදාහරණයක්‌ මගින්ද පැහැදිලි කළ හැකිය. එනම් අලියාට ඇහැ තැබීමේ තරඟයකට තරඟකරුවන් අට දෙනෙක්‌ ඉදිරිපත්ව ඇතැයි සිතන්න. තරඟ සංවිධායකයන් විසින්ම මින් හත්දෙනෙක්‌ගේ ඇස්‌ කිසිවක්‌ නොපෙනෙන සේ රෙදි කඩකින් වසා ඇත්නම් සහ එක්‌ තරඟකරුවකුගේ ඇස්‌ පමණක්‌ දුහුල් රෙදි කඩකින් බාහිර හොඳට පෙනෙන සේ වසා ඇත්නම් ඇතිවන තත්ත්වය කුමක්‌ ද? මෙහිදී, බාහිර පෙනෙන පරිදි රෙදි කඩකින් ඇස්‌a වැසූ තරඟකරුට අලියාට නිවැරැදිව ඇහැ තැබීමට කිනම් අපහසුවක්‌ද? එහෙත් එය එම තරඟකරුගේ දක්‍ෂතාවක්‌ද? මෙවැනි වූ තත්ත්වයක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්aදේසිවලදී ඇතිව තිබුණු බැවින් තමන්ට මුහුණදීමට සිදුව තිබුණේ වෙළෙඳපොළ තුළ ඉතා අසාධාරණ තත්ත්වයකට බව මේ මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ චෝදනා කරති. මේ නිසා මෙම ලාභය වූ කලී අසාධාරණ තරඟයක්‌ තුළින් උපයාගත් අයුතු ලාභයක්‌ බවට නැඟී ඇති චෝදනාව නිසා මේ සමාගම ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට ආර්ථික හා මූල්‍ය අංශවල මෙන්ම දේශපාලන ලෝකය තුළ ද ප්‍රබල මතයක්‌ ඇතිවී තිබේ. එසේම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ්a ගුණවර්ධන මහතා පවසා තිබුණේ මෙම සමාගම සීල් කළ යුතු බවය. කවර පරීක්‍ෂණයන් කළත් අතීත අත්දැකීම් අනුව අගමැතිවරයා කමිටු පත් කර සිදු කරන පරීක්‍ෂණ ගැන කිසිදු විශ්වාසයක්‌ තැබීමට නොහැකි බව ආර්ථික හා මූල්‍ය අංශවල බොහෝ දෙනෙක්‌ කියන කතාවකි. 2015 පෙබරවාරි 07 සිදු වූ බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂා කිරීමට අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති ගාමිණී පිටිපනට එම වාර්තාව ලබා දීමෙන් තරමක කාලයකින් පසු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා ලෙස ඉතා ඉහළ පඩියකට පත්වීමක්‌ ලබාදී තිබුණි ඒ නිසා හොරාගේ අම්මාගෙන් පේන අහන ආකාරයේ එවැනි ජනතාව රවටන කමිටු පත් කර තවදුරටත් මාධ්‍ය සංදර්ශන කිරීම නම් විහිළුවකි.

පසුගිය ඔක්‌තෝබර් 13 වැනිදා ‘දිවයින’ මුල් පිටුවේ ‘මහ බැංකු රහස්‌ පිටවීම සොයන්න අගමැතිගෙන් කමිටුවක්‌, අධිපති සී. අයි ඩී. යයි’ යනුවෙන් පුවතක්‌ පළ වී තිබිණි. බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවූ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්‌ වංචා හා දූෂණ හෙළි කළ අයට එරෙහිව තිබීම නම් හාස්‍යයට කරුණකි. “බැඳුම්කර මගඩිය” සිදු කිරීමට මහ බැංකුවෙන් ‘අභ්‍යන්තර තොරතුරු’ පිටවන බවට එල්ල වී ඇති චෝදනාවලට සීඅයිඩී නොගිය, මුනිවත රැක්‌ක මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්‌වාමි දැන් බැඳුම්කර වංචාව පිළිබඳ තොරතුරු මහජනයාට හෙළි කරන නිලධාරීන්ට එරෙහිව සීඅයිඩී යට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. ඒ නිසා ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි තමන් විසින්ම තම සුදු පිරුවටයේ මඩ තවරා ගන්නට පටන් ගෙන තිබෙන බවක්‌ හැඟේ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපති ධුර කාලය දික්‌ නොකර මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි පත් කළ විට සමාජය තුළ ඔහුගේ උගත්කම සහ අවංකභාවය කෙරෙහි ඉමහත් ගෞරවයක්‌ සහ විශ්වාසයක්‌ තිබිණි. එහෙත් අද වනවිට මේ බැඳුම්කර මගඩිය ගැන ඔහු අනුගමනය කරන සැකසහිත ක්‍රියා කලාපය නිසාම ඔහුගේ උගත්කම හෑල්ලු වී අවංකභාවය ගැන සමාජය තුළ තිබූ විශ්වාසය ද පළුදු වන්නට පටන් ගෙන තිබේ.

මාධ්‍යවේදීන් වශයෙන් අප බැඳුම්කර මගඩිය සහ ඒ සඳහා මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම වැනි චෝදනා ගැන මහ බැංකුවේ පැවැති පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රශ්න කළ හැමවිටම ඔහු කෝප් පරීක්‍ෂණය ගැන කිsයා හෙමිහිට ලිස්‌සා ගියේය. මෙසේ බැඳුම්කර වංචා චෝදනා ගැන එවැනි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ මහ බැංකු අධිපතිවරයා, ඒවාට උදව් කරන බවට චෝදනා එල්ලවී ඇති මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිවක්‌ නොකර, දැන් එම වංචා දූෂණ හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසි යන්නට තීරණය කර තිබේ. ආචාර්ය කුමාරස්‌වාමි මේ තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව ද එම ‘දිවයින’ පුවතේ සඳහන් විය. අගමැතිවරයාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය වූයේ ආචාර්ය කුමාරස්‌වාමි නොව බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්මය. එහෙත් සමාජයෙන්, මාධ්‍යයෙන් සහ සිවිල් සංවිධානවලින් aඑල්ල වූ බලවත් විරෝධය නිසා ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් නොකර, ඒ වෙනුවට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ව පත් කළේය. එලෙස බැඳුම්කර මගඩියට එරෙහි බලවත් මෙහෙයුමක්‌ නොවන්නට අද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි කියා මහ බැංකු අධිපතිවරයකු ද නැත. එහෙත් අද ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි අගමැතිවරයා සමග සාකච්ඡා කරමින් බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන තොරතුරු මහජනයාට හෙළි කළ නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර තිබේ. ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගේ මේ ක්‍රියාකලාපය තුළ ඔහු සිටින්නේ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචනිකයන්ගේ පැත්තේද, එසෙත්a නැතහොත් බැඳුම්කර වංචාවට එරෙහි අයගේ පැත්තේද යන ප්‍රශ්නය අද ජන සමාජයට ප්‍රබල ලෙස මතුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, අගමැතිවරයාට පත්කිරීමට අවශ්‍ය වූ අර්ජුන මහේන්ද්‍රන් පත් නොකර, ආචාර්ය කුමාරස්‌වාමිව පත් කළේ, බැඳුම්කර මගඩිය වසන් කිරීමට හෝ එම හොරු රැකීමේ පිළිවෙතක්‌ අනුගමනය කිරීමට විය නොහැකිය. එහෙත් මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයාගේ මෙන්ම මහජනතාවගේ එම අපේක්‍ෂාවන්ට පටහැනිව මේ කරමින් සිsටින්නේ මොනවාද? ඔහුගේ රාජකාරිය අවංකව සහ සෘජුව කිරීමට නොහැකි ආකාරයේ, කිසියම් බලපෑම් ඔහුට එල්ල වී තිබේද යන සැකයද මෙහිදී මතුවන්නකි. කෙසේ වෙතත් බැඳුම්කර හොරු රකින ප්‍රතිපත්තියක්‌ වත්මන් මහ බැංකු අධිපතිවරයා අනුගමනය කරන බව කීමට අප නම් තවමත් සූදානම් නැත. තවදුරටත් මහ බැංකු අධිපතිවරයා මේ ගැන ක්‍රියා කරන ආකාරය ගැන අපි බලා සිටිමු.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ගැන මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්‍ෂණ වාර්තාවක්‌ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටත් පෙර පිටවී තිබුණි. එම වාර්තාව මගින් බැඳුම්කර මගඩිය” තහවුරු වීමට තුඩු දෙන ආකාරයේ කරුණු රැසක්‌ හෙළිදරව් වී තිබිණි. ඇතැම් විට අනවසරයෙන් හෝ එම වාර්තාව මහ බැංකුවෙන් පිට නොවූවා නම් මේවා කිසිදිනක මහජනතාවට හෙළිදරව් නොවන්නටද ඉඩ තිබිණි. මේවා මහජනතාව දැනගත යුතු බව අපගේ විශ්වාසයයි. බැඳුම්කර මගඩිය නිසා වූයේ රජයේ පොලී වියදම් ඉහළ යැමයි. එහි බර දරන්නේ මහජනතාවය. ඒ නිසා බැඳුම්කර මගඩියේ බර මුළුමනින්ම දරන්නේ අතිමහත් බහුතර ජනතාව බැවින් තමන්ට ඒ හානිය කිරීමට වගකිවයුත්තන් කවුදැයි මහජනතාව දැනගත යුතුය. මහ බැංකුවේ ඇතැම් ඉහළ නිලධාරීන්ම මේ සියල්ල වසං කිරීමට උත්සාහ කරමින් ‘බැඳුම්කර හොරු’ රැකීමට ක්‍රියා කරන පසුබිමක, මේ වාර්තාව පිටවීම නිසා ඔවුන්ගේ එම ජනතාෙද්‍රdaහී උත්සාහයට විශාල බාධාවක්‌ සිදුව ඇති බව නම් පැහැදිලිය. මෙවැනි වංචා හා දූෂණවලට අදාළ තොරතුරු හෙළි කිරීම කලින් අවසර ගෙන නිල වශයෙන් කළ හැකි දෙයක්‌ නොවන බව කාටත් තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මුදල් මණ්‌ඩල ලේකම්වරයා කියන පරිදි අදාළ පරීක්‍ෂණ වාර්තාව අනවසරයෙන් පිටවී ඇති බව ඇත්තය. එහෙම නැතුව මුදල් මණ්‌ඩල ලේකම්වරයා කියන්නේ එම වාර්තාව මහජනතාවට හෙළිදරව් කිරීම මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගෙන් කලින් අවසර ගෙන නිල වශයෙන් පිට කරන්න කියාද? මේ නියෝජ්‍ය අධිපතිවරයා නොයෙකුත් හේතු කියමින් රජයේ විගණකාධිපතිවරයාට පවා බැඳුම්කර ගනුදෙනු තොරතුරු නොදී සිටීමට උත්සාහ කළ බව ද ප්‍රසිද්ධ කරුණකි.

“බැඳුම්කර මගඩියට” ට උදව් කළ තවත් බොහෝ දෙනෙක්‌ මහ බැංකුව තුළම සිටී. චෝදනා එල්ල වූ ඇතැම් ඉහළම මහ බැංකු නිලධාරීන් එම තනතුරුවල එම වගකීම් එලෙසම උසුලමින් සිටී. වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේත් තත්ත්වය එලෙසමය. මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම ගැන අප ප්‍රශ්න කළත් මහ බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්‌තිමත් කිරීම ගැන කිසිවක්‌ නොකියා “කෝප් පරීක්‍ෂණ” මන්ත්‍රයම ජප කළ මහ බැංකු අධිපතිවරයා, බැඳුම්කර වංචාව හෙළිදරව් වන පරීක්‍ෂණ වාර්තාව නිකුත් වූ වහාම විශාල ලෙස කළබල වී අගමැතිවරයා සමග සාකච්ඡා කර සීඅයිඩී යන්නට තීරණය කර තිබේ. එසේම වහාම මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්‌තිමත් කළ බව ද කියයි. බැඳුම්කර වංචාවට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්‌, මේ වංචාව පිළිබඳ තොරතුරු හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි ට හෝ මුදල් මණ්‌ඩලයට ඇතිවී තිබීම ගැන මහජනතාව ගැඹුරින් සිතිය යුතු කරුණකි. මහ බැංකු අධිපතිවරයා පමණක්‌ නොව මුදල් මණ්‌ඩලයේ සාමාජිකත්වය දරන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ඇතුළු සෙසු මුදල් මණ්‌ඩල සාමාජිකයන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස අපි බලා සිටිමු. තමන් දරන ඔය ‘ආචාර්ය’ පට්‌ටම්වල හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම්වල ගෞරවය රකිමින් අභීතව සහ බලපෑම්වලට යට නොවී හරි තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට ශක්‌තිය හා සිත් පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

යුතුකම සංවාද කවය



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: