11
Oct
16

වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් හි වාසලේ පඩත්තරමුදලි නෝනා

%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b1%e0%b6%af%e0%b7%93

“කොටල පොවන්න ද කියන්නෙ?” – නදී වාසලමුදලිආරච්චි

නදී වාසලමුදලිආරච්චි. ඇය මෙරට හඳුනාගන්නෙ, රූපවාහිනී මාධ්‍යය ඔස්සෙ. ඒක ලංකාවෙ විනෝද කර්මාන්තය පුළුල් වෙමින් පැවති, පෞද්ගලික අංශය ඒ වෙත නැඹුරුවෙමින් පැවති අවධිය. පසුකාලීනව නදී හඳුනාගැනෙන්නෙ සාහිත්‍යකාරිනියක් ලෙස. කවි පොත් දෙකක් – ප්‍රේමය සමඟ ඩොක්සාවට එරෙහිව, ප්‍රේමය සමඟ ප්‍රින්සිපැල්ටියට එරෙහිව – පළමුකොට පළ කළ ඈ ගිය වසරේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් නමින් නවකතාවක් පළ කළා. යම් සාහිත්‍යයික විවේචන තිබිය හැකි මුත්, නදීගෙ සාහිත්‍ය වැඩ කියන්නෙ බරසාර වැඩ. ශ්‍රමය වගුරුවලා වෑයමෙන් කරන වැඩ. නිවහල් අපි ඇය සමඟ කළ කෙටි කතා-බහ තමා පහත පළවෙන්නෙ..

නදී කියන්නෙ තාරකාගෙ (නදීගේ සොයුරිය) ප්‍රතිපාර්ශ්වය.. නාමාර්ථයෙනුත් එහෙමයි. නදී පොළොවෙ ගලද්දි තාරකා අහසෙ.. දෙන්නගෙ භාවිතාවන් ගැන මොක ද හිතෙන්නෙ?

ඕක ම තමයි හිතන්නෙ. මාර වෙනස්. අනේ මන්ද කොහොම වෙනස් වුණා ද කියලා. මම පොඩි කාලෙ ඉඳන් කියෙව්වෙ මේ ටයිප් එකට ළඟ ඒවා. රුසියානු කතා. අක්කි ඔය වික්‍රමසිංහගෙ වගේ කට්ටිය තමයි කියෙව්වෙ මට මතක විදිහට. හැබැයි මම සිරසෙ හිටපු නිසා කවුරුත් මාව දැනන් හිටියෙ නෑ.

ලංකාවෙ විනෝද කර්මාන්තයෙ හැඩ තල වෙනස් වෙන කාලෙ ඒවා එක්ක ගැටුණු නදී ටිකක් ගැඹුරු සාහිත්‍ය කතිකාවක් එක්ක ගැට ගැහෙන්න බලපෑවේ දීප්ති ද?

ඔව්. පදනමක් හැටියට.
හැබැයි මට ගැඹුරු කියවීමක් පුහුණු කළේ රුසියන් පොත්.

වර්තමානයෙ ඇයි කිසි දේශපාලන කණ්ඩායමක් එක්ක නැත්තෙ? දීප්තිලගෙනුත් ඈත් වුණා ද?

මම දීප්තිල එක්ක දේශපාලනය කළේ නැහැ. ප්‍රේමය සමඟ ඩොක්සාවට එරෙහිව කවි පොත කළා විතරයි.

කොහොමත් පිලිගත හැකි ප්‍රතිපත්තිමය දේශපාලනයක් ලංකාවෙ නැහැනෙ.

කවි පොත් දෙකක් කළත් ඔබ ම පිළිගන්නවා ඒවා පාඨකයො අතරට ගියෙ නැහැ කියලා?

මගෙ කවිපොත් පාඨකයො ගාවට යන්න ඕන නැහැ. පාඨකයො මගෙ ගාවට එන්නයි ඕන. පොත් දෙක ම පබ්ලිෂ් කළේ මම. මට ඒක මාකට් කරන්න ඕන නැහැ. දැනුවත් කළා ම ඇති.

කවිය මාකට් නොකරන ප්‍රතිපත්තියක ඉන්න ඔබ නවකතාව මාකට් කරන්න කරන වෑයම ගැන පැහැදිලි කිරීමක් කරන්න.

නවල් එක පබ්ලිෂ් කළේ ජනක ඉණිමංකඩ. විදර්ශන ප්‍රකාශකයො. මම කරන්නෙ ජනකට උදව් කරන එක. අනික මාකට් කරන්න ඕන තමයි. හැබැයි කවිය නෙවෙයි කවි පොත. ඒක ප්‍රඩක්ට් එකක් නෙ. නවල් එක වුණත් එහෙමයි. හැබැයි මම ෆේස් බුක් කවි නොලියන්නෙ මම කවි මාකට් නොකරන නිසා. කැමති අයට කරගන්ඩ පුළුවන්. මම කරන්නෙ නෑ.

අනික පොත් දෙකක් මාකට් කරන්න ගියාම එතන ටිකක් වියවුලක් වෙනවනෙ. කවි පොත නොවිකිණුනාට මට ප්‍රශ්නයක් නෑ.

වුල්ෆ්න්ඩාල් ස්ට්‍රීට් ස්වර්ණ පුස්තක අවසන් වටයටත් තේරුණා.. ඒක බරසාර වැඩක්. මොකද හිතෙන්නෙ. මේක කියවන්න මහත් වෑයමක් දරන්න ඕන කියන අදහස ගැන.

ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. පාඨකයාගේ කියවීමේ ශක්තිය උරගා බලන්න අවස්ථාවක්.

ඔබ විශ්වාස කරනවා, මාස් එකට ලිවිය යුතු නැහැ කියන එක. ඒත් මිනිසුන් නොකියවන සාහිත්‍යයෙන් පලක් තියෙනව ද? ඔබ බොහෝ කැමැත්තෙන් කතා කරපු රුසියන් සාහිත්‍ය ජනකාන්ත සාහිත්‍යයක්..

ජනකාන්ත වෙන්න ඒ ලේඛකයො ලිව්ව මිසක් පෝස්ටර් ගැහුවෙ නැහැනෙ. ඒක ජනතාව අතරෙ වෙච්ච දෙයක්. ලේඛකයො ලිව්වා. ජනතාව ප්‍රාමාණික දැනුමෙන් ඒවා අල්ල ගත්තා. මේවා කොටල පොවන්න අපි වෙදමහත්තුරු නොවෙයි නෙ.

දැන් නවකතාවේ අභිලාශය අපේ යමක් මිනිසුන්ට ගෙන යන එක නම්, කටුක දුෂ්කර වෑයමකට එයාලව ගෙනියන්නෙ ඇයි?

වුල්ෆ්න්ඩාල් ස්ට්‍රීට් නවකතාව, 1948 ඉඳන් 2015 දක්වා දිවෙනවා. කියවන හැම වාක්‍යයක් ඇතුළෙ ම වාක්‍ය දෙකක් තුනක් හෝ හතරක අරුත් තියෙනවා. සරලව ලියන්න ගියා නම් මහා පතරංග ජාතකය වගේ එකක් වෙනවා.

නවකතාවට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
හොඳට ම හොඳයි.

sandun
සංවාදය – සඳුන් ප්‍රියංකර විතානගේ

‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ මත ‘ප්‍රේමය සමග පි‍්‍රන්සිපැලිටියට එරෙහිව’

ජනපි‍්‍රය මාධ්‍යවේදිනියක, නවකතාකරියක මෙන්ම කිවි`දියක ද වන නදී වාසලමුදලිආරච්චිගේ ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ නවකතාව සහ ‘ප්‍රේමය සමග පි‍්‍රන්සිපැලිටියට එරෙහිව’ කාව්‍යය සංග‍්‍රහය ගැන කෙරෙන දේශපාලනික කියවීමක් මේ මස 18 වෙනිදා සවස 5.00 ට කොළඹ 07 චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවෙහි දී පැවැත්වේ. සංවාද ත්වරණය දීප්ති කුමාර ගුණරත්න, සිරිමල් විජේසිංහ, කසුන් කල්හාර ජයවර්ධන සහ භූපති නලින් වික‍්‍රමගේ විසිනි.

ජනපි‍්‍රය සංස්කෘතික ධාරාවෙහි ප‍්‍රකටව සිට පශ්චාත් නූතන දේශපාලන ගමන් මග වෙත පිම්මක් ගත් නදී මීට පෙර ‘ආකාස පර්වත’ නවකතාව සහ ‘ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව’ නැමති කවි පොත් ප‍්‍රකාශණය කර ඇත. ඇය විසින් පුවත් පත් වලට ලියන ලද යොවුන් නවකතා කිහිපයක් ද තිබේ.

නදී වාසලමුදලිිආරච්චි විචාරකයින්ගේ අවදානයට ලක් වූයේ ඇගේ කෘති තුල ඇති විකල්ප දේශපාලනික කියවීම නිසාය. මෙම නව කෘති ද්විත්වය තුලින් ද විශේෂයෙන් ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ නවකතාව මගින් ඇය අතිශය ප‍්‍රහාරාත්මක සාහිත්‍යය කැරැුල්ළක් ගසා ඇති අතර එය වඩාත් වැදගත් වන්නේ වර්තමාන සිවිල් සමාජය සහ වාමාංශික කි‍්‍රයාකාරීත්වය කපා කොටා නිර්ධය ලෙස විච්ෙඡ්දනය කරන හෙයිනි. ලංකාවේ මුඛ්‍ය ගැටළුව වන ජනවාර්ගික අරගලය ගැන උපරිමව සංවේදීව සිටින නදී කොන්දේසි විරහිතව එම ගැටළුවට මුවා වී මෙරට රැුඩිකල් වාමාංශිකයින් විසින් කරමින් සිටින කපටි ප‍්‍රයෝගයන් හෙළි කිරීමට ද නොපසුබට වේ.

නව්‍ය භාෂාමය ආකෘතියකින් යුත් ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ ගද්‍යය සහ ‘ප්‍රේමය සමග පි‍්‍රන්සිපැලිටියට එරෙහිව’ පද්‍යය විමසා බැලීමට ඔබ ද සැප්තැම්බර් 18 වෙනිදා සවස 5.00 ට කොළඹ 07 චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට එන්න. ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ විදර්ශන ප‍්‍රකාශනයකි.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: