09
Oct
16

අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා කරන්නෙත් පවුල් පාලනය තමයි.. – දයාසිරි

තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි

October 5, 2016 at 4:05 am | lanka C news | ලංකා සී නිවුස්

තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මල්ලි ටෙලිකොම් සභාපති කිරීමත් ඔහුගේ අය ආණ්ඩුවේ තැන් තැන්වලට දාපු එක ගැනත් අපිට විවේචනයක් තියෙනවා යයි ජාතික ආණ්ඩුවේ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතිඅග ඉරිදා ලoකාදිපය සමඟ පැවති “මුහුණට මුහුණ” සoවාදයේදි ප්‍රකාශ කරන ලදි.

“රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු” යන්න පවුල් පාලනය සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට පිලිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවසීය.

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.

තම පියා රටේ ජනාධිපතිව සිටියදි තම ස්වාමිපුර්ශයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස සිටියදි, රටේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය යුතු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල උත්සවයකට ජනාධිපති දියණිය ලෙස සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන්ද සමහර විට අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් ගැලපෙන ආකාරක් දක්නට ලැබිනි.

– FB black eagle

chathurika1imagesfamily-maithrith16_sirisena_2311781g

ප‍්‍රභූ පුතා ප‍්‍රභූ ආරක්‍ෂකයින් සමග විත් සමාජ ශාලාවක් කුඩුපට්ටම් කරයි.. [Photo]

October 8, 2016 at 1:22 pm | lanka C news | ලංකා සී නිවුස්

ප‍්‍රභූ පුතා ප‍්‍රභූ ආරක්‍ෂකයින් සමග විත් සමාජ ශාලාවක් කුඩුපට්ටම් කරයි.. [Photo]

අද අලුයම 2.00ට පමණ කොළඹ පිහිටි  ‘Clique’  සමාජ ශාලාවට අතුළු වූ මෙරට ඉහලම ප‍්‍රභූවරයකුගේ පුත‍්‍රයෙකු සහ ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් (PSD) පිරිසක් සමාජ ශාලාවට පහර දී දැඩි අලාභ හානි සිදු කර ඇති අතර සේවකයෙකුටද පහර වැදී ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස ඩිෆෙන්ධර් රථ කිහිපයකින් පැමිණ සමාජ ශාලාවට ඇතුළුවීමට යාමේදී සේවකයෙකු එරය වැළැක්වීමට උත්සාහ කලේ යයි ගැටුම ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිලි කර ඇති බවත් එහි අදාල ප‍්‍රභූ පුත‍්‍රයාගේ නමද ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලද ජීවන් පේ‍්‍රමදාස නම් පුද්ගලයා මේ වන විට කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරැු වාට්ටුවට ඇතළු කර ප‍්‍රතිකර ලබා දෙමින් තිබේ. කිසිවෙකුට ඔහු හමුවීමට ඉඩ නොදෙමින් ප‍්‍රභූ ආරක්‍ෂකයින්ද යොදවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

කලකට පෙර නැගෙනහිර වෙරලේදී උසස් පොලිස් නිලධාරියෙකුටද පහර දීමක් ගැන චෝදනා මෙම පුත‍්‍රයාට එල්ල විය.

  1. Godaya says:

    Oya mona de unath Mahindawath mahindage daruwo kaloth thamai weradi. Me
    Yahapalanaya genenna daradiya adda NGO karayo anacharyyala kageth den
    Mukapootu welada?

    • Rajarathnem says:

      Minister of Defence is the President Sirisena himself. He then appoints his son-in-law Wewelpanawa Gamage Thilina Suranjith as the Public Relations Officer of the Defence Ministry and now brings his daughter to even be the chief guest in such a distinguished Ministry,

      • කුෂාන් says:

        පොළොන්නරුවේ හද්දා පිටිසර ගෑනියෙක්ට ගිය කලක්.

    • චතුරිකාගේ තාත්තා says:

      ආරක්ෂක අමාත්‍යංශයේ උත්සවයට මෙතුමිය සහභාගිවීමේ ඇති වැරැද්ද මොකක්ද?
      ගොඩක් අය මෙතන විවේචනය කරන්නේ ජනාධිපතිතුමාගේ දියණිය ලෙස මේ උත්සවයට සහභාගී උණු එක ගැන ………
      එත් එතුමිය මේකට සහභාගී උනේ රටේ අනාගත ජනාධිපතිතුමිය ලෙසයි.

      • lalkantha says:

        හිතාගෙන ඇති, මේ මෝඩ ගැනිට රට ගියොත් අපිට රට අතාරින්න වෙන්නේ

      • wimal says:

        තමුසෙට පොලොන්නුර්වේ අහල පහල චන්ද ටික ලැබුනොත් ඇති, එකත් ෂුවර් නැහැ අප්පාගේ කෙරුවාවට

  2. Chande deepu un paw ban 😀

  3. රමනි says:

    අම්මට සිරි සරල ජනාධිපතිගේ දෝනිට ගිය කල, මොන සුදුසුකම් තිබිලාද මෙවෙනි රාජකීය උත්සව වලට සහභාගි වෙන්නේ, අඩුම ගානේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්වත් කොහොම හරි සාධාරණ කරනි කරන්න තිබුණා,

    • ඩඩ්ලිගේ කොල්ලා says:

      අපේ මුත්තා ඩි එස් සේනානායකලා එක්ක එකට පාර්ලිමේන්තුවේ ඉදලා එදා අපිට තිබුණ වතුපිටි දේශපාලන වෙනුවෙන් වියදම් කරලා ආපු ලොකු ගමනක් මේක, අපි එදා ඉදන්ම කෝටිපති මුලු පරම්පරාවම පාර්ලිමේන්තුවේ ඉදලා තියෙන්නෙ මුත්තාගේ සිට,
      ඔය අද ඊයේ පාර්ලිමේන්තුව ආපූ නාමල් රාජපක්ෂලා වගේ නෙවි .

  4. වලේ කඩේ සැම්සන් says:

    ෂා හරිම ආඩම්බරයක් පොලොන්නරුව අපේ ජනතාවට.

  5. විගණක says:

    අම්මපා කොච්ච්ර ලොකු දෙයක්ද ? BMW 7 Series Bullet Proof Luxurious Car , Gade Of Honus, වෙන මොනවාද.
    කොහොමද රාජ්‍ය දේපල අවභාවිතය,

    • keerthi says:

      මේවා වැරදි බව දැනෙන්න සිරිසේන තව පත්තරේ කියවලා නැහැ. මෝඩ පුතා දැන් සින් එකේ නැහැ.

    • senaka says:

      මෙයාගේ මොන සුදුසුකමකටද දන්නේ නැහැ. මේවට තමා කියන්නේ දෙකොනින් හිනා කියලා. ලොක්කා කෑගාවේ කොහොමද මහින්ද පවුලට බැන බැනා . නමුත් මිනිස්සු ඒ මනුස්සයට ආදරේ ඉ, මේ වගේ රට හිනස්වන පවුලක් නෙවි

  6. Hamza says:

    Well Done,
    HE Maithreepala Sirisena’s Daughter Chathurika Sirisena Looks Like Former Presiden Chandrika Bandaranayake Kumaranathunge,
    Excellent Ceremonial Wellcome For The Chef Guest Chathurika Sirisena.

    • Sudarma says:

      It is worthy to note that President Sirisena’s daughter Chathurika Sirisena who was an absolute non-entity till her father’s appointment in January 2015, started off as being the chief guest at lesser prominent functions such as the National Kite Festival, at school functions at Rathnavali Girls School Gampaha and Royal College Pollannaruwa and gradually moving on to be the chief guest

  7. Jerome says:

    Chathrika Sirisena Suitable for Next President Candidate,

  8. ගමයා says:

    රටකට ඕනේ අපමණ අගයක්, ඒකට ඕනැ මෛත්‍රී යුගයක්,

    කොහොමද අල වගේද ගෝවා. නාමල් වගේද චතුරිකා,

  9. Selvam says:

    Well, Said. Hon Dayasiri Jayasekara, please raise your voice against this kind of a family corruptions affairs.

  10. ගැමුණු says:

    දයා ඔය නියම පොරක් නේ , ජයවේවා….!

  11. සිරිකොත අරක්කැමි says:

    මොනවා වුනත් අපේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පවුල්වල උදවිය කවදාක්වත් මේ වගේ දෙකේ කොලේ වැඩ කලේ නැහ. බලන්න ටි එන් එල් සභාපති ෂාන් වික්‍රමසිංහලා මේ රටේ ඉන්න්වාද කියලාවත් මිනිස්සු දන්නේ නැහ,

    • sisira says:

      රනිල්ගෙ සහෝදරයා ශාන්ට මයීත්‍රී ආව ගමන් ජනාධිපති ගානේ සම්මානයයි, අගමැති ගානේ සම්මානයයි දෙකක් දුන්නා හේතුවක් හදලා

      • ගයානි says:

        ෂාන් වික්‍රමසිංහ කියන්නේ අපේ රටට අයි ටී එන් එක හරහා රූපවාහිනිය හදුන්වලා දීපු පුද්ගලයෙක්. ඒත් මුන් මොනවා කරලද මෙච්චර පිලිගැනිමක්.

 



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: