Archive for ඔක්තෝබර් 3rd, 2016

03
ඔක්.
16

ගෝඨාභයගේ මිනී මෝරුන්ට බය වූ මංගල සමරවීර (කුක්කු බබා)

ගෝටාගේ කුරුණෑගල මහා පොල් වත්ත.. මිනී මෝර මාලිගය ගැන සියල්ල

ලංකා සී නිවුස්

ගෝටාගේ කුරුණෑගල මහා පොල් වත්ත.. මිනී මෝර මාලිගය ගැන සියල්ල හෙලිවේ..

ගෝඨාට එරෙහි මිත්‍යාවේ ආරම්භය හා විකාශය

ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි.

පසුගිය දිනෙක මට විද්‍යුත් පනිවිඩයක් එවන චින්තක නාඔටුන්න නැමති මුහුණු පොතේ මිතුරෙක් පහත දැක්වෙන ඉල්ලීම කර තිබුනි

” නාලක, ගෝඨාභය රාජපක්ෂ සමඟ වැඩකරමින් ඔබ ලද අත්දැකීම් ගැන කියවන්න මම ආසයි. කරුණාකර තවත් ඒ ගැන ලියන්න….”.

මා මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් සිටින නිසා එහි ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව ඔබ දන්නා ප්‍රසිද්ධ දේශපාලන හා ව්‍යාපාරික චරිත රාශියක් ගැන මගේ සමීප අත්දැකීම් කියවේ. විටින් විටපාඨක ප්‍රතිචාරය මැන ගැනීමට එහි කොටස් මගේ මුහුනු පොතේත් පළකරන්නෙමි. මේවා තුලින් චින්තකගේ ආශාව තරමක් දුරට හෝ ඉටුවනු ඇතැයි මම සිතමි. නමුත් ඔහුගේ විශේෂ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස ගොඨාභය ගැන රස කතා කිහිපයක් අද ලියන්නට මා සිතුවා.

මා ගොඨාභය රාජපක්ෂ හඳුනාගත්තේ 2009 වසරේ යුද්ධයෙන් පසු බවත් ඒ මා කළමණාකාර අධ්‍යක්ෂව සිටි ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතයට අයිතිව තිබුනු ඇපලෝ රෝහලේ සභාපති දූරයට අප අධ්‍යක්ෂ මන්ඩලය විසින් ඔහුට ආරාධනා කිරීමෙන් පසුව බවත් මම මීට පෙර ලියා තිබෙනවා.

නමුත් මෙම ආරාධනය නිසා ඉන් මාස කිහිපයකට පසු ගෝඨාභය ලොකු අමාරුවක වැටේවියැයි අප සිහිනයෙකින් වත් සිතුවේ නැහැ.

ගොඨභය පසුකලක ලංකා හොස්පිටල්ස් ලෙසින් අප විසින් නම් කරනලද ඇපලෝ රොහලේ සභාපති ලෙස අපේ ඉල්ලීම පිට වැඩ බාර ගත්තේ 2009 අගෝස්තු මාසයේදීය. ගැටලුව මතුවුයේ ඉන් මාස කිහිපයකට පසු 2009 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය කැඳවූ විටය.

මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදීන් 2015 දී මෙන්ම 2010 දීත් රාජප්ක්ෂ පවුලට විරුද්ධව කට කතා පැතිරවීම ඉතා සාර්ථකව කලෝය. ඉන් එක් කට කතාවක් වූයේ ගොඨාභය රාජපක්ෂ ඇපලෝ රොහල මිළදී ගෙන ඇති බවය.

අපේ ඉල්ලීම පිට ඇපලෝ සභාපතිකම බාරගත් ගොඨාභයට සිදුවී තිබුනේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාවැටීමකි. දෙශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටි ඔහුට නිකරුනේ මඩ ප්‍රහාරයන්ට ලක්වන්නට සිදුවිය. මේ හිරිහැරයෙන් ඔහු ගලවා ගන්නට ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පුවත් පත් හා රූපවාහිනී නාලිකා ගනනාවකට සම්මුඛ සාකච්ඡා දෙමින් ඇපලෝ රොහල අයිති ගෝඨාභයට නොව ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනට බව පැහැදිලි කරන්නට මට එදා සිදුවිය. යමක් කරුණු නොවිමසා කට කථා විශ්වාස කරන බොහෝ දෙනෙක් මා කී දෙය විශ්වාස නොකරන්නට ඇත. අද ලංකා හොස්පිටල් පාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම යහපාලන රජයෙන් පත්කල අධ්‍යක්ෂ මන්ඩලයකින් නිසා අදවත් ඔවුන්ට සත්‍යය තේරෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මීට කිට්ටුවෙන්ම යන තවත් අපූරු කතාවක් මට පසුකලක දැනගන්නට ලැබුනි. ආරක්ෂක ලේකම් ගොඨාභයට කුරුණෑගල විශාල පොල් ඉඩමක් ඇතිබවට ආරංචියක් 2011 කාලයේ ඒ පලාතේ පැතිර ගොස් තිබුනි. වරක් ගෝඨාභයගේ කිට්ටු මිතුරෙකු වූ ජෙනරල් පාලිත ෆර්නෑන්ඩු මෙම පොල්වත්ත ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය. ගෝඨාභය පළමු වරට මේ කතාව ඇසුවේ එදාය. ” බණ කතාකරනවද අයිසේ මට පොල්වත්තක් තියා ගෙයක්වත් තියෙනවද ? වහාම පොලීසිය ඇරල ඔය ගැන හොයල බලන්න” යැයි ගොඨාභය උපදෙස් දුන්නේය. ඉන් පසු සොයාගනු ලැබුනේ ඉළ ඇදෙන කතාවකි.

පොලීසිය සොයාගත්තේ මෙම කට කතාව පතුරවා තිබුනේ වත්තේ නියම හිමිකරු විසින්ම බවය. ” මහත්තයෝ මේ පලාතේ හරියට පොල් හොරු ඉන්නවා. ඒ නිසා මම කතාවක් පැතිරුවා මේ වත්ත ආරක්ෂක ලේකම්තුමා ගත්තා කියල . එදා ඉදන් විශ්වාස කරන්න වත්තට මුරකාරයෙක්වත් අවශ්‍ය නැහැ. මෙලෝ හොරෙක් වත්තේ පස් පාගන්නේ නැහැ ” කියා වත්තේ හිමිකරු පපොච්චාරණය කලෙය.

ගෝඨාභයගේ මිනී මෝරු කතාවද මීට නොදෙවෙනිය. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ නතරවී සිටියේ තුන්මුල්ලේ පිහිටි රජයේ නිල නිවාසයකය. මම මෙම නිවසට ඔහු හමුවීම සඳහා බොහෝ විට ගොස් ඇත්තෙමි. නිවසට ඇතුල්වන විටම බිත්තියට සවිකර තිබුනු සාමාන්‍ය තරමට වඩා විශාල මාළු ටැංකියක් විය. එහි සුරතල් මාළු දහ පහලොස් දෙනෙකු පිහිනමින් සිටි අතර මොරෙකුගේ හැඩැති අඩියක් පමන දිගැති මසුන් වර්ගයක්ද විය. නිවාසවල ඇති මාලු ටැංකි වල ඇති කරන මෙම සුරතල් මාළු වර්ගය මම තවත් බොහෝ නිවාස වල දැක ඇත. කවුරුන් හෝ විහිළුවට මේ ටැන්කියේ ඉන්නා කුඩා මාලුවන්ට මිනී මෝරු යැයි කී කතාව කොතරම් දුරදිග ගියාද කීවොත් ඔබ නොසිතනා අය පවා එය විශ්වාස කලෝය. මින් එක් අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල අති විශිෂ්ඨ අන්තර්ජාතික මෙහෙයුමක් තුලින් 2009 අගෝස්තු මාසයේ අත් අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කේ. පී.ය. මැලේසියාවේදී අත් අඩංගුවට ගනු ලැබු කේ. පී. ලංකාවට ගෙන එන විට ඔහුත් විශ්වාස කොට ඇත්තේ ගොඨාභය ඔහුව මිනී මෝරුන්ට කන්න දෙනු ඇතැයි කියාය. අද බටහිර රටවල් යුධ අපරාධ ගැන කොපමන බොරු චෝදනා නැගුවද ලංකාවේ බුද්ධි අංශ විසින් සිරභාරයට ගත් කිසිවෙකු මරා නොදැමූ බවට හොඳම උදාහරණය කේ පී ය. එහෙත් පසුකලක ගොඨාභයගේ මාළු ටැංකියේ සිටින අඩියකට වඩා දිග නැති සුරතල් මසුන් දුටු විට කේ පී ට සිතුනේ කුමක්දැයි අද ඔහුගෙන් ඇසුවොත් ඔහු සිනහ සෙමින් එයට උත්තර දෙනු නිසැකය.

ගෝඨාභයගේ සුදු වෑන් ගැන මගෙන් අසන සියලු දෙනාගෙන්ම මා අසන එක් ප්‍රශ්ණයක් ඇත. “සුදු වෑන් එකකින් ගොස් අතුරුදහන් වූ එක් අයෙකු හෝ ඔබ පෞද්ගලිකව දන්නවාද ?” අද වන තුරු එම ප්‍රශ්ණයට මට පිලිතුරක් ලැබී නැත. ඔවුන් සියලු දෙනාම අසන්නේ පත්තරවල එතකොට තියෙන්නේ බොරුද කියාය. ගෝඨාභයගේ මිනී මෝරු සිටියෙත් පත්තරවල බව මම ඔවුන්ට මතක් කලද එයින් පලක් නොවන බවද මම දනිමි.

නිහතමානී එහෙත් ඍජු රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඨාභය ගැන මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ වැරදි මත ගොඩනගා ඇත. මා මෙහි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් යැයි කීවේ ගොඨාභය දේශපාලඥයෙකු නොවන බැවිනි.ගොඨාභය හා බොදුබල සේනා , ගොඨාභය හා ෆොන්සේකා, ගොඨාභය හා දුර්ගා ටවුම, ගෝඨාභය හා අවන්ගාර්ඩ් වෙන වෙනම කතාකල යුතු මාතෘකාය. මේවාට පිළිතුරු දීමට යම්තාක් දුරකට මට දැනුමක් තිබුනද එය මට අයිති විශයක් නොවන නිසා ඒ ගැන කාලය නොගනිමි.එහෙත් චින්තකගේ නාඔටුන්නගේ ඉහත කී ඉල්ලීම යම් තරමක් දුරට හෝ මෙම මතක සටහන් වලින් ඉටුවූවායැයි බලාපොරොත්තු වෙමි.

– නාලක ගොඩහේවා

Advertisements
03
ඔක්.
16

තම දරුවන් දෙදෙනාගේ මව රෝගී තත්ත්වයක් මත මහත නිසා ගෑනී එක්ක නිදා ගන්නට බැරියැයි පවසන ගූ මාධ්‍යවේදී ගඳරුවන්

Maithree_Tough_UpsideDownsandharuwjhj

සඳරුවන් ගඳරුවන් වී පස්සේ ගූඳරුවන් වී රනිල්ගේ වැසිකිලි බුදින්නා වීම ගැන කතා වස්තුව

01        90 දශකයේ දී කොළඹ බොරැල්ල පෙදෙසේ මාධ්‍යෙව්දීන් පුහුණු කරන වැඩසටහනක් යැයි පවසා ඊනියා අහිංසක දුප්පත් කොල්ලන් රවටා මුදල් ගසා කෑම.

02-         ඔහු විසින් පවත්වා ගෙන යනු ලැබූ සදරූ දැන්වීම් ප්‍රචාරණ ආයතනයේ වැඩසටහන් වලට ගෙන්වා ගත් ගැහැණු ළමයින්ට බලහත්කාරයෙන් වතුර ගසා තන්පුඩු පෙනෙන්ට සලස්වා වැල පත්තර වලට පින්තූර ගැනීම

03-          තමන් ආදරය කර කසාද බැද තමන්ට ගැහැනු දරුවන් දෙදෙනෙකු වදා දුන් ආදරණීය බිරිද රෝගී තත්ත්වයක් නිසා ස්ථුලභාවයට පත්වීම නිසා මහත් කළකිරීමෙන් එළිවනතුරු අරක්කු බොන ගමන් එම ගැහැණිය සමග නිදා ගන්නට බැරිවීම පාපයක් යැයි පවසා හොටු පෙරමින් හඩා වැටීම.

04-           මොහු සමග අරක්කු බොන විට අනෙක් සගයාගේ අරක්කු වීදුරුවට නොසිතන මොහොතක සිගරට් අලු කඩා දමා තම අනෙකා මවිතයට පත්කිරීම.

05-          තමන් විසින් දේශපාලන වැඩ සදහා යැයි කියමින් නිර්මාණය කර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කෝටි හතකට විකුණා එංගලන්තයට වී අරක්කු බී මිය යාමට සිහින දැකීම (මෙම ගණුදෙනුව සදහා අතරමැදියන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබදව අප ඉදිරියේදී හෙළිකරනු ලැබේ.)

06-                  ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිණි තැබු නඩුව  ගංගොඩවිල උසාවියේ විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය අසල උද්ඝෝෂණයක නිරත වෙමින් පෝස්ටර් උස්සා සිටින විට යැයි පැවසීම.“සුද්දන්ට පේන්න මේවා කරන්න ඕන නැතිනම් රට පනින්න බැරි වෙනවා”

07-                 අලුත් එන්.ජී.ඕ එකක් නිර්මාණය කර සම්තින් එකක් සොයා ගන්නට දෙහිවල පැත්තේ නීතීඥවරියක බැහැදකින්නට බඩගාගෙන යාම.

08-                 තමන්ගේ අති සමීප මිතුරෙකු සමග අධික ලෙස මත්පැන් පානය කර ඔහුට වෙරිවීමට සළස්වා වට්ටවා ඔහුගේ බිරිදට දිවාකර සැපක් ලබා දීමට ගොස් අනූනවයෙන් මාට්ටු නොවී බේරීම සහ ඒ ගැන පසුව තැන් තැන්වල පොරටෝක් දීම ( මෙහි නම් සදහන් නොකරන්නේ අපට තොරතුරු ලබාදුන් මිතුරන්ගේ බලවත් ඉල්ලීම පිටය.)

09-                 ශිරාල් ලක්තිලක මහතාගේ ආයතනය තමන්ට ආර්ථික අපහසුතා පැවති අවස්ථාවක පාවිච්චි කිරීමට දුන් පසු එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගෙන ජල සහ විදුලි බිල්පත් නොගෙවා මාරුවීම සහ පසුව ශිරාල් යනු තමන් කිසි දිනෙක නොදන්නා අයෙකු සේ පාඨකයන්ට පෙන්වමින් එංගලන්තයේ සිට වෛරී ආකාරයෙන් බැන වැදීම සහ විවිධ ප්‍රවෘත්ති පල කිරීම.

10-                  මේ වන විටත් දේශපාලන රැකවරණය ලබාගැනීම පිණිස බොරු මානසික ආබාධයක් පෙන්වා එංගලන්ත ආණ්ඩුව රවටා එරටින් මානසික ආබාධිතයන්ට ලබා දෙන දීමනාව ලබාගෙන ඒ මුදලින් විස්කි බී ඊ නිව්ස් වෙබ් අඩවියට ලංකාවේ සිදුවන දේවල් ඇහින් දැක්කා සේ ලිපි ලිවීම.

03
ඔක්.
16

ඊ නිව්ස් ගඳරුවන් කන ගොං රනිල්ගේ වැසිකිලියේ තිබූ රසවත් කෑලි

sandharuwa

ලංකා ඊ නිව්ස් ආයතනය තුළ සේවය කළ සේවකයන්ට සදරුවන් නිතර ව්‍යංගයෙන් මතක් කර දුන් එකම කාරණය වන්නේ ධනවාදය මියගොස් ඇති බවත් තමා පුද්ගලික ධනපතියෙකු මිස ධනවාදියෙකු නොවන බවත්ය. මෙහිදී ඔහු කියා සිටියේ තමා යනු ෆුකුයාමාටත් වඩා දක්ෂ විශ්ලේෂකයෙකු වන බවය.

වරෙක මෙම ආයතනයට එල්ල වන දැඩි රාජ්‍ය මර්ධනය හමුවේ එහි සිටින මාධයවේදීන්ට යම් හෙයකින් විදෙස් රටක දේශපාලන සුරක්ෂිතතාව ලබා ගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දෙන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කර දෙන්නට අවශ්‍ය නම් එය කළ හැකි බවට එක්සත් ජාතීන් ගේ ආයතනයට අනුබද්ධ ආයතනයක් විසින් තමන්ට උපකාර කළහැකි බවට පවසනවා.

මෙහිදී සදරුවන් පවසන්නේ ආයතනයේ කිසිදු නිත්‍ය සේවකයෙකු නැති බවත් සිටින අය නිදහස් මාධ්‍යෙව්දීන් වන බවත් ඒ අයට කිසිදු තර්ජනයක් නැති බවත් ඒ නිසා එවැනි කටයුත්තක් අවශ්‍ය නොවන බවත්ය. මින් ටික කාලයකට පසුව ඔහු සිය පවුල සමග රට හැර එංගලන්තයට පලායන අතර ලංකාවේ සිටින මාධයවේදීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ.

තවත් ටික කාලයක් ලංකාවේ සිටින මාධය‍වේදීන් මෙම ආයතනය කරගෙන යන අතර පසුව ඔහු එතෙක් තනි මහන්සියෙන් ලංකා ඊ නිවිස් ආයතනයේ වෙබ් අඩවිය කරගෙන ගිය අංසකටත් නොදන්වා වෙබ් අඩවියේ පාස්වර්ඩ් එක මාරුකර නැවතත් ධනවාදය තවදුරටත් වලංගු නැති බවත් පුද්ගලික ධනපතියෙකු වන තමන්ට හිතෙන ඕනෑම දෙයක් කරන්නට හැකි බවත් තහවුරු කරනවා.

මෙයින් වඩාත් තහවුරු වන්නේ මොහු කම්කරු අයිතිවාසිකම් සහ මාධයවේදීන්ගේ ජීවිත ගැන කෙතරම් නම් වගවීමෙන් කටයුතු කරනු ලැබූ බවද?

01-                 90 දශකයේ දී කොළඹ බොරැල්ල පෙදෙසේ මාධ්‍යෙව්දීන් පුහුණු කරන වැඩසටහනක් යැයි පවසා ඊනියා අහිංසක දුප්පත් කොල්ලන් රවටා මුදල් ගසා කෑම.

02-                 ඔහු විසින් පවත්වා ගෙන යනු ලැබූ සදරූ දැන්වීම් ප්‍රචාරණ ආයතනයේ වැඩසටහන් වලට ගෙන්වා ගත් ගැහැණු ළමයින්ට බලහත්කාරයෙන් වතුර ගසා තන්පුඩු පෙනෙන්ට සලස්වා වැල පත්තර වලට පින්තූර ගැනීම

03-                  තමන් ආදරය කර කසාද බැද තමන්ට ගැහැනු දරුවන් දෙදෙනෙකු වදා දුන් ආදරණීය බිරිද රෝගී තත්ත්වයක් නිසා ස්ථුලභාවයට පත්වීම නිසා මහත් කළකිරීමෙන් එළිවනතුරු අරක්කු බොන ගමන් එම ගැහැණිය සමග නිදා ගන්නට බැරිවීම පාපයක් යැයි පවසා හොටු පෙරමින් හඩා වැටීම.

04-                  මොහු සමග අරක්කු බොන විට අනෙක් සගයාගේ අරක්කු වීදුරුවට නොසිතන මොහොතක සිගරට් අලු කඩා දමා තම අනෙකා මවිතයට පත්කිරීම.

05-                  තමන් විසින් දේශපාලන වැඩ සදහා යැයි කියමින් නිර්මාණය කර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කෝටි හතකට විකුණා එංගලන්තයට වී අරක්කු බී මිය යාමට සිහින දැකීම (මෙම ගණුදෙනුව සදහා අතරමැදියන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබදව අප ඉදිරියේදී හෙළිකරනු ලැබේ.)

06-                  ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිණි තැබු නඩුව  ගංගොඩවිල උසාවියේ විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය අසල උද්ඝෝෂණයක නිරත වෙමින් පෝස්ටර් උස්සා සිටින විට යැයි පැවසීම.“සුද්දන්ට පේන්න මේවා කරන්න ඕන නැතිනම් රට පනින්න බැරි වෙනවා”

07-                 අලුත් එන්.ජී.ඕ එකක් නිර්මාණය කර සම්තින් එකක් සොයා ගන්නට දෙහිවල පැත්තේ නීතීඥවරියක බැහැදකින්නට බඩගාගෙන යාම.

08-                 තමන්ගේ අති සමීප මිතුරෙකු සමග අධික ලෙස මත්පැන් පානය කර ඔහුට වෙරිවීමට සළස්වා වට්ටවා ඔහුගේ බිරිදට දිවාකර සැපක් ලබා දීමට ගොස් අනූනවයෙන් මාට්ටු නොවී බේරීම සහ ඒ ගැන පසුව තැන් තැන්වල පොරටෝක් දීම ( මෙහි නම් සදහන් නොකරන්නේ අපට තොරතුරු ලබාදුන් මිතුරන්ගේ බලවත් ඉල්ලීම පිටය.)

09-                 ශිරාල් ලක්තිලක මහතාගේ ආයතනය තමන්ට ආර්ථික අපහසුතා පැවති අවස්ථාවක පාවිච්චි කිරීමට දුන් පසු එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගෙන ජල සහ විදුලි බිල්පත් නොගෙවා මාරුවීම සහ පසුව ශිරාල් යනු තමන් කිසි දිනෙක නොදන්නා අයෙකු සේ පාඨකයන්ට පෙන්වමින් එංගලන්තයේ සිට වෛරී ආකාරයෙන් බැන වැදීම සහ විවිධ ප්‍රවෘත්ති පල කිරීම.

10-                  මේ වන විටත් දේශපාලන රැකවරණය ලබාගැනීම පිණිස බොරු මානසික ආබාධයක් පෙන්වා එංගලන්ත ආණ්ඩුව රවටා එරටින් මානසික ආබාධිතයන්ට ලබා දෙන දීමනාව ලබාගෙන ඒ මුදලින් විස්කි බී ඊ නිව්ස් වෙබ් අඩවියට ලංකාවේ සිදුවන දේවල් ඇහින් දැක්කා සේ ලිපි ලිවීම.

11-                 ලංකාවේ සිටින මිනිසුන්ගෙන් තම වෙබ් අඩවියට ආධාර කරන්න යැයි ඉල්ලා ඒ ලැබෙන මුදලින් එංගලන්තයේ අප්‍රිකානු තඩි ගැහැනුන් සිටින මසාජ් පොට්වලට ගොස් ඇගේ පතේ හිරි ඇර ගැනීම.

කිසිදු දිනෙක අපව හැරගිය සාමාජිකයන් ගැන පවා අප විසින් පළමුව විවේචනය කරන්නේ නැත.  ඔවුන් විසින් දීන අකාරයෙන් අපව විවේචනයට බදුන් කළ පසුව අප ලබා දුන් පිළිතුරු නිසා අපව හැර ගිය පැරණි සාමාජිකයන් මේ වන විටත් අහිකුණ්ඨකයන් පිරිසක් බවට පත්ව ඇත.

සදරවන් නම් රෑකඩය නටවන තිරය පිටුපස සිටින මහත්වරුන් කළබල විය යුතු නැත. අප ඔවුන් ගැන ඉදිරියේ දී කතා කරන අතර සදරුවන් ගැන තවත් කතා වඩාත් සවිස්තරව පසුව ඉදිරිපත් කරනු ලැබේ.

03
ඔක්.
16

බූන්දියේ කවි කරන්ට්වල….රොල්කල කවි ගහගනිව්…(හ්ප්)

Rasika Suriyarachchi | රසික සූරියආරච්චි මහත්තයාට පෙම් කවි පෙළක්……

මරුවා

අපි හරි හොඳයි නැත කළ වරදක් කිසිම

සත්තම දමා දත් ගැලවූවා මිසම

ඔක්කොම හොඳ අපේ නරක මුක්කම

පස්ස වුනත් විකුනමු  වහගෙන එයම

 

ඔලුව වමේ අපි මාක්ස් ගේ සරණ යමු

මොලේ නැති නිසා රට ගැන නොම සිතමු

බොරු පානියට කම්කරුවො ලෙස හැසිරෙමු

බඩුවක් ගහන්නට ලෝකෙම නසාලමු

 

මාද්දිය බූතයෝ රට ගලවන්නට සිතන

දුක පවසතී ලසන්තගෙ පොලුපාර ගැන

හොටු පෙරතී ගතුකියමින් ප්‍රගීත් ගැන

පිස්සු වැඩිවෙලා කබ්බෙකුට පෝම්වුන

 

බුදුන් ඉයැක් හමුදුරුවො ඉයැක් චික්

සිංහලයින් චික් දෙමළු නල්ලම්ය ආශික්

දළදාව ඉයැක් තම්බින් අනේ ශෝක්

සුද්දන් හරි ෂෝක් ලංකාව ඕක් තුං

 

කානු ‍මදින විට කළු කැත හම වාගේ

සුද්දගේ ගූ රසයි නැත ලංකාවෙ වගේ

උන් හරි සුදුයි අපි හරි කැත වඳුරො වගේ

පොර වාගේ නෙලයි  සිවුරට ලංකාවේ

 

ලෙනින්ට පැහැදිලා වී සිටිමු වම්මුන්

පුරවා සිතේ ක්‍රෝධය සහ අමනකම්

ජාතිවාදින් නොවේ අපි හරි බ්‍රෝඩ් බෑන්ඩ්

වැදි බණ ලියති සුදනන් ලෙස කවිත් කරන්ට්

 

බයියන්ය ලියන්නේ කවි කරන්ට් ගම්වල

මාර වැඩ එව්ව ලෝකෙටම අභියෝග…

View original post 107 more words

03
ඔක්.
16

කම්බ හොරා සිරිසේනගේ මෙගා ඩීල් ගහපු ගැහිල්ල මුලසිට අගටම…

images

ග්‍රාමසේවක සිරිසේන ගහපු ගැහිල්ලෙ මුලසිට අගටම

ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ.  මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නැති බව නීතිඥ උදය ගම්මන්පිල මහතා සිරිසේනගේ ඔස්ට්‍රේලියානු මුල්‍ය වංචාව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියා.

ඔස්ට්‍රේලියානු අල්ලස සොයන්න හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්

මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද පසුගිය බුහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ කතා කලාම විදේශ ඇමති මංගල සමරවීර මහතා කියනවා පාර්ලිමේන්තු ඉස්තාවර නියෝග අනුව ජනාධිපතිවරයාගේ හැසිරීම ගැන කතාකරන්න බෑ.  ඒ නිසා මගේ කතාව හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කලා. නමුත් මා ඒ අවස්ථාවේදීත් පෙන්වා දුන්නා මම මේ කතා කරන්නේ ජනපතිතුමන් ගැනවත් එතුමන්ට චෝදනා නැගීමක් ගැනවත් නෙමෙයි කියන එක. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවල හැසිරීම ගැන . ඒ වගේම මේ සිදුවීම සම්බන්දව ඒ වන විටත් ප්‍රතිචාර දක්වා නැති විදේශ අමාත්‍යන්ශයේ හැසිරීම ගැනයි මා මේ අදහස් දක්වන්නේ කියා මම පැහැදිළි කලා.  ඒ වගේම රටේත් ජනපතිතුමන්ගේත් කීර්තිනාමය ආරක්ෂාකරගැනීම ගැනයි මේ කතාකරන්නේ කියල කිව්ව.

එතැනදී මූලාසනයේ හිටපු දෙමල ජාතික සංධානයේ අඩෙක්කලෛයිනාදන් මැතිතුමන් මගේ කතාව පිළිඅරගෙන මගේ කතාව කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ අවස්ථාවේදී මගේ කතාවේ අග හරියට යද්දී පිටතින් පණිවිඩයක් ඒ මහතාට ආවා. ඉන්පසු එතුමන් කියනවා ජනපතිතුමන් සම්බන්ධයෙන් මා කල ප්‍රකාශ හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන්න කියලා.  මේ සිදුවීම් හරහා පේන්නේ මේ චෝදනා යටපත් කරන්න මේ ආණ්ඩුව මේ වන විට දැවැනිත උත්සහයක් දරන බවයි.

ජනපතිවරණ සමයේ දී ජනපති මහින්ද පරදවන්න මෙගා ඩීල් පිලිබඳ මෙගා බොරු කිව්වා.  ආණ්ඩුව පත් වී මාස 20ක් සම්පූර්ණ වෙනවා.  එක මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු දැමීම තබා විමර්ශනයක් වත් තබා තිබෙනවා ද?  අධිවේගී මාර්ග වලින් 90%ක් තිබෙන්නේ කොමිස් කියලා පා ච රණවක ඇමතිතුමා කියන විට වත්මන් ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න කලින් ආණ්ඩුව කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමටම ඊට වඩා වැඩි මිලකට ලබා දෙනවා.  කලින් වතාවේ කොමිස් මුදල් 90% නම් දැන් එය 95%ක් විය යුතුයි.  ඒ වගේම මහ දූෂණ කියූ අධිවේගි මාර්ග, නොරොච්චලේ, මත්තල ගුවන් තොටුපල මාගම වරාය පිලිබඳ අඩුම ගණනේ විමර්ශනයක් වත් තිබෙනවා ද?

දැනට නඩු පවරා තිබෙන්නේ මොනවාට ද ?  පලාත්පාලන ආයතන වලට කොඩි කණු බෙදීම, සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදීම වැනි හැම ආණ්ඩුවක්ම කළ දේවල් වලට.  අද මෙගා ඩීල් පිලිබඳ කතා කරපු අයගේ කටේ පිට්ටු  ද කියන ප්‍රශ්නය මතු වෙනවා.  “කල කල දේ පල පල දේ“ යන සිංහල කියමන සිහිපත් කරමින් එදා බොරු කියූ අයට අද පව් පලදෙන්න පටන් අරන්.

දෛවයේ සරදමක් කියන්නේ මට විරුද්ධව බොරු චෝදනා නැගීමට යොදා ගත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනපතිට එරෙහිව චෝදනා එන්නේ.  මුළු රටම කම්පනයට ලක් කරමින් රටේ ජනාධිපතිවරයා අල්ලස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.  අපේ එෆ්සීඅයිඩී එකට ලැබෙන සුරංගනා කතා වගේ පැමිණිල්ලක් නොවේ මේක.  වෙනත් පැමිණිල්ලක් පිලිබඳ විභාග කරන විටයි මේ සිද්ධිය පිලිබඳ සාක්ෂි මතු වෙන්නේ.

ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදි කිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා.  ඔහු ඊට එරෙහිව නඩු දානවා.  2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා.  ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා.  2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා.  ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.

පරීක්ෂණය අනුව ස්මෙක් සමාගම වේල්ලක් ඉදි කිරීම ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් දිනා ගන්නවා.  ප්‍රසම්පාදන මණ්ඩලය මෙම සමාගම තෝරා ගත්තත් ටෙන්ඩරයේ දැවැන්ත වටිනාකම නිසා ඊට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි.  නමුත් සිරිසේන ඇමතිතුමා අත්සන් කරන්නේ නැතුව කල් මරනවා.  ඊට පස්සේ සමාගමේ නියෝජිතයින්ට එන්න කියා පණිවිඩයක් යවනවා.  ඒ අනුව ස්මෙක් සමාගමේ ලංකාවේ ඒජන්ත ඇමතිතුමා හමු වෙන්න යනවා.  ඇමතිතුමාගේ හමුව පිලිබඳ ලංකාවේ ඒජන්ත ඔස්ට්‍රේලියාවට යැවූ විද්‍යුත් තැපෑලේ ඒ හමුව පිලිබඳ විස්තරයක් තිබෙනවා.  “මම ඇමතිතුමා හමු වුණා.  ඉදිරි මැතිවරණ සඳහා ආධාරයක් ඉල්ලුවා.  ඒ පිලිබඳ විස්තර සම්බන්ධිකරණ ලේකම් සමග සාකච්ඡා කරන්න කිව්වා.  ඇමති මණ්ඩල පත්‍රිකාවක් අත්සන් කරන්න කලින් මෙහෙම කරන්න වෙනවා කියා සම්බන්ධිකරණ ලේකම් කිව්වා.  ටෙන්ඩරයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් යෝජනා කරන්නැයි ලේකම්වරයා මට කිව්වා“.

ජූනි 15 ඒජන්ත විසින් ඔස්ට්‍රේලියාවට තවත් විද්‍යුත් තැපෑලක් යවනවා.  ඒකේ කියනවා කොන්ත්‍රාත් එකෙන් 1%ක් ඉල්ලුවා.  ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් කියලා.  මේ මුදල ගෙවීම උඩයි ඇමතිතුමා ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබීම සිදු වන්නේ.  ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියා.  ඒ අයම අපිව හොයා ගෙන ආව නිසා මේක මහඟු අවස්ථාවක්.  අපිට ඉදිරියටත් මේ ඇමතිතුමා හරහා තවත් කොන්ත්‍රාත් ගන්න පුළුවන්.

ඔස්ට්‍රේලියාවේ පොලීසිය මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ පොලීසිය සොයන්නේ “දූෂණ විරෝධි වීරයා“ කියලා “ලංකාවේ කෙජ්රවාල්“ කියලා බටහිර විසින්ම ඔසවා තැබූ නායකයාට වුණු දෙයක්.  ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ.  මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නෑ.

මෙතරම් දැවැන්ත සිදුවීමකට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද?  මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.  මේ පිලිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්න නීතිපතිට උපදෙස් දුන්නා.  මොක්කද නීති පතිට කරන්න පුළුවන්. කිසිම දෙයක් නෑ. ලංකාවේ නීතිපතිට පුළුවන් අපේ රටේ දූෂණයක් නම් හොයල බලන්න. ලංකාවේ නීතිපතිට ඕස්ටේලියාවේ මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන්න බලයක් නෑ.  මේ පිළබද ඔස්ට්‍රේලියාවේ සිදු වන්නේ එම සමාගම පගාව දුන්නා ද කියන පරීක්ෂණය විතරයි.  ඒ සමාගම කියන්නේ “ඇමතිතුමා ඉල්ලුවත් අපි දුන්නේ නෑ කියා“.  එම සමාගම දුන්නා කියා ඔප්පු නොවුණොත් ඒ ඔස්ට්‍රේලියානු පොලීසියේ පරීක්ෂණය ඉවරයි.  නමුත් අපේ රටේ කීර්තිය රැක ගන්න නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා නම් ජනාධිපතිගේ කීර්තිය රැක ගන්න නම් මේ පිලිබඳ ලංකා ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම විමර්ශනය සිදු විය යුතුයි.  ඒ නිසා ලංකාවේ දැනට ජීවත් වී සිටින සියළුම හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර තමන්ගේ නම කෙසේ වෙතත් රටේ නම රැක දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රිලනිප සමුළුවේ මුලසුනට අගමැති රනිල් ගෙන්වමු

මේ දිනවල රටේ උණුසුම්ම මාතෘතාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සම්මේලණය. අද මාධ්‍ය ඉදිරියට එන ශ්‍රීලනීපයේ ඇමතිවරු ලංකා ඉතිහාසයේ දැවැන්තම සෙනග අපි ගෙන එනවා කිව්වත් පාර්ලිමේන්තුවේදී හමුවෙන එජාපයේ මැති ඇමතිවරුන් කියන්නේ ඊට වෙනස් කතාවක්. කුරුණෑගල දිස්ත්‍රික එජාප මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් උපදෙස් ලැබිල තිබෙනවළු එජාප පාක්ෂිකයනුත් ශ්‍රීලනීපයේ සම්මේලනයට සම්බන්ධ කරන්න කියලා.

ශ්‍රීලනීප ඇමති වරුනම් කියන්නේ ඔවුන්ගේ අරමුණ ශ්‍රීලනීපය ශක්තිමත්කර ඊලග මැතිවරණයේදී එජාපය පරාජයට පත්කරලා ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහිටුවීමයි කියලා.  නමුත් මේ අය මොනව කිව්වත් අද ශ්‍රීලනීපයේ පක්ෂ සම්මේලනයට එන්න යන්නෙත් එජාප පාක්ෂිකයන්.

ඒ නිසා මම යෝජනා කරන්න කැමති ශ්‍රීලනීප නායකයන්ට එම පක්ෂ සමුළුවට එන්නෙත්එජාප පාක්ෂිකයන් නම්, එජාප සමුළුවේ ප්‍රධාන ආරාධිතයාත් ශ්‍රීලනීප නායකයානම්,  ශ්‍රීලනීපයේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා විදිහට එජාප නියක රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ආරාධනා කරන්න. එතකොට තමයි තකට තක.

ඒ වගේම අද නැගෙන ලොකු චෝදනාවක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රීලනීපය කඩන්න හදනව කියන එක. මීට ඉහතදීත් අපි පෙන්වා දුන්නා ශ්‍රීලනීපය වසරක් තුල 4 වතාවක් කැඩුවේ සිරිසේන ජනපතිතුමන් බව. අද ශ්‍රීලනීප දෙකක් තිබෙනවා. එජාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන කොළපාට ශ්‍රීලනීපය එකක්. ඒක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට එකතුවෙලා එජාපයේ වලිගය බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම කවදත් ශ්‍රීලනීපය සමග හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය පිළිගන්න නිල්පාට ශ්‍රීලනිපයකුත් තියෙනවා. ඒ පිරිස තමයි එජාපයට එකතු නොවී රට රැකගැනීම සදහා සටන් කරන්නේ.පිවිතුරු ශ්‍රීලනීපයක් ගොඩ නැගීම සදහා අර කොළ පාට ශ්‍රීලනීපය තවත් විදිහකට කියනවනම් එජාපයේ වලිගය බවට පත්වූ ශ්‍රීලනීපයේ කොටස පක්ෂයෙන් කපල අයින් කරන්න අවශ්‍යයි.  ඒ නිසා නිල්පාට කමිස ඇන්දත් හදවත් ඔළුවත් කොලපාට වෙච්ච ඇතුම් ශ්‍රීලනීප පාක්ෂිකයන් යැයි කියාගන්න පිරිස් පක්ෂයෙන් එලියට දාල සැබෑ ශ්‍රීලනීපය රැකගැනීමටයි මේ උත්සහයන් දැරෙන්නේ.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය පක්ෂ කැඩීමයි

අළුත් පක්ෂයක් හදනව කිව්වම මහින්ද මහත්තයත් ටිකක් අකමැති වගේ. මොකද ශ්‍රීලනීපය කැඩුවා කියන චෝදනාවට ලක්වෙන්න එතුමත් කැමති නැති හැඩයි. නමුත් සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නම් පක්ෂය කැඩීමයි. බණ්ඩාරනායක මහත්තය එක්සත් ජාතික පක්ෂය කඩල නව දෙනෙක් එක්ක එලියට නාවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහිවෙන් නෑ.  අනේ මම ඩීස් සේනානායක මහතා එක්ක හදාගත් පක්ෂය. මේ පක්ෂය කොතරම් දේශද්‍රෝහී ගමනක් ගියත් පටන්ගත්ත තැනම මම ඉන්නවා. මේ පක්ෂය කෙතරම් රටට එරෙහිව ධනපතියන්ගේ පැත්ත ගත්තත් මම මේ පක්ෂය ඇතුලෙම ඉන්නවා. මොකද හදාගත්තු පක්ෂය කඩන්න හොද නෑ කියල බණ්ඩාරනායක මහත්තය හිතුවනම් ශ්‍රීලනීපය කියන දේශප්‍රේමී, ප්‍රගතිශ්‍රීලී දේශපාලන ව්‍යාපාරය බිහිවෙන් නෑ.

තමන් ඉන්න පක්ෂය රටට ජාතියට ජනතාවට යුතුකම් නොකරන විට ඒක කඩාගෙන ඇවිදින් නව දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කිරීම තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය.  ඒ විතරක් නෙවෙයි ඒක මේ රටේ ජනතාවත් අනුමත කරල තියෙනව. මොකද 1951 එජාපයෙන් ඉවත්ව නව දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කරන බණ්ඩාරනායක මහත්තයට ඉන් වසර පහක් ඉක්මෙන්නත් කලින්ම මේ රටේ ජනතාව එතුමන්ට මේ රටේ ජනතාව බලය ලබාදී මේ රටේ අගමැතිවරයා බවට පත්කිරීමෙන්ම බණ්ඩාරනායක මැතිතුමන්ගේ ඒ ප්‍රතිපත්ති ජනතාව විසින් අනුමත කළ බව පේනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය කඩන්න වෙන්නේ රට වෙනුවෙන්නම් ජනතාව වෙනුවෙන්නම් රටේ ඉදිරිගමන වෙනුවෙන්නම් ඒ ගැන කාටවත් පැකිලෙන්න දෙයක් නෑ කියලයි අපි විශ්වාස කරන්නේ.

 

 

දෙස් විදෙස් දේශහිතෛශී ශ්‍රී ලාංකිකයනි අපමණ බාධක මැද පවතවාගෙන යන http://www.lankanewsweb.today වෙබ් අඩවියට ඔබගේ සහයෝගය අවැසිම මොහොතයි මේ. 




අනවශ්‍ය දේවල්

  • 180,189 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements