25
Sep
16

හරක් විජේසූරිය නම් මහාචාර්ය බූරුවා

14449

මහාචාර්ය හරකා වෙත ලියමි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ සල්පිල අදින් නිමාවේ. එයට සහභාගී වන ජනතාව පොත් පිලිබඳව ඔවුන්ගේ ඇති ඇල්ම කියාපායි. ආරම්භක වර්ෂයේ සිට මේ දක්වා ඒ සෙනග වැඩිවූවා මිස අඩුවූ බවක් පෙනෙන්නට නැතුවා සේම වාර්තාවන්නේද නැත.

මම ද ගතවූ සෑම වසරකම මගේ වත්කමේ සාපේක්ෂතාවයට අනුව පොත් පත් මිලදී ගත්තෙමි. එසේ මිලදී ගත නුහුනු පත පොත ගත්තවුන් හා හුවමාරු කරගෙන කියවූවෙමි. රස වින්දෙමි. එසේම, ඒ සෑම වසරකම ඔබ තුමාගේ පොත් එකකට වඩා මිලදී ගත්තෙමි. ඔබගේ හෝ පිටස්තරයෙකුගේ අත්දැකීම් ඔබගේ වචන වලින් ලියැවී ඇති ලස්සන රසවින්දෙමි. අන්‍යයන් හා බෙදා ගත්තෙමි. ඒ හැම අවස්ථාවකම මා සිතුවේ මා කියවීමට රුචියෙකු යැයි කියාය.

එහෙත්, මා ඇතුලු බොහෝ ශ්‍රී ලාංකිකයන් “පොතක කවරය බලා මිස එහි අන්තර්ගතය බලා පොතක් මිලදී ගැනීමට තරම් බුද්ධිය මුහුකුරා නොගියවුන්” බව උගත්තේ ඊයේ පෙරේදාය. ඒ ද ඔබතුමාට පින් සිද්ධ වෙන්නටය. එදා සිට මේ දක්වා මා ඔබ විසින් ප්‍රකාශිත ඔබගේ සහ අන්‍යයන්ගේ අත්දැකීම් ඇතුලත් පොත් මිලදී ගත්තේ හුදෙක්ම කවරය පමණක් බලාය. 2005 දී මුද්‍රණය කෙරුණු “තාත්තා” කෙටිකතා එකතුව මා මිලදී ගත්තේ එහි කවරයෙහි වූ ඔබගේ තාත්තා ගේ ලිපිය දැකීම නිසාය.

එහෙයින්, මම ඔබේ ආධාරයෙන් මා පිලිබඳ උගත්තෙමි. මින් පසු කිසිදිනක ඔබගේ ප්‍රකාශණවල අන්තර්ගතය කියවීමෙන් පසුව මිස ඒවා මිලදී නොගන්නා බවට පොරොන්දු වෙමි.
අනුන්ගේ අත්දැකීම් කියවා සමාජ යථාර්ත වටහාගැනීම වෙනුවට මට මාගේ අඩුපාඩු නිවැරදි කරගැනීමට කාලය පැමිණ ඇතැයි සිතේ.1448

ලංකාව තුල ඔබගේ දේශණ විස්සකට වඩා අසා ඇත්තෙමි. ඒ සමහර දේශණ අවසානයේ එහි වූ ඔබ ආයතනයේ ජංගම රථයෙන් හෝ පොත් අලෙවිකළ මේසයෙන් පොතක් මිලදී ගැනීමටද “බුද්ධියෙන් මුහුකුරා නොගිය” නිසා ක්‍රියා කලෙමි.
ඉහත කිසිම අවස්ථාවකදී (ඔබගේ දේශණයක හෝ පොත් අලෙවි කුටියේ) මා නියෝජනය කරන “බුද්ධියෙන් මුහුකුරා නොගිය” උන් හැර අන් කිසිවෙක් නොදැකීම මාගේ අවාසනාව’කැයි සිතේ. එහෙත්, එය ඔබේ වාසනාව වූවා නොවේ දැයි නැවත සිතේ. නො එසේනම්, කැබිතිගොල්ලෑවේ හයිබ්‍රිඩ් කාර් විකුණුම් සැලක් පටන් ගත්තා වගේ වන්නට තිබුණි.

ඊලඟට තමිළිනි ජෙයක්කුමාරන් ගේ “තියුණු අසිපතක සෙවණ යට” පොතද මිලදී ගත්තෙමි. එය පුරාම ඇත්තේ කොටි සංවිධානයේ ක්‍රියකාරකම් පිලිබඳව ඇයතුල වූ කළකිරීම හා අපේක්ෂාභංගත්වයයි යනුවෙන් පසු කවරයේ සඳහන් වේ. තමිළිනී කළකිරීමට පත්වූයේ ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තවාදීන් විනාශවීමෙන් අනතුරුව බව ඒ පොත හොඳින් පෙන්වාදෙයි. ඒ කළකිරීම ඇයතුල ඇතිවූයේ වසර තිහක් තිස්සේ තම රටේ අහිංසක ජනතාව කුරිරු අයුරින් මරාදමමින්, තමන් සමග උරෙ’නුර ගැටෙමින් මවුබිමේ නිදහස උදෙසා සටන් වැදි සහෝදරයින් මරාදමමින්, අවසාන මොහොත දක්වාම අත දැරූ අවියෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකල මිනිසත්කමට නිගාදුන් ත්‍රස්තවාදීන් මරණබියෙන් මුදවාගෙන තම කරමතින් ගෙනගොස්, තමා කුසගින්නේ සිටිමින් තම බත්පතින් ඒ ත්‍රස්තයන්ගේ කුසගිනි නිවා, ප්‍රතිකාර ලබාදී සෙබළ ඇඳුම ලාගත් දුප්පත් අම්මාප්පච්චිලාගේ දූ පුතුන් පෙන්වු අතිශයින් මානුෂීය ගුණාංග ද, දිවයිනේ නන් දෙසින් තමන්ට කොටින්ගෙන් සිදුවූ කරදර උපේක්ෂාවෙන් අමතක කොට හාල් මිටක්, පොල් ගෙඩියක්, ඇඳුම් කෑල්ලක් දෙන්නට තරම් සත්පුරුශ වූ අම්මාප්පච්චිලා පෙන්වූ බෝසත් ගුණාංග ද, යහපත් සිතුම් පැතුම් සමග නැවත සමාජ ගතවීමට පුහුණු කරවූ පුණරුත්ථාපන කණ්ඩායමේ සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් ගේ මනුස්සකම් හා කොටින්ගේ ඉගැන්නුම් බහට අවනතව තමන් දශක දෙකක් පමන තිස්සේ කරන ලද්දාවූ අසමජ්ජාතිකම් අවබෝධවීම නිසා නොවන්නේ නම් අන් කවර හේතුවක් නිසාද යන්න “බුද්ධිය මුහුකුරා නොගිය” නිසාදෝ මා නොවැටහේ.

අවසානයට මම “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” හෙවත් (Road to Nanthikadal) පොතද මෙයට එක්කර ගනිමි. මගේ අත්දැකීම් වල හැටියට නම් කොළඹ පොත් ප්‍රදර්ශණ ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක් සහිත වූ පොත මෙය බව සිතමි. තවද, විජිත යාපා කුටිය වටා වට කිහිපයක් පෙළ ගැසී සිටි “බුද්ධිය මුහුකුරා නොගිය” ජනතාව මාගේ ඉහත සිතිවිල්ල තහවුරු කිරීමක් යැයි වැඩි දුරටත් සිතමි. කමල් ගුනරත්නයන් යනු පලපුරුදු ගත් කතුවරයෙකු නොවේ. මා දන්නා පරිදි ඔහු කලපුරුදු සොල්දාදුවෙකි. වීරත්වය අධ්‍යනය කල ඔහු ඒ පිලිබඳව අන්‍යයන්ට කියා දුන්නේ හිතට වදින ස්වරූපයකිනි. මා ඇතුලු බොහෝ කණිටු නිලධාරීන් බොහෝ විට ඔහු හැඳින්වූයේ “ජෙන්ගීස් ඛාන්” යන අන්වර්ථ නාමයෙනි. “ජෙන්ගීස් ඛාන්” කමල් ගුනරතුන්ගේ වීරයාය. මහාචාර්ය තුමාලා පමණක් නොව ලංකාවේ වැඩිදෙනෙක් අයත් වන බුද්ධියෙන් පරිණත නොවූවන් ප්‍රභාකරන් ගේ වියරුවෙන් මුදවා ගැනීමට අදටත් දුප්පතුන් වන ගම්වල අම්ම අප්පච්චිලාගේ දුවා දරුවන් මෙහෙයවා එහි අවසානය සියැසින්ම දුටු කමල් ගුනරතුන් බුද්ධියෙන් පරිණත නොවූ අපගේ “ජෙන්ගීස් ඛාන්” වීම වරදක් නොවනු ඇත.

“මමත් යුද්ධය කලානම් මීට වැඩිය විකිණෙන පොතක් ලියන්නට තිබ්බා” යැයි ඔබ තුමා කියා තිබුණු බව දුටුවෙමි. අදටත් එය එසේම යැයි පිලිගන්නා ලෙස මගේ සිතට මමම මහා දරුණු බලපෑමක් කරමින් සිටිමි. ඔබතුමා සෙබලෙකු වීනම් එක පොතට ලක්ෂයක් ලියනු නොඅනුමානය. එසේ වුවද, ඉන් තවත් ප්‍රභාකරන්ලා ලක්ෂයක් බිහිනොවෙන බවක් මට නොපෙනේ. යුද්ධයද නිමා නොවනු ඇත. එයට හේතුව නම් නොදන්නා නොඇසූ නූපන් පිරිසකගේ ජීවිත නිදහස් කර ගැනීමට තම ජීවිතය නොතකා සතුරු අවි ආයුධ ඉදිරියට ‍යෑම කුහකයන් හට කිසිදාක කල නොහැක්කක් බව මා දන්නා නිසාය.

එහෙයින්, බුද්ධියෙන් පරිණත ඔබතුමා ගෙන් කමල් ගුනරතුන් නොඇසූ පැණයක් දෙකක් අසමි. කමලුන් වසර තිස්පහක් හමුදාවේ සිටියේය. ඔහු ඒ කලාවේ සමතෙකු බව ඔබ අප හැම අද අත්විඳින නිදහස උදාකිරීමෙන් පෙන්වාදුනි. ඔබතුමා අති ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකි. කමලුන් යුදබිමේ ගතකලාටත් වඩා කාලයක් ලිවීමේ කලාවේ යෙදී සිටින්නෙකි. එසේ වූ කල කමලුන්ගේ පලමු පොත ඔබතුමා මෙතෙක් කල් ලියූ විකිනූ පොත් සියල්ලටම වඩා අලෙවි වූයේ එය මිලදී ගත් පාඨකයන් “බුද්ධියෙන් පරිණත නොවූ” නිසාමද? නැතහොත් වසර තිස් ගනණක් ලියු විකිණූ ඔබ තුමාට වඩා ඔහු ග්‍රන්ථ කාර්යයෙහි ද ශූරයෙකු නිසාද?

අප රටේ බුද්ධියෙන් පරිණත නොවූ පාඨකයන් කවර දෙස බලා පොත් තෝරන්නේ නම්, මෙතෙක් ඔබතුමාගේ පොත් මිලදී ගත්තෝ මහාචාර්ය වරුන්මද? ඒසේ වී නම් ඔවුන් හට කෘතගුණ පිණිසවත් එවැන්නෙක් ගැන කතාවක් නොලීවේ මන්ද?

යුද්ධයේ භීතිය මුලු රටම වෙලාගෙන තිබූ කාලයක ඒ වෙනුවෙන් පොතක් තබා වචනයක් වත් නොලියූ ඔබ, ප්‍රභාකරන් ගේ අමානුෂිකකම් ගැන අද ද වචනයක් හෝ නොකියන නොලියන ඔබ විනාශයෙන් රට මුදවාගත් සෙබලුන් පිලිබඳව ඔය තරම් අසතුටකින් කතා කරන්නේ ඇයි?

අවසාන වශයෙන් මෙසේ ද කියමි…..
මළලසේකර ශබ්දකෝශය අපි භාවිතා කලේ ඉන් වචනයක තෙරුම ඉගෙන ගැනීම සඳහාය. ඔබ කමල් ගුනරතුන්ගේ පොත එය සමග සැසඳූයේ කුමක් නිසාදැයි දන්නේ ඔබම පමණි. මළලසේකර ශබ්දකෝශයෙන් අපි තවම වචන ඉගෙනගනිමින් සිටිමු. කමලුන්ගේ පොතෙන් ඉගෙනීමට කිසිදු අලුත් වචනයක් මම නොදුටුවෙමි. එහෙත් ඔබට නම් ඉන් ඉගෙනීමට මහා න්‍යායක් ඇත. ඒ, ලිවීමෙහි සහ ලියූදේ විකිණීමේ න්‍යායයි. එය ඉගෙනගෙන ලබන වසරේවත් ඔබට පොත් ලිවීමට මෙන්ම විකිනීමට ද හැකිබව පෙන්වීමට ශක්තිය ලැබේවායි, ඔබේ පොත් වැඩියෙන්ම මිලදී ගන්නා “බුද්ධියෙන් පරිණත නොවූවන්” වෙනුවෙන් පතමි.

Nilantha J…….



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2016
S M T W T F S
« Aug   Oct »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: