25
Sep
16

ග්‍රාමසේවක වහලා ට සිදුව ඇත්තේ බැබිල ගහේ පැහැරුවා සේ වැඩකි

Ranileqwe

තිත්ත ඇත්ත නම් උඩින් මිතුරු රනිල් මෛත්‍රී ට හතුරෙකි

නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත – බැද්දේගම අපි මුහුනුපොතින්උපුටා ගැනීමකි
“යුද්ධය ගැන කතා කරන කොට ප්‍රේමදාසගෙන් පටන් ගන්න එක හොදය… ප්‍රේමදාස ජනාධිපති වුණේ යකාගේ කම්මල වගේ ගිනිගත්ත රටකය… එක අතකින් ජේවිපේ කැරැල්ල, අනෙක් පසින් කොටි, තවත් පසෙකින් ඉන්දියානු හමුදාව…. ඔහුට ඒ වාතාවරණය අනුව අකමැත්තෙන් හෝ දේශපාලන තීරණ ගැනීමට සිදු විය…. ඔහු කොටින්ට අවි දුන්නේ දේශපාලන තීරණයක් අනුවය…. කමල් ගුණරත්න හමුදා නිලධාරියෙකු ලෙස එයට විරුද්ධ වුවත්, ඔහු ප්‍රේමදාසගේ දේශපාලන තියරිය ගැන අසාධාරණ ලෙස තර්ක කරන්නේ නැත්තේ ඒ නිසාය…. කොහොම වුණත් කොටියට කිරි පෙවීමේ ආනිශංස ප්‍රේමදාසට විදින්නට වැඩි කලක් ගත වූයේ නැත…

එතනින් පස්සේ චන්ද්‍රිකාට යුද්ධයේ යම් පරිච්ෙඡ්දයක් අවසන් කිරිමේ හැකියාව තිබිණි…. නමුදු අවසන් මොහොතේ ඉන්දියාවට බිය වි චන්ද්‍රිකා ඇග බේරා ගැනීමේ න්‍යායක් අනුගමන කළ බවක් පෙනෙන්ට තිබේ…. කොටියාගෙන් යාන්තම ඇග බේරාගත්ත චන්ද්‍රිකා අද කොටියා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිදැයි ප්‍රශ්නයකි…. අවංකවම බැලූවොත් චන්ද්‍රිකා කොටින්ට විරුද්ධය…. ඒ වුණත් කොටියාට බනිනවා යැයි කියන්නේ යුද්ධය අවසන් කරපු “රාජපක්ෂලාට ක්‍රෙඩිට් වැටෙන” වැඩක්ය…. තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරයන්ට ක්‍රෙඩිට් වැටෙනවාට චන්ද්‍රිකා කැමති නැත… ඒ හින්දා රට පාවා දී හෝ කොටියාට කඬේ යන්නේ රාජපක්ෂලාට රිදවන්නට යැයි සිතාය…. චන්ද්‍රිකාගේ ටිකිරි මොලේ වැඩ කරන්නේ ඔය ආකාරයටය…

8 pass

මෛත්‍රීලා රනිල්ලා ගැන ලියන එකත් කාලේ කා දමන වැඩකි… මෛත්‍රී යනු බටහිරට එහෙයියෙකි… මෛත්‍රී ට සිදුව ඇත්තේ බල්ලා බැබිල ගහේ පැහැරුවා සේ වැඩකි…. බල්ලා බැබිල ගහේ අතු පහත් කර ඒ මත පහරන්නේ ආතල් එකකට වාගේය… හැබැයි ඌ එතැනින් ඉවත් වෙන කොට අතු කෙලින් වී පහරපු අසූචි හතර අතේ විසිරී පළාතම ගද ගසන්නේ ය….. මෛත්‍රී ත් ජනාධිපතිකම නැමති දෙපාවලින් පාගාගෙන සිටින්නේ ජාතිය නැමති බැබිල ගස ය… ඒ මත පහරන්නේ සංහිදියාව කියන අසූචිය… දවසක ජනාධිපතිකම අතහැර මෛත්‍රී ගෙදර යන දවසේ ඒ අසූචි හතර අත විසිරී මුඵ ලංකාවම ගද ගස්වන්නේ ය….

රනිල්ම කියන ආකාරයට රනිල්ට රකින්න පරපුරක් නැත…. යන යකා කොරහත් බිදගෙන යනවා සේ රටම විනාශ කර යාම ඔහුට සුඵ දෙයකි….. මේ අවස්ථාවේ රනිල් කරනුයේ බොර දියේ මාලූ බෑමකි…. රනිල් මෛත්‍රී ට එක වැටෙනවාට අකමැතිය…. ඒ හින්ද පුඵවන් තරම් මෛතී‍්‍රව මෙහෙයවන්නේ ආගාධයකටය… උඩින් මිතුරුකම පෙන්නුවාට රනිල් මෛත්‍රී ට මිතුරු නැත…. මන්ද යත් ඊළග මහ මැතිවරණයක දී මෛත්‍රී රනිල්ට ඇණයක් වන බව රනිල් හොදටම දන්නේ ය…. රනිල්ට මොනවා බැරි වුණත් දේශපාලන සූත්තරකම් මැනවින් දන්නේ ය…. මෛත්‍රී මේ කිසිවක් දන්නේ නැතිව නිකන්ම හිටං ඉන්නේය…

කමල් ගුණරත්න ලියන්නේ තිස් වසරක යුද්ධය ගැනය…. යුද්ධය ගැන කතා කරන විට නිතැතින්ම මහින්දට, ගෝඨාට, ෆොන්සේකාට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටය…. ඒක රනිල් මෛත්‍රී දීගයට ඒතරම් සුභදායක නැත….. අද කමල් ගුණරත්නට පහර ගසනුයේ මහින්දවාදියෙකු ලෙසය…. මන්ද යත් මෙම පොත නිසා ඉහළට එස වී පෙනෙන්නේ මහින්දය….. ඒ ඊර්ෂාව, කුහක කම නිසා කමල් ගුණරත්න හංවඩු ගැසීමට යහපාලනය මාන බලන්නේ ය….
කමල් ගුණරත්න ලියන්නේ තිස් වසරක යුද්ධය ගැනය…. යුද්ධය ගැන කතා කරන විට නිතැතින්ම මහින්දට, ගෝඨාට, ෆොන්සේකාට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටය…. ඒක රනිල් මෛත්‍රී දීගයට ඒතරම් සුභදායක නැත….. අද කමල් ගුණරත්නට පහර ගසනුයේ මහින්දවාදියෙකු ලෙසය…. මන්ද යත් මෙම පොත නිසා ඉහළට එස වී පෙනෙන්නේ මහින්දය….. ඒ ඊර්ෂාව, කුහක කම නිසා කමල් ගුණරත්න හංවඩු ගැසීමට යහපාලනය මාන බලන්නේ ය….

පිං අගමැති

කිසිදු කුහකකමක් නැතිව කිව යුත්තේ යුධ ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය මහින්දට හිමි විය යුතුය… මන්ද යත් කලින් සිටි සියඵම ජනාධිපතිවරුන්ට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය වුවත් දේශපාලන වාසි තකා හෝ බාහිරින් එන අභියෝගයන්ට බිය වී හෝ අතරමග කොටියාට හිතු හිතූ පරිදි නටන්න ඉඩ ලබා දී ජාතිය පාවා දුන් බැවිනි…. කොටියා සමග දුවපු රිලේ එකේ දී මහින්දට බැටන් එක ලැබෙන්නේ කොටියාට වඩා ගව් ගාණක් පසු පසිනි… හැබැයි මහින්ද දිනන්නේ කොටියා පරාජය කර ඉන් නොනැවතී කොටියා ට්‍රක් එකෙන් ද ඉවත් කරමිනි…. ඉතිං නන්දිකඩාල් පොතේ මහින්දට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටමය…. ගෝඨා ද දෙවරක් නොසිතා ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගේ කකුලෙන් අදින්න කිසිවෙකු නොසිටි නිසාය… ඒ අනුව මහින්ද සම්බන්ධව වෙනත් කාරණාවලදී විවේචන තිබුණ ද යුද්ධය සම්බන්ධයෙන් නම් ඔහු මාර පොරකි…. ජාතියේ වීරවරයකි…

එතකොට ෆොන්සේකා….??? සැබවින්ම අවසන් යුද්ධයේ යුද නියමුවා ඔහුය… ඔහු විශිෂ්ට හමුදාපතිවරයෙකි…. නමුදු මීට පෙර දක්ෂ අවංක හමුදාපතිවරුන් සිටිය ද ඔලමොට්ටල දේශපාලන නායකත්වය නිසා ඔවුන්ට ඔවුනගේ අරමුණට යාමට ඔවුන්ට නොහැකි විය…. කොබ්බෑකඩුව, විමලරත්න ආදින්ට ද නිවැරදි දේශපාලන නායකත්වයක් ලැබුණේ නම් මින් පෙර මෙම යුද්ධය කෙළවර කිරීමේ හැකියාවක් තිබිණි…. කෙසේ වෙතත් යුද්ධය අවසන් කළ හමුදාපති වශයෙන් ඔහුට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුය… නමුදු ෆොන්සේකා ලණුවක් කා මුරුංගා අත්තේ නැංගේය…. දැන් ෆොන්සේකා මුරුංග අත්තෙන් වැටී ජාතියට වින කරන තැනට කටයුතු කරනුයේ රනිල්ගේ හෙවනැල්ලේ සිටින නිසාය… පාර්ලිමේන්තුවේ රනිල්ට පිටුපසින් වාඩි වී රනිල් කියනා ඕනම දේකට මේසෙට තට්ටුවක් දමා බකංනිලා ඉන්නවා හැර ෆොන්සේකාට කළ හැකි කාර්යයක් නොමැත…”

– බැද්දේගම අපි මුහුනුපොතින්



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2016
S M T W T F S
« Aug   Oct »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: