19
Sep
16

කමල් ගුණරත්න මේජර් ජෙනරාල් වරයාගේ පොත හා ජාතිවෛරය

ලංකාවේ ඉන්න [හෝ හැරගිය] එහෙත් ලංකාවත් එක්ක පට්ට වෛරයකින් එහි සුළු ජාතින් හෝ වෙනත් කිසියම් පාර්ශවයක් හරහා ඒ වෛරය පිරිමහ ගන්නට දඟලන පිරිසකට නොසෑහෙන්න ඇරිය පුද්ගලයෝ තිදෙනෙක් සිටිති. එකෙක් දුටුගැමුණු රජුය. දෙවැන්නා ධර්මපාල තුමාය. තෙවැන්නා ගංගොඩවිල සෝම හිමිය.

මෙම තිදෙනා කල දේවල් ඔවුන්ට කෙතරම් වෙදනාකාරිද යත්, වෙන කෙනෙක් ඒ පුද්ගලයින්ට යොදන සම්මත නම්බු නාමයක් යෙදුවොත් එය ප්‍රශ්න කරන තරම් දුරකට යති. ඔය දුටුගැමුණු දුෂ්ට මිනිහෙක්, ධර්මපාල සමලින්ගිකයෙක් ආදී ලෙස කාලයේ සියවස් ගණනින් ගොස් තමන්ගේ සම්මත ආචාරධර්ම පවා නොසලකමින් බලා සිටියාක් මෙන් මේ මිනිසුන්ගේ ඕපාදූප ඇද බාති. හැකිනම් ඔවුන්ට කුණුහරුපෙන් හෝ බනිති. එසේ කොට සැනසෙති. එයින් එකෙකු වසර 2100 පමණ පෙර ද අනිකා වසර 100 කට පමණ පෙර ද උන් අය බව අමතක කොට වර්තමාන සම්මුතියෙන් උන් විවේචනය කරති.

මේ තිදෙනා ගැනම මට විවාදාත්මක මත පවතියි. එහෙත් මේ තිදෙනා කිසියම් පිරිසකට එල්ල කර ඇති වේදනාබර පහරදීම නම් ඉස්තරම් ය.

ඒ වර්ගයේ පහර දීමක් මේ මාසයේ එල්ල කළ අනිකා කමල් ගුණරත්න මේජර් ජෙනරාල් වරයා ය. ඔහු තම පොතේ යුද්ධයේ සැබෑ තතු එලෙසින්ම ලියුවා කියා සිතන්නේ නැත. වගකිවයුතු නිලධාරියෙකු ලෙස ඔහුට එය කල නොහැකිය. එහෙත් ඔහු ඔහුගේ කතාව ලියා තිබේ. එය කෙතරම් වටිනාකමක් ඇද්ද, කොටින්ම එය මා කියවනවාද යන්න යන්න පවා තවම ස්ථිර නැතත්, ඒපොතෙන් අර සෙට් එකට දුන් ප්‍රහාරය ගැන උදක්ම සතුටු වෙමි.

දැන් කඩී ගුලකට වැටුණු රිලවුන් මෙන් හතර අතේ බයිලා ගහන්නේ කමල් ගුණරත්න ලියු පොත ඉවසා ගන්න බැරි එම වෛරී දේශද්‍රෝහීන් ය. ඕන එකෙකුට ඕන එකක් ලියන්නට මිලට ගන්නට හෝ කියවන්නට ඇති අමර අයිතිය ගැන අපිට දෙසා බාපු දිව දෙකේ බොරු කාරයින්ය.

ප.ලි. කමල් ගුණරත්නගේ පොත බයියන් චූන් කර උන්ගේ අප්පච්චි ඇහැරවා ඌ බලයට උස්සාගෙන ඒවිදෝ යන බියෙන් ඊට තලන දේශප්‍රේමී ටොයි මහතුන් හා නෝනාවරුන් මේ පෝස්ටුවෙන් ඇඩ්රස් කරන්නේ නැත. බයියන් ටොයියන් බෙදෙන්නට කලින් සිට ලන්කාවට කෙළවන්නේ කෙසේද සුළුජාතික ආතල් එකක් කුලප්පු කරන්නේ කෙසේද යන ඇම්මෙන් පෙළෙන සැබෑ දේශද්‍රෝහීන් පමණක් මෙයින්ඉලක්ක කරන බව සලකන්න. වැරදීමෙන් මේ තොප්පිය දමා ගන්නා එවැනි ටොයියන්ට පොදු සමාවක් ප්‍රකාශ කර සිටිමු.

Chatura Wellage සුජීවගෙ අදහස එහෙම්පිටින්ම වැරදි කමල් ගුණරත්න එහෙම රෝල් එකක නැත .මෙය තාවකාලික චූන් එකකි .එයට හේතුව 2015 ජනවාරි අට වෙනිද පරාජයට පත් එක්තරා දේශපලන කඳවුරක් නැවත බලයට ඒමට ගන්නා අති විශාල උත්සාහයෙ කුඩා පුරුකක් මේ කමල් ගුණරහ්නගෙ පොත නිසාය මේ අදහස ඒයට සාක්ෂියකි

 

Image may contain: text and one or more people

Chatura Wellage

ඔන්න ඕකයි උනේ නැතුව මේ පොතේ හොඳකමකට නෙවෙයි.මහින්ද මාත්තියා හිටියනං කමල් ගුණරත්න නිකම්ම පැන්සොන් ගිය ආමි කාරයා

Sujeewa Kokawala වෙන්න ඇති බන්. අදාළ නැහැ ඔව්ව. මට ආතල් මේකෙන් උඹව බය වෙච්ච එකට නෙවි. උඹ මගේ ටාගට් ලිස්ට් එකේ නැහැ. උඹ තව ලොකු මහත් වෙන්න වෙයි.

එක්තරා පිරිසකට රිදිලා තියෙනවා. ඒ ගැන සන්තෝසයි. මේජර් ජෙනරාල් වරයා ඔය පිට කවරේ ඇතුලේ මොකුත් ලියලම නැති වුනත් මට අවුලක් නැහැ අරුන්ට ඒ ගැන ඉවසාගන්න බැරිවීමේ ආතල් එක එහෙමම ගන්න පුළුවන්



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2016
S M T W T F S
« Aug   Oct »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: