21
Aug
16

මහින්ද විරෝධී පුසී රයට්ලා සහ කොක්සකර් පාලනය

බාප්පලාට දැං බඩු ගිහිල්ල ද ?

ඉකුත් 2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා දැන් වසරකි. ‘යහපාලන’ ආණ්ඩුව සම්මතයද නොසලකමින් පිහිටවූයේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙනි. ඒ අනුව දැන් ආණ්ඩුවේ වයස මාස 19කි. අලුත් රටක් කෙසේ වෙතත් ගමන නම් අවුලකි. වසර පහක පළමු සැමරුම මෙසේනම් ඉදිරි වසර 4 ගැන කවර කථාද? ඩී.එස් සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ(එජාප) ක්‍රියාකාරිත්වය ආරම්භ වූයේ 1946 සැප්තැම්බර් 6වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) පිහිටුවා ගැනීම 1951 සැප්තැම්බර් 2වැනිදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. මංගල රැස්වීමේදී බණ්ඩාරනායක අදහස් දක්වමින් කියා සිටියේ අද ආරම්භ කල ශ්‍රිලනිප වාමාංශිකයන්ද ඇතුළුව සියළු එජාප විරෝධීන් එක්තැන් කරන වේදිකාවක් බවට පත්කල යුුතු බවය. ශ්‍රී නිශ්ශංක එහිදී ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන්ට සහ ලංකාවේ සිටින ඔවුන්ගේ ආධාරකරුවන්ටද එරෙහිව පක්ෂය සටන් කරන බවකි. ශ්‍රිලනිප පක්ෂ ප්‍රතිපත්තිය වූයේ වාම සහ දක්ෂිනාංශික අන්තවාදයෙන් බැහැරව මැද පිළිවෙතකට අනුකූලව පීඩිත පන්තියේ සුවසෙත උදෙසා කටයුතු කිරීමය.

14022330_10206975598574630_3934387701263698989_n 14045720_10206975601894713_1266976145205822745_n

බොරැල්ල කැම්බල් පිටියේදී සැප්තැම්බර් 10 පැවැත්වෙන එජාපයේ 70වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයාද ශ්‍රිලනිප නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ශ්‍රිලනිප 65 වන සංවත්සරයද සැප්තැම්බර් 4වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. එජාපය විසින් ශ්‍රිලනිප ගිල ගැනීම ගැන පුදුමයක් නැත. එජාප විරෝධී ප්‍රගතිශීලි ජනයාට දුක ශ්‍රිලනිපයට වූ නස්පැත්තිය ගැනය. ඉකුත් ජනාධිපතිවරණය පැවති ජනවාරි 8වැනිදාද ප්‍රගතිශීලි ජනයාගේ හද බැදගත් ශ්‍රිලනිපය වර්තමානයේ එජාපයේ වලිගයක්ය. සම්මුති ආණ්ඩුව හෝ හවුල් ආණ්ඩුව කියා භාෂා ප්‍රයෝග පරිහරණය කලද එය වරදාන සඳහා එකගෙයි කෑමේ ඩයට් එකකි.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය තුළ දැන් සිදුවන්නේ හැමලින් නුවර නලා කාරයා පසුපස මීයෝ ටික ඔහේ ගියා වගේ ඇමති වරදාන තකා එජාප පසුපස යෑමකි. සියල්ලටම වඩා දුක නෛතික ශ්‍රිලනිපයේ නායකයා විසින්ම ශ්‍රිලනිප ගමනක අවසානය කරා ගෙනයෑමය. එදා රෝහණ විජේවීරට පවා රටවටා සම්මන්ත්‍රණ තියාගෙන ගියාට ශ්‍රිලනිප වැනසිය නොහැකි විය. මෙදා සිදුවන්නේ සියතින්ම සියදිවි නසා ගැනීමකි. ආචාර්ය එන්.එම් පෙරේරා සිය භාරයට ගෙන රජයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් බදුල්ල උසාවියේ නඩුකරය විභාග වූ අවස්ථාවේදී ඔහු විනිසුරුවරයාට කියා සිටියේ තමන් ඇතුළු පිරිසට සිරභාරයට ගන්නට රාජ්‍ය නියෝගයට අත්සන් කල දෑතම අද දවසේ රුවන්වැලිසෑයට කොත පළඳවන බවකි. එසේ කීවේ සිවිල් ආරක්ෂක කොමසාරිස්වූ ඩී.බී ජයතිලක එම නියෝග අත්සන් කිරීමත් ඔහු විසින්ම රුවන්වැලිසෑයේ කොත පැලදීමත් හේතුවෙනි. ශ්‍රිලනිපය නග්ගලා ආණ්ඩු බලය ගන්නට ක්‍රියා කරන්නේයැයි කියන ශ්‍රිලනිප නායකයා ප්‍රධාන ප්‍රතිවිරුද්ධ පක්ෂය සමඟ සන්ධානගතව හවුල් දීගයකට යෑමද ඒහා සමානය.

ශ්‍රිලනිපයේ ජනප්‍රියතම ප්‍රබලයින් රැසක් ආසන සංවිධායක තනතුරු වලින් ඉවත්කර නව ආසන සංවිධායකවරු 16ක් පෙරේදා පත්කළේය. බෙලිඅත්තට පත්කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහිව මත්තල ගුවන්තොටුපොල නිරීක්ෂණයට ආ එජාප මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන් ‘හඹායෑම’ පිළිබඳව චෝදනාවක් තිබිණි. චන්ද්‍රිකා ජනාධිපතිනියව සිටි කාලයේ වයඹ ඡන්දයේදී මැරක්‍රියා සිදුකල බවටද විපක්ෂය එදා චෝදනා කළේද ඔහුටය. කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චි, මීරිගම චන්දන සිරිවර්ධන, වැලිගම හේමාල් ගුණසේකර ඇතුළු කිහිපදෙනෙකුටම බරපතල චෝදනා විය. එජාප ප්‍රවර්ධනයට ශ්‍රිලනිප නෛතික පාර්ශවයෙන් මෙම දෙන තල්ලුව සාර්ථකය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51දෙනා අතර සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 37දෙනාගෙන් කිහිපදෙනෙකු සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම එක් අතකින් රටේ ජනතාව වෙනුවෙන් වැඩකිරීමට ඔවුනට තිබූ බාධාවන් ඉවත් කිරිමකි. සෘජු විපක්ෂයේ කාර්යභාරය කරමින් ‘යහපාලන’ ආණ්ඩුවේ ලැජ්ජාසහගත කටයුතු සහ නින්දිත කටයුතු වලට එරෙහිව දැන් ඔවුනට නොබියව හඬ නැගිය හැකිය.

 14045716_10206975598454627_9050304530278486750_n 14054176_10206975602694733_3705371610061484661_n 14063806_10206975601214696_8887874555276367047_n

ශ්‍රී ලංකා දේශපාලනයේද සම්මත පීඩනයටන්ට එරෙහිව යමින් නව දේශපාලන මතවාදයක් සමාජයට හඳුන්වාදීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සමත් විය. එය හරියට උඩුගම් බලා පිහිනීමක් වාගේය. නමුත් ලෝක ඉතිහාසය දෙස බලනකල මේ මොහොත දක්වාම සමාජ ප්‍රගමනයේ ගාමක බලවේගයන්වූයේ මේ අසම්මත චින්තනයයි. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ඔහු මතට පීඩනය එල්ල කරනු ලබයි. ඔහුගේ පුතුන් සහ සහෝදරයින් කොමිසම් ලවා නීතිය නවා වරදක් මවා නිරන්තරයෙන් දඬු වැටට ලක් කරනුයේ ඒ අනුවය.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන්ද ඉදහිට හාස්‍යජනක වැඩ නොකලා නොවේ. ඉන් එකක් වූයේ ෂැඩෝ කැබිනට් එකක් කියා නර නාටකයක් රඟ දැක්වීමය. එහි අගමැතිකම භාරදුන් මහින්ද රාජපක්ෂ එයට අනුමැතිය පළනොකර භාරනොගත් බැවින් එය වාෂ්ප වුවද ඉන් ගත හැකි පාඩම් බොහෝය. මෙයට පෙර 1989 පෙබරවාරි මහා මැතිවරයෙන් පත්වූ ශ්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රථම රැස්වීම නිට්ටඹුවේ පැරණි සංඝබෝධි විදුහලේදී 1989 මාර්තු 11 පැවැත්වූ අවස්ථාවේදීද පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක විසින් අමාත්‍යාංශ භාර කමිටු 22ක් නම් කල අතර එහි සම්බන්ධීකාරකවරුන් වශයෙන් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 23ක්ද පත්කළහ. අමාත්‍යාංශවල පවතින කටයුතු සොයා බැලීම, දුර්වලතා ජනතාවට හෙළිකිරීමට සහ පාර්ලිමේන්තුවේ අදාළ විවේචනයන් සිදුකිරීම එහි අරමුණ විය. ඉංග්‍රීසියෙන් එය ෂැඩෝ කැබිනට් කියා හැදින්වූවද සිංහලෙන් එය හැදින්විය යුත්තේ අමාත්‍යාංශ කමිටු භාර සම්බන්ධීකාරකවරුන් කියාය. මහ බැංකුවේ අලුත් අධිපතිවරයා පත්වූ සැනින් ඔහුට චරිත සහතිකයක් නිකුත් කිරීමද තවත් අපරිණත වැඩකි. අතුරුදහන්වීමේ කාර්යාලය ස්ථාපිත කිරීමේදි අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට හෝ ගියේ නැත. වැට් බද්දට එරෙහි සටන තාවකාලිකව ජයගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශගේ මැදිහත්වීමෙනි.

අද ආණ්ඩුවට එරෙහිව රටපුරා ප්‍රබල ජනතා විරෝධයක් ඇත. එහෙත් වේදිකාවක් නැත. එම කණ්ඩායම් එකතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයට විධිමත් යාන්ත්‍රණයක්ද නැත. ආණ්ඩු විරෝධී ගාමක බලවේගයට මැදි දිනය සහ පාද යාත්‍රා වලින් යම් ජවයක් ලැබුණද එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. යන්නේ කොහේටදැයි දිශාන්තයක් ආණ්ඩු විරෝධී ජනතාවට තිබිය යුතුය. නිහඬතාවය තුළ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැසකගේ පක්ෂ සංවිධායක තනතුරුද අහෝසි වී ඇත. එජාපය ආණ්ඩුව සමඟ වරදාන සඳහා එක්වූ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එරෙහිව සිටින ජනතාවට ධජයක්ද නැත. පක්ෂයක්ද නැත. මෙය තවදුරටත් සිදුවිය යුතුද?

කිසිසේත්ම නැත.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2016
S M T W T F S
« Jul   Sep »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: