30
Jul
16

රනිල් නම් මිනීමරුවා ගැන යූඇන්පී කාරයින්ගෙන් රචනා

වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම වැනි අරමුණක් සඳහා දඬුවමක්, තැතිගැන්වීමක් හෝ බලහත්කාර කමක් හෝ ඕනෑම ආකාරයක වෙනස්කමි කිරීමක් පදනමි කරගත් ශාරිරික හෝ මානසික අන්දමින් කිසිවෙකුහට දුකක් හෝ වේදනාවක්, වේතනාත්මකව පමුණුවන ඕනෑම ක්‍රියාවක් වශයෙනි.
වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළෙන අය වන අතර, බොහෝවිට ඔවුහු පරපීඩාකාමී තෘප්තියක් ලබති. පමුණුවන්නාගේ චිත්තවේගී අවශ්‍යතාවයන් වධහිංසනය මගින් එක්තරා දුරකට සන්තර්පනය වන අතර, ඔහු සිය කැමැත්තෙන්ම මෙම ක්‍රියාකාරකම්වල යෙදේ. ඔවුන් සහවේදීතාවයෙන් ඌණවන අතර, වින්දිතයාගේ දුක්බර වේදනාත්මක ප්‍රතික්‍රියා, විලාප හා ආයාචනා ඔවුනට බලාධිකාරී හැඟීමක් හා උචිචභාවයේ වින්දනයක් ලබාදේ.
රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද  වද කඳවුර නම් කෘතියෙහි එලියකන්ද වධකාගාරයේ (කේ පොයින්ට්) ප්‍රශ්ණ විචාරක විසින් සියැසින් දුටු සාක්ෂි තුලින් දකුණු සිරිලක තුල 1988-89 කාලසීමාව තුලදී උපයෝගී කරගත් වධහිංසන ක්‍රම ගැන ප්‍රත්‍යක්ෂ රචනයක් ඉදිරිපත් කර තිබේ. රැඳවියන්ව නිතර දෙවේලේ ශාරීරික පීඩාවලට හා අවමානයට පාත්‍රකරන ලද අතර, බොහෝ අයගේ මිත්‍රයින්ව මරාදමා ඇත්තේ ඔවුන් ඉදිරියේම ය. ‛කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ අය තවමත් අනේක මානසික ව්‍යාධිවලින් පෙළෙති.

මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනා ඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් සිදුකර තිබේ.

වසර එකහමාරක් පමණ මෙම කඳවුරේ සේවය කල මොහුට උතුරේ පිහිටි හමුදා කඳවුරකට ස්ථාන මාරුවක් ලැබී තිබේ. 1992-1993 කාලසීමාව තුලදී ඔහුගේ මානසික සෞඛ්‍යය මැලවන්නට පටන් ගෙන තිබේ. තමා වධ බන්ධනවලට ලක් කල අය වේදනාවෙන් කෑගසනවා ඔහුට ඇසෙන්නට පටන් ගැනුනි. සාමාන්‍ය සෙබළ XX2 දරුණු කෝපයෙන් පෙලුන අතර, නිරන්තරයෙන් සිදුවන ශාරිරික පරිභව නිසා ඔහුගේ බිරිය හා දරුවන් ඔහුව හැර ගියහ. ඔහු කීප වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කලේය.

2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.  සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්, මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලට ඇබ්බැහිව සිටියේ ය.

රෝහිත මුණසිංහ විසින් ලියන ලද ‛ එළියකන්ද  වද කඳවුර’ නම් කෘතියෙහි සඳහන් බොහෝ විස්තර මෙම සෙබළාගේ මතකයට සමගාමි විය. මලකඳන් බැහැර කිරීම සඳහා යොදාගන්නා ලද ඩබල් කැබ් රථයේ වර්ණය ගැන විමසූ විට සාමාන්‍ය සෙබල XX2 නිවැරදි පරිදි පිළිතුරු   දුන්නේය. (එය කහ වර්ණයෙන් යුතු ඩබල් කැබ් රියක් බව ඔහු කීවේය)

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් සහ සයිකෝසියාවෙන් ( මෙම තත්වය Kessler’s Phenomena ලෙස හැඳින්වේ) පෙළුණු මෙම රෝගියා තුල පැවති දිවි තොර කර ගැනීමේ යොමුව නිශේදනයට සහ සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ ලක්‍ෂණ අවම කර ගැනීමට ඖෂධ සහ මනෝ ප්‍රතිකාරයන් යොදා ගැනිනි.
(මෙම කථාව මා පවසන්නේ කැරළි සමයන්හි දරුණුු ක්‍රියා සඳහා   යොදා ගන්නා දුප්පත් සහ අඩු අධ්‍යාපනයක් ඇති සමාජමය වශයෙන් කිසිම පිළිසරණක් නොමැති සෙබළුන්  අපවිත්‍ර වැඩ  කර ගැනීමෙන් පසුව දැහැටි කූරු මෙන් නොසලකා හරින  පාලකයන් සිටින රටක ඔවුන්ට පසු කාලීනව අත් වන ඉරණම පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමටය. වද බන්ධයට ලක් වූ සැකකරුවන් මෙන්ම මොවුන් ද වින්දිතයෝ වෙති)
ප.ලි ; මේ කාලයකට ඉහතදී   රසික සූරියආරච්චි විසින් කතන්දර බ්ලොග් අඩවියේ එළියකන්ද වද කඳවුර පිළිබඳව ලියන ලද සටහනකි 
 ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) – Eliyakanda Torture Camp
සමහරවිට ඌරොත් අඬනවා ඇති.  ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.  වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.  එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.  මම ඊරියක් සේ ඇඬුවෙමි.  මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ “එළියකන්ද වද කඳවුර” පොත කියවද්දීය.
එළියකන්ද වද කඳවුර වනාහී 1989-90 කාලයේ මාතර ප්‍රදේශයේ තිබූ කූප්‍රකට වධකාගාරයකි. ජවිපෙ යැයි සැක කළ අය රඳවා තබාගෙන දෙතිස් වධයට ලක් කළ, මැරූ, නොමරා මැරූ හිර කඳවුරකි.  ඇමෙරිකානුවන් පවත්වාගෙන ගිය අබූග්‍රේ සහ ගන්තනමෝ වධ කඳවුරු ගැන විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇති වුවද, ඊජිප්තුවේ පවත්වාගෙන ගිය වධකාගාර ගැන අප බොහෝ දෙනෙකු තවමත් නොදන්නවා විය හැක. ඒ ආකාරයටම, බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.
එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.
1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.
2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.
3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.
4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.
5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.  කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.  ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.
තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.  එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.  දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.  -කතන්දරකාරයා


අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: