25
Jul
16

ඉන්දියන්කාරයින්ගෙන් පරිස්සම් වෙයල්ලා

A Rodiya Girl - Ceylon (Sri Lanka)

ලංකා ඉතිහාසය-බුද්ධාගම අදහන්නන්ට හිරිහැර කිරීම

1505 දී පෘතුග්‍රීසි යටත් විජිතවාදීන් ලංකාවට පැමිණීමෙන් පසු බෞද්ධාගමික කටයුතු ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක් විය. තවදුරටත් කියතොත් පැවති පාලනයට මුහුණ දීමට සිදුවුණු අර්බුද, පෘතුග්‍රීසි මිෂනාරිවරුන්ගේ ක්‍රියාකාරකම් සහ වෙනත් ආපදා සහිත තත්වයන් හේතු කොටගෙන සැදැහැවත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ගියහ. එපරිදි දන්ත ධාතුව ඊළඟ රාජධානිය වූ මායා දුන්නේ රජ කළ සීතාවකට ගෙන යනු ලැබිණි. දාඨාධාතුවංශයට අනුව රත්නපුරයට දන්තධාතුව ගෙන ඒමට පළමුව ඈත දකුණේ මුල්ගිරිගල විහාරයට ද ඉන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යනු ලැබීය. අන්තිමට රත්නපුර දෙල්ගමුව විහාරයටත් එතැනින් විමලධර්ම සූරිය රජු විසින් (1592-1603) දැනට තැන්පත් කර තිබෙන මහනුවර දළදා මාළිගයටත් ගෙන එන ලදී.

යාපනය රාජධානිය ඈඳා ගැනීම

කොළඹ සිටි පෘතුග්‍රීසි නිලධාරීන්ගේ අවධානයට යාපනය රාජධානිය යොමු වූයේ එය රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට බාධා පැමිණෙන පරිදි මැදිහත් වීම හේතුවෙනි. මිෂනාරිවරුන්ගේ කාර්යය වී තිබුණේ පෘතුග්‍රීසි වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමයි. එමෙන්ම යාපනය රාජධානිය කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී පාර්ශවය වූ සීතාවක රාජධානියේ උප රජවරුන්ට සහයෝගය දැක්වීම තවත් හේතුවක් විය. කන්ද උඩරට රාජධානිය දකුණු ඉන්දියාවෙන් යුද්ධ ආධාර ලබා ගැනීමේදී හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද යාපනය රාජධානිය ක්‍රියා කළේය. තවත් කාරණයක් නම් යුද්ධ කටයුතුවලදී උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් උසුලන යාපනය ලන්දේසින්ට රට තුළට පැමිණීමේදී ආරක්ෂාව සලසන ස්ථානයක් වේ යයි පෘතුග්‍රීසීහු කල්පනා කිරීමයි. පෘතුග්‍රීසීන් සමග සියලු සම්බන්ධකම් නතර කළ රජෙකු වූයේ සංකිලි රජුය. (1519-1561). එපමණක් නොව ඔහු ලාභදායී ව්‍යාපාරයක් වූ මුතු කිමිදීමේ කටයුතු යාපනය රජවරුන්ගෙන් අත්පත් කරගැනීම සඳහා ඉන්දියාවෙන් ගෙන ආ පරවා කතෝලිකයින් 600-900 ක් පමණ දෙනා මන්නාරම් දූපතේදී ඝාතනය කළේය.

පළමු චාරිකාව 1560 දොම් කොන්ස්තන්තිනෝ ද බ්‍රැගන්සා යටතේ ක්‍රියාත්මක කළ නමුදු එය අසාර්ථක විය. එහෙත් මන්නාරම් දූපත උදුරා ගැනීමට එය සමත් විය. එහෙත් 1582 වන විට රජු වාර්ෂිකව ඇතුන් 10 ක් හෝ ඒ වෙනුවට මුදල් හෝ කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. 1590 දී අන්ද්‍රෙ ෆර්තාදෝ ද මෙන්ඩොසා යටතේ මෙහෙයවුණු ආක්‍රමණයේදී පුවිරාස පණ්ඩාරම් (1561-65, 1582-91) මරණයට පත් කොට ඔවුන්ගේ අනුග්‍රාහයෙකුවූ එදිරිමාන්නසිංගම් නැමැත්තකු රජකමේ පිහිටුවන ලදී. ඒ කතෝලික මිෂනාරී ක්‍රියාකාරකම්වලට ඉඩදීමත්, ඇතුන් අපනයනය කිරීමේ ඒකාධිකාරිය පෘතුග්‍රීසීන්ට පැවරීමත් යනාදී කොන්දේසිවලට යටත් වීමෙණි. එහෙත් එදිරිමාන්නසිංගම් (1591-1617) එම කොන්දේසි කඩ කළේය. ඒ හැරුණු විට ඔහු නැවත පිහිටවූ කන්ද උඩරට රාජ්‍යයේ විමලධර්මසූරිය (1593-1604) සහ සෙනරත් (1604-1635) රජවරුන්ට පෘතුග්‍රීසීන් සමග සටන් කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ලැබෙන උදව් වලදී ආරක්ෂාව සැපයීමේ කටයුතුද කළේය. එමෙන්ම පෘතුග්‍රීසීන් කුපිත කරවීමකින් තොරව තම රාජ්‍යයේ ස්වාධීනත්වයද රැක ගත්තේය.

1617 දී පරරාජසේකරම්ගේ මරණය හා සමගම දෙවැනි සංකිලි නම් වූ රජකම උරුම නැති පුද්ගලයෙකු, රජකමට උරුමය තිබූ තැනැත්තා මරා දැමීමෙන් පසුව සිහසුනට පත් විය. දෙවැනි සංකිලිට පෘතුග්‍රීසීන් සමග ඇති කර ගත් ගිවිසුම පවත්වා ගෙන යාමට නොහැකි විය. ඔහු යුදමය ආධාර එවන ලෙස තන්ජවුර්නායක්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මලබාර්හි මුහුදු කොල්ලකරුවන්ට නෙදුන්තිව්හි ප්‍රධාන කඳවුර පාවිච්චි කිරීමට අවසර දුන්නේය. එම කඳවුර පෝක් සමුද්‍ර සන්ධිය හරහා පෘතුග්‍රීසීන්ගේ නැව් ගමනාගමනයට තර්ජනයක් වූ මුරපලක් විය. 1619 ජුනි වන විට සංකිලිට එරෙහිව දියත් වූ යුද චාරිකාවන් දෙකකින් එකක් වූ මුහුදු චාරිකාව මලබාර්වරුන් විසින් ව්‍යර්ත කල අතර පිලිප්පෙද ඔලිවේරා යටතේ ගොඩබිමින් ගිය 5000 ක පමණ පිරිස දෙවැනි සංකිලි පරාජය කළේය. සංකිලි අල්ලා ගෙන ගෝවට ගෙන ගොස් එල්ලා මරනු ලැබීය. ඉතිරිවූ අනිකුත් රාජකීය පවුලේ සාමාජිකයන් සියල්ල ගෝවට රැගෙන ගොස් ඔවුනට පැවිදි වන ලෙස බල කරන ලදී. බොහෝ දෙනෙක් ඊට එකඟ වූහ. මෙසේ කරන ලද්දේ යාපනය රාජ්‍යයට උරුම කියන්නන් වැළැක්වීමේ අදහසිනි. පෘතුග්‍රීසි පාලනයට එරෙහිව කැරළි තුනක් ඇති විය. 1658 දී ලන්දේසීන් යාපනයේ කොටුව අල්ලා ගන්නා තෙක් ගතවූ අවුරුදු 40 ක පමණ කාලය තුළ පෘතුග්‍රීසීහු එවකට දැන සිටි කෝවිල්ද ඒ වන තෙක් රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය ලේඛන එකතු කර තිබු නල්ලූර්හි සරස්වතී මහල් නම් පුස්තකාලයද විනාශ කළහ. අධික බදු බර උසුලාගත නොහැකි වුණු ජනතාවගෙන් කොටසක් ඉන්දියාවේ රාමනාදපුරම් වෙතටද තවත් කොටසක් දකුණේ වන්නි දිස්ත්‍රික්කයටද පලා ගියහ. ජනගහනය අඩු විය. විදේශ වෙළඳාම දහයෙන් එකක් දක්වා අඩු විය. අලි ඇතුන් අපනයනය කර ඒ වෙනුවට ඉන්දියාවේ නොයෙකුත් රාජ්‍යයන්ගෙන් වෙඩිලුණු ලබා ගෙන ඒවා ලිස්බන් වෙත යවන ලදී. මෙහිදී යාපනය රාජ්‍යයට ආනයන ද්‍රව්‍ය සඳහා ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් එම කටයුතු නවතා දමන ලදී. ෆර්නාඩ් ද ක්වේරෝස් නැමති ප්‍රධාන පෘතුග්‍රීසි ඉතිහාස ලේඛකයා “යාපනයේ ජනතාව පෘතුග්‍රීසි යටත් විජිත යුගයේදී අනන්ත දුක්ඛිත තත්වයට පත් වී සිටියහ.” යනුවෙන් ලියා තිබුණේය.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: