17
Jul
16

ගොංසිරිසේන… උඹලගේ නැටුම් එහේ බෑ…

jafna_uni0212jj  0003 0005 war-5__880

“උඹලගේ නැටුම් මෙහෙ බෑ…” – යාපනය සරසවියේ සිංහල සිසුන්ට කොටින්ගෙන් මාරාන්තික ප්‍රහාරයක්…

අද පස්වරවේ යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු රෝහල්ගත කර තිබේ.
මෙම ගැටුම සිදුව ඇත්තේ විශ්ව විද්‍යාලයට පැමිණි නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයේදී පැවැති සිංහල සංස්කෘතික අංගය වූ උඩරට වෙස්
 නැටුමකට සිසුන් පිරිසක් විසින් විරෝධය පල කිරීම නිසායි.

එම නැටුමට විරෝධය පල කරමින් එහි කඩා වැදුනු සිසුන් පිරිසක් ගොඩනැගිලිවලටද දැඩි හානි සිදු කරමින් මෙම පහර දීම සිදුකර ඇත්තේ ‘උඹලගෙ නැටුම් මෙහෙ බෑ’ කියමිනි.
එම උත්සවයේදී ඉදිරිපත් කරන ලද දමිල සංස්කෘතික අංගයට කිසිවෙකු විරෝධය පල කර නැත.

……………………………………………

යාපනය විශ්ව විද්‍යාලයේ  සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය අපි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය අපි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ආචාර්යවරු සහ යාපන විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී සිදු වූ මෙම ප්‍රහාරය සැලසුම් සහගතව ජාතිවාදී පදනමින් සිදු වී ඇති බව පැහැදිලිය.

දෙමල සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ටද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපගේ වැටහීමයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ සහ වවුනියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්ෂව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

තව ද මේ ආකාරයේ ජාතිවාදී ක්‍රියාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් උතුරේ හමුදා ශක්තිය වර්ධනය කිරීමත් කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකිරීමටත් රජය කටයුතු කල යුතු බව අපේ අදහසයි.

ආචාර්ය චන්න ජයසුමන
ලේකම්,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: