17
Jul
16

ඉන්දියන්කාරයෝ බ්‍රිතාන්‍යයට පුකේ ඇරීම (මුන් ලංකාවටත් ඇරියෝය)

20 සැරයක් ලංකාවට ආ නිෂා බිස්‌වාල් යනු කව්ද ? එන්නේ කුමකටද ? මෙන්න පැටිකිරිය….

20 සැරයක් ලංකාවට ආ නිෂා බිස්‌වාල් යනු කව්ද ? එන්නේ කුමකටද ? මෙන්න පැටිකිරිය….

වසර 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවූ ඉතිහාසගත ජනාධිපතිවරණය පැවැත්විණ. ඒ වූ කලී, මහින්ද රාජපක්‍ෂ මහතා කවර තත්ත්වයක්‌ යටතේ වුවද ජනාධිපති ධුරයෙන් ඉවත් කර ගෙදර යෑවිය යුතු බවට මේ රටේ ජනතාව තීරණය කළ අවස්‌ථාවය. ඒ තීන්දුව ක්‍රියාත්මක වීමත් සමගම බටහිර රටවල් මහත් සේ උද්දාමයට පත් වූහ. සති කිහිපයකට පසු ඇමරිකන් රාජ්‍යයේ සුබපැතුම් සමඟ එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට සම්ප්‍රාප්ත විය.
ජෝන් කෙරී ලංකාවට පැමිණ පැය 24 කට පසු කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයේදී ඔහු වෙනුවෙන් සාදයක්‌ පවත්වන ලදී. යහපාලන ආණ්‌ඩුවේ මැති

ඇමැතිවරුන් සුළු පිරිසක්‌, සිවිල් සමාජය නියෝaජනය කළ ජෙහාන් පෙරේරා, පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු කිහිපදෙනෙක්‌ සහ කවදාවත් දැක නැති නමින් පමණක්‌ අසා තිබූ ප්‍රභූවරුන් සුළු පිරිසක්‌ මේ සාදයට සහභාගි වූහ. සාදය ආරම්භ වීමට පෙර පැය කාලක පමණ කාලයක්‌ කතා පැවැත්වීම සඳහා වෙන් කර තිබිණි. පළමුවෙන්ම කතා කළේ යහපාලන ආණ්‌ඩුවේ පළමුවන දින සීයේ විදේශ ඇමැතිව සිටි මංගල සමරවීරය. ඔහු පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව මුහුණපාන දුෂ්කරතාවන් ගැන කතා කර ජෝන් කෙරිගේ ගුණ කියන්නට පටන් ගත්තේය. පිළිතුරු කතාව කිරීමට අවස්‌ථාව ලැබුණ කල්හි ජෝන් කෙරීද වැඩේ අත්හැරියේ නැත. ඔහුද මංගලගේ ගුණ කියා ශ්‍රී ලංකාවේ අනාගත සංහිඳියාව කෙසේ විය යුතුද යනුවෙන් නිර්දේශ ඉදිරිපත් කළේය. මේ කතා දෙකම ඉතා සාධාරණය. ලොව අංක එකේ බලවතාගේ රාජ්‍ය ලේකම් ඉදිරිපිට කළ හැකි හොඳම කතාව මංගල විසින් කරනු ලැබ තිබූ අතර ඒ කතාව බැලන්ස්‌ කිරීමට බලවතාගේ රාජ්‍ය ලේකම් කතා කර තිබිණ, මේ කතන්දරවලින් පසු ඇමරිකන් රාජ්‍ය ලේකම් තම අත දිගහල මානයේ සිටි සියලු දෙනාටම අතට අත දුන්නේය. ඔහු අන්තිමට අත දුන්aනේ අජිත් පී. පෙරේරාට ය. එදා ඒ සාදයට සහභාගි වූ මේ ලියුම්කරුගේ මතකය නිවැරැදි නම් අජිත් පී. පෙරේරා එවකට කටයුතු කළේ මංගල සමරවීරගේ දෙවැනියා හෙවත් විදේශ නියෝජ්‍ය ඇමැති ලෙසය.
අතට අත දීමේ වැඩපිළිවෙළ අවසන් වූ පසු ජෝන් කෙරී, එතැන සිටි සිවිල් සමාජයේ දෙතුන් දෙනකු සමග විශේෂ සාකච්ඡාවක්‌ සඳහා විශේෂ කාමරයකට ගියහ. මේ ලියුම්කරුගේ මතකයට අනුව ජාතික සාම මණ්‌ඩලයේ ප්‍රධානියා වූ ජෙහාන් පෙරේරා සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා වූ පාක්‍යසෝතිs සරවනමුත්තු රාජ්‍ය ලේකම් කේරි සමග කාමරය තුළට ගිය අයගෙන් දෙදෙනෙකි. ඇමරිකන් රාජ්‍ය තන්ත්‍රයේ දෙවන බලවතා රාජ්‍ය ලේකම් ය. ඔබාමා ජනාධිපති නම් රාජ්‍ය ලේකම් කෙරී අගමැති හා සමානය. (උදාහරණයක්‌ ලෙස 1981 දී රොනල්ඩ් රේගන් ජනාධිපතිට වෙඩි තබන ලද අතර ඇමරිකාවේ තාවකාලික පාලකයා වූයේ රාජ්‍ය ලේකම් ඇලෙක්‌සැන්ඩර් හේග් ය.)
ජෝන් කෙරී සහ පිරිස සාකච්ඡාව අවසන් කර කාමරයෙන් පිටතට එන්නට පැය කාලකට වඩා ගත විය. ඒ කාලය තුළ සාදයට පැමිණ සිටි අය එකිනෙකා සමග කතා බහ කරන්නට වූහ. මේ ලියුම්කරු ද කට්‌ටියකට සෙට්‌ වී කතාව පටන් ගත් අතර හදිසියේම එතැනට තරුණ කාන්තාවක්‌ පැමිණියාය. රැළි සහිත කෙටි සායකින් සහ රාජ්‍ය තාන්ත්‍රික ඕවර් කෝට්‌ එකකින් සැරසී සිටි ඇය මේ ලියුම්කරුට හඳුන්වාදීමට එතැන සිටි මිතුරෙක්‌ ඉදිරිපත් විය. “හඳුනා

ගන්න මේ තමයි නීෂා බිස්‌වාල්. දකුණ ආසියාව බාර ඇමරිකන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හැටියට කටයුතු කරන්නෙ මෙයා තමයි….. ” ඔහු ඉංගී්‍රසියෙන් එසේ හඳුන්වා දීමට පෙර එම ශාලාව තුළදී ඒ කාන්තාව දැක තිබුණ ද ඇය නිෂා බිස්‌වාල් බව මේ ලියුම්කරු නිකමටවත් කල්පනා කළේ නැත. ලියුම්කරු කල්පනා කළේ ඇය කොළඹ සමාජයට අයත් සිංහල තරුණියක බවය. ඇගේ පෙනුම කොතරම් සිංහල වීද යත් නාඳුනන කෙනකු නම් ඇය සමග සිංහලෙන් කතා කරනවා ඇත. කෙසේ වුවද ලංකාවද ඇතුළු දකුණු ආසියාව භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම් සමග සංවාදයක්‌ ගොඩනඟා ගැනීමට මේ ලියුම්කරු තීරණය කළේය.
“ඔබතුමිය හඳුනා ගන්නට ලැබීම සතුටක්‌ මේ පළමුවන වතාවද, ලංකාවට ආපු? ” ලියුම්කරු විමසීය.
“පළමුවෙන්ම මට මගේ නමින් කතා කරන්aන. මගේ නම නිෂා දේසායි. මගේ සැමියා බිස්‌වාල් පෙළපත් නම තියන කෙනකු නිසයි මම නිෂා බිස්‌වාල් නම පාවිච්චි කරන්නෙ. මම මෙයට පෙරත් ලංකාවට ඇවිත් තිබෙනවා. දැන් ඔබේ තොරතුරු කියන්න…”
ලියුම්කරු තම තොරතුරු ඇයට කී අතර ලංකාවේ මාධ්‍යකරණය ගැන තොරතුරු ඇය ලියුම්කරුගෙන් විමසුවේය. “ඉන්දියන් මාධ්‍ය තරම් විවෘතව කතා කරන්න ඔබේ රට කැමැති නැහැ කියලයි අප ඉස්‌සර කල්පනා කළේ. හැබැයි දැන් නම් ඔබේ මාධ්‍ය හරිම විවෘතයි. හරිම තියුණුයි. විශේෂයෙන්ම රූපවාහිනිය වගේ මාධ්‍යයක්‌ ඉතාම තියුණු ලෙසත් විවේචනාත්මකවත් “වැඩ කරන බව පෙනෙනවා.” ඇය කීවාය…
අප අතර තවත් කතා බහ ඇති විය. එහෙත් ඇය කිසිදු විටෙක දේශපාලනය කතා නොකළ අතර පෙර පැවැති පාලනය විවේචනය කිරීම හෝ යහපාලනය ගැන අනවශ්‍ය හොඳ කීම්වලින් වැළකී සිටියාය. අප අතර හමුව මෙයට වසර එකහමාරකටත් කලින් සිදු වූවකි. එය යහපාලනයේ ආරම්භක අවදියයි. යහපාලනය ගැන කිසිදු වරදක්‌ කියන්නට බැරි තරමට එය අලුත් වූ අවදියකි.
++++++++++++++++++
බරක්‌ ඔබාමාගේ දෙවන ජනාධිපති ධුර කාලය පටන් ගෙන වසරකට පමණ පසු ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහකාර රාජ්‍ය ලේකම්වරුන් තෝරා ගැනීම සඳහා පරීක්‍ෂණයක්‌ පැවැත්විණ. USAID යනුවෙන් හඳුන්වන ඇමරිකන් සංවර්ධන ඒජන්සියේ ආසියා කලාපයේ සහකාර පරිපාලකවරිය ලෙස කටයුතු කළ නිෂා දේසායි බිස්‌වාල් 2013 මැයි මාසයේදී සහකාර රාජ්‍ය ලේකම් තනතුරට ඉල්ලුම් කළාය. ඒ සඳහා තේරී පත් වුණු ඇය 2013 ජුලි 13 වැනිදා වැඩ භාර ගත්තාය. එවිට ඇගේ වයස අවුරුදු 44 කි. ඇයට වැඩ කිරීමට ලැබුණු භූමි ප්‍රදේශය වූයේ මධ්‍යම සහ දකුණු ආසියාවය. මධ්‍යම ආසියාවට රටවල් 5 ක්‌ අයත් ය. ඒ කසකස්‌ථාන්, කිර්ගිස්‌තාන්, තජිකිස්‌තාන්, තු=ර්ක්‌මෙනිස්‌තාන් සහ උස්‌බෙකිස්‌තාන් යන රටවල් ය. මේ රටවල් සියල්ල පැරණි සෝවියට්‌ සංගමයේ සාමාජික රටවල් වෙති. දකුණු ආසියාවට රටවල් 8 ක්‌ තිබේ. ඇµaගනිස්‌ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මාලදිවයින, පාකිස්‌තානය සහ ශ්‍රීs්‍ර ලංකාව ඒ රටවල් ය. එම රටවල් අටෙහි ජනගහනය බිලියන 1.749 කි. මධ්‍යම ආසියාවේ මුළු ජනගහනය කෝටි 7 කි.
ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ BA උපාධිධාරිනියක වන නිෂා බිස්‌වාල් USAID ආයතනයට සම්බන්ධ වීමට පෙර කටයුතු කළේ ඇමරිකන් පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේ කමිටුවක ලිපිකාර තනතුරෙහි ය. මෙය නිකම්ම නිකම් ක්‌ලාක්‌ තනතුරක්‌ නොව පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් තනතුරට පමණක්‌ දෙවැනි වන තනතුරකි. ඊට අමතරව ඇය ඇමරිකානු විදේශ සම්බන්ධතා කමටුවේ කාර්ය මණ්‌ඩලයේ ද සේවය කර ඇත. ආර්මේනියාව, ජෝජියාව, අසර්බයිජානය යන රටවල ද ඇමරිකන් රතුකුරුස සංවිධානයේ නියෝජිතවරිය ලෙසද ඇය සේවය කර තිබේ. ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේදී උපන් ඇය සිය දෙමාපියන් සමග ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තේ අට හැවිරිදි වියේදීය. පසුව ඇමරිකාවේ පුරවැසි භාවය ලබාගන්නට ඔවුනට හැකි විය. නීෂාගේ සැමියා සුබ්රාත් බිස්‌වාල්a වන අතර ඇය කියන්නේ ඔහු තම සැමියා මෙන්ම ආත්මීය සගයා ද බවය. තමන් දෙදෙනාගේ පවුල් ජීවිතයේ පහන් තරු දෙකක්‌ සිටින බවත් ඒ සµaයා බිස්‌වාල් සහ කායා බිස්‌වාල් දියණියන් දෙදෙනා බවත් නිෂා සඳහන් කරයි. නිෂාගේ පියා කානු දේසායි ය. මව ලතා ය. නිෂාට සිටින්නේ එකම එක සහෝදරයෙක්‌ පමණි. ඔහු ප්‍රිනාත් ය. ඒ සමගම සිය සැමියාගේ මවුපියන් ද ඇය නිතරම ආදරයෙන් සිහිපත් කරයි.
නිෂා බිස්‌වාල්ගේ බාහිර ස්‌වරූපයෙහි විශේෂත්වයක්‌ තිබේ. ඒ වූ කලී ඇය කිසිදු විටෙක දිග කලිසම් නොඇඳීමය. ඇය නිතරම ගවුමකට හෝ සායකට සහ ඕවර්කෝට්‌ එකකට තම ඇඳුම සීමා කර ගනී. ගතින් ඇමරිකන් වුවද ඇගේ මනස තුළ ඉන්දියන් සංස්‌කෘතියෙහි මුල් තවමත් තිබෙන බවට එය සාක්‍ෂියකි. ඇය මේ පටන් ගෙන ඇත්තේ ඇමරිකන් රාජ්‍ය ලේකම් තනතුර දක්‌වා කරන ගමනකි. ආසියානු සම්භවයක්‌ ඇති අය ලොව රටවල් රැසක බලගතු තනතුරු දරති. ලන්ඩනයේ අභිනව නගරාධිපතිතුමා ඉන්දියානුවෙකි. තව වසර 20 කින් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය ඉන්දියානු සම්භවයක්‌ ඇති බ්‍රිතාන්‍යය ජාතිකයකු අතට යන බවට අනාවැකියක්‌ පළ වී තිබේ. නිෂා බිස්‌වාල් යනු මෙකී සත්‍යයේ එක්‌ කොටසකි.විශේෂ ලියුම්කරුවකු විසිනි



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: