26
Jun
16

අම්මට ඩිජිටල් කරන පුරවැසි පඩයලාගේ ගූ කන බන

purawsiBalaya

පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය.

‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් බිහිවෙමින් පවතින අලුත් පක්ෂයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟකිරීමේදී තමන්ගේ කෝටා එක නැතිවේදැයි කියාය. ජවිපෙට ඇති ප්‍රශ්නය පක්ෂයේ සිය 4වන නායක සෝමවංශ අමරසිංහගේ හත් දවසේ බණට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ සේනාධීර ගුණතිලක නොපැමිණිම පිළිබඳවය. සෝමවංශ හැදූ ජනතා සේවක පක්ෂයට ඇති ගැටලුවනම් නායකයා මියගිය තැන සත් දවසේ බණ නොතියා හය දවසින් එය වෙන තැනක පැවැත්වීමය. අතන මෙතන සිටින ‘වම්මුන්ට’ ප්‍රශ්නය සෝමවංශගේ පෙට්ටිය වසා තිබූ රතු ධජය අවසාන මොහොතේ ඉවත්කර දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර ජාතික කොඩියකින් එය වසා දැමීමය. ෆූටාවේ සිටින ඇතැම් සරසවි ඇදුරන්ගේ හාහූව කැළණි සරසවියේදී ඩෙනිම ගැලවීමය.

රටේ අති බහුතර මිනිසුන්ට මේ එකක්වත් ප්‍රශ්න නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය බදු බර වැඩිවීමය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම් වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. පාරිභෝගිකයින්ට ප්‍රශ්නය දිවිනැගුම වැඩසටහන ලත්තැනම ලොප් කිරීම නිසා නහුතයට වැඩිවන එළවළු මිලය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති.

මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් කකුලට ඇගේ සැමියා එල්ල කළේයැයි කියන සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය.

වැට් බද්දට එරෙහිව ගාල්ලේද, මහරගමද, ගම්පහද හර්තාල්ය. වෙළෙඳසැල් වසා වෙළෙන්දෝ පෙළපාලි යන්නේ පාරිභෝගිකයන්ගේ අයිතීන් වෙනුවෙනි. නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණනක් කම්කරුවෝ කටුනායක ඇවරිවත්ත හන්දියේ සිට මහපාරේ පෙළපාලි යන්නේ හාම්පුතුන්ට සේවකයින් සූරාකෑමට ‘යහපාලන’ ආණ්ඩුවේ නව කම්කරු නීති ගෙනඒමට සහ වෘත්තීය සමිති දඩයමට එරෙහිවය. රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් ගුරු පත්වීම් වහාම දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයන්ය. ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය සිසුවෝ සෙසු සරසවි සිසුන් සමඟ අත්වැල් බැඳගෙන නුගේගොඩ විජේරාමේ සිට කොළඹ වීදි පුරා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඊයේ පෙළපාලි ගියේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන මාලඹේ පෞද්ගලික වෙද සිසු උපාධි කඩය නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවතා ජනසතු කරන මෙන් රජයෙන් ඉල්ලමිනි. පොහොර සහනාධාර පික් පොකට් ගසා ඒ වෙනුවෙන් දුන් වව්චර් වලට මුදල් බැංකුවලින් ලබා ගැනීමේදී සිදුවන අසාධරණයට එරෙහිව දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවීන්ගේ උද්ඝෝෂණයන්ය. සිය දරුවන්ට කලින් ගිවිසගත් පරිදි පාසැල් ලබාදී නැතැයි වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශය වටලති. ‘හයිබ්‍රිඩ්’ ආණ්ඩුවේ දෙනවායැයි කියූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලා රටපුරා අරගලයන්ය. මාධ්‍යවේදින්ට දෙන දඬුවම් ගැනද එස්.ටී.එෆ් පොලිස් ලොක්කාගේම කටින් පැන්නේය. ඔවුනට විසදුම් නැත. එබැවින් මර්දනය සූදානමින් ඇත.

එදා අත්අඩංගුවට ගත්තේ ශ්‍රිලනිප හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂය. පසුව නම් වැලකි. පෙරේදා අත්අඩංගුවට ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිලය. ඊයේ අත්අඩංගුවට ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ය. අද අත්අඩංගුවට ගනු ඇත්තේ ඔබගේ සටන් සගයාය. හෙට ඔබද අත්අඩංගුවට ගතහොත් එහි පුදුමයක්ද නැත. ජාතිකවාදී දේශපාලන දෘෂ්ඨියක් සහිත උදය ගම්මන්පිල සහ මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීමෙන් එම දේශපාලන ධාරාව යටපත් කල නොහැක. එය තව තවත් ප්‍රබල වනු ඇත. කොන්ෆියුසිස් කීවා මෙන් ලොකුම දෙය නොවැටී සිටීම නොව වැටෙන සැම විටම නැගිටීමය. බරපතල වැරදිකරුවන් ඇමතිකම්දී ආරක්ෂාකරන ආණ්ඩුවක් දේශපාලන විරුද්ධවාදීන් පමණක් තෝරාගෙන දඩයම් කිරීමේ යටි අරුත දේශපාලන ඛේදවාචකයක් ලඟ ලඟම බව කියාපෑමකි.



අනවශ්‍ය දේවල්

  • 141,986 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
S M T W T F S
« May   Jul »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: