27
අප්‍රේල්
16

සමහර ෆේස්බුක් තිරිසනුන්ට පොන්න අගමැතියා හොඳ වෙන හැටි

ෆේස්බුක් විප්ලවවාදීන්ගේ තරු පහේ නවාතැන – රස සරණිය

මිනිස්සු හොඳට කන එක ගැන තරහක්, ඊර්ෂ්‍යාවක්, අපුලක් අපිට නැත.  වෙන්ඩ ඕනෑත් ඒකය. අසියාවේ ආශ්චර්යය මුදුන්පත් වෙන්නේ මිනිස්සු එහෙම කන දාටය.

මිනිස්සු හොඳට බොන එක ගැනද අපේ පරහක් නැත. මතට තිත ගෙනාවේ තරුණ සහ ළමා පරපුර ශීඝ්‍රයෙන් මත්පැන් ලෝලිත්වය කරා ඇදී ‍ගොස් රටට බරක් වන බේබද්දන් බවට පත්වීම යම් ප්‍රමාණයකින් හෝ අවම කරගන්නටය. වැඩේ සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් බොන්න ඕනෙ මිනිස්සුන්ට බීම තහනම් කොට නැත. ඒ නිසා බොන්න ඕනෙ අය බිව්වාට කමක් නැත. බොන එක හොඳම ඒවා බොනවානම් තවත් හොඳය. (හැබැයි තම තමුන්ගෙ සල්ලි වලින්)

මේ කතා කරන්නේ ‘මිනිස්සු කන බොන එක’ ගැන නෙමේය.

ෆේස්බුකියේ මාර විප්ලවවාදින් කොටසක් සිටිති. පීඩිත ජනතාව වෙනුවෙන් කීබෝඩ් ගෙවෙනතුරු කෑ මොරදෙති. තමන් සිටින්නේ තැලෙන පෑගෙන ජනතාව සමඟ බව කියති. කීබෝඩ් එකෙන් ජනතා විරෝධී ආණ්ඩුව පෙරලන්න වලිකති. මේ පීඩිත ජනතා විප්ලවවාදින්ගේ ගෙට්ටුගෙදර් හරිම ආතල්ය. බොන්නේ බකාඩිය කන්නේ හැම් බේකන්ය. යන්නේ ලක්ෂ 70 80 වාහන වලිනි. මේ විප්ලවවාදින් වාදිනියන් එකතු වීෆේස්බුක් ගෲප් එකක් කරති.

එහි නම රස සරණියයි. ලින්ක් එක මේකය.

http://www.facebook.com/groups/rasasaraniya/

එහි උන් කන කෑම ෆොටෝ ගසා එකිනෙකාට පෙන්වා ගනිති. ඇති අහේනියක් නැත. මාර කෑමකි. මුන් ඉපදී ඇත්තේ කෑමටය. මේ කෑමදාසලා පීඩිත ජනතාව වෙනුවෙන් විප්ලව කරන්ට සැරසෙයි.

එක අතකට එය  රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී…. ඇ‍ඬෙනව අයිසෙ.

ඉතින් ෆේස්බුකිය මාරම විප්ලවවාදීය. බැලූ බැලූ අත දූෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත් එදාවේල කන්ඩ නැති අසරණ ජනයා වෙනුවෙන් හොටු කඳුළු පෙරන මහත්වරුය. ශ්‍රී ලංකා පොලිටික්ස් ගෲප් එකේ මිනිස්සුන්ට කන්ඩ නෑ කියා කමේන්ට් කරන ගමන් අනික් වින්ඩෝවේ රසසරණියේ මස්කුට්ටියකටද ලයික් එකක් දමයි.

අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ? J

ඇත්තටම තරුපහේ කෑම කන්ඩ නැති සාමාන්‍ය මිනිස්සු මේක කියවනවනං රස සරණියෙන් ගත්තු පහත අතිමානුෂවාදී ආහාර බලා බඩ පුරවාගන්නා ලෙස ඉල්ලමු.

 246648_522145427802498_243224915_n 381268_522146181135756_1935195408_n 523119_10151042084528202_459441798_n+(1) 551696_257997837654403_2087493669_n 564169_3531736302310_1840316295_n
ලාංකීය විප්ලවයෙන් පසු ජනතාවගේ නිල පානය මෙහෙමය.
නව ලිබරල්වාදී ඌරු මස් කුට්ටියක්
(මෙම ඌරාගේ ඉතිරි කොටස්  අර්ධ මිලිටරි බැවින් භාවිතයට ගෙන නැත)
වැඩකරන ජනතාව සැමරීම වස් මට්ටියන් තැම්බුමක්…
(පෙරකල ඇතැම් මුහුදුබඩ අබෞද්ධ බරවැඩ කල මිනිසුන්ගේ ආහාරයකි.
සිංහල බෞද්ධයන් මෙය පිළිකුල් කලහ).
ප්‍රාග් ඓතිහාසික ජනයාට උපහාරයක් වශයෙන් බුදී.
අමු මාළු බයිට් එකක්. සෝස් සමග පංකාදු පහලු.
(මහින්දගෙ මාළු කන්ඩ හදන්නේ මේ පුරුද්දටය)
Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: