22
අප්‍රේල්
16

ලංකා රී නිවුස් ගඳරුවන් ජනාධිපතියාට අරින හැටි… (මූට නිවුස් දෙන්නේ ලොකු ලොකු ඇමතිලා 5ක්)

කුමාරසිංහ සිරිසේන අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරියට…? රජයේ ටෙන්ඩර් පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කරලා..! ඩීල් එකයි.., දූෂනය රුපියල් කෝටි 300 යි..!!

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.11, පෙ.ව‍‍.7.15) ටෙලිකොම් මෙබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන නමැත්තා බරපතල ලෙස රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මොබිටෙල් සමාගමට ඩොලර් මිලියන 20 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත දැනගන්නට තිබේ.

ජනවාරි 8 දා ලත් ජනතා ජයග්‍රහණය සිරිසේන කෙනෙකු ටෙලිකොම් මොබිටෙල් සභාපති කිරීමට දුන් ජනමතයක් ලෙස වරදවා තේරුම් ගෙන සිටින කුමාරසිංහ සිරිසේන නමැත්තා අත්තනෝමතික ලෙස රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කර ඇත්තේ තමා සභාපතිත්වය දරණ අර්ධ රාජ්‍ය සමාගමක් වන මොබිටෙල් සමාගමේ රක්ෂනාවරණ ටෙන්ඩරයක් සම්බන්ධයෙනි.

මොබිටෙල් සමාගමේ රක්ෂනාවරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා ඇති අතර ටෙන්ඩර් මණ්ඩල දෙකක් මගින් සහ පිරි අගැයීමේ කමිටුවේ අගැයීමෙන්ද පසුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින්ද තීන්දු කරන ලද ටෙන්ඩරයට ලබා නොදී කුමාරසිංහ සිරිසේනගේ අභිමතය අනුව වෙනත් ටෙන්ඩරයකට මොබිටෙල් රක්ෂනාවරණය තීන්දු කර තිබේ.

ටෙන්ඩර් මණ්ඩල දෙක ද පිරි අගැයිමේ කමිටුවද අධ්‍යක්ෂ මණ්ඩලයද තීන්දු කර තිබුනේ අඩුම ටෙන්ඩරය වන අතර කුමාරසිංහ සිරිසේන තම අභිමතය පරිදි ලබා දුන් ටෙන්ඩරය ඩොලර් මිලියන 20 ක වැඩි අගයකින් යුත් ටෙන්ඩරයකි.

මෙය සුලු පටු වෙනසක් නොවන්නේ ඩොලර් මිලියන 20 ක් යනු රුපියල් කෝටි 300 ක් පමණ වන බැවිනි.

මොබිටෙල් රක්ෂණාවරණය සඳහා අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කර තිබුනේ යූනියන් ඇෂුවරන්ස් සමාගමයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 140 කි. ටෙන්ඩර් මණ්ඩල දෙකක් සහ පිරි අගැයුම් කමිටුව විසින්ද පසුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද අනුමත කර තිබුනේ යූනියන් ඇෂුවරන්ස් සමාගම ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරයයි. නමුත් කුමාරසිංහ සිරිසේන විසින් අදාල ටෙන්ඩරය යූනියන් ඇෂුවරන්ස් සමාගමට ලබා නොදී ඊට වඩා ඩොලර් මිලියන 20 ක් වැඩියෙන් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ලබා දී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්ද පූර්ණ රාජ්‍ය සමාගමක් නොවන අතර එයද අර්ධ රාජ්‍ය සමාගමකි. ඒ කෙසේ වෙතත් රාජ්‍ය සමාගම් සහ පුද්ගලික සමාගම් තරඟ කරමින් ටෙන්ඩර් ඉදිරිපත් කරද්දී රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. මෙහිදී කුමාරසිංහ සිරිසේන නමැත්තා විසින් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ෂුවරනස් අර්ධ රාජ්‍ය සමාගමට හිතෛෂීව කටයුතු කිරීම නිසා තමා සභාපතිත්වය දරණ මොබිටෙල් අර්ධ රාජ්‍ය සමාගමට ඩොලර් මිලියන 20 ක හෙවත් රුපියල් කෝටි 300 ක පමණ ආලාභයක් සිදු කිරීමය.

අර්ධ රාජ්‍ය සමාගමක සභාපතිවරයෙකුගේ අභිමතය පරිදි ටෙන්ඩර් තීන්දු කළ හැකි නම් ටෙන්ඩර් මණ්ඩල දෙකක තීන්දු ද, පිරි අගැයිමේ කමිටුවේ තීන්දුවද, සියල්ලටම පසු අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවද අවශ්‍ය නොවේ. ඍජුවම සභාපතිගේ අනුමැතිය අනුව ටෙන්ඩර් තීන්දු කළ හැකිය.

කෙසේ වෙතත් කුමාරසිංහ සිරිසේන නමැත්තා දිගින් දිගටම දූෂනයේ යෙදෙමින් මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කරන්නේ සිය වැඩිමහල් සොයුරෙකු රටේ විධායක ජනාධිපති ලෙස ජනතාව විසින් පත් කිරීම වරදවා තේරුම් ගෙනය. ඔහු සිතාගෙන සිටින්නේ රටේ ජනතාව විධායක සභාපති වරයෙකු ටෙලිකොම් මොබිටෙල් ආයතන වලට පත් කළා කියා විය යුතුය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමට සිදුකරන ලද බරපතල අකටයුත්ත රටේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමක් පමණ නොව යහපාලන ආණ්ඩුවේ විනිවිද භාවය උල්ලංඝනය කිරීමකි. ජාත්‍යන්තර නීතියට අනුව ව්‍යාපාරික සාමය උල්ලංඝනය කිරීමකි.  යූනියන් ඇෂුවරන්ස් සමාගමට මෙන්ම මොබිටෙල් සමාගමටද සිදුකරන ලද පාඩුව සම්බන්ධයෙන් සමාගම් දෙකෙහිම ප්‍රතිලාභ ලබන්නන්  පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

කුමාරසිංහ සිරිසේන විසින් සිදුකරන ලද මෙකී බරපතල ටෙන්ඩර් දූෂනයට අදාල තවත් තොරතුරු මතු බලාපොරොත්තු වන්න

(කුමාරසිංහ සභාපතිවරයා තමා සභාපතිත්වය දරණ ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල බලය යොදවා මෙම ප්‍රවෘත්තිය ලංකාවේ ටෙලිකොම්/මොබිටෙල් ග්‍රාහකයන්ට වාරණය කිරීමට ඉඩ ඇති බැවින් මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කිරීමට කටයුතු යොදා ඇත.)

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: