22
අප්‍රේල්
16

ලංකා ඊ නිවුස් සඳරුවන් ගොනා සිරිසේනගේ ඉහේ ඉඳන් කණ කන හැටි….

‘හොරා‘ නමැති විරුදාවලිය දෙන්න කලින් නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න..! සියළුම වෘත්තීය සමිති ටෙලිකොම් දූෂිත සභාපති කුමාරසිංහ සිරිසේනගෙන් එක හඬින් ඉල්ලති..! බරපතල චෝදනා 13 ක් සහිත ලිපිය මෙන්න

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.20, පෙ.ව.4.50) ටෙලිකොම් මොබිටෙල් හි දූෂිත සභාපති කුමාරසිංහ සිරිසේන මහතාට ‘හොරා‘ යන විරුදාවලිය ලබා දීමට පෙර නම්බුකාර ලෙසින් තනතුරින් ඉල්ලා අස්වන්නැයි ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සියළුම වෘත්තීය සමිති එක හඬින් ඉල්ලා සිටිමින් පෙරේදා (18) ලිපියක් යවා තිබේ. ජනාධිපති, අගමැති, ටෙලිකොම් ඇමැති, මුදල් ඇමැති, කතානායක සහ කෝප් කමිටු සභාපති වෙත පිටපත් සහිතව සභාපති කුමාරසිංහ සිරිසේන වෙත යවන ලද ලිපියෙන් ඔහුට එරෙහිව බරපතල චෝදනා 13 ක් එල්ල කර තිබේ.

කුමාරසිංහ සිරිසේන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රතිරූපයට හානි කළා මිස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යහපත උදෙසා ආචාර ධර්මීයව සහ ආයතනය කෙරෙහි කරුණාවෙන් සිදුකළ කිසිවක් නැතැයිද,  ඔහු තනතුරට පත් වූ දා සිට මෙම නම්බුකාර ආයතනය අවමානයට ලක් වන පරිදි අඛන්ඩව වංචා දූෂන රාශියකට සම්බන්ධ වූ බවටද වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරති. සභාපතිගේ දූෂණ සේවක සේවිකාවන් දැන ගැනීම වැළැක්වීමට ලංකා ඊ නිව්ස් ටෙලිකොම් ආයතනය තුල වාරණය කිරීමද වෘත්තීය සමිති නගන එක් චෝදනාවකි. 

ඉංග්‍රීසි බසින් යවන ලද ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ. 

2016 අප්‍රේල් 18
සභාපති
ශ්‍රී ලංකා ටෙලිකොම්
කොළඹ

ප්‍රිය මහත්මයාණෙනි.,

සභාපති තුමණි, ඔබේ නම යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වත්කම් වලට අයත් මුදල් කොල්ල කෑමේ වංචා දූෂණ රාශියක් ඇති හෙයින් කරුණාකර තනතුරින් ඉල්ලා අස්වන්න

ඔබ මෙම තනතුරට පත්වූ දා සිට මේ දක්වා ඔබට හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හොඳ නමක් දිනා ගන්නට ඔබ අසමත් වී තිබේ. ඔබගේ පත්වීමද විවාදාපන්නය. ඔබ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ඇතුළු වූයේ ඔබගේ සහෝදරයා ජනාධිපතිධූරයට පත්වූ දිනට පසුදාම අමුතු ආකාරයේ පත්වීමේ ලිපියක් ඔබ විසින්ම රැගෙන ය. එදා සිට මේ දක්වා වෘත්තීය සමිති ලෙස අපි ඔබගේ අශෝබන හැසිරීම නිරීක්ෂණය කෙළෙමු. ඔබ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රතිරූපයට හානි කළා මිස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යහපත උදෙසා ආචාර ධර්මීයව සහ ආයතනය කෙරෙහි කරුණාවෙන් සිදුකළ කිසිවක් නැත.

සේවක සේවිකාවන් 8000 කට වැඩි දෙනා තම ජීවිකාව උපයා ගන්නා මෙම ආයතනය අපට ඉතා ශුද්ධ වන්ත ස්ථානයකි. එහෙයින් අප ආහාර ගන්නා විටදී පවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත හිස නමා ආචාර කිරීම අපගේ පුරුද්දකි. එසේ හෙයින් ආයතනයට හානි කරන්නා වූ නීති විරෝධී හෝ ගුප්ත හෝ ඕනෑම පුද්ගලයෙකුගෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රැක ගැනීම අපගේ රාජකාරියක් කොට සලකන්නෙමු. 

ඔබගේ සහෝදරයා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූයේ දශකයකට වැඩි කාලයක් යහපාලනයක් උදෙසා විඳ වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමුඛ විරුද්ධපාක්ෂිකයන්ගේ ඡන්දයෙනි. එසේ නමුත් එම කාලයේදී ඔබ සහ ඔබේ සහෝදරයා යහපාලනය වෙනුවෙන් ක්‍රියාකරනු වෙනුවට මරාගේ තක්කඩි හෙංචයියන් සමග ආලිංගනයේ සිටිනු පෙනිණ. ඔබ තනතුරට පත්වූ දා සිට ක්‍රියා කෙළේ ලලිත් ද සිල්වා ප්‍රධාන විධායක තනතුරේ තබා ගැනීමට ය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සහ පිවිතුරු හෙටක් සංවිධානයන්ගේ සහයෝගය ඇතිව ඔහු එම තනතුරින් පහ කර දැමීමට වෘත්තීය සමිති එක හෙලා කටයුතු කිරීම ඔබට බෙහෙවින් දුක ගෙන දුන් කාරණයක් විය.

ඉන් අනතුරුව ඔබ දෝතට ගත්තේ මරාගේ තවත් භයානක තක්කඩියෙකු වූ රංජිත් රුබසිංහ ය. එ් ලබැඳියාවන් අතර ගැටුම් සහිත වුව පුද්ගලික වුවමනාවන් සපුරා ගනු පිණිසය. ඔබ ඔබගේ දරුවා මොබිටෙල් ආයතනයේ සේවකයෙකු ලෙස බඳවා ගැනීමෙන් පසු ඔහුගේ පරිවාස සේවා කාලයේදී විදේශ සංචාර රැසකට අවස්ථාව ලබා දුන්නේ ය. ඒ ගැන කිසිවෙකු ප්‍රශ්න කෙළේ නැත. පසු වාසි බලාපොරොත්තුවෙන් කුරුමාණම් අල්ලමින් සිටි රුබසිංහගේ හුරතලෙකු බවට පත් වූ ඔබ ඔබගේ වගකීම් ඉටු කිරීමට අසමත් විය.

ශ්‍රී ලංකා ටෙලිකොම්හි වෘත්තීය සමිති තොරතුරු සහිතව රංජිත් රුබසිංහගේ මූල්‍ය අපචාරයන් පිලිබඳව FCID යට පැමිණිලි කරන ලද්දේ ය. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර ඔහුගේ වැරදි ක්‍රියාවන් නැවැත්වීම පිණිස මොබිටෙල්හි ප්‍රධාන විධායක තනතුරින් ඉවත් කරන ලෙස නියම කෙරිණි. එහෙත් රුබසිංහ සමග ඔබගේ ඇති දැඩි සබඳතාවය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ඉවත් වීමට ඔබ ඔහුට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට ඔබ පුද්ගලිකව මැදිහත් වෙමින් ඔහු ටෙලිකොම් කැම්පස්හි ප්‍රධාන විධායක තනතුරට පත් කෙළේය.

ඉහත සිදුවීම අනුව ඔබගේ රැවටිලිකාර චර්යාව අනුකූල වන්නේ යහපාලනයටද ? යමපාලනයටද ? යන්න බෙහෙවින් ප්‍රශ්නකාරී ය.

ඔබට එරෙහිව අප නගන චෝදනා මෙසේය.

1. ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇති පරිදි රක්ෂනාවරණ ගනුදෙනුවකදී මොබිටෙල් හි ටෙන්ඩර් පටිපාටීන් උල්ලංඝනය කිරීම මගින් ඩොලර් මිලියන 20 ක පාඩුවක් සිදු කිරීම
2. ඔබගේ පුත්‍රයා හට මොබිටෙල් සමාගමේ රැකියාවක් සැපයීම
3. මොබිටෙල් සමාගම සඳහා වෙළඳ ප්‍රචාරක ආයතනයක් තෝරා ගැනීමේදී ඥාති සංග්‍රහය එකම නිර්නායකය කර ගනිමින් ජනාධිපතිවරයාගේ දියණියගේ සමාගමට එම කටයුතු පැවරීම
4. සමාගමට අනර්ථකාරී වන පරිදි සභාපතිවරයා ලෙස නිෂේධ බලය පාවිච්චි කරමින් අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන් විකෘති කිරීම සහ ඔබ සතුව නැති විධායක බලතල යොදවමින් ඔබට ආදල නොවන ලිපි ලේඛන අනුමත කිරීම.
5. වැඩ තහනම් කරන ලද ආර්. රුබසිංහ ටෙලිකොම් කැම්පස්හි ප්‍රධාන විධායක ලෙස පත් කිරීම
6. ඇමැතිවරයාද තම අප්‍රසන්නතාවය පළ කරන ලද ක්‍රියාවක් වූ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත බලපෑම් කරමින් රුපියල් හත් ලක්ෂ පනස්දාහක නිවාස කුලියක් අනුමත කර ගැනීම (මෙම ක්‍රියාව ඔබගේ ජීවිතයේ ගුහාවක සිට නිව්යෝර්ක් නගරයේ පවා නැති වටිනාකමක් ඇති මන්දිරයකට පරිවර්තනය කිරීමක් ද? )
7.  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉතා ප්‍රබල ලෙස විරුද්ධත්වය දැක්වූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අති විශාල වැටුපක් ලබා ගැනීමට දැරූ ප්‍රතිපත්ති විරහිත උත්සාහය.
8. ඔබගේ වැටුප් නිර්ණය කිරීමේදී සහ ඔබගේ අවකල් ක්‍රියාවන්ට විරුද්ධ වීමේ හේතු මත තුසිත හල්ලොලුව සහ ක්‍රිෂාන්ත කුරේ මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් නෙරපා හැරීම
9. ඔබගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබගේ ගජයෙකු වන වෑගපිටිය මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ගැනීම
10. ඔබ තනතුරට පත් කරනු ලැබූ දා සිට ඔබ විසින් සිදුකරන ලද ඔබගේ අශෝබන ක්‍රියාවන් ලංකා ඊ නිව්ස්හි ප්‍රකාශයට පත් වීමෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිරූපයට හානි සිදු කිරීම
11. මීට පෙර කිසිදු සභාපතිවරයෙකු නොකළ ආකාරයට තමාගේ අශෝබන ක්‍රියාවන් ශ්‍රී ලංකා ටෙලිකොම්හි සේවකයන් දැන ගැනීම වැළැක්වීම සඳහා කාර්යාලය තුලදී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමට බාධා පැමිණවීම.
12. බාධාවකින් තොරව කටයුතු සිදුවීම වළක්වමින් මොබිටෙල්හි සහ ශ්‍රී ලංකා ටෙලිකොම්හි ටෙන්ඩර් පටිපාටීන් සහ පරිපාලන කටයුතු වලට අයහපත් ලෙස මැදිහත් වීම
13. පවත්නා වාතාවරණය තුල තරඟකාරී ආයතන සමග තරඟ කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සේවක සේවිකාවන් සැලසුම් සහ උපාය මාර්ග සකස් කරද්දී ඔබගේ අවශ්‍යතාවය වූයේ එම සේවක සේවිකාවන් විසින් උපයන ලද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මුදල් කොල්ල කෑමයි. 

සභාපති තුමනි..,
ඔබ තනතුරට පත් වූ දා සිට මෙම නම්බුකාර ආයතනය අවමානයට ලක් වන පරිදි අඛන්ඩව වංචා දූෂන රාශියකට ඔබ සම්බන්ධ වූයේ ය. සමාගම විසින් උපයන ලද මුදල් එසේ උපයා ගන්නා ලද්දේ සේවක සේවිකාවන් ඉතා දුෂ්කර කාලගුණික තත්ත්වයන් සමග පවා සටන් වදිමින් ඉතා වැර වෑයමෙනි. ඔබගේ අභිප්‍රාය සමාගමේ මුදල් කොල්ලකෑම නම් එය මෙම සමාගමේ ඉහලම තනතුර හොබවන පුද්ගලයාගේ පුද්ගලිකත්වයට පවා කරන ලද අවමන් සහගත ක්‍රියාවකි.  අපි වෘත්තිය සමිති සන්ධානයක් ලෙස ඔබෙන් අවංකව සහ කාරුනික ඉල්ලා සිටින්නේ ‘හොරා‘ යන විරුදාවලිය නොලබා කරුණාකර මෙම තනතුරින් ඉල්ලා අස්වන ලෙසයි. 

අපි සමාගම මුහුණ දෙන අභියෝග හමුවේ සමාගම් සමූහය ආරක්ෂා කර ගැනීමට කැප වූ පිරිසක් වන හෙයින් ඔබේ කටයුතු කෙරෙහි විමසිලිමත් වීමට තරම් වේලාවක් අපට නැත. ඔබ එසේ නොකරන්නේ නම් සභාපතිවරයා ලෙස ඔබේ තනතුරට අභියෝග කිරීමට අප පසුබට වන්නේ ද නැත. 

වෘත්තීය සමිති එකමුතුවේ විධායක කමිටුවේ අණ පරිදි අත්සන් කරන ලදී

අත්සන

පිටපත් – අතිගරු ජනාධිපතිතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු ටෙලිකොම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා
ගරු මුදල් අමාත්‍ය තුමා
ගරු කතානායක තුමා
කෝප් කමිටු සභාපති පා.ම. හඳුන්නෙත්ති මහතා
ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී

– යවන ලද මුල් ඉංග්‍රීසි ලිපියේ සේයාරූ පහත දැක්වේ විශාල කර කියැවිය හැකිය –

(කුමාරසිංහ සභාපතිවරයා තමා සභාපතිත්වය දරණ ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල බලය යොදවා මෙම ප්‍රවෘත්තිය ලංකාවේ ටෙලිකොම්/මොබිටෙල් ග්‍රාහකයන්ට වාරණය කිරීමට ඉඩ ඇති බැවින් මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කිරීමට කටයුතු යොදා ඇති බව කරුණාවෙන් සලකන්න.)

—————————
by     (2016-04-20 00:08:34)

Advertisements


අනවශ්‍ය දේවල්

  • 157,953 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: