22
අප්‍රේල්
16

ගඳරුවන් ගොනා කැම්පස්වල ගොං බූරුවන්ට පශ්චාත් බාගයේ ඇරීම… (තොපිට හොඳ වැඩේ)

‘සරසවි ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ප්‍රචණ්ඩත්වය ලබා දී ඇති නීති රීති මගින් පාලනය කරන්න, අපේ සහාය දෙනවා‘ – ෆූටා සරසවි පරිපාලනයට කියයි

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.18, ප.ව‍‍.11.30) ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ සරසවි ප්‍රචණ්ඩත්වය විශ්ව විද්‍යාල පනත හා අනෙකුත් නීති රීති මගින් සපයා ඇති විධිවිධාන යටතේ පාලනය කිරීමට කටයුතු කරන්නැයි සරසවි පරිපාලනයෙන් ඉල්ලමින් ද ඒ සඳහා ගන්නා ඕනෑම අවංක ක්‍රියාමාර්ගයකට තම සහාය ලබා දෙන බවද පවසමින් සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය (ෆූටා) නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය නිකුත් කිරීමට හේතු වී ඇත්තේ කැළණිය සරසවියේ නවක වදයට එහි ආචාර්ය වරුන් විරුද්ධ වීම නිසා ඇති වී තිබෙන අර්බුදය හේතුවෙනි. රටේ පවතින නීතිය තමන් විශ්වාස කරන්නේ නැතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ නායක අඩු අධ්‍යාපනයක් සහිත සිසුවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අවස්ථාවක ෆූටා නිවේදනය රටේ නීති ගරුක පුරවැසියන්ට වැදගත් වේ.  ෆූටා නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

කැළණි සරසවියේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සහ සරසවි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම පිළිබඳ මාධ්‍ය නිවේදනය

විශ්ව විද්‍යාල පද්ධතිය, ගැටළු හෝ ගැටුම් වලින් තොරව නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා ශිෂ්‍ය ප්‍රජාව, ආචාර්ය මණ්ඩලය මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය යන සියළු පාර්ශවයන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය. සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මෙන්ම නිදහස් අධ්‍යාපන අයිතීන් රැකගැනීම සඳහා ද මෙම පිරිස් වෙන් වෙන්ව හා ඒකාබද්ධව විශ්ව විද්‍යාල පරිපාලනය සමග අරගල කළ අවස්ථා ඉතිහාසය පුරාවටම දක්නට ලැබුණත් ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් එකිනෙකාට එරෙහිවූ අවස්ථා පිළිබඳ අසන්නට ලැබුණේ ඉතාම කලාතුරකිනි. එබැවින් කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුන් අතර දැනට ගොඩනැගී ඇති අර්බුදය කාගේත් විශේෂ අවධානය යොමුවිය යුතු ඉතා සංවේදී තත්ත්වයක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් හඳුනාගෙන ඇත. තවද මෙම ගැටුම ඇතිවීමට තුඩුදුන් කාරණා කවරේද යන්නත්, මෙවැනි ගැටුම් වළක්වාලීම පිණිස පරිපාලනය කටයුතු කළයුතු ආකාරය කවරේද යන්නත් පිළිබඳ අප සම්මේලනයේ මතය මෙම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනු ඇත.

කැළණිය විශ්ව විද්‍යාලයේ දැනට ගොඩනැගී ඇති අර්බුදයට ආසන්නතම හේතුව වනුයේ එම විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයන් හට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් කරනු ලබන ශාරීරික සහ මානසික හිරි හැර කිරීම් සම්බන්ධයෙන් ආචාර්ය මණ්ඩලය සංවේදීව කටයුතු කිරීම හා ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වීම හැරෙන්නට අන් කිසිවක් නොවන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු. නවක වදය හෝ නවකයින් හඳුනා ගැනීම හෝ වෙනත් කවර නමකින් වුව ශිෂ්‍යයින් හට පීඩාවන් සිදුකිරීම කිසිදු තත්ත්වයක් යටතේ සාධාරණීකරනය කළ නොහැකි අතර එවැනි ක්‍රියාවන් අප සම්මේලනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමු. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා කටයුතු කිරීමට ආචාර්ය ප්‍රජාවට යම් සදාචාරාත්මක වගකීමක් ඇතත් එහි මූලික වගකීම පැවරෙනුයේ විශ්ව විද්‍යාලයේ පරිපාලනය වෙතය. කැළණියේ නවක වදය ගුරු සිසු ගැටුමක් දක්වා වර්ධනය වන්නේ මසකටත් අධීක කාලයක් මුළුල්ලේ අදාල බලධාරීන් එම මූලික වගකීමෙන් බැහැරවීමේ ප්‍රතිඵලයක් ලෙස ආචාර්යවරුන් හට එම ක්‍රියාදාමයට සෘජුව මැදිහත් වීමට සිදු වූ නිසාවෙනි. එහෙයින් විශ්ව විද්‍යාලය තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය පාලනය කර, ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් හට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට සුදුසු වාතාවරනයක් නිර්මාණය කිරීම සඳහා හා ක්ෂණිකව මැදිහත් වන ලෙස කැළණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපතිවරයාට අපි බලකර සිටිමු.

කැළණිය පමණක් නොව දිවයිනේ අනෙකුත් විශ්ව විද්‍යාල තුළ ද මෙබඳු තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බවට තොරතුරු අප වෙත වාර්තා වී ඇත. හිංසාකාරී ක්‍රියාමාර්ගයකින් තොරව එකිනෙකා හඳුනා ගැනීමට හා ඔවුනොවුන් අතර සහජීවනය වඩා වර්ධනය කර ගැනීමට ශිෂ්‍ය ප්‍රජාව කටයුතු කිරීම සම්‍බන්ධයෙන් අපගේ කිසිදු විරෝධයක් නොමැති නමුත්, ඒ මුවාවෙන් පළමු වසර ශිෂ්‍යයන්ගේ ඉගෙනීමේ අයිතිය පවා උදුරා ගනිමින් සමහර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හැසිරෙන අන්දම කිසිසේත් අනුමත කළ නොහැක.

මෙම තත්ත්වය සමනය කිරීමෙහි ලා තමන් වෙත ඇති ඍජු වගකීම මෙන්ම  තමන් සතු හැකියාව ද ඒ ඒ පීඨ හා විශ්ව විද්‍යාල  ශිෂ්‍ය සංගම් සහ අනෙකුත් ශිෂ්‍ය සංවිධාන විසින් නොසලකා හැර තිබීම කණගාටුදායක කරුණකි. එසේම ඔවුන් ඒ සඳහා අවංක කැපවීමකින් යුතුව කටයුතු නොකරන වාතාවරනයක් යටතේ සරසවි ප්‍රචණ්ඩත්වය විශ්ව විද්‍යාල පනත හා අනෙකුත් නීති රීති මගින් සපයා ඇති විධිවිධාන යටතේ පාලනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සරසවි බලධාරීන් විසින් ගනු ලබන සියළු ක්‍රියාමාර්ගයන්හි ඉලක්කය හුදෙක්ම ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම හැර අන් යමක් නොවිය යුතු බවද මෙහිලා විශේෂයෙන් අවධාරනය කරනු කැමැත්තෙමු. තමන් කැමති දේශපාලන මතයක් දැරීමට, ප්‍රකාශ කිරීමට හෝ එම මතය සාමකාමීව අන්‍යයන් අතරට ගෙනයාමට ශිෂ්‍යයන්ට ඇති සාධාරණ අයිතිය වෙනුවෙන් අප සම්මේලනය එදා මෙන්ම අදත් පෙනී සිටින අතර එම අයිතිය උල්ලංඝණය වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයකට අපගේ සහයෝගය හිමි නොවනවා පමණක් නොව එවැනි ක්‍රියාමාර්ගයන් වැළැක්වීමට ද අපගේ පූර්ණ ශක්තිය යොදා කටයුතු කරන බවද පැහැදිලිව අවධාරණය කර සිටිමු. තවද ප්‍රචණ්ඩත්වය වපුරන කවරෙකු සම්බන්ධයෙන් වුවද පොදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුවන අතර නිශ්චිත දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන පටු පළිගැනීම් සිදු නොකිරීමටද විශ්ව විද්‍යාල පරිපාලනය ප්‍රවේශම් වනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ඉහත කරුණු සලකා බැලීමට යටත්ව, විශ්ව විද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම උදෙසා විශ්ව විද්‍යාල පරිපාලනය ඇතුළු වගකිවයුතු පාර්ශවයන් විසින් ගනු ලබන ඕනෑම අවංක ක්‍රියාමාර්ගයකට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පූර්ණ සහයෝගය හිමිවන බවද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමු.
අත්සන් කෙළේ

ආචාර්ය රංගික හල්වතුර    – සභාපති
ආචාර්ය ශ්‍යාම බන්නැහැක – ලේකම්

Advertisements


අනවශ්‍ය දේවල්

  • 153,691 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: