23
දෙසැ.
15

“ඔයගොල්ලන් කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්‘ හෙවත් ‘අමුඩ’ විප්ලවය

අමුඩ’ විප්ලවය
ධර්මන් වික්‍රමරත්න  

amuda-new

තොපිට හොඳ වැඩේ

රට පුරාම විරෝධතාය. ‘අමුඩ‘ විප්ලවය සඳහා ගොවියෝ කොළඹ රජගෙදරට යති. මුහුදේ  පාවුණ මළසිරුරක් බම්බලපිටියෙන් ගොඩගසති. මාලඹේ උපාධි කඩයට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් සරසවි රැසක සිසුවෝ වීදි බසිති. වකුගඩු රෝග නිවාරණ ජනපති බළකාය ඒ පිළිබඳ තරු පහේ හෝටලයක වැඩමුළුවක් පවත්වන්නේ බහුජාතික කෘෂි රසායන සමාගම්වල අතයට ගනුදෙනුවක අනුග්‍රහයෙන් බව කියමින් පරිසරවේදීහු ගාලුමුවදොර විරෝධතාවයකි. කොළඹ නගරයේ රා තැබෑරුම් අලුතින් විවෘත කිරීමට ගැසට් පතකින් රජය දුන් අනුමැතියට එරෙහිව මහ සඟරුවනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමකි. ඉතිහාසයේ ප්‍රථමවරට පරණ යකඩ එකතු කිරීමෙන් ජීවත්වූ ලක්ෂ 3ක ජනයා ඉන්දියාවෙන් බිලෙට් යකඩ ගෙන ඒම නිසා සිය රැකියා අහිමිවන බව කියමින් අගනුවර පාරවල් අවහිර කරමින් විරෝධතාවන්ය. දේශීය දියර කිරි වෙළෙඳාම කබලෙන් ළිපට දැමීමට එරෙහිව නුවරඑළිය නගරයට රැස්වූ කිරි ගොවීහු පාරදිගේ කිරි බවුසර් හලමින් එළකිරි ගවයින් සමග පෙළපාළිය. මේ ඊයේ සහ පෙරේදා රට වැසියන් ඇසූ දුටු දෑය.

ඇතැමකුට සමාජවාදය අගනේය. එහෙත් විමුක්ති අරගලය අරහංය. ගොවීන් සිව්වන වරටද අමුඩ ගසා රජගෙදරට පයින් යැවීමෙන් අරගලයේ වැසි වැටෙන්නේ නැත. හුදු ප්‍රදර්ශන විරෝධයක් පාමින් හරි බරි ගැසී, ඈනුම් යවමින් ආණ්ඩු සරණං ගච්ඡාමි කියන ජවිපෙ, ‘අමුඩ‘ විප්ලවේ අතීසාරයට අමුඩ ගැසීමක් හා සමානය. ශ්‍රී ලංකාවේ ගොවීහු කිසිම දිනක කුඹුරේ හෝ හේනෙන් පිට අමුඩ ගසාගෙන පාරේ ඇවිද්දේ නැත. අමුඩ රෙදි තඩි ආයා කටුවලින් ගසා ගත්තේද නැත. ‘අමුඩ‘ විප්ලවය යටතේ කොළඹ වීදි දිගේ රජගෙදරට යන ගොවියෝ රටට නිහඬව හඬගා කියන්නේ වෙනසක් වෙනුවෙන් කතිරය ගසා පොහොර සහනාධාරයට තට්ටු කළ කඳුළු කතාවය.

ගොවි ජනතාවට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තරම් සහන සැලසූ රජයක් තවත් නැත. රාජපක්ෂ ආණ්ඩුව පොහොර සහනාධාරය වසර 09ක් පුරා වගා කන්න 18 කට අඛණ්ඩව ලබාදී තිබුණි.  මේ සඳහා වාර්ෂිකව වැයකළ මුදල රුපියල් දසලක්ෂ 40,000කි. යූරියා මිටිය රුපියල් 3,415කි. රාජපක්ෂ ආණ්ඩුව එය ගොවියාට දෙනු ලැබුවේ රුපියල් 350 සහන මිලකටය. එනම් යූරියා මිටියකට රජය රුපියල් 3005ක් වැය කර සියයට 90 ක සහනයක් ලබාදෙන ලදී. අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය සියයට 70ක් ලබා දුන්නේය. වර්තමාන ආණ්ඩුව පොහොර සහනාධාරය වෙනුවට රුපියල් 25,000ක් ලබා දුන්නද ගොවියාට අක්කරයක් සඳහා පොහොර වියදම වෙනුවට රුපියල් 7,000ක් පමණ අතින් දැරීමට සිදුවේ. එම රුපියල් 25,000ද දෙනු ලබන්නේ කුඹුරු අක්කර දෙකහමාරකට බැවින් ඒ අනුව අක්කරයක් සඳහා කන්නයකට පොහොර සඳහා වෙන්කර හැක්කේ රුපියල් 5,000කි.

වෙළෙඳපොළේ මිල ගණන් අනුව අක්කරයක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 11,763ක මුදලක් වැයවේ.  අයවැයෙන් ගොවියාට විශාල අසාධාරණයක් සිදුවී තිබේ. රුපියල් 50ට තිබූ සම්බා වී කිලෝවක සහතික මිල රුපියල් 41කි. රුපියල් 45කට තිබූ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 38 දක්වාද අඩුවී ඇත. මෙවර අයවැය යෝජනාවෙන් ගොවියා හබක්ය. වෙනසක් පැතූ ගොවියන්ගේ නොපෙනෙන (f)සළුව සඳහා ජවිපෙ ‘අමුඩ’ විප්ලවය අපූරුවට ගැළපේ.

ලංකා බැංකු සේවක සංගමයේ එක්දින සංකේත වර්ජනය රටපුරා අතිශයින් සාර්ථක විය. හිතුමතේ බැංකු ඒකාබද්ධ කිරීමටද ආනයන අපනයන කටයුතු බැංකුවලින් ඉවත් කිරීම, ලීසිං සහ උකස් ණය බැංකුවලින් ඉවත් කිරීම, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීම, ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් අරමුදල් අනතුරේ හෙළීමට එරෙහිව දිවයිනේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු එයට ඒකරාශී විය. ලංකා බැංකු සේවක සංගමයේ නොසැලෙන නායකත්වය වැඩකරන ජනතාවට ගෙන ආවේ නව ජවයකි. පන්නරයකි.
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වසර 5කට වරක් දුන් තීරුබදු රහිත වාහන බලපත්‍රය වසර 10කට වඩා ජීවිත කාලය පුරාම දැන් දෙවරකි. වාහන බලපත්‍රය රජයේ විධායක නිලධාරියාට තිබූ අයිතිවාසිකමකි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාගේ ත්‍යාගයක් නොවේ. රජයේ සේවකයින්ට තීරු බදු රහිතව රුපියල් 50,000කට ලැබුණු යතුරු පැදි සිහිනය බොඳවී ඇත. රජයේ සේවකයින් යනු පාවිච්චිකර ඉවත දමන ගණිකාවන් වගේ කොටසක් යැයි රජයේම ප්‍රබල ඇමැතිවරුන් පවසන විට ඉන් ගම්‍ය වන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවයට ඇති ආලයේ තරමය. සුදු රෙදි හොරා විසින් පාසල් නිල ඇඳුමටද කණකොකා හඬවනු ලැබීය.  වෙනස ලැබී ඇත. දෙන්ඩ ටෝක්ස් නැත.

සාම්ප්‍රදායික අපනයනයන්වූ තේ, රබර් වගාවට ලැබූ සහනය අවසන්ය. අයවැයෙන් සහනය ලැබුණේ ධනපතියන්ටය. කැසිනෝ විනෝදශාලාවලට ඇතුල්වන සෑම පුද්ගලයෙකුගෙන්ම අය කරනු ලබන ඇමරිකන් ඩොලර් 100ක ගාස්තුව ඉවත් කර ඇත. රැජිනෝ ඔට්ටු සූදු ව්‍යාපාරය පවත්වාගෙනයාම වෙනුවෙන් වාර්ෂිකව අය කරනු ලබන රුපියල් දශලක්ෂ 200 වාර්ෂික ගාස්තුව රුපියල් දශලක්ෂ 5 දක්වා අඩුකර ඇත. විදේශිකයින්ට ඉඩම් සින්නක්කර දීමේ කොන්දේසි ලිහිල් කිරීමෙන් පමණක් රටට අහිමිවන මුද්දර ගාස්තුව වාර්ෂිකව රුපියල් බිලියන 1.8ක් පමණ වේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 35ට දැන් පහත වැටී ඇත. මෙම මිල ගණන් යටතේ ගන්නා බොරතෙල් පිරිපහදුවේදී තෙල් සංස්ථාවේ ලාභයද සහිතව පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 60ක් පමණද ඩීසල් ලීටරයක් රුපියල් 55කට පමණ දැන් ලබාදිය හැක. ආණ්ඩුවේ සද්දේ ඇත. ජවිපෙ මීක් නැත.

එළකිරි හැමවිටම රටකිරිවලට වඩා පෝෂ්‍ය ගුණයෙන් අනූනය. රසයෙන් වැඩිය. නමුත් මිනිසුන් වැඩියෙන් බොන්නේ එළකිරිවලට වඩා රටකිරිය. රට කිරි මිලෙන්ද වැඩිය. ආණ්ඩුව කළ යුත්තේ රටපුරා සිටින කිරි ගොවීන් දිරිමත් කිරීම සඳහා කිරි ලීටරයක සහතික මිල කලින් රජයෙන් ගෙවූ පරිදි පවත්වා ගැනීමය. දේශීය කිරි ගොවියා අයවැය මගින් නොසලකා හැරීමෙන් දේශීය දියර කිරි ප්‍රචලිත කිරීමේ අවස්ථාව ගිලිහී ගොසිනි.  ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත වීමට නම් දැනට කිරි ලීටර් දශලක්ෂ 259ක වාර්ෂික කිරි නිෂ්පාදනය කිරි ලීටර් දශලක්ෂ 702 දක්වා ඉහළ දැමිය යුතුය. එවිට රටට වාර්ෂිකව ඩොලර් දශලක්ෂ 300ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරිවනු ඇත. කිරිපිටි ආනයනය මගින් වර්තමානයේ පොහොසත් වන්නේ කිරි ගොවියා නොව ජාත්‍යන්තර බහු ජාතික සමාගම්ය. නුවරඑළිය කිරි ගොවීන්ගේ අරගලය කියාපෑවේ එයයි.
රටට මුලින්ම ආවේ සොළීන්ය. ඔවුන් එළෙව්වේය. පරංගින්ද ආවේය. ඔවුන්ද එළෙව්වේය. ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසින්ද ආවේය. ඔවුන්ද එළෙව්වේය. දැන් පැමිණ ඇත්තේ යළි පුබුදුමු ශ්‍රී ලංකාවක් මුවාවෙන් ක්‍රියාත්මක වන යස-පාලනයකි. ඇතමුන් මෙය විප්ලවයක්ද යැයි කියති. මෙයට එරෙහි වන්නෝ ප්‍රති විප්ලවවාදීන් බවට චෝදනා නගති. විප්ලවයට මෙවැනි අර්ථකථන දීම පිළිබඳ සිනහ විය හැක්කේ පශ්චාත් භාගයෙන්නම් පමණි. ජනවාරි 8 වැනිදා සිදුවූයේ විප්ලවයක් නම් ජවිපෙ මගින් දෙසැම්බර් 17 රඟ දැක්වූයේ ‘අමුඩ විප්ලවයකි‘.

ඒ අතින් ජවිපෙ සිදුකළ පාර මැද්දේ අමුඩ යුද්දේ සංදර්ශනයද නරක නැත. එහෙත් හාස්‍යයට කරුණක් වන්නේ එයට පෙර අධිකරණ ඇමැති  විජේදාස රාජපක්ෂ විසින් ඉකුත් සතියේ රූපවාහිනී විවාදයකදී  ජවිපෙ අමුඩ ලේන්සුවද ගලවා උපන් ඇඳුමෙන් තැබීමේ අදහස් දැක්වීමක නිරතවීමය.

ධර්මන් වික්‍රමරත්න

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2015
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: