30
නොවැ.
15

සඳරුවන් ගොනාගේ විග්ගරහ… දැං සිරිසේන හොඳ නෑලු….

සඳරුවන් ගොනාගේ විග්ගරහ….

මෙය දුටු හරීන් ප්‍රනාන්දු අමැතිවරයා ලංකා ඊ නිව්ස් වෙත දුරකථනයෙන් අමතා කියා සිටියේ අප වෙත දී තිබූ පැරණි දුරකථන අංකය ඔහු විසින් වෙනස් කරන ලද නිසා අප විසින් අමතන ලද ඇමැතුම් ඔහුට නොලැබුනු බවයි. 

කෙසේ වෙතත් තමන්ට කිසිදු ඩොලර් හිරවීමක් සිදුව නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙකී හච්-මොබිටෙල් ගණු දෙනුව සම්බන්ධයෙන් අද දිනයේද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමක් (presentation) සිදු කළ බවයි. ඊට අගමැතිවරයා ඇතුළු සියළු පක්ෂ වල මැති ඇමැති වරු සහභාගී වූ බවත් කුමාරසිංහ සිරිසේන සභාපති වරයා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.

ශබ්ද තරංග අයිතිය (Spectrum) බෙදාදීම් අනුව මොබිටෙල් සමාගම තවදුරටත් ව්‍යාප්ත කරන්නේ නම් නිසැකවම වෙනත් තරංග අයිතීන් හිමි ආයතනයක් මිලට ගත යුතු බවත් ඒ අනුව හච් දුරකථන ජාලය මිලදී ගැනීමට කලක තිස්සේ සැලසුම් කර ඇති බවත් කී හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ලංකා ඊ නිව්ස් කියන ආකාරයේ දූෂණයක් සිදුවිය හැකි නමුත් එවැන්නක් සිදු නොවීම  සඳහා ආණ්ඩුව පියවරයන් රැගෙන තිබෙන බවත් පැවසීය. 

එම පියවර නම් මිලදී ගැනීමේදී මිල තීරණය කිරීමට අගමැතිවරයාද සහිත සියළු පක්ෂ වල ඇමැතිවරුන් නියෝජනය වන පරිදි අනු කමිටුවක් මගින් මිල තීරණය කිරීමට කටයුතු යොදා ඇති බව ය.

එකිනෙකා අතර අත යට සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් නම් තමාට කිසිවක් කිව නොහැකි නමුත් එවැනි දේ වැළැක්වීමට සියළු කටයුතු කරන බවද හේ කීය. මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් 5 දෙනෙක් ලංකාවෙන් පත් වන අතර 4 දෙනෙක් පත්වන්නේ මැලේසියානු සමාගෙමන් බවත් මිලදී ගැනීමකදී ලංකාවේ ආණ්ඩුවට කිසිවක් තනිව තීරණය කළ නොහැකි බවත් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවසීය.

===========================================

ටෙලිකොම් මොබිටෙල් සමාගම් වලින් යහපාලන මහත්වරුන් එළැවූ සිරිසේනලා හච් ගණුදෙනුවෙන් රුපියල් මිලියන 11400 ක් ගිලින්න යයි: මෛත්‍රී අර්ජුන් මහේන්ද්‍රන්ට කී දේ මලයාටත් කියාවිදැයි ජනතාව බලා සිටී

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.24, පෙ.ව‍. 9.00) ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි ක්‍රිෂාන්ත කුරේ, තුසිත හල්ලොලුව සහ ෂාරුක් ෆෙරෝ යන යහපාලන මහත්වරුන් එළවා, මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කළ නමුත් දුම් සහතික කප්පම් ගෙවන ලාෆ් වෑගපිටිය යලි ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට කැන්දා ගැනීමත් සමග ටෙලිකොම් මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහජන මුදල් රුපියල් මිලියන 11400 ක අහස පොළොව නුහුලන ගැහිල්ලකට අර අඳින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මේ ගැහිල්ල නම් පසුගිය රාජපක්ෂ රෙජීමය පවා අත තබන්නට බිය වූ ගැහිල්ලක් වන හච් දුරකථන සමාගම මොබිටෙල් සමාගම විසින් මිලදී ගැනීමේ ගණුදෙනුවයි. දිවයිනේ ජංගම දුරකථන සේවා සපයන ජාලයක් වූ හචිසන් ලංකා පුද්ගලික සමාගම විකුණා දැමීමට යන අතර එය මොබිටෙල් සමාගම විසින් මිලදී ගැනීමට යයි. මෙහිදී හචිසන් සමාගමේ සැබෑ වටිනාකම වන්නේ ඩොලර් මිලියන 50 ක් වන අතර උපරිම වෙළෙඳ වටිනාකම ඩොලර් මිලියන 70 ක් වේ.

නමුත් මෙය මිලදී ගැනීමට යන්නේ ඩොලර් මිලියන 150 ක් තරම් ඉහල මිලකට ය. එනම් ඩොලර් මිලියන 80 ක් වැඩි පුර මුදල් ගෙවමිනි. සත්‍ය වශයෙන්ම මෙම වැඩි පුර මුදල යන්නේ හචිසන් සමාගම අතට නම් නොවේ. ඩොලර් මිලියන 80 ක් යනු රුපියල් මිලියන 11407 කි. එනම් කෝටි 1140 කි. 

ජනාධිපති මලයා කුමාරසිංහ සිරිසේනගේ ටෙලිකොම් මොබිටෙල් දූෂණ වලට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩල තුල හඬ නැගූ ක්‍රිෂාන්ත කුරේ, තුසිත හල්ලොලුව සහ ෂාරුක් ෆෙරෝ තිදෙනා එළවා ගත් සැනින් ලබන සති කිහිපයේදී මෙකී දූෂිත ග‍ණුදෙනුව සිදු කිරීමට යන බව දැන ගන්නට තිබේ. 

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී දූෂණයක් වූ බවට නිවැරදිව කිව නොහැකිව තිබියදී පවා මිලියන 5000 ක දූෂණයක් සිදුවුනා යැයි කෑ ගසද්දී “නම සවුත්තු වෙන නිසා අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න යැයි මං අගමැතිවරයාට කීවා“ යැයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මලයා විසින් ඇස් පනා පිටම මිලියන 11400 ක් ගිලින්න යද්දී ඔහුට අස්වෙන්න යයි කියන්නේ කවදාදැයි ජනතාව බලා සිටිති. 

මෛත්‍රීපාල සිරිසේන මෙම ගණුදෙනුවේදී කට මුඛ පියා සිටිනවා නම් ඔහුද මේ දූෂිත ගණුදෙනුවේ හවුල්කරුවෙක් බව ඉන්තේරුවෙන්ම ජනතාව විශ්වාස කරනු නිසැකය. එදිනට ඇමරිකානු නියෝජිතයන් පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව අනෙක් රටවල නායකයන්ට ආදර්ශයට ගන්නැයි කියන්නේ නම් නැත.

========================================

සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට කප්පම් ගෙවන දුම් සහතික ගාස්තු වැඩි කිරීම අකුලා ගන්න බැරිනම් වැඩේ ඉන්දියාවට දෙන්න: ඉන්දියාවේ ගාස්තුව රුපියල් 270 යි: මෙන්න සාක්කි..!

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.24, පෙ.ව‍. 5.45) රථ වාහන දුම් සහතිකය සඳහා රුපියල් 5000 ක් හෙවත් තිබූ මුදල 4 ගුණයකින් වැඩි කෙළේ දුම් සහතික නිකුත් කරන ලාෆ් වෑගපිටිය හරහා  සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට වාර්ෂිකව ලැබෙන කෝටි ගණනක කප්පම් මුදල 4 ගුණයකින් වැඩි කර ගැනීමට බව ලංකා ඊ නිව්ස් විසින් ඊයේ කරුණු සහිතව පෙන්වා දීමත් සමග එකී රුපියල් 5000 අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බවත් ත්‍රීරෝද රථවලින් සහ යතුරු පැදි වලින් එම ගාස්තුව අය නොකරන බවත් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

මෙය යම් දුරකට සාධනීය තත්ත්වයක් වුවද මුදල් ඇමැතිවරයාගෙන් ජනතාව ඉල්ලා සිටින්නේ ඊට වඩා සාධනීය සංශෝධනයකි.

ප්‍රථමයෙන්ම මෙම මුදල අඩුම ගණනේ සියයට 20 කින් පමණ වැඩි කරනවා මිස අහස පොලොව නුහුලනා ආකාරයෙන් 4 ගුණයකටත් වැඩි ගණනකින් හෙවත් සියයට 400 කටත් අධිකව වැඩි නොකරන ලෙසය.

දෙවැන්න නම් මෙම ආදායමින් ආණ්ඩුවට ලැබෙන්නේ 10% ක් වැනි සොච්චමකි. එසේ නම් මේ වැඩි කිරීමෙන් රටේ ආර්ථිකයට කිසිදු සහායක් ලැබෙන්නේ නැත. එබැවින් මේ වැඩි කිරීම වහාම අත් හිටුවා ආණ්ඩුවට ලැබෙන කොටස 70% ක් හෝ ලෙස සංශෝධනය කළ යුතුය.

තෙවැන්න වාහනයක් වරායෙන් පිටතට ගත් පසු ගෙවන සියළුම බදු ගෙවන්නේ පළාත් සභා මට්ටමෙන් වන අතර මෙයද පළාත් සභාවට ලැබෙන ආදායමක් ලෙස සංශෝධනය කරන ලෙසය.

ලංකාවේ දුම් සහතිකයක් වෙනුවෙන් රුපියල් 5000 ක් අය කිරීමට යාම නොව දැනට අයකරන රු.1200 ක මුදල පවා කොතෙක් වැඩි දැයි ඉන්දියාව සමග සන්සන්දනය කිරීමෙන් කාට කාටත් තේරුම් යනු ඇත. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ බැංගලෝරයේ දී පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා කාර් රථයක් සඳහා නිකුත් කරන ලද දුම් සහතිකයකි. එහි ගාස්තුව ඉන්දීය රුපියල් 125 කි. එනම් ලංකාවේ මුදලින් රුපියල් 268.75 කි. ඉන්දියාවේ දී රුපියල් 270 කින් පමණ කළ හැකි සේවාවක් සඳහා දැනටමත් වෑගපිටියටත් අක්බාර්ටත් ගෙවා ඇති මුදල් කන්ද හොඳටෝම වැඩිය. මෙයින් රටේ මහජනතාවට ලැබෙන සත පහක සෙතක් නැත. සිදුකර ඇත්තේ රටේ මහජනතාවගේ රීරි මාංසය හූරා වෑගපිටියත් අක්බාර්වත් පෝසත් කරමින් රටේ මහ එකාත් විශාල කුට්ටියක් සාක්කුවේ දා ගැනීමය. ඒ නිසා මේ සේවාව ආණ්ඩුවට කරන්නට බැරිනම් අඩුම ගානේ ඉන්දියාවට බාර දෙන ලෙස ජනතාව ඉල්ලති. ඉන්දියාව ඕනෑ නම් රුපියල් 300 කට දුම් සහතිකයක් දුන්නද ජනතාව අද ගෙවන මුදලට වඩා එය රුපියල් 900 කින් අඩුය.

ජනතාව වෙනසක් කියා පත් කර ගත් ආණ්ඩුව ජනතාවට හෙණයක් නොවීමට වග බලා ගන්නවා නම් වහා ක්‍රියාත්මක වන පරිදි එදා රාජපක්ෂ සහෝදර සමාගමට කප්පම් ගෙවූ අද සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට කප්පම් ගෙවන දුම් සහතික ජාවාරමේ ගණන් වැඩි කිරීම කොන්දේසි විරහිතව අකුලා ගත යුතුය.

================================================

මෛත්‍රීපාල සහ ටෙලිකොම් මලයා වෙබ් අඩවි වාරණය කරති..!

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.22, ප.ව‍. 11.30) රාජපක්ෂ රෙජීමය විසින් තමන්ගේ හොර තක්කඩි කම් හෙලි කළ වෙබ් අඩවි වාරණය කළ අතර දේදුනු විප්ලවයෙන් ජයගත් යහපාලන ආණ්ඩුව වෙබ් අඩවි වාරණය අහෝසි කළා පමණක් නොව තොරතුරු දැනගැනීමේ අයිතිය පවා තහවුරු කරන පණතක් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යද්දී අතීතය මාස 10 න් අමතක වී ඇති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ රුපියල් කෝටියක් වැටුප් ඉල්ලන ටෙලිකොම් මලයා ලංකා ඊ නිව්ස් සහ තවත් වෙබ් අඩවි තමන්ගේ ආයතන තුල වාරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන නීතිය අතට ගෙන රටේ සමාගමක් නාවික හමුදාවට පවරා ගැනීමට එරෙහිව ලංකා ඊ නිව්ස් පුවත් සහ මතවාද පළ කිරීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමැතිවරයා යටතේ පවතින නාවික හමුදාව තුල ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම වාරණය කර තිබේ. ලංකා ඊ නිව්ස් පමණක් නොව ‘ගොසිප් ලංකා‘ සහ ‘හිරු ගොසිප්‘ යන වෙබ් අඩවි වෙතද ඇතුළු වීම වාරණය කර ඇතැයි නාවිකයෝ අප වෙත පැමිණිලි කර සිටිති. මෙහි ඇති නින්දා සහගත ක්‍රියාව නම් එදා රාජපක්ෂ රෙජීමය රට පුරා වෙබ් අඩවි වාරණය කර තිබියදී පවා නාවික හමුදාව තුල වෙබ් අඩවි වාරණය කර නොතිබීමයි. නමුත් අද ඊටත් වඩා නාවික හමුදාව නීච තත්ත්වයකට ඇද දැම්මේ කව්ද?

මෛත්‍රීගේ රෝගයම වැළැඳී ඇති, කෝටියක් වැටුප් ඉල්ලන මෛත්‍රීගේ මලයා වන ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන ද ටෙලිකොම් ආයතනය තුල ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පිවිසීම වාරණය කර තිබේ. ටෙලිකොම්හි සේවකයන් 8000 ක් පමණ සේවය කරන අතර ඒ පිරිසට ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පිවිසීමේ අවස්ථාව අහිමිකර තිබේ.  මෙම වාරණය සඳහා ටෙලිකොම්හි ප්‍රධාන අයිටී නිලධාරියා වන රෝහණ විජේවීර නමැති දූෂිත නිලධාරියා වෙත කුමාරසිංහ සිරිසේන විසින්ම ඍජු නියෝග දී තිබේ. රෝහණ විජේවීර සම්බන්ධයෙන් ද ජනතාව දැනගත යුතුය. ටෙලිකොම් ආයතනයට පාරිභෝගික සම්බන්ධතා කළමණාකරනය (customer relation managment programme) සඳහා පරිගණක ප්‍රෝග්‍රෑමයක් පිටරටින් ගෙන්වා ගත්තේය. ඒ සඳහා කටයුතු කෙළේ ඉහත කී අයිටී ප්‍රධානියා රෝහණ විජේවීර ය. ඒ වෙනුවෙන් ටෙලිකොම් ආයතනය රුපියල් මිලියන 1000 ක් පමණ වියදම් කෙළේය. නමුත් එය අදාල කටයුත්තට නුසුදුසු එකක් වීම නිසා ඉවත දමන්නට සිදුවිය. රුපියල් මිලියන 1000 ක් වතුරේය. දැන් වෙනත් ප්‍රෝගෑමයක් ගෙන්වා ගැනීමට යන්නේය. එයද බාර දී තිබෙන්නේ වරක් මිලියන 1000 ක් පාඩු කළ රෝහණ විජේවීරටම ය. එපමණක් නොව වයස 55 පසුවූ රෝහණ විජේවීරට දැන් සේවා දිගුවක් ද සිරිසේන මලයා විසින් ලබා දී තිබේ. ආයතනයක් සේවා දිගු දී තබා ගත යුත්තේ ඒ ආයතනයට වාසි ලාභ ගෙන දුන් පුද්ගලයන් මිස මිලියන 1000 ක් පාඩු කළ පුද්ගලයන් නොවේ. නමුත් සිරිසේන මලයාට ඒවා වගේ වගක් නැත. ලංකා ඊ නිව්ස් වාරණය කරන්නැයි කී විට ඒ ගැන කිසිවක් නොවිමසා එය ඉටු කරන රෝහණ විජේවීර වැන්නන්ට සිරිසේන මලයා සේවා දිගු දී තබා ගනී.

=========================================

දුම් සහතිකය රු.5000 දක්වා වැඩි කෙළේ සිරිසේන සහ දූ පුත්‍ර සමාගමේ කොමිස් අාදායම රු. කෝටි 54 සිට කෝටි 225 දක්වා වැඩි කර ගැනීමටය: ඇත්ත කතාව මෙන්න…

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.22, ප.ව‍. 8.00) යහපාලන ආණ්ඩුව හැදීමට කැප වී ක්‍රියාකළ ක්‍රිෂාන්ත කුරේ හා තුසිත හල්ලොලුව යන වචනයේ පරිසමාප්තයෙන්ම මහත්වරුන් අධ්‍යක්ෂක මණ්ඩල වලින් ඉවත්කර දූෂිත ලාෆ්  වෑගපිටිය ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක  මණ්ඩලයට පත්කරගැනීමේ පිටුපස වෑගපිටියගේ දුම් සහතික කොමිස් සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට ගලා යෑම ගැන හෙළිකොට දිනක් ගත වෙත්ම එය වැඩි තහවුරු කරමින් මෙවර අයවැයෙන් මෝටර් රථ දුම් සහතිකය සදහා මෙතෙක් අය  කල රුපියල් 1200 ක පමණ සාමාන්‍යයක් වූ  මුදල රුපියල් 5000 දක්වා වැඩි කොට තිබේ.

තකහනියේ දුම් සහතිකය වැඩිකිරීමට යෝජනා කෙළේ කවුරුන්ද යන වග අප සොයා ගිය විට දැන ගැනීමට ලැබුනේ පරිසරය විනාශ කරද්දී දෑස් පියාගෙන සිටින පරිසර ඇමැති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් අය වැය සඳහා මෙම අහස පොලොව නුහුලනා දුම් සහතික ගාස්තුව හතර ගුණයකින් වැඩි කෙරෙන යෝජනාව ඇතුලත් කොට ඇති බවයි.

පසුගිය රාජපක්ෂ රෙජීම  පාලන  කාලයේ සිට ඉන් සියයට 5 % ක් ගියේ රාජපක්ෂ බේබිලාගේ අතට ය. දැන් එය 10% ක් වී සම්පුර්න මුදල වන රුපියල් ලක්ෂ 54000 න් ලක්ෂ 5400 ක් හෙවත් කෝටි 54ක් යන්නේ යහපාලන සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට ය.  දැන් යහපාලන සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට එම මුදල මදි වී ඇත. එම නිසා රුපියල් 1200 ය ක මුදල රුපියල් 5000 ක් ලෙස වැඩිකිරීමට මෙවර අයවැය යෝජනාවට ඇතුලු කර ඇත.

වාහන දුමෙන් හානි සිදුවනවා කියා කිසියම් සාමාන්‍ය පුද්ගලයෙකු යොදවා අංක SC/569/98 දරණ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ පවරන්නේ ය. ඒ පවරන්නේම මෙම මහා ධන උල්පත දෙස බලා සිටින පුද්ගලයන්ම ය. එහිදී එවක කුප්‍රකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කරන්නැයි පරිසර අමාත්‍යාංශයට සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවට කියන අතර එම ආයතන ගෙන එන ක්‍රමවේදය මෙකී දුම් සහතික ජාවාරමයි. පුදුමය නම් මෙම දුම් සහතික නිකුත් කිරීම ආණ්ඩුව කරනවා වෙනුවට එය පවරන්නේ වෑගපිටියගේ ලාෆ් එකෝ ශ්‍රී ලංකා සමාගමට සහ අක්බාර් බ්‍රදර්ස්ලාගේ ක්ලෙන්කෝ ලංකා සමාගමට වීමය. ඔවුන් මේ සඳහා ප්‍රාග් ධනය ලෙස වියදම් කර ඇත්තේ එක් සමාගමක් රුපියල් මිලියන 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් පමණි. නමුත් එක් වසරක ආදායම පමණක් මිලියන 5000 ට වැඩිය. මෙයින් ආණ්ඩුවට ලැබෙන්නේ 10% ක සොච්චම් ආදායමක් පමණක් යැයි කීවහොත් පිලිගත හැකිද? නමුත් සත්‍ය එයයි. අනෙක් 90% ම යන්නේ මෙකී පුද්ගලික සමාගම් දෙකට ය. හරිනම් සිදුවිය යුත්තේ මෙහි අනෙක් පැත්තයි. සියයට 90 ක් ආණ්ඩුවට හෙවත් මහජනයා අතට ගොස් සමාගම් වලට සියයට 10 ක් ලැබීමයි. මෙහිදී වඩා පුළුල් සමාගම වෑගපිටියගේ සමාගමයි. සත්‍ය වශයෙන්ම කිවහොත් මේ මහා ධනස්කන්ධය වක්‍රව යන්නේ දේශපාලනඥයන්ගේ අතට ය. පසුගිය රෙජීම සමයේ එය රාජපක්ෂ රෙජීමය විසින් ලබා ගත් අතර හිටපු පරිසර ඇමැති චම්පික රණවක අතටද ගානක් ගියේ නැතැයි කීමට නොහැකිය. දැන් මේ මහා  ධනය යන්නේ වෑගපිටිය හරහා සිරිසේන සහ දූ පුත්‍ර සමාගමටය. එය සියයට 10 ක් යැයි කීවද ඊට වඩා බොහෝ වැඩි බවත් එය 30% ක් පමණ බවත් දැන් දැන් ලැබෙන වාර්තා අනුව පෙනී යයි.

එසේ වී තිබියදී මෙලෙස රු. 1200 ක පමණ සාමාන්‍යයක් වූ මුදල රුපියල් 5000 ක් කළ විට එය කෙතරම් අසාධාරණ වැඩි කිරීමක්ද? මෙම මුදල අය වැයෙන් පැනවූ බද්දක් නොවේ. බදු මුදලක් නම් එය මහා භාණ්ඩාගාරයට ගියද මෙය බදු මුදලක් නොව අමු අමුවේම පෙර කී කොම්පැනි වල ගාස්තුව ඉහල දැමීමකි. මේ ඉහල දැමූ රුපියල් 5000 න් රජයට ලැබෙන්නේ රුපියල් 500 ක් වැනි සියයට 10 ක් පමනි. ඉතිරි 4500 ම යන්නේ වෑගපිටිය හරහා සිරිසේන සහ දූ පුත්‍ර සමාගමය.

==================================

සිරිසේන දූ සමාගම ජනක සමග හෙළුවෙන් රාජ්‍ය මුදල් හඹායති: දැන් යෝෂිතගේ ප්‍රචාරක කටයුතු කරන්නෙත් ඇයයි

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.26, ප.ව‍. 4.45) ශ්‍රී ලාංකිකයින් අප සැවොම අති දූෂිත  රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට වෙහෙස වූයේ වෙසනක්, යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසාය. නමුත් යහපාලනය යනු සිරිසේන දු සමාගම බවට පත් වී ඇත්තේ ජනතා විශ්වාසය වල පල්ලට යවමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා වේදීකාවේදී පැවසු සියල්ල ඔහු විසින්ම උඩු යටිකුරු කොට ඇත.  රාජපක්ෂවරුන් පවා සොරකමට අවතීර්ණ වීමට කල් බැලූ නමුත් මෛත්‍රීපාල මහතා ජනාධිපතිවීමට පෙර පොළොන්නරුවේ සාමාන්‍ය ස්ටුඩියෝවක් පවත්වාගෙන යමින් සිටි සිරිසේන දූ සමාගම මාස  කිහිපයකින්ම දූෂිත ක්‍රම ඔස්සේ මුදල් උත්පාදනයට අත ගසා ඇත . සුපුරුදු  ‘මම දන්නේ නෑ‘ වැනි නිර්ලජ්ජිත ප්‍රකාශ හැර කිසිවක් මෛත්‍රීපාල මහතාට වෙන වදනක් ඉතිරිව නැත.

මේ වන විට සිරිසේන දූ සමාගමේ ව්‍යාපාර බොහොමයක් ඇත. එය හෝටල්, දුම් සහතික, වෙළද ප්‍රචාරණය, මෝටර් රථ ආනයනය, කළු සල්ලි සුදු කිරීම, ඇතුළු විවිධ අංශ කරා මේ මාස කිහිපය තුල විහිද ඇත. අද අප වාර්තා කරන්නේ එම අංශ අතරින් වෙළඳ ප්‍රචාරණ අංශයේ දූෂණ පිලිබඳව ය.

ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා උදෙසා සත්හඬ  පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ වන විමල් කැටපේආරච්චි මහතා විසින් මනරම් ගීතයක් නොමිලේම නිර්මාණය කළේය. එම ගීතය කසුන් කල්හාර මහතා විසින් සංගීතය යොදා ගායනය කරන්නේද කිසිදු මුදල් අය  කිරීමක් නොමැතිවය. මීට හේතු වන්නේ නව පරපුර නම් සංවිධානයේ අමා  විජේසේකර සහ කසුන් කල්හාර ගේ මිත්‍ර ඉන්ද්‍රචාප ලියනගේ මහතාගේ ඉල්ලීම බලවත් වීමත් කසුන් කල්හාර මහතා පැවති රාජපක්ෂ ක්‍රමයට එරෙහිව හඬ නැගූ කලාකරුවෙකු වීමත්ය. අවසානයේ ගීතය සඳහා රූප රචනා කිරීමට මයිත්‍රීපාල  සිරිසේන පොදු අපේක්ෂකයාගේ  නැවුම් දර්ශන සොයන ඔවුනට ජනක නම් කැමරා ශිල්පියාව මුණ ගැසේ. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ රැස්වීම් සඳහා  මුදලට කැමරා උපකරණ කුලියට දී තිබූ ඔහු සතුව මෛත්‍රීපාල  සිරිසේන පොදු අපේක්ෂකයාගේ දර්ශන විශාල ප්‍රමාණයක් තිබීම හේතුකොට ඔහුට එම ගීතය සංස්කරණය කිරීමට අවස්ථාව සැලසේ.

====================================

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2015
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: