22
ඔක්.
15

මහින්දට ඉතාමත් සීඝ්‍රයෙන් සමාව දෙමින් සිටින…

October 19 at 12:16pm ·

මහින්දට ඉතාමත් සීඝ්‍රයෙන් සමාව දෙමින් සිටිමි !

මහින්ද කල දාහකුත් හොඳ අතරේ කල ඇතැම් ගොබ්බ වැඩ වලට ප්‍රසිද්ධියේ බැණ නොවැදුනද… (රනිල් පොරක්ය කියලා හිතං ඉන්න ගොබ්බ හැත්තකට ඉනිමං බඳින්න උවමනාවක් නොමැතිකම නිසා… – එය ඉතාමත් නුවණැති හා නිවැරදි තීරණයක් බව අද වෙනකොට වඩාත් හොඳින් ඔප්පු වී හමාරය) අපිද සිත යටින් බැන වැදුන අතර… මහින්ද පාක්ෂික හිතවතුන් සමඟ එවැනි දේ ගැන විවෘතව සාකච්ඡා කලෙමි… ඇතැම් දේ ගැන අපගේ අදහස හැකි මාර්ග වලින් අදාල තැන්වලට දන්වා යැවීමද කර ඇත…

අපටද පාලනය කරගත නොහැකි වූ එවැනි ඇතැම් දේවල් එදා මහින්ද විසින් කිරීම අපද කල කිරවන සුළු වූවද… අනිත් පසින් බලය අල්ලා ගැනීමට දත කමින් සිටි පාහරයින් හා ඔවුන්ගේ අනුගාමික පාහරයින්ගේ ඇති විනාශකාරී ස්වභාවය පිළිබඳව අපට වූ නිසි තක්සේරුව මත හැකි තාක් එවැනි දේට විරුද්ධව නැග ආ ප්‍රහාරයන්ට විරුද්ධව ප්‍රසිද්ධ තැන්වල අපට පෙනී සිටින්නටද විය… සතුරන්ට එසේ මුහුණ දුන්නද ඇතුලතින් අපටද කලකිරීමක් හා අසතුටක් තිබුණි. අප අප අතරේ මහින්දට බැන ඇති වාර ගණන අපමණය…
එහෙත්…

අද වන විට ඒ සියළුම වැරදිවලට මහින්දට සමාව දීමට අපට සිදු වෙමින් පවතී… දවසින් දවස.. මොහොතින් මොහොත.. තත්පරයෙන් තත්පරය.. රනිල්-සිරිසේන මෝඩ තකතීරුවන් දෙදෙනා හා උන්ගේ ඇම්බැට්ට සහචරයින් විසින් මේ රට ඇදගෙන යන ආගාධය පෙනෙද්දි… මහින්ද කල ඇතැම් වැරදිවලට පවා යම් සාධාරණ හේතු තිබිය හැකි බව දැන් දැන් මට සිතෙයි.. එසේ හේතු ඇතත් නැතත්… ඒ සියල්ල අද වන දේට වඩා සැර අඩුය… එහෙයින්… අන් අය කෙසේ කීවද… මම නම් දවසින් දවස… මහින්දගේ සියළු වරදට සමාව දෙමින් සිටිමි… අද රට කරවන අමනයින්ගේ තත්වය හමුවේ මහින්ද යනු කලකින් රටකට පහල වන අන්දමේ සෑහෙන පිරිසිදු දේශපාලන චරිතයකි..

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2015
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: