22
ජූලි
15

පවුල්, පවුල්වාදය, පවුල් පාලනය, හොඳ නැහැ කිව්වේ සමලිංගිකයෝ

FantasyU Rathana

යහපාලනයත් පවුල් පාලනයට හැරේ

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ නැගුන ප්‍රමුඛ මතවාදයක් වුයේ පවුල් පාලනයට එරෙහි වීමයි.ඔවුන් යහපාලනය කියා දෙයක් සමාජ ගත කලේද පවුල් පාලනය ඊට අවකාශයක් නැති බැවිනි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය ආරම්භ කලේද සිය සොහොයුරු කුමාරසිංහ අති විශාල වැටුපකට ටෙලිකොම් සභාපති කරමිණි. එමෙන්ම ඔහුගේ තවත් සොහොයුරකු වූ කපිල සිරිසේන කතරගම බස්නායක නිලමේ කමට පත්කලේද යහපාලන අනුහසිනි. මෛත්‍රී යහපාලනය පවරාගෙන සිටින විට අනෙක් සහෝදරයින්ට පැවරී තිබෙන්නේ පොළොන්නරුවේ හාල් පාලනය ,වැලි පාලනය ,ගල් පාලනය, ගස්පාලනය ආදී ප්‍රත්‍යන්ත කටයුතුය. ඊට හේතුව ඔවුන්ට වැඩි අධ්‍යාපනයක් නැති නිසා මිස මෛත්‍රී පවුල්පාලනයට තිත තබා ඇති නිසා නොවේ.

පවුල්වාදයට එරෙහිව ආ යහපාලන ආණ්ඩුව යටතේද අමාත්‍ය ලේකම්වරු පත්කිරීමේදී සැමියා සහ භාර්යාව යන දෙදෙනාම ලේකම්වරු වශයෙන් පත්කරන ලද අවස්ථා ගණනාවක් තිබේ. සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්කර ඇති අතර ඔහුගේ බිරිඳවන රේණුකා ඒකනායක මහත්මිය සමාජ සේවා සුභසාදන හා පශුසම්පත් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කර සිටින්නේය. එමෙන්ම වරාය නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් එල්.පී. ජයම්පතී මහතා පත් කර සිටින අතර ඔහුගේ බිරිඳ වන එච්.ඩී.එස්. මල්කාන්ති මහත්මිය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කර සිටින්නේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට රවී කරුණානායක ඇමතිවරයාගේ මස්සිනා කෙනෙකු වන බන්ස ජයා මහතා පත්කර ඇත්තේ ලක්ෂ 06 මාසික වැටුපකට බව අනාවරණය විය. ඔහු ශ්‍රී ලංකා පොලීසියේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම තනතුරට පත් කර ඇත.

බන්ස ජයා මහතා රවී කරුණානායක ඇමතිවරයාගේ බිරිඳගේ සහෝදරයෙකි.ඔහුට රක්ෂණ සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ වශයෙන් රුපියල් ලක්ෂ 6කට අධික වැටුපක් ලැබෙන්නේ යහපාලනය තුළ පවුල් පාලනයට තිතතැබූ නිසා විය යුතුය. (සබාවේ සිනා ) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තිබේන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරන රවී කරුණානායක යටතේය.
මේ හුරුනුවිට ජනාධිපතිවරයාගේ ලොකු බෑනා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධීකරණ නිලධාරීලෙස පත්කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ ඇමතිගේ පුතා පත්කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සාගල රත්නායකගේ සහෝදරයකු වූ කාවන් රත්නායක ලේක්හවුස් සභාපති ලෙස පත්කර තිබෙන අතර අගමැති ඇතුළු අකිල විරාජ්, මංගල වැනි අයගේ පත්කිරීම් පවුල්වාදයට එහා ගිය සමාජ සදාචාරයටද පටහැනි එකක් වෙයි.(සිරිකොතේ FB මඩ බලකායට නිලමට්ටමින් බදවාගෙන සිටින අය ගැනද එබදු කොතකුත් කතා ඇතත් ඒ අය ඉහත ආකාරයේ “පත්කිරීම්” ලෙස ගණන් නොගැනුණි. ඔවුන්ගේ රුචිඅරුචිකම් මත රු 3600 වැනි සුළු මුදලක් උපයා ගන්නේ නම් ඒ ගැන අප අමානුෂිකව නොබලන බව කරුණාවෙන් සලකන්න.)

අනෙක් කාරණය 2010 සිට සරත් ෆොන්සේකා ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුක සටන් පාටයක් වූයේ පවුල් පාලනයට විරුද්ධ වීමයි. ඔහු මෙවර මුළු පවුල පිටින්ම මැතිවරණයට ඉතිරිපත් වන්නේ තමා ඊට ප්‍රයෝගිකව තිත තබන ආකාරය බලයට ඒමටත් කලින් පෙන්වීමට වියයුතුයි.

Medhananda Himi
රත්තනදෙණියේ මේධානන්ද හිමි

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2015
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: