27
මැයි
15

වාමාංශික බැල්ලියෙකුට හා අමරකීර්ති නං හිවලාට පිළිතුරු

හමුදාව වීරයන් වන්නේ කෙසේද ?

“අතිශයෙන්ම පාඨකයිනට පමණයි”

පවත්නා ක‍්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුලියට සටන් කරන මෙරට හමුදාව වීරයන් වන්නේ කෙසේදැයි මෑතකදී මගේ මිතුරියක් මා සමග තර්ක කළාය. එය අලූත් වාදයක් නොවුනද එදා ඒ සුපුරුදු වාදය නැවත මතුවූයේ ලියනගේ අමරකීර්ති විසින් තම කුරුළු හදවත නවකතාවේ ඇතුළත් කර තිබූ හමුදාව සම්බන්ධව ද්වේශ සහගත අපහාසාත්මක යෙදුමක් මුල් කොටගෙනය. මගේ මිතුරිය ජවිපෙ හිටපු කි‍්‍රයාකාරිණියකි. පසුව ඇය පෙරටුගාමී පැනනැගීමත් සමග ඒ දෙසට ඇදී ගියාය. චේ ගුවේරා, ලෙනින්, විජේවීර, කැස්ත්‍රෝ, ආදී පිරිසක් ඇගේ ලෝකයේ පරම වීරයෝය.
හමුදාව සම්බන්ධව ඇය මතුකළ ප‍්‍රශ්නයට මම දුන්නේ කෙටි පිළිතුරකි. මගේ පිළිතුර වූයේ කොටි ත‍්‍රස්තවාදය පැරදවූ ලංකාවේ හමුදාව වීරයන් නොවන්නේ නම් චේ ගුවේරා, ලෙනින්, කැස්ත්‍රෝ ආදීහුද වීරයන් විය නොහැකි බවය. එහෙත් මා දුන් පිළිතුරේ දිග පළල ඇය හරි හැටි වටහාගත් බවක් පෙනෙන්නට නොවීය.

තවත් සිදුවීමක් මෙහිදී මගේ මතකයට නැගේ. එයද පෙරටුගාමී සාමාජිකයෙකුට සම්බන්ධ එකකි. විමල් වීරවංශ විසින් කැප්පෙටිපොළ වැනි වැඩවසම් රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි වළව්කාරයකු වීරයෙක් කොට සමරන්නේ මන්දැයි පෙරටුගාමී මිතුරා මගෙන් විමසා සිටියේය. මා ඔහුට දුන් පළමු පිළිතුර වූයේ විමල් පමණක් නොව පෙරටුගාමීන් විසින් අගයනු ලබන රෝහණ විජේවීරද කැප්පෙටිපොලගේ රූප මැයි පෙළපාලියේ රැගෙන ගිය බවය. මගේ දෙවැනි පිළිතුර වූයේ කැප්පෙටිපොල සැමරීම අරුත් විරහිත කි‍්‍රයාවක් වන්නේ නම් චේ ගුවේරා, ලෙනින් හෝ ඔක්තෝබර් විප්ලවය සැමරීමද අරුත් විරහිත කි‍්‍රයාවක් බවය. මේ දෙදෙනාට ලබාදුන් පිළිතුරු තරමක් විස්තාරණය කොට කීමට මෙය හොදම අවස්ථාවක් යැයි මට සිතේ. ඒ යුධ ජයග‍්‍රහණයේ හයවැනි සමරුවත් සමගම හමුදාවේ වීරත්වය පිළිබද සංවාදය උනුසුම් ආකාරයෙන් නැවතත් අලූත් වී තිබීම නිසාය. මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ අපේ හමුදාව වීරයන් නොවේ නම් ලෙනින්ගේ රතු හමුදාවද වීරයන් නොවන්නේ මන්දැයි යන්න වැඩි දුරටත් පැහැදිලි කර දීමය.
වීරත්වය යන්න මුළුමනින්ම පාහේ රදා පවතින්නේ සාපේක්ෂ සාධක මතය. ඕනෑම වීරයෙකුට වීරයකු විය හැකි වන්නේ තමාට අදාල නිශ්චිත තත්ත්වයන් ප‍්‍රමාණයක් යටතේය. එවන් සීමා මායිම් සියල්ල ඉක්මවා ඒ සියල්ලට ඉහලින් සිටින සදාතනික, සර්ව සාධාරණ, උත්තර් ඓතිහාසික වීරයන් නොමේරූ වාමාංශිකයන්ගේ මනෝ ලෝක තුළ මිස සැබෑ ලෝකය තුළ සිටිය නොහැකිය. කෙතරම් විශාල වීරයකු වුවද හේ සමස්ථ ලෝකය හා මිනිස් විෂය ඉදිරියේ බෙහෙවින් කුඩාය. සියලූ පාර්ශවයන්ගේ පැසසුමට එක ලෙස ලක්වන වීරයන්ද ලෝකයේ නැත. වීරත්වය හා සර්ව සාධාරණත්වය යනුම එකට තැබීමට අසීරුම සාධක දෙකකි. ඕනෑම වීරයකු තුළ නොයෙකුත් අබල දුබලතා සහ ලූහු තැන් කොතෙකුත් පවතින අතර ඕනෑම වීරයෙකුගේ වීරත්වය සාහසික ලෙස තර්කයේ ප‍්‍රශ්න කිරීමටද ලක් කළ හැකිය.
-වැඩවසම් රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි කැප්පෙටිපොළ වීරයකු විය හැකිද?

-උතුරේ කෝනේශ්වරීලා දූෂණය කළ සිංහල හමුදාව තිරිසනුන් පිරිසක් නොවේද?

-උතුරේ යුද්ධය නිමාවූ පමණින් උතුරේ මිනිසුන්ට සැනසිලිදායක ජීවිතයක් උදාවී තිබේද?
ආදී වශයෙන් නැගෙන ප‍්‍රශ්න සැලකිය හැක්කේ වීරත්වයේ ලූහු තැන්, සංදර්භමය තත්ත්වයන්, හා එහි සීමා මායිම් පිළිබද මතු කෙරෙන තර්කයේ ප‍්‍රශ්න කිරීම් ලෙසය. ඒ ප‍්‍රශ්න මුළුමනින්ම නිශේධ කළ හැකි දේවල්ද නොවිය හැකිය. එහෙත් මා සමග වීරයන් ගැන වාද කළ මිතුරියට සහ මිතුරාට අමතක වී ඇති කාරණය වන්නේ ඔවුන්ගේ පරම වීරයන් වන ලෙනින්, චේ හෝ කැස්ත්‍රෝ සම්බන්ධවද එවැනි ප‍්‍රශ්න ඇති තරම් මතු කළ හැකි බවය. ලෙනින්ලා, චේලා මගේ ලෝකයේද වීරයන් වන නමුත් වෙනස වන්නේ ඔවුන් මට පරම වීරයන් නොවීමය. පරම වීරයන් කිසි තැනක නොමැති අතර මා වීරයන් අගයන්නේ ඊට අදාල සංදර්භමය තත්ත්වයන් සාපේක්ෂව සලකා බලාය.
කැස්ත්‍රෝගේ විප්ලවය ජයගත් පමණින් කියුබානු ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසදී එරට සුර ලෝකයක් බවට පත්වූයේ නැත. විජේවීර ඇතුලූ දහස් ගණනක් ජීවිත දුන් පමණින් ලංකාවේ සමාජවාදය උදාවූයේද නැත. ලෙනින්ලාගේ මාඕලාගේ දේශපාලන අරගල නිසාද සෘජු හා වක‍්‍ර ලෙස අහිංසක මිනිසුන් කෝටි ගණනක් ඝාතනයට හා හිංසනයන්ට ලක්වූහ. ස්තී‍්‍රන් දූෂණය වූහ. ඊට වන්දිය ලෙස ඔවුන් සූත‍්‍ර ගත කළ ආකාරයේ පරමාදර්ශී සමාජයක් මිහිපිට පහළ වූයේද නැත. වාම කදවුරේ වීරයන් පමණක් නොව, මැන්ඩෙලා, ගාන්ධි, ලී ක්වාන් යූ, ආදී සියලූ වර්ගවල දේශපාලන වීරයන්ගේ අරගලවලින් අහිංසක ජනයා ඝාතනයට හා හිංසනයට ලක්වූහ. අවිහිංසාවාදී යැයි කියන මහත්මා ගාන්ධිගේ අරගලයද කියන තරම් අවිහිංසාවාදී එකක් නොවීය. සියලූ පාර්ශවයන් එක විට එක ලෙස තෘප්ත කළ හැකි භූමිකාවක් කිසිදු දේශපාලන නායකයකුට ඉතිහාසය විසින් කිසිදා හිමි කරදී නැත.
එහෙයින් මේ කාරණා අනුව ප‍්‍රශ්න කළහොත් ලෝකයේ සිටින සියලූම වීරයන් දඩු කදේ ගැසීම දක්වා වුවද මේ ප‍්‍රශ්න කිරීම නිසැකවම දුර ගෙන යා හැකිය. එය වීරයන්ගේ වරදක්ද නොවේ. එය එසේ වන්නේ යම් යම් පරිසරයන් තුළ විශාල වීරයන් වන සියලූදෙනා සමස්ථ ලෝකය හමුවේ කුරා කුහුඹුවන් වන නිසාය. වීරයන්ට තම බල පරාක‍්‍රමය ඔස්සේ මහා ලෝකය ආන්බාන් කළ හැක්කේ ඉතා කුඩා සීමාවක් දක්වා පමණි. වීරයන් ගැන මිනිසුන්ට ඇති හැගීමද තර්ක බුද්ධියට වඩා හදවතට ආසන්නය. එහි ඇති වරදක්ද නැත. භාව ලෝකයද මිනිසාගේ සැබෑ ජීවිතයේ විශාල කොටසක් ආවරණය කොට ගෙන සිටින අතර ඔහු ඊනියා භෞතික වාස්තවික ලෝකයක පමණක් ජීවත්වන්නෙක් නොවේ. මේ කාරණා දුරට තේරුම් නොගෙන පරම සදාතනික වීරයන් ගැන නන් දොඩවන්නෝ තමන්ගේ සිතීමේ සීමාකම් ගැන නැවතත් සිතා බලන්නේ නම් අගනේය.
හමුදාව පිළිබද ප‍්‍රශ්නය නැවත සලකා බලන්නේ නම් ලංකාවේදී පමණක් නොව ලෝකයේ කිසි තැනකදී යුද්ධය සර්ව සාධාරණ විසදුමක් නොවන බව නොකිව මනාය. සංකීර්ණ දේශපාලන ප‍්‍රශ්නවලට සර්ව සාධාරණ විසදුම් තිබිය නොහැකිය. යුද්ධයෙන් එක අහිංසකයෙකුට හෝ හානියක් සිදුවේ නම් එය සර්ව සාධාරණ විසදුමක් වන්නේ නැත. එසේ වුවද එය සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වන අවස්ථාවලදී අපට අකමැත්තෙන් වුවද යුද්ධය තෝරා ගැනීමට සිදුවෙයි. හාල්මැස්සෙකුට හෝ හානියක් නොවී සාමයෙන් ප‍්‍රශ්න විසදාගත හැකි නම් එය බෙහෙවින් අගනේය. එහෙත් අපට ප‍්‍රශ්න හා අභිමුඛ වීමට සිදුවන්නේ මනෝ ලෝක කල්පනා යටතේ නොව පවත්නා සැබෑ තත්ත්වයන් යටතේය.
උතුරේ ප‍්‍රශ්නය සලකා බලතොත් සාමයෙන් එය විසදාගැනීමට එල්ටීටීඊයට කිසිදු වුවමනාවක් නොවීය. දේශපාලන අරගලයක තිබිය යුතු අවම තරමේ සදාචාරමය වටිනාකම් ගැන හෝ ඔවුන්ට කිසිදු හැගීමක් නොවීය. වචනයේ පරිසමාප්ත අරුතින්ම ඔවුන් කටයුතු කරන ලද්දේ සාහසිකත්වයේ ඉහලම තැනක සිටි මිලේච්ඡ ත‍්‍රස්ත කල්ලියක් ලෙසය. ඔවුන් මෙල්ල කිරීම සදහා යුධමය කි‍්‍රයාමාර්ග හැර වෙනත් කිසිදු ක‍්‍රමයක් නොතිබූ අතරම මෙරට හමුදාවේ කාර්යභාරය සුවිශේෂී වන්නේද මෙකී සන්දර්භය යටතේය. එසේම උතුරේ යුද්ධය සැලකිය හැක්කේ ලෝකයේ වෙනත් යුද්ධවලට සාපේක්ෂව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අඩුවෙන්ම වාර්තා වූ අවස්ථාවක් ලෙසය. අපරාධ අඩු වූවා පමණක් නොව මහා පරිමාණයෙන් සිවිල් වැසියන් ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගැනීමට එහිදී රණවිරුවන් කළ කැපකිරීමද අතිශයින් විශේෂිතය. ජාති භේදයකින් තොරව මිනී කදුගොඩ ගැසීම නවතා රටට සාමය උදාකළ හැකිවූයේ ඒ කැපවීමේ ප‍්‍රතිපලයක් ලෙසය.
වියට්නාම් යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ ඇමරිකන් ආක‍්‍රමණිකයා පළවා හැරීමය. දෙවැනි ලෝක යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ හිට්ලර් පරාජය කිරීමය. ඒ හැම විසදුමකම විනාශකාරී පැත්තක්ද ඇති නමුත් සමස්ත චිත‍්‍රය අනුව බලන විට වඩා සාධාරණ හා මානව හිතවාදී විසදුම් වන්නේ එවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ආකාරයටම උතුරේ යුද්ධය හමුවේ ගත හැකිව තිබූ හොදම සාපේක්ෂ සාධාරණ විසදුම වන්නේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමය. එය සාධාරණ විසදුමක් වන්නේ රටට ජාතියට ආගමට පමණක් නොව පොදු මනුෂ්‍යත්වයටද සාපේක්ෂවය. ත‍්‍රස්තවාදය පැරදවීම සිංහලයාගේ ජයග‍්‍රහණයක් පමණක් නොව පොදු මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක්ද වන්නේය. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මෙරට හමුදා සෙබලූන් වීරයන් වන්නේ ඒ සන්දර්භය තුළය. යුද්ධය විනාශකාරී වූ පලියට, හමුදාව හිංසනයේ ආයතනයක් වූ පළියට, හමුදා සෙබළු අතින් අපරාධ සිදුවූ පලියට, යුද්ධයෙන් සියලූ ප‍්‍රශ්න අවසාන නොවූ පලියට, සමස්ථයක් ලෙස රණවිරුවන් කළ කාර්යභාරයේ ඓතිහාසික හා මානුෂීය වැදගත්කම කිසි ලෙසකින්වත් අහෝසි නොවේ. චේ ගුවේරා එක්තරා සන්දර්භයක් තුළ යම් ආකාරයකට වීරයෙක් වූවා සේම ඉහත කී සන්දර්භය තුළ අපේ හමුදාවටද ඒ වීරත්වය හිමිවිය යුතුමය. අප විසින් සදා සැමරිය යුතුවන්නේ එකී මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණය මිස යුද්ධය නොවන බව ඔල්මාදකාරයන්, මෝඩයන් හෝ අමු තක්කඩියන් නොවන ඕනෑම අයකුට වැටහෙයි.
එසේ වුවද අද යුධ සැමරුම්වල අමානුෂික බව ගැන, වාර්ගික සහෝදරත්වයේ බල මහිමය ගැන අපට පාඩම් කියාදීමට විකල්ප ගෝත‍්‍රවාදීහු පිරිසක් පෙරට පැමිණ සිටිති. අලූත් නමක් ඔවුන්ට තිබුණද කි‍්‍රයාවෙන් ඔවුන් තුළ ඇත්තේ පරණ සුපුරුදු මිලේච්ඡත්වයමය.
එදා බස්වල බෝම්බ පුපුරන විට එය දකුණේ නරුම සිංහලයන්ගේ ආතල් කැඞීමක් බව තෘප්තියෙන් පැවසූ මේ පිරිස, උතුරේ ත‍්‍රස්තවාදීන්ට එල්ල කරන ප‍්‍රහාර දුටුවේ අහිංසක දෙමළ වැසියන්ට එරෙහි වර්ග සංහාරයක් ලෙසය. පසුගිය කාලයේදී උතුරේ ඇති කොටි ස්මාරක හමුදාව විසින් කඩා බිද දමන බව පවසමින් දිවා රෑ වැලපුනේ, අද යුධ සැමරුම් එපා යැයි දිවා රෑ වැලපෙන මේ පිරිසමය. එදා සිටම ඔවුහු කොටියාට විමුක්ති අරගලයේ අනුහසත් අපට සාම සංහිදියාවේ වැදගත් කමත් දේශනා කළෝය. කිසිදු ප‍්‍රශ්නයක් දෙස අවම හෝ මනුෂ්‍යත්වයේ ඇසකින් නොබැලූ මේ පිරිස ඒ සියල්ල තම තිරස්චීන ජාතිවාදී දේශපාලනයේ ගෝස්තරවාදී මෙවලම් බවට පත් කර ගැනීමට උත්සාහ දැරූහ. රට ඉදිරියේ ඇති තීරණාත්මක අනාගත තර්ජනය වන්නේ ඊනියා යහපාලනයක අනුග‍්‍රහයෙන් අද මේ පිරිස රාජ්‍ය බලයටද අත ගසා සිටීමය. මහින්ද වටා රොක්වී සිටි පාදඩයන් අත තිබූ රාජ්‍ය බලයට වඩා මේ ඊනියා මහත්වරුන් අත ඇති රාජ්‍ය බලය රටට හා මනුෂ්‍යත්වයට තර්ජනයක් වන්නේය. ඉදිරි මැතිවරණවලදී අප විසින් තීරණාත්මක ලෙස සැලකිල්ලට ගත යුතු කාරණය එය බව කල් තියා සදහන් කර තැබිය යුතුය.
”කැස්ත්‍රෝගේ විප්ලවය ජයගත් පමණින් කියුබානු ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසදී එරට සුර ලෝකයක් බවට පත්වූයේ නැත. විජේවීර ඇතුලූ දහස් ගණනක් ජීවිත දුන් පමණින් ලංකාවේ සමාජවාදය උදාවූයේද නැත. ලෙනින්ලාගේ මාඕලාගේ දේශපාලන අරගල නිසාද සෘජු හා වක‍්‍ර ලෙස අහිංසක මිනිසුන් කෝටි ගණනක් ඝාතනයට හා හිංසනයන්ට ලක්වූහ. ස්තී‍්‍රන් දූෂණය වූහ. ඊට වන්දිය ලෙස ඔවුන් සූත‍්‍ර ගත කළ ආකාරයේ පරමාදර්ශී සමාජයක් මිහිපිට පහළ වූයේද නැත. වාම කදවුරේ වීරයන් පමණක් නොව, මැන්ඩෙලා, ගාන්ධි, ලී ක්වාන් යූ, ආදී සියලූ වර්ගවල දේශපාලන වීරයන්ගේ අරගලවලින් අහිංසක ජනයා ඝාතනයට හා හිංසනයට ලක්වූහ. අවිහිංසාවාදී යැයි කියන මහත්මා ගාන්ධිගේ අරගලයද කියන තරම් අවිහිංසාවාදී එකක් නොවීය. සියලූ පාර්ශවයන් එක විට එක ලෙස තෘප්ත කළ හැකි භූමිකාවක් කිසිදු දේශපාලන නායකයකුට ඉතිහාසය විසින් කිසිදා හිමි කරදී නැ”
-ඉසුරු ප‍්‍රසංග

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2015
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: