26
පෙබ.
15

ෆුටා…. හුටා…. බාටා….

Nirmal-Ranjith-e1382513813136-150x150

942872_472636409479088_1921220828_n

FUTA71012

Social Media Freedom Front

 February 23 at 8:29am ·

 නිදහස් අධ්‍යාපනය උදෙසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනු! ඒ ඔවුනගේ ප්‍රධාන සටන් පාඨය විය. මාස ගණනක් විශ්ව විද්‍යාල එම වර්ජනය නිසාවෙන් වසා තැබුනි. ඔවුහු පා ගමන් ගියහ. මහ මාවත්හි කෑ මොර දුන්හ. උතුරේ සටන් නිමව තිබූ එකල 6% සටන විසින් ජන මාධ්‍ය අරක් ගත්තේය. 6% සටනට එකල රජයේ සිටි හෙළ උරුමයේ නොනිළ සහයද ලැබුනි. හෙළ උරුමය නි‍යෝජනය කරන අනුරුද්ධ ප්‍රදීප් විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු ලෙස එම සටනේ ඉදිරියෙන්ම සිටියෙකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එම සටනට එක් විය. ධවල පත්‍රිකාව ගෙනා රනිල් වික්‍රමසිංහගේ එජාප සහයද ඔවුනට ලැබුනි. ලංකාව තුළ සමාජ ජාලා වෙබ් අඩවි හරහා කිසියම් සමාජ උද්ඝෝෂණයකට ජවයක් අත්හදා බැලුනු ප්‍රථම සටන එය විය. ඉන් පසුව එවැනි ජවයක් ෆේස්බුක් හරහා ලබා ගත්තේ හලාල් විරෝධය අවුලුවාලීමටයි. චම්පික රණවක ජාතිවාදය අවුලුවනවා යන චෝදනාව මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා තහනම් කෙරිනි. 6% සටන මෙන්ම හලාල් විරෝධී සටන හරහා ආමන්ත්‍රණය කෙරුනේ තරුණයාටය. පරාජයෙන් කෙළවර වූ හලාල් සටනෙන් පසුව චම්පික සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැපවුනි. පරාජයෙන් කෙළවර වුනු 6% සටනෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ක්‍රියාකාරීන් ද සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප වුනි. එකල FUTA සභාපති වූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා, පසුව මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛව අරඹන ලද සාධාරණ සමාජයක් සඳහා සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශකයා වූ අතර වත්මන් යහපාලන වෙනස ඇති කිරීම සඳහා උර දී කටයුතු කළේය. 6% සටනට සහ හලාල් විරෝධය හරහා ආණ්ඩු විරෝධී වූ බොහෝ තරුණයන්ගේ සරල මනස යහපාලනය සහ සොරුන්ට දඬුවම් දීම පිලිබදවද ඇති කර ගත්තේ යහපත් බලාපොරොත්තුවකි. නමුත් පසුගිය පෙබරවාරි 17 දා දෙරණ වාද පිටියට සහභාගි වෙමින් දේවසිරි මහතා හොරුන් නොඅල්ලන බව පවසා සිටියේ එය අනපේක්ෂිත තත්වයක් නොව එය ඔවුන් බලාපොරොත්තු වූ තත්වයක් බව හගිස්සවමිනි. යහපාලනය යනු ඒ අවස්ථාවේ යොදාගත් අලංකාරිකයක් බව ඒ මහතා පැවසීය . නිර්මාල් දේවසිරි මහතාට අමතරව 6% සංගමයේ කැපී පෙනෙන චරිත වුනු දඹර අමිල හිමි සහ අනුරුද්ධ ප්‍රදීප් වැන්නවුන් සෘජුවම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප විය. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති පමණක් නොව අගමැති හා කැබිනෙට්ටුවද මාරු විය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයකින් අගමැතිවරයෙක් ලංකාවෙන් බිහි විය. ඔහු 6% සටනට සහය පල කළ නායකයෙකි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය 6% විරෝධාතාව ප්‍රධාන වශයෙන් එල්ල කළ 2012 වසර තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්ව තිබුනේ 1.9% කි. 2012 පැවති මහින්ද රාජපක්ෂ “රෙජීමය” දළ දේශීය නිෂ්පදනයෙන් 6%ක් වෙන් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ බව කීවේය. නමුත් එවිට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රතිචාරය වූයේ ප්‍රතිපත්තිවලින් පලක් නැත, එය ඉටු කරනු වැනියකි. මෛත්‍රීපාල සිරිසේන රෙජීමය, හා හා පුරා කියා 1.8% ක් 2015 වසර සඳහා අධ්‍යාපනයට වෙන් කළේය. මොවුන්ද පෙරවුන් සේම 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම ප්‍රතිපත්තියක් ලෙස පමණක් එකඟ විය. ආශ්චර්යය නම් මෙවිට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය එය ආදරයෙන් වැලඳ ගනිමින් සිරිසේන රෙජීමය වෙත මල් කළඹක් දිගු කිරීමයි.

 

වත්මන් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා අධ්‍යපන පිරිවැය ඉහළ දැමිය යුතු බව පිලිගෙන තිබීම පිලිබඳ තම සංගමය ඉතා සතුටට පත්වන බව ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්ය. මෙතැනදී එසේ සතුටින් පිනා යාමට දෙයක් සිදුව ඇත්ද? වෙන් කර ඇත්තේ 1.8% ක් පමණි. අනෙක් කාරණය රජය මේ අවස්ථාවේදී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියනු විණා වෙන කුමක් කියන්නද? ප්‍රායෝගිකව පෙරටත් වඩා අඩු මුදල් ප්‍රමාණයක් වෙන් කර ප්‍රතිපත්තියක් ලෙස එකඟයි පවසන දේශපාලකයන්ගේ බස් විශ්වාස කොට ඔවුනට සතුට පළ කිරීමට තරම් මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මෝඩද? ආචාර්යය වරුන්ගේ සංගමයට මෙම අනාගත පොරොන්දුව පිලිබඳ විශ්වාසයක් ඇති වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ධවල පත්‍රිකාවක් ගෙනා රනිල් අගමැතිව සිටින රෙජීමයක් පිලිබඳවය. නිර්මාල් දේවසිරි මහතා මෙදා 1.8% ක් වෙන්කොට පසුව 6% දක්වා වැඩි කරනවා යයි යන්න විශ්වාස කරන්නේ ඔහු මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉදිරියේදී ක්‍රමයෙන් අඩුවන බවක් දැන සිටින නිසාවත්දැයි අපි නොදනිමු. අනෙක් අතට අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ සිරිසේන රෙජීමයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසල් සිසුන්ගේ දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීමට පාසල්වලට අවසර දෙමින් නිකුත් කළ චක්‍රලේඛයෙන් කියවෙන්නේ රෙජීමයේ ප්‍රතිපත්තිය සහ භාවිතාව අතර පරස්පරය නොවේද? දැයේ දරුවන්ගේ ඇස් පාදන්නට ඉන්නා ආචාර්යවරුන්ට මෙම වෙනස නොපෙනේද? අපට නොතේරෙන කරුණ නම් විශ්ව විද්‍යාලවල සිටින අනෙක් බහුතරයක් බුද්ධිමත් උගත් ආචාර්යවරුන්ට මෙය නොපෙනෙන්නේද එසේත් නැත්නම් ආචාර්ය වරුන්ගේ සංගමයේ එහෙයියින් බවට මේ උගතුන් පත්ව ඇත්ද යන්නයි. විවෘත මනසකින් මෙම 6% නාටකීය ජවනිකා නරඹන්නෙකු විසින් කුමන නිගනයකට එළැඹිය හැකිද? පොදු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ හා සිසුන්ගේ සත් චේතනා අයහපත් ලෙස පාලනය කර අවසානයේ ඒ සියල්ල “යහපාලනය” බිහිකිරීම වෙනුවෙන් පමණක් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය විසින් අවභාවිතාවට ලක් කළේය යන නිගමනයට එළැඹුනහොත් අපි එහි දොසක් නොදකිමු. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයෙන් අපට අසන්නට ඇත්තේ රතන හාමුදුරුවන් රාජිතගේ පුතාගෙන් ඇසූ ප්‍රසිද්ධ පැනය ආකාර එකකි. ඒ පැනය නම්; 6% ෆන්ඩමැන්ටල්ද? පොලිටිකල්ද? –ලසන්ත වික්‍රමසිංහ

futta

 

පෙරමුණේ රාලගේ අටුවාව

ෆුටා එක නිසා කකුල් දෙකේ තිබුණු බාටා දෙකත් නැතිකරගත් කැම්පස් නංගිලා මල්ලිලා වෙත | To all campus brothers and sisters who lost their only foot wear due to FUTA

October 12, 2012

BY NO FRAMES

(ලේඛකයාගේ සටහන: මේක ලියන්නේ ෆෙක්‌ ප්රො ෆයිල් එකකින්. නැත්තං හුටාලා මගේ ඉන්බොක්ස් එක පුරවයි කුණුහරුපෙන්.) සුපුරුදු පරිදිම උඹලගේ තරුණ ජවය පාවිච්චි කරලා ෆුටා පිම්පියෝ ටික පඩි වැඩිකරගත්තා. උඹලා නිකං අවුවේ කරවෙලා චාටර් උනා. උඹලා දන්නවද ඔය වැඩිවුණු පඩියෙන් එක සත පහකවත් ඔය ෆුටා ආචාර්යවරුන් උන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක බව වැඩිකරන්න යොදවන්නේ නැති බව? හැංගි හැංගි බැන්ද පඩි වැඩිකරගනීමේ වෙස් අද ඉඳං එළියේ නටනවා දකිනකොට මෙන්න මේක ඉගනගනිල්ලා. උඹලගේ ශිෂ්‍ය අරගල, පීඩිත පන්තියේ අරගල ඔය සේරම මධ්‍යම පන්තියේ නරුම කොටස් උඹලව පාවිච්චි කරලා ධනපති පන්තියට නගින්න හදාගත්ත ඉනිමං විතරයි. ලෙනින්ගේ ඉඳං, කස්ත්‍රෝගේ ඉඳං විජේවීර දක්වා ඔය සේරම උඹලවගේ කඳුළු පාවිච්චි කළා උන්ගේ අරමුණු වෙනුවෙන්. ඔය ෆුටා ආචාර්යවරුම තමයි 88-89 කාලේ උඹලගේ අයියලා අක්කළාව ගෝනි බිල්ලන්ට අල්ලලා දුන්නේ. උන්ම තමයි අධ්‍යාපනයේ නාමයෙන් උඹලගේ සහෝදර බැචියන්ගේ රෙදි ගලවන්න බලං ඉන්නේ. මට සැකයි අර ගම්පහ ඇක්සිඩන්ට් එකත් මුන්ගේම වැඩක්ද කියලා. මුන් ඒතරම්ම තිරිසන් කොටසක්. මුන්ගේ අධ්‍යාපනය ගැනත් මට දෙයක් කියන්න ඕනේ. උඹලා මෙලෝ හසරක් ලෝකේ ගැන දන්නේ නැතුව අවුරුදු 20 න් කැම්පස් ආවම උඹලට හිතෙන්නේ මුන් තමයි ඉන්න ලොකුම කෙරුමෝ කියලා. උඹලා දන්නවද මොනවා හරි සබ්ජෙක්ට් එකක් ඉගෙනගෙන අදාළ අංශයේ වැඩ නොකර පොඩි එවුන්ට ඒවා කියලා දෙන්න තෝරාගන්නේ ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න දුර්වලම සෙට් එක කියලා? සිවිල් ඉංජිනියරින් කරලා අලුත් තාක්ෂණයක් ලෝකෙට දෙන එකාද පොර, අර ඉගෙන ගත්ත දේ අවුරුදු 20 පොඩි එවුන්ට උගන්නන එකාද පොර? මහා ලොකු රිසර්ච් කරනවලු ලංකාවේ. කෝ ඒවා වල ප්‍රතිපල. මට එක දෙයක් පෙන්නපල්ලා ඔය මහලොකු කෙරුමෝ ලෝකෙට දීපු. උන්ට නියම රිසර්ච් බලන්න ඕනේ නම එන්න කියපං ලංකාවෙන් එලියට. ඔය ලෙචාලා එකෙක්වත් වැඩක් නැහැ. උඹලගේ ගැලවීම ඕකුන්ගේ තෙලවත්, අරගලවත් නෙවෙයි. උඹලගේ ගැලවීම තියෙන්නේ ලයිබ්‍රරි එකේ, පොතේ පතේ. ලංකාව තවම මෙතන තියෙන්නේ ඔය නිකමුන් ළමා පරපුරට පොර ටෝක් දිදී උන්ව අන්දන නිසා. නියම සබ්ජෙක්ට් එක තියෙන්නේ පොත් වල. ඕකුන් දන්නේ කට පාඩමින් කියන තියරි විතරයි. පොත් වලින් ඉගෙනගනින්, ඔය හාල් පාරුවන්ගෙන් නෙමෙයි. අවසාන වශයෙන් මට උඹලට කියන්න තියෙන්නේ මේ ටික. උඹලගේ තරුණ ඔලු ඇතුලේ තියෙන මොළ ඔය හුටාලට වඩා ගොඩක් ශාප්, ගොඩක් ඉන්ටෙලිජන්ට්. අභියෝග කරපං ඕකුන්ට සබ්ජෙක්ට් එකෙන්. තමන් තමන් වෙයං ඕකුන් මොනවා කිවුවත්. අන්න ඒ අරමුණට පිරිසක් විදිහට එක් රැස් වෙයං. නියම බ්‍රයිටන්ව හෙමීට කපන එකට, අලුත් අදහස් වලට හිනාවෙන සම්ප්‍රදායට, තරුණ රැලක් විදිහට එක්වෙලා අභියෝග කරපං. අන්න ඒදේ කරන්න උඹලට ගට ආපු දවසට අපේ රටත් අනිත් දියුණු රටවල් තියෙන පාත් එකට වැටෙයි.

 

[FUTA වෙනුවෙන් මුලදී කැප වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ධම්මික කරුණාරත්න සොයුරා බුකියේ තබන ලද සටහනකි.] තවද එක් සමයෙක, ලදිව නම් දිවයිනෙහි සාටක දාරී නරපතියෙකු රාජ්‍ය විචරත්දී එපුර වැසි දිළින්දෝද නොදිළින්දෝද පූරුවේ පටන් වූ සිරිත කරන කොට ගත්තාහු, මහත් වූ විර්ය කොට අධිෂ්ඨාන උපදවා සකලවිධ දුක් විඳ, රක්ෂාකොට තම නේත්‍රස්මාන දරුකැල වැඩි දුර ශිල්ප ඉගෙනුමට සිව්දෙස වූ මහා තක්සලා වෙත පිටකර යැවූහ. එදවස පටන් සුළු කලකට පසු තක්සලාවැසි මහැදුරෝද, කුඩැදුරෝද රජුගෙන් ශිල්ප වැඩුමට ලැබෙන, තමනට ලැබෙන තත්වය, පඩුරු නොසෑහේයැයි සිතා, මේ නම් අපම කඹුරා රජ කරවූවෙක් නොවීදැයි තැවී වාඩුව ගැනීමට ඉටාගෙන සිප්දීම වැරූහ. ප්‍රයෝගයෙහි කෙළපැමිණි නරපති තෙම කෑදර වූ අචාරීන් රවටා තම පසට ගෙන, පොරොන්දු ප්‍රයෝගයෙන් මුළාකොට එක් වරක්, දෙවරක් නොව සිව වරක්ම අචාරීන්ට සරදම් කළ කල්හි අසරණවූ අචාරීහු මොවුන් නම් සටනට උපන්නෝම නොවේදැයි සිතා, සිසුන් රැස්කොට තක්සලාවන් දිළිඳුබවද, මෙතෙම සාලිස් වසක්ද, මෙතෙම එකුන් විසි වසක්ද, මෙතෙම මෙපමණ වසක්ද තක්සලාවට කැඹුරූ පසුත් ලබෙනුයේ ගුරු පඩුරු ලෙස සොච්චමකැයි විස්සෝප කොට, අපට පඩුරු මෙපමණකින්ද, තොපට ඉගෙනුමට මෙපුර ධනයෙන් සියයකින් සයක්ද ගෙන දෙන්නෙමැයි කියා අපහා එක්ව සටනට එන ලෙසඅයාචනා කළහ. එපුර වැසි සිසුහුද “අහෝ මේ අප ගුරුදේවයන් නොවන්නේද, ගුරු පඩුරු මදි නොවේද, සියයට සයක් දුන් කල්හි අපට නැතද, මතුපරපුරට හෝසහනයක් නොවන්නේදෑයි සිතා, රාජපුරුෂයන්™ විසින් පිටිතල හයා බැඳ තලා™ කපා™ වදදී™රියසකට යට කළ™ බවට වන් ආරන්චිමාත්‍රයන්ගෙනුද නොසැලී ගුරුන් හා එක්ව සටනට වම්හ. ඇදුරෝද සිසු සවියෙන් මත්ව සියයට සයක් සලකුණු කළාවූ සියගණනක් කොඩි සේසත් චාමර රැගෙන ගලුපුර සිට අගනුවර දක්වා මහ පෙරහරකින් යාමට පාරට වම්හ. ඒ පසුපස වන් සිසුනද අව් රැසි මහවැසි මත්තෙහි නොතැවී, රාජපුරුෂයන්ගේ කුළුපොලු මැද නොසැලී, අදුරන් එක්යොදුනක් පාගමනින්ද සිව්යොදුනක් අස් රියෙන්ද සැපසේ යනු දැක නොකිපී දස යොදුනක් පයින්ද, දසයොදුනක් දනින්ද, අවසන් දසයොදුන උදරගාමින්ද මහත් වීර්ය උපදවා පැමිණ මහත් ඝෝෂාකොට අගනුවරම කලඹවා සැඟුම් පිටියට වැද රල නැංවූහ. ඉන් අල්ප දිනකට පසු කැලඹුණ සිත් ඇති නරපති තෙම ශිල්පසල් භාරව සිරි කැණහිල් ඇමති තෙමනොතකා, සිය මලනුවන් වූ බලැති අමාත්‍යයෙකු කැඳවා අචාරීන් සන් කොට මුන් ගැන බලනුවයි කිවූහ. “මෙපුරවැසියෝ උපතින්ම මසුරන්ප්‍රියකරන්නහුය, තම සැපත පමනක් තකන්නෝ බොහෝය, කහවණු ප්‍රයෝගයකින් මුන් දිනම්හ යැයි” සිතාගත් නරපති මලණුවෝ ආචාරීන් රැස්කොට “සියයකින් සයක් නම් නොහැක්කේය, ගුරුපඩුරු නම් හෑක්කේය” යයි පැවසූ කල්හි එ උගත් අචාරීහුද “ගුරුපඩුරුනම් අපටමය, සියයට සයනම් උන්ටමය, ගුරුපඩුරු මහත් ලැබේනම් ගුණැති තක්සලාවකින් අපට ඇති ඵලය කිම, අප දරුවන්ටද පරසක්වල හෝ යවා අමාත්‍යන් කරන්නා හාම ඉගැන්විය හැකැ, අපට ඇවැසි දේ ලැබුණි, දැන් මේ පැඟිරන්ගෙන් අපට පලක් නැත” යි සිතා සියයට සය අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කොට සිසුනට පශ්චාත් භාගය පෙන්වාලූහුය. මෙයින් තැළුනාවූ සිත් ඇති සිසුන් මෙතුවක් කල් අප සින්හයන්ට සේ ගරුකොට වන්දනා කොට සැලකූයී තවත් කැණහිල් රැලකට නොවීදැයි කම්පාවී තමනටම තලාගැනීමට මඩුවලිග සොයමින් සකල දෙස සරන්නාහුය. වෙනත් ලිපි: 1. ආචාර්ය වැටුප් වැඩිකලොත් වෛද්‍ය වර්ජනයක් 2. ආචාර්ය වර්ජනය අවසන් 3. 6% ක් වත් පඩි වැඩිවීමක්වත් නෑ, ආචාර්යවරුන්ට රජය දුන් පොරොන්දු මෙන්න 4. FUTA ඇදුරන්ගේ පාවා දීම ගැන සරසවි සිසුන්ගේ හෘද ශාක්ෂිය 5. 6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක් – නිර්මාල්. FUTA වර්ජකයින් කුජීත වෙයි. 6. අධ්‍යාපනයට 6% කුත් මදි…. 15% ක් වත් වහාම ලබාදෙනු…! 7. 6% දෙනු… මාරයත් හුටා සටනේ… 8. පූජ්‍ය දඹර අමිල හිමි සැදැහැවත් බෞද්ධයා විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයි? 9. 6% හරහා එන බොම්බිලි ජැස්මින් ගඳ | FUTA’s 6% smells fishy Jasmine 1

FUTA ඇදුරන්ගේ පාවා දීම ගැන සරසවි සිසුන්ගේ හෘද ශාක්ෂිය

October 9, 2012

BY සුදු මහත්තය

සරසවි ඇදුරු වර්ජනය සංවිධානය කළ ඇදුරු කප්පිත්තන්ට සැඟවුණු අරමුණු කොතරම් තිබුණත් ඊට සරසවි සිසුන් බහුතරයක් සහාය දැක්වූයේ දැයේ අධ්‍යාපනය නගා සිටවීමේ සාධනීය බලාපොරොත්තුවක් සහිතව බව මම විශ්වාස කරමි. නමුත් 6% කතන්දරය ගැන අපි මුලදීම පැහැදිළි කළ දේ එම නංගිලාට මල්ලිලාට තේරෙන විට පෙරහැර ගිහින් අවසානයි. පහත දැක්වෙන්නේ ෆුටා ගෲප් එකේ සහ ෆුටා යු‍ටුයුබ් චැනලයේ සරසවි සිසුන් දැක්වූ අදහස් කිහිපයකි. මම පේරාදෙනියෙ ආටෙක්. අපිත් කෑගැහුවා පිකට් කලා. මහපොළ දීපියව් කියලා, එස්බියා එලවන්ඩ ඕනැ බව කියලා පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්ඩ එපා කියලා උගුර ලේ රහ වෙනකල්. පොලිසියෙන් ගුටිත් කෑවා. හැබැයි දැන් කෑගැහන ගොඩක් ආචාර්යවරු එදා අපිට හිනාවුනා ලෙක්චර්වලදි නෝන්ඩි කලා. බඩගින්දරේ ඉදගෙන සෙනෙට්එක එක ඉස්සරහ අපි අපේ නංගිලා මල්ලිලාගෙ නිදහස් අධ්‍යාපනේ ආරක්ෂා කරපියව් කියද්දි දනේෂ් කරැනානයකලා හෙන්නායකලා කාමන් වික්රමගමගේලා සුමති සිව‍මෝහන්ලා රනිල් අබේසේකරලා කොමන්රෑම් එකේ තේබිබී අපිට ගැරහුවා. කඩ්ඩෙන් යන පංති පැවැත්තුවා. gtikkaable 3 weeks ago ලෙක්චර්ස් ආවෙ නෑ කියලා එක්සෑම්වලදි කෙලෙව්වා. කමක් නෑ. අපි දුප්පත් අම්මලා තාත්තලාගෙ දරැවො. ‍ඔබතුමන්ලාට දැන්වත් මේක තේරිච්ච එක ලොකු දෙයක්. පඩිත් වැඩි වේවා. අපේ දුප්පත් ‍කොල්ලො කෙල්ලන්ට කැම්පස් එන්ඩ ඉඩක් ඉතුරැවෙනවනම් අපිත් සපෝට්. හැබැයි ඉතිං කට කෑවත් මේක කියන්ඩඕනැ. පෞද්ගලික විශ්වවිද්‍යාල දාලා ලොකු කුට්ටියක් පෙන්නුවොත් ඔය කෑගහන නෝනලා මහත්තුරැ ඒවට යන්නෙ වලිග කරේ තියාගෙන. එදාට මේ කතන්දර මතක නෑ. නිදහස් අධයාපනේ දඩමීමා කරගෙන පඩි වැඩි කරගන්න විතරක් හදනවනම් ඒකට සහගහනවා අනිවා. gtikkaable 3 weeks ago Pubudu Nuwan Samaraweera ආචාර්යවරුන් විසින් ඉතා නිවැරැදිව ඉල්ලා සිටියේ 2005 වසරේදී රජයේ මුළු පිරිවැයේ ප්‍රතිශතයක්‌ ලෙස අධ්‍යාපනය සඳහා වෙන් කළ 10.74% (ද. දේ. නි. යෙන් 2.9%) නැවත 2013 වසර සඳහා වෙන් කර ඉන් ඉදිරියට සෑම වසරකම යම් ප්‍රතිශතයකින් එම ප්‍රතිපාදන ඉහළ දමමින් 6% ඉලක්‌කය කරා ළඟාවන ලෙසයි…………….!! ලබන වසර කිහිපය තුල දළ දේශීය නිෂ්පාධනයෙන් 6% ක් හෝ අවම වශයෙන් 5% ක් වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට රජයේ ලිකිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් රහිතව මෙම රාජ්‍ය අධ්‍යාපනය සුරකීමේ සටන කිසිසේත් අත්නොහරිය යුතුයි. එසේ කළහොත් ශ්‍රී ලාංකීය සමාජයේ උගතුන් හා ආචාර්යවරුන්ට ඇති භක්තිය හා පිළිගැනීම කිසිදා යලි ඇති නොවන අයුරින් විනාශ වනු ඇත. මේ රජයේ බොහෝ දෙනාටද අවශ්‍ය මෙම සමාජ තුල උගතුන් හා ආචාර්යවරුන්ට ඇති ගරුත්වයේ හා පිළිගැනීම විනාශ කිරීමටයි. ආචාර්යවරුනි ඔබගේ අවදානය පිණිසයි…………..!! 14 hours ago · Edited · 2 Kavindu Kulathunga සර් ඉතාමත් ආදරයෙන් යමක් පවසමි….ඔබ හා අත් වැල් බැඳගත් බහුතර පිරිස නම් 6% ඉල්ලීම සමග ඔබ හා එක්වූ පිරිසක් බව නොරහසකි…ලමුන් බොහෝ පිරිසක් ද මේ සඳහා සහය දැක්වූයේ එනිසා බව ඔබ දන්නේ ය..එනිසා අඩුම තරමේ 6%න් 3% ක් වත් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම සඳහා වෙන ඉල්ලීමට රජය එකඟතාවක් ඇති කර නොගෙන ඔබ වර්ජනය අවසන් කිරීමට තීරණයක් ගතහොත්..එය අපගේ සිත් තැවුලට හේතු වනු ඇත..මන් ද රටේ දුප්පත් අම්මා තාත්තාගේ ලමයින් බහුතරයක් ඔබ වර්ජනය සාදාරණීකරණය කිරීමට සමාජය ඉදිරීයේ බොහෝ දේ පවසා ඇත…එනිසා ඔවුන්ගේ වචන වලට සාදාරණයක් ඉ‍ටු වනවා නම් මැනවි..මන් ද මෙතරම් වර්ජනයක දී වුවත් ලබා නොදුන් ඉල්ලීමක් ඔවුන් ස්වේච්චාවෙන් ලබා දෙනු ඇතැයි සිතීමට නොහැක..නැතිනම් ඔබ සුදානම් වන්නේ ලබන අවුරුද්දේ ත් මෙවන් වර්ජනයක ට යන්න ද?එයට ඔබට මෙවන් සහයෝගයක් ලැබේ යැයි සිතිය නොහැක…එනිසා ලමුන් ගේ අහිංසක බලාපොරොත්තු වලට අබියෝග නොකරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි සර්….මන් ද අවසානයේ දී අපිට සිතන්නට ඉතුරු වන්නේ වර්ජනයට සහය දීම මගින් අපිට ඉතිරි වුයේ…..පාඨමාලාව මාස 3කින් කල් යාම පමණක් නම් එය අපට මහත් ගැටලුවකි…මන් ද අනෙකුත් ප්‍රතිපත්තිමය කාරණා සමග රජය එකඟ වීම ඉතා පහසු යැයි හැඟේ…යම් හෙයකින් වර්ජනය අවසානයේ දී…. එස්. බී. ඔහුගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්බ කලහොත්…ඔබට නැවතත් ක්‍රියාමාර්ග තේරීමට කෙසේ වත් සහයෝගයක් නොලැබෙනු ඇත….රජය හා ගැටීමෙන් ශිශ්‍ය ව්‍යාපාරයට සර් ලට වඩා අත්දැකීම් ඇතැයි අප සිතමු….ඒ නිසා සර්…තව මාසයක් හරි ගෙදරට වෙලා ඉන්නම්..මේ ප්‍රශ්නෙට නිවැරදි විසඳුමක් ලබාගමු නේ ද?එසේ ම ඔබ තුමන් ලා ඔබගේ ඉල්ලීම් වලට දුන් ප්‍රචාරයම එම ඉල්ලීම් වලට රජය දුන් විසඳුම් සඳහා ද ලබා දෙනු ඇතැයි සිතමි….මන් ද ඔබ හා සිටි සියලු දෙනා ඔවුන්ගේ අරගලයේ විසඳුම් නිවැරදිව දැන ගත යුතු බැවිනි…. Yesterday at 11:23am සම්පත් දේශාන් 6% වෙනුවෙන් කඩේ ගිය පිරිස අතර අපිත් යන්තමට හෝ සිටින නිසා, මෙය ෂෙයාර් කලෙමි… එය හුදෙක් අධ්‍යාපනය වෙනුවෙන් කල සටනක් නිසා අවසානයේ සහය දුන් නමුත් කිසිවිටෙක දේශපාලන අතකොළුවක් නොවුනෙමි… දැනට පවත්නා තත්ත්වය අනුව, අපට ලැබෙන 6%ක් ගැන කිසිවකු විස ින් කතා කරන්නේද නැත… සටන් පාට ගොඩ නැගුණේ 6% මතින් මිස, ඔබලාගේ වැටුප මතින් නොවේ… 6% ගැන අදහස අතහැරදා ඔබත් වැටුප මත මෙය අතහරී නම්, රජයේ හා FUTA හි කිසිදු වෙනසක් නැත… (සැ.යු.- ඔබ කුඩ ඉහලගෙන ගමන් ගත් පෙලපාලියේ අව්වේ කරවෙමින් කෑගසන සිසුන් නොසිටියේ නම්, රජය ඔබලාව පඩේකට ගණකනට ගන්නේ නැත) 21 hours ago · 10 සම්පත් දේශාන් 6% GDP හි සිට එකවරම ප්‍රොෆයිල් පික්චරය වෙනස් කළේ, තවමත් අපි 6, 4 නොතේරෙන දරුවන් බැවිනි… හැක හැක හැක, ඔය කින්ඩියට වගේ ”කෝ උම්බලට 6% ලැබුණද” අසන වුන්ට කීමට ඇත්තේ ”මොන 6% ද, එහෙම දෙයක් ගැන මට මතක නෑ” කියා ය… ලැබුණු 6% ක් නැත, සූප්පුව සොයාගෙන නැවතත් මොන්ටිසෝරි යාමට කාලය එලඔ ඇත… . . . -එක එකා එක එක පද ගහන අතර, අපිද එක එක තාලයන් සොයමින්, දන්න වැඩ දාමින්, රගති… උන් බලති, උන්ම සිනාසී, අත්පුඩ් ද ගසති- 18 hours ago · 10 Kavindu Kulathunga සර් ඔබට මෙය ලෙහෙසියෙන් ඇතෑරිය හැකි අරගලයක් නොවේ….වැ‍ටුප් වැඩි විය යුතුයි…එහි විවාදයක් නෑ…එත් 6% ඊට වඩා වැදගත් සර්……අපි 6%න් අඩුම තරමේ 3%ක් වත් ගන්න ඕනේ…එහෙත් කලින් ඔබ පැවසූ පරිදි 6% කියන කාරණය සිසුන් මීට පෙර මතු නොකලා යැයි කීවොත් එය වරදක්….6% සංඛේතයක් ලෙස අප භාවිත නොකලත්….ඉතිහාසයේ හැමදාමත් සිසුන් මේ ගැන කතා කලා…අපිට අතීතය මතකයි සර්… 21 hours ago · 9 Kavindu Kulathunga අනික සර්…ඔබ වෘත්තීය සමිති 30කට වැඩි ගනනක් ගැන කතා කලා…එත් ඒ සමිති වලින් මිනිසුන් 100ක් වත් ගෙනාවේ නෑ සර්…ඒ හැම ‍රැස්වීමක ම හිටියේ ලමයි සර්…අපි හිටියේ….ඒ ලමයි එතනට ආවේ..අපි ගෙනාවේ මොකට ද? එතනට ආවේ ඇයි?කියලත් හිතන්න…මොකෝ කිහිපදෙනෙක් හැරුනුකොට එතනට බහුතරයක් ලමයි ආවේ සර් ලා එක්ක අපි ඉන්නවා කියලා පෙන්වලා ලකුණු දාගන්න මිසක් ඇත්ත උවමනාවට නෙමේ සර්….එහෙම ලමයි ටික සර් ලා කොහොම මේ වර්ජනය ඉවර කලත් සතු‍ටු වේවි..ඒත් සර්…අන්තරේ නියෝජනයෙන් හරි , ස්වාධීනව හරි අවන්කව ඒ තැන් වලට අපු ලමයි 500ක් වත් ඉන්නවා…ඒ හැමෝගෙ ම බලාපොරොත්තුවක් තිබුනා,,,අදත් තියෙනවා…හෙටත් තියේවි…මේ වර්ජනය සර් ලා කොහොම නැවතුවත් සර් ලා දෙන සස්පෙන්ඩ් කාගෙන ඒ අරගලය ඉදිරියට ගෙනියන පරපුරක් එයාල හදාවි………කන්න තියෙන විනාඩි 45 පිකට් එකක් කරලා ලෙක්චර් හෝල් එන්න පරක්කු වෙලා හෝල් එකේ දොර වහල දැම්ම ම ඒ ලෙක්චර් එක කැප කරන්න පුලුවන් ලමයි හෙටත් බිහිවේ වි…එයයි ෆුටා එක සහ සිසුන් අතර තියෙන වෙනස…සර් ඔයාල අපිට තාමත් ගොඩාක් දුරයි……. 21 hours ago · 4 Kavindu Kulathunga දැන් නම් ඉතින් කියන්න දේවල් ඕනේ තරම් තියේවි…හෙතු දැක්වීම් තියේවි…විග්‍රහ තියේවි..ඇත්ත සර් අපි සර්ලා තරමට බුද්ධිමත් නෑ…අපි කරන දෙයක් කරන්නේ අපේ දැනීමේ හැටියට….එවයේ වැරදි ඇති…අපි පිළිගන්නවා…..ඒත් සර් අපිට මුල ඉඳලා වුනු හැම දෙයක් ම පිළිවෙලින් මතකයි…… 20 hours ago · 3 Nimeshi Chathurangani ”’අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ””අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ””අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ””අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ””අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ””අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ””අපිට මතක නෑ ”අපි එහෙම දෙයක් කීවෙ නෑ’ 6 hours ago · 4 Bhasura Liyanage ඇයි අහිංසක කොල්ලෝ දෙන්නෙක්ගේ ජීවිතත් බිල්ලට ගත්තා…ඒවා ලේසියෙන් අමතක කරන්න ඔබලාට පුලුවන්ද…උන් දෙන්නා කොහේ හරි ඉදගෙන මේවා බලාගෙන ඇති…උන් දෙන්නා බලාපොරොත්තු වුන දේ දක්වා අපි යා යුතුයි නේද? Yesterday at 3:31pm · 4 Nuwan Sameera FUTA.. ….YOU GAVE A LARGE SLAP TO THE STUDENTS & COMMON PEOPLE WHO BELIEVED YOU ,,,,,,,, FINALLY YOU BETRAYED 6% DEMAND. THANKS …. 21 hours ago Udula Asanga අපිනම් පයින් ගියා උගුර ලේ රහ වෙනකං කෑ ගැහුවා හරි ඒ ටික විතරයි කියමු… ඒ අමාරුව අපිට අපේ කටයි රිදුණේ අපේ කකුලුයි රිදුණේ අපේ ලේ හෙල්ලුනේ නෑ ඒත් අමතක කරන්න එපා අහිංසක කොල්ලෝ දෙන්නෙක් මේ සටන වෙනුවෙන් ජිවිතේ පුජා කළා උන් එහෙම ජිවිතේ පුජා කරලා තියෙද්දිත් පුළුවන්ද පුළුවන්ද? ආපහු නවතින්න?? අපි මැරීගෙන කෑ ගහද්දි ඔය ආචාර්ය වරු ආතල් 1 හැන්ඩ්ස් ෆ්‍රී 2 කනේ ගහගෙන ගියා අපිට අමතක නෑ ඒත් ඒවා දැක දැකත් අපි ආවේ 6 % වෙනුවෙන් අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන්.. දුප්පත් දෙමවුපියන්ගේ ලේ දාඩිය වෙනුවෙන් අන්න ඒ ලේ දාඩියට නිගා කරන්න එපා.. මොකද ඔය වැඩිවෙන පඩිය වැඩි වෙන්නෙත් ඒ මිනිස්සුන්ගේ කඳුළු වලින් 19 hours ago Amal Nishan ෆුල් ටයිම් අරගලය සඳහා වැඩ කරලා දිනාගන්න බැරි වුන 6% , පාර්ට් ටයිම් ,ඇකඩමික් අස්සේ, අරගල කරල දිනාගන්න ආචාර්යවරු වැඩ කරාවි කියල හිතෙනවද සර්?ඒක නම් මහ විහිලුවක්…. 16 hours ago Amal Nishan මෙය නිකම් කාලය කා දැමීමක්…ෆුටා එක තීරණය කරන්නේ එහෙම නම් මෙම අරගලයට සහය දක්වපු එක් පුද්ගලයෙක් ඉවත්වුනා කියලා හිතාගන්න…එහෙම කීදෙනෙක් ඉවත් වේවි ද මන් දන්නේ නෑ..ඒත් ෆුටා එක ලොකුවට එකතු කරගත් ජනතා බලවේග එදා හයිඩ් පර්ක් එකේදි අපි දැක්කා…ඒත් අපි එතනට ආවේ බත් පැකට් ගන්න වත් …වතුර බෝතල් ගන්න වත් නෙමෙයි..ඒත් ෆුට එක එකතු කරගත්ත මහා ජනතා බලවේග කියපු පක්ශ වල මිනිස්සු එහෙම ආවේ නම් එහෙම….අපි දැක්කා කොහොම පිරිසක් ද ආවේ කියලා….වෘතීය සමිති වලින් සීයක් එක්කන් එන්න ඇති…එයද වෘතීය සමිති නියෝජනය කරන මහා ජනතා බලවේගය?වෘතීය සමිති නම් සටනින් ඉවත් නොවේ වි..ඒත් අන්තිමට ඉතුරු වෙන්නේ ඒ සීය විතරක් වේවි….ෆුටා එක එවන් තීරණයක් ගත්තොත්,,,,,,,,, 15 hours ago Ruwan Sampath Kariyawasam ගරු ඇදුරුතුමනි, කෝ ?ඔබලාගේ මුලික ඉල්ලීම අද වනවිට එය යටටම ගිහින්ද? 21 hours ago Ruwan Sampath Kariyawasam ගරු ඇදුරුතුමනි, ඔබලාගේ දැනගැනීම පිණිස. https://www.facebook.com/plugins/post.php?app_id=&channel=https%3A%2F%2Fs-static.ak.facebook.com%2Fconnect%2Fxd_arbiter%2FrFG58m7xAig.js%3Fversion%3D41%23cb%3Df1dcb62064%26domain%3Dperamunerala.wordpress.com%26origin%3Dhttps%253A%252F%252Fperamunerala.wordpress.com%252Ff3eee48054%26relation%3Dparent.parent&container_width=0&href=https%3A%2F%2Fwww.facebook.com%2Fphoto.php%3Ffbid%3D437452276312103%26set%3Da.259366594120673.67528.259223557468310%26type%3D1%26relevant_count%3D1%26ref%3Dnf&locale=en_US&sdk=joey Wall Photos ආචාර්යවරුන් විසින් ඉතා නිවැරැදිව ඉල්ලා සිටියේ 2005 වසරේදී රජයේ මුළු පිරිවැයේ ප්‍රතිශතයක්‌ ලෙස අධ්‍යාපනය සඳහා වෙන් කළ 10.74% (ද. දේ. නි. යෙන් 2.9%) නැවත 2013 වසර සඳහා වෙන් කර ඉන් ඉදිරියට සෑම වසරකම යම් ප්‍රතිශතයකින් එම ප්‍රතිපාදන ඉහළ දමමින් 6% ඉලක්‌කය කරා ළඟාවන ලෙසයි…………….!! ලබන වසර කිහිපය තුල දළ දේශීය නිෂ්පාධනයෙන් 6% ක් හෝ අවම වශයෙන් 5% ක් වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට රජයේ ලිකිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් රහිතව මෙම රාජ්‍ය අධ්‍යාපනය සුරකීමේ සටන කිසිසේත් අත්නොහරිය යුතුයි. එසේ කළහොත් ශ්‍රී ලාංකීය සමාජයේ උගතුන් හා ආචාර්යවරුන්ට ඇති භක්තිය හා පිළිගැනීම කිසිදා යලි ඇති නොවන අයුරින් විනාශ වනු ඇත. මේ රජයේ බොහෝ දෙනාටද අවශ්‍ය මෙම සමාජ තුල උගතුන් හා ආචාර්යවරුන්ට ඇති ගරුත්වයේ හා පිළිගැනීම විනාශ කිරීමටයි. ආචාර්යවරුනි ඔබගේ අවදානය පිණිසයි…………..!! By: කන්නන්ගර දරුවෝ(Kannangara dharuwo) 21 hours ago · 1 Prasandika Pushpakumara aparade 3 mnths… 21 hours ago · 3 Harsha Dodangoda 6% ???? මොන හයක්ද…. මට මතක නෑ….. 20 hours ago · 14 Nadun Tharaka Wijetilleke කෝ මානව අයිතිවාසිකම්????මේ සමූහය ඇතුලෙ අපිට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැද්ද???ඇයි මගෙ ප්‍රකාශයට පිළිතුරක් නොදි අයින් කලේ???ඕකද අපේ ආචාර්යවරුන්ගේ නිරුවත…දයාබර ආචාර්යවරුනී…ඔබතුමන්ල ගැන ලැජ්ජ වෙනව ඇරෙන්න වෙන කුමක් කරන්නද… 7 hours ago Nadun Tharaka Wijetilleke ඒක ඇත්ත.ඒකට කල යුත්තේ දර දිය ඇදපු අය පැගීමෙන්ද? කෝ මෙයාලගෙ HR?ප්‍රශ්නයක් ඇහුවාම ඒක අයින් කරන එකද මේ උගත් බුද්ධිමත් අය කරන්න ඕන?? 7 hours ago · Edited · 4 ෆුටා ඇදුරන් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ අපූරු ආකාරයකටය. සතියකට විතර පෙරදී 6% න් පසුව කරන්නේ කුමක්ද කියා ඇසූ මාලන් සමරවික්‍රමව ගෲප් එකෙන් බෑන් කළ අතර දැන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්න අසන අයව තරාතිරම නොබලා දිනපතා බෑන් කර දමයි. ෆුටා ගෲප් එකෙන් බෑන් කර හෝ සෙමෙස්ටර් එග්සෑම් වලින් අසමත් කරවා දමා සරසවි සිසුන්ගේ හෘද ශාක්ෂිය බෑන් කර දැමීමට රත්න මළ ලලාට හැකි වේවිද? ප:ලි: ලංකා ඊ නිවුස් මෙලෙස වාර්තා කරයි. (ලංකා ඊ නිවුස් වලින්ම ‍තෝරා ගත්තේ මීට කලියෙන් ස්වර්ණවාහිනියත් ආණ්ඩුවට කඩේ යන බව සමහරක් අය කියපු නිසයි.)

බෙදා ගන්න:

 

6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක් – නිර්මාල්. FUTA වර්ජකයින් කුජීත වෙයි.

October 1, 2012

BY සුදු මහත්තය

[youtube https://www.youtube.com/watch?v=PuBrYpqDE0g?version=3&rel=0&fs=1&showsearch=0&showinfo=1&iv_load_policy=1&wmode=transparent]මේ සැප්තැම්බර් 29 දින ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විකාශයේ කොටසකි. මාස 5කට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්ය වර්ජනය නිසා මාස 5 කට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල වසා තැබුණු අතර, මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර බැලීමද ඔවුන් විසින් වර්ජනය කරන ලදී. මේ හේතුවෙන් දහස් ගණනක් වූ විශ්ව විද්‍යාල සිසුන්ගේත්, ලක්ෂ ගණනක් වූ උසස්පෙළ සිසුන්ගේත් අනාගතය දැඩි අවිනිශ්චිත භාවයකට පත්වන ලදී. මෙය හුදෙක් දේශපාලන උවමනාවක් අරබයා ආරම්භ කරන ලද්දක් බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබූ අතර මෙහි පෙරමුණ ගන්නා ලද්දේ ජ.වි.පෙ න් කැඩි ගිය පෙරටුගාමී පක්ෂයේ එන්.ජී.ඔ බළල් අත් ටික හා, ජ.වි.පෙ, යූ.එන්.පී පක්ෂවල අතකොළු ටිකක් විසිණි. ඔවුන් තම වර්ජනය සාධාරණීකරනය කිරීමට යොදා ගත්තේ අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන්කළ යුතුයි යන ඉල්ලීමයි. සරසවි සිසුන්ගෙන්ද මේ වර්ජනයට සහය ලබා ගැනීම පිනිස ඔවුන්ට පෙන්වූයේ මෙම 6% ලබාගැනීමට එක් වන ලෙසයි. සරසවි සිසුන්ද බහුතරය එයට රැවටුන අතර දැන් ඔවුන්ගේ සැබෑ අරමුණ මල්ලෙන් එලියට පැන ඇත. එනම් තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම නම් හුදු පෞද්ගලික අරමුණ ඉෂ්ට කර ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් බොරු 6% GDP රංගනයක් කරමින් ජනතාව මෙතෙක්කල් රවට්ටා ඇති බව මෙම විඩියොවෙන් ඔප්පු වේ. මෙම වීඩියෝවේ ආචාර්ය නිර්මාල් දේවසිරිගේ ප්‍රකාශය පැහැදිළිවම දැක්වෙද්දී ඔහු මෙසේ නොකී බව පවසයි. කොටි ඩයස්පෝරාවේ සුරතලා වන නිර්මාල්ට, කඩේ යන උදවියගේ මතය මෙය “ආණ්ඩුවට කඩේ යන” ස්වර්ණවාහිනියෙන් විකෘති කිරීමක් බවයි. නමුත් මීට පෙරදී, “සිවුපාවුන් උරගයින් නොවන මනසක් සහිත දෙපයින් ඇවිදින සියළු ශ්‍රී ලාංකිකයන් අද ඇරඹෙන පාගමනට එක් වනු නොඅනුමානයි” යනුවෙන් ඔහු ලංකා ඊ නිවුස් හරහා පවසා ඇත. එමගින් FUTA වර්ජනයට සහභාගී නොවූ සියලුම ශ්‍රී ලාංකිකයින්ට “සිව්පාවුන්, උරගයින් වන මනසක් රහිත දෙපයින් නො ඇවිදින උදවිය කියමින්” සරසවි ආචාර්ය වරයෙකුට නොගැලපෙන අන්දමින් ඉතාමත් පහත් ආකාරයෙන් නිර්මාල් දේවසිරි අපහාස කර ඇති නමුත් ඊට ජනතාවගෙන් සමාව ගන්නවා වෙනුවට ඔහු කළේ, පසුව එයත් පුවත් විකෘති කිරීමක් යැයි පවසා ඇඟ බේරා ගැනීමයි.

ඉහත වීඩියෝව “ආණ්ඩුවට කඩේ යන” ස්වර්ණවාහිනියෙන් එඩිට් කළානම්, එතකොට නිර්මාල් කියන ඒවා “විකෘති කරමින්” දාන්නේ ලංකා ඊ නිවුස් එකත් ආණ්ඩුවට කඩේ යන නිසාද? තමන්ගේ ස්වාමි වරුන්ගේ ප්‍රධානතම සුරතලාව පාවා දෙමින්, තම ප්‍රධානතම සතුරා වන සංධාන ආණ්ඩුවට මේ වගේ ෆුල් ටොස් දෙන්න තරම් ලංකා ඊ නිවුස් මෝඩයොද?

එහෙම නැත්නම් නිර්මාල් දේවසිරි ගෙ කට බොරු කිව්වත් දිව බොරු නොකියන නිසා, මාධ්‍ය ප්‍රකාශ වලදී හිතේ තියෙන බොරුව සහ වෛරය හෙළි වීමෙන් තමන් මෙච්චර කාලයක් දාගෙන හිටපු සම්භාවනීය වෙස් මුහුණ ගැලවී පුල්ලි මතු වීමේ ලැජ්ජාව මාධ්‍ය වලට චෝදනා කර වසං කිරීමට හදන නිසාද?

තීරණය ඔබ සතුයි. කෙසේ වෙතත් එජාපය, සරත් ෆොන්සේකා, ජවිපෙ ඇතුළු පොදු විපක්‍ෂය මෙන්ම අන්තරයද කියුවේ මෙම වර්ජනය දියත් වන්නේ අධ්‍යාපනය සඳහා 6% ක ඉල්ලා කරන සාධාරණ අරගලයක් ලෙසය. නිර්මාල්ගේ මෙම ප‍්‍රකාශයෙන් ඔහු පැහැදිලිවම කියන්නේ තම මූලික ප‍්‍රශ්ණය වැටුප් වැඩි කිරීම බවයි. දැන් රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, සෝමවංශ අමරසිංහ, වික්‍රමබාහු කරුණාරත්න, මනෝ ගනේෂන්, අන්තරය ආදී එකැස් අන්ධයින්ගේ මීලඟ ප‍්‍රකාශයන් දෙසද අපි ඉතා උවමනාවෙන් බලා සිටිමු.

බෙදා ගන්න:

ආණ්ඩුව විසින් කල සිසු™ ඝාතනය පිළිකුලෙන්™ හෙලා දකිමු | We condemn student™ killing by GOSL

September 28, 2012

BY NO FRAMES

විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ පෙළපාලියට සහාය දීමට පැමිණි අන්තර්විශ්ව විද්‍යල බලමණ්ඩලයේ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වු ජානක ඒකනායක හා සිසිත් පි‍්‍රයංකර යන දෙදෙනා රිය අනතුරකට මුහුණ පා මිය ගොස් ඇත. නමුත් ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරී™ ක්‍රියා පිළිවෙත අනුව මේ සිසුන් දෙදෙනා කුමන්ත්‍රණයකින්™ මරා දමුණු බවට අපි සැක කරමු. මේ සිසුන් දෙදෙනා ගමන් කල යතුරු පැදිය අධික වේගයෙන් ගමන් කර ඇති බව පැහැදිලි වන අතර, අධික වෙගයෙන් රිය පැදවිය හකි පරිදි මාර්ග නිර්මාණය කළ මරාණ්ඩුව™ මේ පිළිබඳ වගකීම භාර ගත යුතු වෙයි. අදාල සිසුන් දෙදෙනා ගැටුණු විදුලි කණුව එම ස්ථානයේ නොමැතිව මීටර කිහිපයක් එජාට වන්නට සිටුවූවා නම් මේ අනතුර වලකවා ගත හැකිව තිබිණි. වර්තමාන රජයේ විදුලි බල ඇමති වරයා වන සිංහල බෞද්ධ™ ගෝත්‍රවාදී™ චම්පික රණවක වීමද මේ සැකය දෙගුණ තෙගුණ කරවන්නකි. මරාණ්ඩුව™ මෙවන් ඝාතන™ වල යෙදී ඇත්තේ අද ඊයේ නොවේ. මරාණ්ඩුව™ විසින් පිළිසකර කළ මහා මාර්ගයක අධික වේගයෙන් ගමන් කල ශ්‍රීපති සූරියාරච්චි මහතා මාර ගසක හැපී මිය ගියේ 2008 පෙබරවාරි මාසයේදීය. එම ගස මීටර කීපය එහාට වන්නට සිටුවා තිබුණේ නම් මරාණ්ඩුවට™ මේ අනතුර වළක්වා ගන්නට තිබිනි. එකල පරිසර ඇමති වූයේ, දැන් වත්මන් විදුලි බල ඇමතිවරයා වීමද සැකය දෙගුණ තෙගුණ කරවන්නකි. මේ සියලූ කරුණු වලින් ඉහත අනතුරු පිළිබඳ සැකයක් පවතින අතර එය සැලසුම් සහගත™ අනතුරක් බව අප කියා සිටිමු. “සුදුවෑන්™”, “වෙඩි තැබීම්™” වෙනුවට පාලකයන් අලූතින්ම සොයාගත් මර්දන™උපක‍්‍රමය මෙය විය හැක. ඒ නිසා මෙය පළමු මෙහොතේම හෙළිදරව්™ කළ යුතු බව අප තදින් විශ්වාස කරමු. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙතරම් නරුම අදියරකට ඇද දමනවා නම් එය මහා ව්‍යසනයක පෙර නිමිත්තක් බව අප අවධාරණය කරමු. මෙම අයුක්තිය අද සිදුව ඇත්තේ සිසුන්™ දෙදෙනෙකුටය. එහෙත් හෙට මුළු සමාජය සිසාරම මෙම මර්දනය හිස ඔසවනු ඇත. සෑම මවකගෙන්ම, පියකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ ජානක, සිසිත් යන සහෝදරවරු™ දෙදෙනා නියෝජනය කළේ ඔබගේ දුවගේ™ හා පුතාගේ™අධ්‍යාපන අයිතිය රැකදීමේ මාවතය. එම අරගලයයි. ඒ වෙනුවෙන් මෙම අයුක්තියට එරෙහිව වීදි™ බසින ලෙසත් නිදහස් අධ්‍යාපන අයිතිය දිනාගැනීමට පෙරට එන ලෙසත් පාලකයන්ගේ මර්දනයට එරෙහිව සටන් කරන ලෙසත් අප ඉල්ලා සිටිමු.

 

6% හරහා එන බොම්බිලි ජැස්මින් ගඳ | FUTA’s 6% smells fishy Jasmine

ශ්‍රී ලාංකිකයන් තුළ කවදත් උගතුන් කෙරෙහි පැවතියේ ගෞරවයකි, සෙනෙහසකි. සියවස් ගණනක නොයෙක් ද්‍රවිඩ ආක්‍රමණ වලින්වත්, සියවස් පහක යුරෝපීය යටත් විජිත වාදයෙන්වත් එය වෙනස් නොවීය. වෙනෙකක් තබා විජේවීර තුවක්කු ගෙන කළ මිනී මරුම් වලින් පසු පවා එහි එතරම් වෙනසක් වූවේ නැත. උගතුන් ගේ තැන මුදල් වලින් ලබා ගන්නා පාදඩ ක්‍රමයක් ආරම්භය සිදු වූයේ 1977 විවෘත ආර්ථිකයක් සමග යයි කීම වරදක් නොවේ. ස්කියල්ලම වෙළඳ පොල මත තීරණය වන සමාජයකට එමගින් පාර කපිණ. මෙවැන්නක් සිදු වූ අන් රටවල උගතුන්, සිය දනුම වෙළඳපොලෙහි ඉහළ මිළකට විකිණීමට තරම් ශූර වූවත්, සුද්දා විසින් ඉතිරි කර ගිය පරගැති අධ්‍යාපන ක්‍රමයේ ගිලී, කීඳීකිමිදී සිටි අපේ උගතුන්ට මේ සඳහා බොහෝ කලක් ගත විය. එනිසා උගතුන් ගෙන් බහුතරයක් දුප්පත් වීම නම් නව ප්‍රවණතාවයක් ඇති වන්නට පටන් ගත්තේය. පරගැති බව නිසාමදෝ, අපේ රටේ උගතුන් නැවත කලේ සිය දැනුම වෙළඳපොලේ ඉහළ මිළකට විකිණීමට කටයුතු කරනවා වෙනුවට වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමයි. කෙසේ උවද වෘත්තීය සමිති ලෙස, විශෙෂයෙන්ම, හිසක් ඇති ඒවා ලෙස, මේ සමිති වල සටන් හිස නැති කම්කරු සමිති සටන් වලට වඩා බෙහෙවින් සාර්ථක වූ බව නම් කිව යුතුය. නීතියක් ලෙසම, කම්කරු සටන් මෙන් දෙශපාලක් තුරුල්ලේ නොලැගීමට මේ උගතුන් බෙහෙවින්ම පරිස්සම් වූහ. විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය, නීතිඥ සංගමය, වෛද්‍ය නිළධාරී සංගමය සහ ඉංජිනේරු සංගමය මෙලෙසේ දෙශපාලන බලපෑම් වලට යටත් නොවී හෝ ඒවායේ බළල් අත් නොවී දශක තුනකට වැඩි කාලයක් සිය කටයුතු ගෙන ගියේ ඉතාම ප්‍රශංසනීය ආකාරයෙනි.

 

ධර්මිෂ්ඨ සමාජය හරහා ආ සෝදා පාළුව දැන් උච්චම තැනට පත් වී තිබේ. සභ්‍යත්වය හා හැදියාව දුර්වලම වී ඇත. නීතියේ ආධිපත්‍යයක් නැත. ඇමති පුතුන් යකා නටති. 60% ක ජන වරමින් පමිණි මහින්ද රාජපක්ෂටවත් මේවා නවත්වන්නට බැරි වී ඇත. ඇත්තේ නවත්වන්නට බැරි කම නොව ඕනෑ කමක් නැති බව යැයි නිර්-රාමු විශ්වාස කරයි. නමුත් මෙතරම් සෝදා පාළු වූ සමාජයක වුවත් අරාජකත්වයක් හෝ ත්‍රස්තවාදයක් නැති වීම සැනසීමට කරුනකි. නීතිය, සදචාරය හෝ වෙන යම් කුමක් තිබුනත්, මර බයේ ජීවත් වන්නට සිදු වූ පසුගිය තුන් දශකය මෙනෙහි කිරීමේදී, අද තවමත් එදාට වැඩියෙන් හොඳ යයි සිතෙන්නේ ඒ නිසාමය. සියළුම අංශ සෝදා පාළු වෙද්දී, සහ බටහිර සහය ලද කොටි විනශ කිරීම සිදු කල වත්මන් රජය පෙරළීමට නොයෙකුත් ජාත්‍යන්තර කුමන්ත්‍රන ක්‍රියාත්මක බව නොරහසකි. “ජාත්‍යන්තර කුමන්ත්‍රණ” යන්නත් “දේශප්‍රේමය” සේම ගර්හිත අදහසින් සිය ලියවිලි වල යොදන්නට අවජාතිකයෝ එදත් අදත් සැදී පැහැදී සිටිති. එනමුත්, තවමත් මේ පදය යෙදීමට මම මැලි නොවෙමි. මෙසේ ක්‍රියාත්මක වන කුමත්‍රණ පලමුව ඡන්දයෙන් රජය පෙරැලීමට කළ උත්සාහ වලට මෙරට ජනතාව පයින් ගසා එළැවූයේ කොටි ගැන ඔවුන්ට හොඳින්ම මතක නිසාය. ඡන්දයෙන් බැරි වූ තැන බොම්බිලි ගඳ ජැස්මින් විප්ලවයක් ගෙන ඒමට මොවුන් කටයුතු කරන බව අප පවසූයේ මෙයට බොහෝ කලකට පෙරය. අද එය සැබෑ වෙමින් පවතියි. අවාසනාවකට අර මුලින් කී ගෞරවය සහ සෙනෙහස නිසා අප රටේ මිනිසුන් මේ බටහිර බත් බැලයින් ගේ අනුශාසනා හිස් මුදුණින් ගෙන ඇත. නමුත් මොවුන් හැරෙන්නේ පොල් පැලය දිහාවට බව ජනතාව ඉක්මණින් තේරුම් ගනු ඇත. ජනතාව ගොන් නාම්බන් යයි මේ බටහිර රූකඩ සිතා සිටින්නේ නම් එය ඔවුන් සිද්ධ කරන ඓතිහාසික වැරැද්දකි.

 

මෙරට රාජ්‍ය අධ්‍යාපනය ධර්මිෂඨ සමාජයෙන් පටන් ගෙන සෝදා පාළු වූ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. රාජ්‍ය අංශය දුර්වල කර, එම ආයතන සිය හිතවතුන්ට කුණු කොල්ලයට විකිණීමේ කැත වැඩසටහනක් 1977 සිට අද දක්වාම ක්‍රියාත්මක වේ. රාජ්‍ය අධ්‍යාපන ආයතනත් මේ ආකාරයට ක්‍රමයෙන් දුරවල කිරීම අරඹන ලද අතර, ඒ වෙනුවට රජයේ ණය සහන යටතේ පුද්ගලික ආයතන බිහි වන්නටද පටන් ගැණින. නමුත් රාජ්‍ය අධ්‍යාපන ආයතන වල සේවය කළ උගතුන්, ශිෂ්‍යයන් සහ බහු ජන සංවිධාන අද වන තුරුත් ඒවා පෞද්ගලීකරණය වීමෙන් වළක්වා ගන්නට සමත් වී ඇත. මේ විරෝධතාවයට පවත්නා ආණ්ඩු පළිගන්නේ ප්‍රතිපාදන අවුරුදු පතා කපා දමීමෙනි. මගේ මිත්‍ර පෙරමුණේ රාළ නම් පෞද්ගලික ආයතන මෙරට නිදහසේ ඇති විය යුතු බවට මතයක් දරන්නෙකි. එනමුත් රාළ මෙන් නොව වන්නි හත් පත්තුවේ ගමකින් ඉහළට පමිණි නිර්-රාමු සිතන්නේ පවතින තත්වය හැර වෙනෙකකින්, නිර්-රාමු වනි දුෂ්කර ගම් වල ශිෂ්‍යයන්ට කෙදිනකවත් ඉහළට ඒමේ අවස්ථාවක් නොලැබෙන බවය. එනිසා මේ රටෙහි පරිපාලනසහ නීති සේවා දියුණු වීම වන තුරුවත් මේ පෞද්ගලික ආයතන ඇති වීම පාලනය කළ යුතු බව නිර්-රාමුගේ මතයයි.

 

විශේෂයෙන්ම පුද්ගලික ආයතන සමග තරඟ කිරීමට තරම්වත් ශක්තිමත්ව රාජ්‍ය ආයතන තිබිය යුතු වෙයි. මේ අනුව බලන විට දැනට මේ සඳහා දළ දේශීය නිෂ්පාදියෙන් වැය කරන 1.8% කෙසේවත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. කොත්ලාවල ඇකැඩමිය හා පුද්ගලික පාසල් එකතු කොට ගත්තත් මේ ප්‍රතිශතය 2% ඉක්මවා යනු ඇතැයි සිතීම උගහටය. එසේම ආචාර්යවරුන්ගේ වැටුප් වල තත්වය ඉතාම අසතුටුදායක ද වේ. මහ බැංකුවේ රියැදුරෙකු රු. 45,000ක් මූලික වැටුප් ලබද්දී කණිෂ්ට ඇදුරෙකුගේ වැටුප රුපියල් 26,000ක් වූ යුගයක්ද තිබිණි. වත්මන් ආණ්ඩුව මේය පිළිගෙන වැටුප් වැඩි කිරීමට පොරොන්දු හෝ වීම යහපත් ප්‍රවණතාවයකි. එසේම සිය දරුවන්ගේ කටයුතු ඉටු කර ගැනීමට ඔවුන් කරන ඉල්ලීම් වලද මහා අසාධාරණතාවයක් නැත. මන්ද මේ වන විට ප්‍රාදේශීය දේශපාලකයන් පවා එම වරප්‍රසාද භුක්ති විඳින බැවිනි.

 

එසේම සරසවි ඇදුරන්ගේ ඉල්ලිමක් වන දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කළ යුතුය යන්න ප්‍රතිපත්තියක් ලෙස වරදක් නොවන බව නිර් රාමු අදහයි. නමුත් එය ඉලක්කයක් පමණක්ම ලෙස තබා ගත යුතු, සපුරා ගත නොහැකි එකක් බව නිර්-රාමුගේ අදහසයි. දළ දේශී‍ය නිෂ්පාදිතයෙන් රජයේ වියදම 21% පමණ වන අතර, ඉන් 6%ක් යනු 27%කට කිට්ටු ප්‍රමාණයකි. සංවර්ධනය, සෞඛ්‍ය, පරිපාලනය සහ ආරක්ෂාව යන සියල්ලටම වියදම් කරන්නට සිදු වනුයේ 73%ක මුදලකි. අධ්‍යාපනය පරිපාලනයට හෝ සෞඛ්‍යයට, එසේත් නැතුනම් ආරක්ෂාවට වඩා ප්‍රමුඛ තැනක් දිය යුතු එකකැයි අපි නොසිතමු. අවශ්‍ය වන්නේ මේ සියළුම සේවාවන්ට වෙන් කරන මුදල වැඩි කිරීමයි. පවතින තත්ව යටතේ මේ ප්‍රතිශතය 6% දක්වා නංවන්නට නම්, රජයට ණය ලබා ගැනීමට සිදු වේ. අධ්‍යාපනයෙන් රජය කෙළින්ම ආදායම් උපයන්නේ නැති අතර, ලබන ආදායම වක්‍ර එකක් වෙයි. එනිසා අළුතින් වියදම් කරන මුදලෙහි සම්පූර්ණ බර පැටවෙන්නේ මහ ජනතාවගේ බදු බර මතයි. අධ්‍යාපනයට 6% දෙන්නට කී පසුව, සෞඛ්‍ය සේවකයන් 6%ක් සෞඛ්‍ය වෙනුවෙන් ඉල්ලා වීදි බසින්නටද ඉඩ ඇත. ආචාර්ය සංගමයේ වැඩවර්ජන මෙන් නොව සෞඛ්‍ය වැඩවර්ජන සමාජය තුළ තදින් කැළඹීම් ඇති කරන බව නොරහසකි. මේ ආකරයෙන් විවිධ අංශ මස් රාත්තලම ඉල්ලමින් වර්ජන කරන්නට ගියහොත් සිදු වන්නේ මේ රටම ණය උගුලක සිරවීමය. මේ සඳහා රජයට වැඩ පිළිවෙලක් තිබේ ද යන්න සැක සහිතය. එවන්නක් නැති නම් නිර් රාමු වැඩ පිළිවෙලක් යෝජනා කරන්නටද කැමතිය. අධ්‍යාපන පද්ධතිය සහ රෝහල් පද්ධතිය මුදල් උපයන ආයතන බවට පත් කිරීම ඉන් එක ක්‍රමයකි. පාසල්, පුහුණු පාසල්, යාන්ත්‍රික විද්‍යාල, විශ්ව විද්‍යාල යනාදියෙහි සිසුන්ගෙන් 20% ගෙවීමේ පදනම මත බඳවා ගැනීම හොඳ විසඳුමකි. රෝහල් වල ඇඳන් වලින් 20%ක් (නව වාට්ටු තැනිය හැකිය) මුදල් ගෙවා කරන ප්‍රතිකාර වලට වෙන් කල හැකිය. පරිපාලන සේවයේ ඇතැම් සේවා සපයීම පුද්ගලික අංශයට භාර දීමට හැකි අතර එයට මුදලක් රජයෙන් අය කිරීමටද හැකිය. තම ආයතන වල ආදායම් එම ආයතන වලටම සොයා ගන්නට දීම තුළින් රජය මත සිදු වන යැපීම අඩු කර ගත හකි වනු ඇත. දෙවැන්න නම් 6% නොව ඊට අඩු මට්ටමකට (4% කියමු) ඉලක්ක ගතව ආර්ථික ප්‍රතිපත්තීන් වෙනස් කිරීමයි.

 

මෙලෙස අරමුණු සුජාත වූ අරගලයක් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් විසින් කරගෙන ගියත්, එහි නාය්කත්වය ගෙන ඇත්තේ අවජාතික රෑනක් බව නොකියාම බැරිය. මේ චරිත කොටින්ට සුදු හුණු ගෑ, දෙමළ ජාතිවාදය වෙනුවෙන් එළි පිටම කඩේ ගිය චරිත වෙති. නිර්මාල් රංජිත්ට කොටි ගැන ඇති කැක්කුම අපි දනිමු. දඹර අමිල යනු බුදු බණ විකෘති කරමින් සිය දේශපාලන මතවාදය වෙනුවෙන් යොදා ගන්නා අමන චීවරධාරියෙකි. මහිම් මෙන්ඩිස් යනු රජයේ ආයතන වර්ජනය කරමින්, පුද්ගලික ආයතන වල අදටත් දේශන පවත්වන දෙපිටකාට්ටුවෙකි. මොවුන් මෙ සිදු කරන්නේ මේ සුජාත අරගලය බොම්බිලි ජැස්මින් එකක් ගෙන ඒමට යොදා ගැනීමයි. අධ්‍යාපනය පාදඩකරණය කළ එ.ජා.ප. නායක්යන් සමගත්, මිනීමරු ජ,වි.ප. ය සමගත්, කුරුටුගාමී, පෙරටු ගාමී, කොටිබාහුවාදි දෙමළ ජාතිවාද්ය පෝෂණය කරන විවිධ කොටස් සමගත් ඡන්ද පරදින බිත්තර ආප්ප ෆොන්සේකා සමගත් මොවුන්ට ඇති ගණුදෙණුව කියා පන්නේ ජැස්මින් එකක් ගෙන ඒමේ අවශ්‍යතාවයයි. නවකයන් පාදඩ ලෙස නවක වදයට යොමු කරන අන්තරය සමග මොවුන් එකට නිදි වදින්නේ කෙසේද යන්න තවත් ප්‍රශ්නයකි. බොම්බිලි ජස්මින් විප්ලයව ගෙනා ඊනියා අරාබි වසන්තය, අරාබියට උරචක්‍රමාලයක් වී, අරාබි අපාය නිර්මාණය වනු අද අප අත් විඳින්නෙමු. යම් තරමකට “සොඳුරු” වූ ඒකාධිපතියන් බටහිර න්‍යාය පත්‍ර වලට අනුව පළවා හැරීමෙන් පසුව, නූගත්, ජාති හා ආගම් වාදී කල්ලි අතට බලය පත් වීමෙන් වන විපාකය ඒ රටවල් අත් විඳිමින් සිටිති. නිරමාල් රංජිත්ලා, දඹර අමිලලා නියෝජනය කරන්නේ මෙරට අරාජක කරවීමට අව්ශ්‍ය බටහිර න්‍යාය පත්‍රයයි. මේ න්‍යාය පත්‍රයට වැඩ කරන මොවුන්, එන්.ජී.ඕ. මත යැපෙන, දෙමළ අරගලය සාධාරණී කරණය කරන, ප්‍රභාකරන්ට සුදු හුණු ගාන්නන් වීමද තවත් කැපී පෙනෙන ලක්ෂණයකි.

 

බොම්බිලි ජැස්මින්ට අප මෙරටට ඒමට ඇති ඉඩ අහුරා ලිය යුතු වන්නෙමු. ආචාර්ය අරගලයට සහාය දිය යුතු සේම එහි නායකත්වයට මල්ල කිහිල්ලේ ගසාගෙන බටහිරට කඩේ යාමට හෝ නූල් වල බැඳි රූකඩ වීමට ඉඩ නොදිය යුතුය. නිර්මාල් රංජිත් සහ දඹර අමිල මේ සටන දිනීමට කැමැත්තේ නම් ආචාර්ය සංගමයෙන් ඉල්ලා අස්වී නායක්ත්වය ප්‍රගතිශීලීන් කොටසකට පවරිය යුතු වේ. එවිට මේ බොම්බිලි ජැස්මින්ට අතවනන භයානක චරිත අරගලයෙන් ඈත් කර තබා ගත හැකි වනු ඇත.

 

ආශ්‍රිත ලිපි

 

  1. පූජ්‍ය දඹර අමිල හිමි සැදැහැවත් බෞද්ධයා විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයි?

 

  1. 6% of GDP For Education: Who Is Telling The Truth?

 

  1. 6% දෙනු… මාරයත් හුටා සටනේ…

 

  1. අධ්‍යාපනයට 6% කුත් මදි…. 15% ක් වත් වහාම ලබාදෙනු…!

 

  1. සරසවි ආචාර්ය සැබෑ වැටුප් හෙළි කරයි

 

  1. දේශපාලන අනාථයන් හෙළුව වහගන්න ආචාර්ය පා ගමනේ එල්ලිලා

 

  1. දුරකතන බිල ගෙවනු – සහකාර වෛද්‍යවරුන් රටපුරා වැඩ වර්ජනයේ

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2015
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: