10
පෙබ.
15

ආන්ඩුවේ වාහෙලා…..ගොං පාට් දාන්න එපා ඕයි….

දශක තුනක් පුරාවට, සාමයේ සහ සහජීවනයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන්, විටෙක ධර්මයේ නාමයෙන් ගිවිසුම්, අවබෝධතා, එකඟතා ආදී වෙස් ගත් බෙදුම්වාදය නමැති රකුසා ක්‍රියාත්මක වන්නට සැරසුනි. මිනිස් බිලි ගනිමින් හෝ එම රකුසා පළවා හැරි යකැදුරා ප්‍රභාකරන්ය. චන්ද්‍රිකාලාගෙන් රනිල්ලාගෙන් මෙරටට වන්නට ගිය විනාශය වැලැක්වුයේ ඔහුය. ඒ නයින් ගත් කළ ඔහුට මිස්ට ප්‍රභාකරන් යයි කීම වටනේය. තව නොබෝ දිනකින් එළැඹීමට නියමිත ඊලමේ මුල් අදියර වන ෆෙඩරල් රටකට පාර කැපෙද්දී ඉන් රට මුදවාලන්නට මිස්ට ප්‍රභාකරන් අද අප අතර නැත.

ඉහත කී පරිදි ෆෙඩරල් ගමනට වූ අනෙක් බාධාව වූයේ රනිල් චන්ද්‍රිකා ගැටුමයි. අද මේ බාධාවන් දෙකම ඉවත් වී ඇති බව අප වටහා ගත යුතුය. රනිල් සහ චන්ද්‍රිකා එක පිලකට ගෙන ඒමට අද ඉන්දියාවේ සහ බටහිරයන්ගේ වුවමනාව වී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර මහ මැතිවරණයෙන් පසු එජාපය හා ශ්‍රීලනිපය එක් කළ යුතු බව ඔවුන් වටහාගෙන ඇත. එය කළ හැකි හොඳම ක්‍රමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතා ප්‍රසාදය හිමි මහින්ද රාජපක්ෂ මහතාට ඒ තුළ තැනක් අහිමි කර නැවත ශ්‍රීලනිපය චන්ද්‍රිකා හරහා ඒකීයභාවයට එරෙහි ආස්ථානයක් වෙත දක්කාගෙන යාමය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් එම කොන්ත්‍රාත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇතිද නැතිනම් ඔහුද චන්ද්‍රිකා මෙන්ම තම පැවැත්ම සඳහා මහින්ද මහතා වෙත ඇති ජනතා ආකර්ෂණය තමාට තර්ජනයක් ලෙස දකිනවාදැයි අපි නොදනිමු. නමුත් ඔහු ඒ වෙනුවෙන් තමා රටේ ජනපතිවරයා වශයෙන් වුව මුසා බස් දොඩන්නට  පවා පසුබට නොවන බව අපි දුටිමු. ඔහුගේ පළමු රූපවාහිනී සංවාදයෙන් වැඩිම කාලයක් වෙන්වූයේ මහින්ද මහතාට සෘජුව සහ වක්‍රව දොස් කීමටය.

මුළු රටටම හොරෙන්, කැබිනට්ටුවට හා පාර්ලිමේන්තුවට හොරෙන් ප්‍රභාකරන්ට රට කොළයකට ලියා දුන් රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අනතුර පෙනි පෙනී තිබියදීම මේ ලංකාද්වීපයේ මිනිසුන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් එනම් 48.43% ක් 2005දී ඡන්දය ලබා දුන් බව අප අමතක නොකළ යුතුය. එදා ඇස් පනාපිට සිටි රකුසා මෙරට මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් නොදිටීය. මෙවර රනිල් චන්ද්‍රිකා, හකීම් සහ සම්බන්ධන් යන ෆෙඩරල්වාදීන් සිටියේ යහපාලනයට මුවා වීය. එය නොදිටීම අරුමයක් නොවේ.

අද ලංකාව, 2005 දී මහින්ද මහතා බලයට පත් වන්නට පෙර තිබූ තැනට වඩා භයානක තැනකට පත්වී ඇති බව අපට පෙනී යා යුතුය. අද ජවිපෙ සහ හෙළ උරුමය මෙන්ම ජන මාධ්‍යයද යොදා ගැනෙන්නේ මිනිසුන් නා නා සිහිනවල ගැන්වීම සදහාය. අවධානය අවදානමෙන් විතැන් කොට යහපාලන ස්වප්නයක නොහැකි වුවහොත් හොරුන් ඇල්ලීමේ ස්වප්නයක හෝ ජනතාව නිද්‍රෝපගත කිරීම ඔවුන්ගේ කාර්යය වී ඇත. රනිල් සහ චන්ද්‍රිකා එදා පටන් තමන් තැත් කර ව්‍යවර්ථ වූ ෆෙඩරල් වෑයම ගන්නා බව අර සිහින බලමින් නින්දේ සිටින ජනයා නොදකියි, නොදනියි.

2005 දී ඉතිහාසය විසින් මහින්ද රාජපක්ෂ මහතා කැදවන ලද්දේ රනිල් චන්ද්‍රිකා යුගලය විසින් වනසන්නට ගිය මේ රටේ ඒකීයභාවය රැක ගැනුමේ ඓතිහාසික කාර්‍ය්ය සඳහාය. වසර දහයක් ඇවෑමෙන් 2015 දී නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසය විසින් යලි ඉල්ලා සිටින මොහොතකි මේ. අවාසනාවකට මෙන් ඒ අළුත් කාර්යභාරයක් පැවරීමට නොව. මින් දශකයකට ඉහත දී ඔහු වෙත පවරන ලද කාර්යය වූ රනිල්-චන්ද්‍රිකා යුග්මයෙන් ප්‍රභාකරන් නමැති ආරක්ෂකයා ද නොමැති මේ රට ගලවා ගැනුමටය.

අද, එදාටත් වඩා මෙය තීරණාත්මක වන්නේ රනිල්-චන්ද්‍රිකා යුග්මය ගනුදෙනු කරන්නේ නාහෙට නාහන, ඉන්දියාවත් සමග විරසක වූ ප්‍රභාකරන් සමඟ නොවන නිසාය. ඒ වෙනුවට දැන් ගනුදෙනුව ඇත්තේ දැන් ටිකක් පසුව හුඟක් න්‍යාය අනුගමනය කරන, ඉන්දියාවට වුවමනා පරිදි කටයුතු කරන, සිය අරමුණ කරා යාමේදී ප්‍රභාකරන්ට වඩා ප්‍රායෝගික වන දෙමළ සන්ධානය සමඟය. අපගේ වත්මන් ජනපති අදින මෝදිගේ ඇදුමේ හුදු ඇදුමකට එහා ගිය දේශපාලන අර්ථයක්ද ඇති බව අප තේරුම්ගත යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාට වුව රනිල් චන්ද්‍රිකා ග්‍රහණයෙන් ගැලවී මෝදිගේ ඇදුමද ගලවා දමා නිදහස් විය හැකි එකම පිළියම මහින්ද රාජපක්ෂ පමණි. එසේ නොවුනහොත් සිය දහස් ගණන් දිවි පුදා රැක ගත් මේ රට ඇමරිකානු, බටහිර සහ ඉන්දියානු අභිලාෂයන්ට ගොදුරු කළ මෙරට පහළ වූ අපකීර්තිමත්ම ජනාධිපති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝකාලීනව ඉතිහාසයට එක්වීම වැලැක්වීම ඉතා දුෂ්කර වනු ඇත. කෙටි කාලීනව එම සත්‍යය නොයෙකුත් සංදර්ශන මඟින් ජනතාවගෙන් ඈත් කර තැබීමට ඔහු වටා සිටින කේවට්ටයින් සමත් වනු ඇත. – See more at: http://www.yuthukama.com/2015/02/MahindaKumatada.html#sthash.RTcmd8dB.dpuf

MR-Press

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2015
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: