26
ජන.
15

පිස්සු රතනය නොදිටි මොක්පුර…(ලංකාඊනිවුස්)

පිස්සු රතනය ගෙන ආ පිවිතුරු හෙටක් යෝජනා වලියේ  විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් තිබුනේ නැත. පිස්සු රතනයලා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට මුල සිටම කටයුතු කළේ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ පිරිසය. ඊට මේ රටේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයද හිටපු ජනාධිපතිනියද ජෙනරාල් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, දෙමළ ජාතික සන්ධානයද, මුස්ලිම් කොන්ග්‍රසයද, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ හා කලාකරුවන් සරසවි ආචාර්ය වරුන් වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 48 ක්ම අවසානයේ කැමැත්ත ප්‍රකාශ කළහ. ඔවුන් කැමැති වූයේ විධායක බලය සම්පූර්ණයෙන් අහෝසි කිරීමකට මිස ජාතික හෙළ උරුමයේ යෝජනාව වූ විධායක බලය කප්පාදු කිරීමකට නොවේ. (කප්පාදු කරන ගස් යලි හොඳින් ලියලා වැඩෙන බවද දැනගත යුතුය.)

පිස්සු රතනය නොවැම්බර් 12 වෙනිදා මුත්තයියා පාක් රැලියේදී පැහැදිලිව කීවේ ඔවුන්ගේ යෝජනාව විධායක බලතල කප්පාදු කිරීමක් වුවද අනෙක් අය කියනවා සේ ඊට එහා යන්නේ නම් ඔවුන්ට ප්‍රශ්නයක් නැති බවයි.

නමුත් දැන් වැඩ සිදුවෙමින් පවතින්නේ මේ සියල්ලට විරුද්ධව ජාතික හෙළ උරුමයේ මතයට අවශ්‍ය ආකාරයට ය. ජාතික හෙළ උරුමයට මේ රටේ ඇත්තේ ඡන්ද ලක්ෂ 2-3 ක් පමණය. මේ මැතිවරණයේදී ඔවුන්ගේ බල කඳවුරු වූ මහරගම කැස්බෑව වැනි ආසන හංසයාට ජය ගැනීමටද නොහැකි විය. එවැනි සුළුතර බලයක් තබාගෙන සමස්ථ විපක්ෂයක බලාපොරොත්තු විනාශ කිරීමට උත්සාහ කිරීම නින්දා සහිතය.

සත්‍ය වශයෙන්ම ජාතික හෙළ උරුමයට විධායක බලය අවශ්‍ය වන්නේ වෙනත් කිසිවකට නොව ඒ විධායක බලයට හේත්තු වී තමන්ට අවශ්‍ය දේ කර ගැනීමටය.

ඔව්හු දැනටමත් ඒ අනුව ක්‍රියා කර තිබේ. පිස්සු රතන ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කිරීම, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම, අයිටීඑන් නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක නමැති හෙළ උරුමය මාධ්‍ය අංශයේ සිටි පුද්ගලයෙක් පත් කිරීම, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ශිරාල් ලක්තිලක පත් කිරීම,  ආදී සියල්ල ජාතික හෙළ උරුමයේ අවශ්‍යතාවය මත කරන ලද පත් කිරීම් ය. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ ශිරාල් ලක්තිලකගේ පත් කිරීමය. රනිල් එජාපයෙන් එළවා දැමීමට පාරට බැස වෙඩි තබා ගත් ශිරාල් ලක්තිලක ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ විට ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි වේවිද?

වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති ජනාධිපතිවරයා තමා පත් කළ ජනතාව යනු ජාතික හෙළ උරුමය පමණක් නොවන බව මතක තබාගෙන වැඩ කරනු ඇතැයිද  විපාක්ෂිකයා බලාපොරොත්තුව වන විධායක බලය සම්පූර්ණයෙන් අහෝසි කෙරෙන අදාල ව්‍යවස්ථා සංශෝධනය වහා වහා ගෙන එනු ඇතැයි ඊනිවුස් සිතයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2015
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: